Z-score එක හැදෙන විදිය

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම ගොඩාක් අයට තියන ගැටලුවක් තමයි මේ ඉසෙඩ් අගය කොහොමද හැදෙන්න කියන එක.

 

ඉසෙඩ් අගයට කලින් කොහොමද කැම්පස් ගත්තෙ ?

මේ ඉසෙඩ් අගය හදුන්වලා දෙන්නෙ 2000 වසරෙදියි.ඊටකලින් වුනෙ ලමයා විෂයයන් 4ට ගත්ත ලකුණු ප්‍රමාණය එකතු කරලා ඊට අදාල දිස්ත්‍රික් කුසලතා පදනම යටතෙ විශ්ව විද්‍යාල වලට තෝරාපත්කර ගැනීමයි.ඒ අනුව 40%ක් ජාතික පදනමෙනුත්, 60%ක් දිස්ත්‍රික් පදනමෙනුත් තමයි බදවා ගැනීම් සිදුකරන්නෙ.

 

ඉසෙඩ් අගය භාවිතා කරන්නෙ ගත්තෙ ඇයි ?

ඔන්න 2000 වසරෙදී උසස් පෙල විභාගයෙදී එක්තරා සිදුවීමක් වෙනවා. ඒ තමයි පැරණි සහ නව විෂය නිර්දේෂය යටතෙ විභාග 2ක් පැවැත්වුවත් එය එකම විභාගයක් ලෙස සලකා බලමින් විෂයයන් හතරෙ ලකුණු එකට එකතු කරලා දිස්ත්‍රික් කුසලතා මට්ටමෙන් ලමයි තෝරාගැනිම.

උසස් පෙල විභාගය
උසස් පෙල විභාගය

මේ ක්‍රමයෙන් පසුව බොහොමයක් සිසුන්ට ලොකු අසාධාරණයක් වෙනවා.උදාහරණයක් විදියට අපි හිතමු භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය නව විෂය නිර්දේශයට වඩා පැරණි නිර්දේශය පහසුයි කියලා. එතකොට පහසු පේපර්ස් ලැබුණ අය ඉහල ලකුණු අරගෙන විශ්ව විද්‍යාල අවස්ථා හිමිකරගන්නකොට අනිත් නිර්දේශයෙ අයට ලොකු අසාධාරණයක් සිදුවෙනවා.ඉතින් මේ නිසා ලමයි සහ දෙමාපියන් එකතුවෙලා සාධාරණයක් කරන්න කියලා ඉල්ලා සිටීම නිසා තමයි මේ ඉසෙඩ් ක්‍රමය බිහිවුනෙ.

 

කොහොමද ඉසෙඩ් අගය බිහිවුනෙ ?

උසස්පෙල ප්‍රශ්න පත්‍රයකට පෙනීසිටි සිසුවෙක්ගෙ ඉසෙඩ් අගය ගණනය කරන්නෙ එම සිසුවා ලබාගත් ලකුණු ප්‍රමාණය සියලුම සිසුන් ලබාගත් ලකුණු ප්‍රමාණයට සාපේක්ෂවයි.සාමාන්‍යයෙන් ඉසෙඩ් අගය -4 සිට +4 දක්වා අගයක් ගන්නවා.යම් සිසුවෙක්ගෙ ඉසෙඩ් අගය 0 නම් එම සිසුවාගෙ එම විෂයෙ ලකුණු ප්‍රමාණය විෂයෙ මධ්‍යයන ලකුණු ප්‍රමාණයට සාපේක්ෂයි.සිසුවෙක්ගෙ ඉසෙඩ් අගය +1 නම් ඔහුගෙ ලකුණු ප්‍රමාණය 84%කට වඩා වැඩියි.+2 නම් ඔහුට වඩා 94%ක් ලකුණු අඩුවෙන් ගෙන ඇත.-1 නම් ඔහුට වඩා අඩු සිසුන් ප්‍රමාණය 16%ක් පමණයි.වැඩි ඉසෙඩ් අගයක් යනු ඉහල මට්ටමේ සාධනීය බවක් බව දැන් ඔබටම තේරෙනවා ඇත.

 

ඉසෙඩ් අගය තේරීම සාධාරණ ක්‍රමයක්ද ?

කලින් කතා කලා වගෙ මධ්‍යන්‍ය ක්‍රමයෙන් තෝරාගැනීම් සිදුකරනවිට දුෂ්කර පලාත්වල සිසුන්‍ට යම් අසාධාරණයක් වුනා.මේ ගැන සැලකිල්ලට අරගෙන ලංකාවට එකම ඉසෙඩ් අගයක් යටතෙ ලබාදුන්නත් විශ්ව විද්‍යාල ප්‍රවේශය සිදුකරන්න පටන් ගත්තෙ වෙන වෙනම දිස්ත්‍රික් කුසලතා මට්ටම් යටතෙයි.ඒ කියන්නෙ දිස්ත්‍රික් එකකට අදාල වෙන කඩයිම් මට්ටම් වෙන වෙනම පාඨමාලා සදහා නිකුත් කිරීම සිදුකලා.මේ නිසා ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ ඉසෙඩ් අගයන් වෙන වෙනම හොයන එක අමාරුද යන්න.ඇත්තටම මේ ඉසෙඩ් අගයන් ලබාගන්නෙ සංඛ්‍යාන මෘදුකාංග හරහායි.

උසස් පෙල විභාගයෙ- z score
උසස් පෙල විභාගයෙ- z score

ඒ වගේම තමයි වර්තමානයෙ මේ ඉසෙඩ් අගයන් මගින් තෝරාගැනීමේදී යම් ගැටලුවක්ද නැතිවාම නෙවෙයි. ඒ තමයි දිස්ත්‍රික් අනුව වෙන් කරලා ගන්න ක්‍රමයට කියන්නෙ කෝටා ක්‍රමය කියලා. ඒ කියන්නෙ කොළඹට වෙනම ඉසෙඩ් අගයක්, අනුරාධපුරේට වෙනම් ඉසෙඩ් අගයක් වෙන විදියටයි. එතකොට කොළඹ දිස්ත්‍රික්කයෙ තියන අඩුපහසුකම් සහිත පාසල් වල අයයි අනුරාධපුරයෙ පහසුකම් සහිත පාසල් වල අයයි අතර තියන පරතරය අතහැරීමක් වෙනවා. මේ ක්‍රමය නිසා තමයි නාගරික පාසල් වලට සිසුන් ඇතුලත් කරගන්න අසීමිත තරගයක් ඇතිවෙලා තියෙන්නෙ.මේ කෝටා ක්‍රමයත් යම් ආකාරයකින් සාධාරණ විදියකට ප්‍රතිස්ථාපනය කලොත් ඒ පරතරයටත් සාධාරණයක් ඉටුවෙන්න පුලුවන්.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!