මේ කුඩු අත් ඇරියේ නැතිනම් මගේ රට කුඩේ කුඩු (ප්‍රවෘත්ති)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වෙනස්ම මාදලියේ අලුත්ම කුඩු ජාවාරමක්

විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා සිංහරාජ රක්ෂිතයෙන් නීතිවිරෝධීව කපන ලද සුදු හඳුන් සහ වල්ලපට්ටා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සුදු හඳුන් සහ වල්ලපට්ටා කපා ගබඩා කර සුවඳ විලවුන් හා ඖෂධ නිපදවීම සඳහා නීතිවිරෝධීව මැදපෙරදිග රටවලට අපනයනය කරන බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හක්මන පහළ පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

කිලෝග්‍රෑම් 341ක් වූ වල්ලපට්ටා කොට සහ කුඩු වලට අමතරව, ඔහු සතුව තිබී සුදුහඳුන් කුඩු කිලෝග්‍රෑම් 300 ක් ද සොයා ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

 

උපුටා ගැනීම:  අරුණ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!