මිනිස්සුන්ට මෙච්චර බිදෙන්න පුලුවන් ද ??? ( වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මට එයාව ඉස්සෙලම හම්බුනේ ක්ලාස් එකකදී හරියටම අවුරුදු තුනකට කලින් ,මුල් දවස් මතක් නැති උනත් මට එයාව හරියටම නෝට් උනේ ඉන්ටවල් එක වේලාවේදී මම යාලුවෝ එක්ක කෑම ගන්න කැන්ටීන් එකේ ඉද්දී මම යාලුවොන්ටත් එක්ක කෑම ගන්න ගිහින් අමාරුවේ වැටිච්ච වෙලාවක මම පර්ස් එක ගෙනාවත් එද ඒකේ සල්ලි දාන් ඇවිල්ලා තිබ්බේ නෑ එය හිටියේ මගේ පිටිපස්සෙන් මට ආයිම යන්නත් ලැජ්ජයි මම කැන්ටින් එකේ අයියට අයියේ සල්ලි දාලා ඇවිල්ලා ඉන්න අරන් එන්නම් කියද්දී එයා මන් දිහා බලලා ඇහුවා ඉන්න මම ගෙවන්නම් කියලා ලාවට හිනාවෙලා මටත් කරගන්න දෙයක් තිබුනේ නෑ මමත් අනේ ලොකු උදව්වක් වගේ එයා දිහා බැලුවා එයා කියද අයියේ මගේ එකයි ඔක්කොම එකට ගන්න කියලා ගෙවලා මට හිනා වෙලා ගියා අඩුමගානේ මට එයාට ස්තූතී කරන්නවත් එයා නතර උනේ නෑ උදව්වක් කරලා ඒකේ ප්රශංසාව අහන්නවත් ඒ කොල්ලට උමානවක් තිබේ නෑ කොහොම වුනත් වෙච්ච ලැජ්ජවටයි එයා කරපු උද්ව්වටයි දෙකටම මම ඊලග සතියේ සල්ලි දෙන්න හිතාගත්තා ,ක්ලාස් එක ඉවර වෙලා යද්දී මම එයා ගාවට ගිහින් කිව්වා ” අනේ සොරි ඔයාට මම එන සතියේ දෙන්නම් නැත්තම් එකවුන්ට් නම්බර එක දෙන්න මම ඩිපොසිට් කරන්නම්” කියලා එයා හිනා වුනේ ලාවට මට ලේට් මම යන්නම් කියාගෙන ගියා,මට ඇත්තටම යකා නැග්ගා මාර උදච්ච මිනිහෙක් දැන් ඉතින් මේක ගෙව්වා වගේ නෙමෙයි මම ණයයිනේ මේ මිනිහට කියලා යාලුවන්ට කිව්වම හිනා වුනා උබට හොද වැඩේ උබත් කෑල්ල වගේ ඉන්න නිසා ඌ උදව් කරන්න ඇත්තේ ලකුනු දාගන්න එන සතියේ ඕක ගෙවපන් කියලා..ඒත් මම කල්පනා කරා වෙන කොල්ලෙක්නම් මාර විදියට මේක ලොකු කරගන්නවා ඒත් මේකට ගානවක්වත් නෑ,
ඊලග සතියේ මම යාලුව එක්ක ක්ලාස් එකට කලින් ඇවිල්ලා හිටගෙන හිටියා සල්ලි දෙන්න මට ණයකාරයෙක් වෙන්න බැරි නිසා මෙන්න මේකා හොද ලස්සන කාර් එකකින් ආවා මගේ යාලුව කියපි අර බලපන්කෝ අරූ ඌට සල්ලි තියනවද කොහෙද මෙන්න මෙහෙ වරෙන් යන්න ඌ අපිව බයිට් එකට ගනී කියලා,
ඒත් මට නය වෙන්න බැරි නිසා එයා වාහනෙන් බැහලා එද්දිම මම කතාකලා හැබයි මිනිහා මාව අදුරන්නේ නෑ වගේ කතාකලේ ලැජ්ජාවේ බෑ “මේ එදා සල්ලී” මම සල්ලි දික් කලා ඔයාට තෑන්ක් කරන්නත් බැරි උනානෙ කියලා මම කියද්දිම “ඕක මට එපා ඕක මට මතකවත් නෑ ක්ලාස් එකේ ලමයෙක්ටනේ උදව් කලේ රුපියල් 650ක් කියන්නේ මොකද්ද කියලා !
මට ලැජ්ජ හිතුනත් මම කිව්වා මේක ගන්න මට ණය කාරයෙක් වෙන්න බෑ කියලා,
එහෙම කිව්වම එයා හරි කියලා සල්ලි අරන් අපිව ගනන් නොගෙන ඇතුලට ගියා
මටයි යාලුවටයි මාර ලැජ්ජාව එහෙම මාව කොල්ලෙක් ඉග්නොර් කරලම නැති නිසා මටත් අව්ල් ගියා අඩුම ගානේ එයාට මා එක්ක කතාකරන්නවත් ඕන කමක් තිබ්බේ නෑ ..
එතන ඉදන් තමයි හැමදේම පටන් ගත්තේ මට තේරුනේ නෑ එයා මාව ගනන් ගත්තෙත් නෑ හැබයි හැමදාම එයා ක්ලාස් එනකම් මම බලන් හිටියා කොල්ලො මන් දිහා කොච්චර බැලුවත් මම එයා එනකම් බලන් හිටියා සමහර දවසට එයා හිනා වෙලා යනවා ක්ලාස් ඇරුනු ගමන් එයා වාහනේ නැගලා යන්න පුරුදු වෙලා හිටියා මට මේ මනුස්සයව තේරුම් ගන්න බැරුව හිටියේ පිලිවෙලට ලස්සනට ඇදලා එන සද්දයක් නැති මේ කොල්ල ගැන මට හොයන්නම හිතුනා ..
විශ්වාස කරන්න හොදම හරියට එන්න මාස තුනක් ගියා එක දවසක් කලාස් ඉවර වෙලා හොදටම වැස්ස මමත් තනියෙන් එදා මම ක්ලාස් එක අයිනේ ඉද්දී එයාගේ වාහනේ මගේ ඉස්සරහා නැවත්තුවා “වහිනවා නෙහ් කොහොමද යන්නේ වීදුරුව පාත් කරලා අහද්දී මම කිව්වේ මම යන්නේ කොට්ටාවට කියලා ඇත්තටම එයා මම යන දිහාවක් ඇහුවේ නෑ යං මන් ගිහින් දාන්නම්..
එයා එහෙම කිව්වම කවුරු හරි මාව වාහනේ ඇතුලට තල්ලු කලා වගේ මම වාහනෙට නැග්ග අනේමන්දා කිසි බයක් දැනුනේ නෑ “තෙමිලා නේහ් මේ ටිශූ වලින් කොන්දේ පිහිදාගන්න “එයා යන ගමන්ම මට ටිශූ බොක්ස් එකක් දුන්නා ..මම තෑන්ක්ස් කියලා එක ගත්තට මන් හිටියේ ක්සි දෙයක් හිතාගන්න බැරුව..එයා කතාකලේ නෑ කොට්ටාවේ කොහෙද? පිලියන්දල පාරේ ගොරකපිටියේ මම කිව්වා මාව කොට්ටාවෙන් දාන්න මම යන්නම් මම එහෙම කිව්වත් එයා කතාකලේම නෑ
“මර ලොකේශන් කියන්න ගෙදරින් අව්ලක් නැත්තම් මම ගෙදර ගාවට ගිහින් දාන්නම් එයා එහෙම කියද්දී මට ඒකට එපා කියන්නවත් ඕන උනේ නෑ එද එයා මාව ගෙදරින් ගිහින් දාලා මම ඉන්නේ මාකුබුරේ ඔයාට මා එක්ක ක්ලාස් යන්න පුලුවන් කැමතිනම් කියලා එයාගේ විසිටින්ග් කාඩ් එක මගේ අතේ තිබ්බා මම දන්නේ නෑ ඒක ලැබුනු එකෙන් මට ආවේ පුදුම සතුටක්
කල්පනා කරලා කරලා රෑ මම “Thanks for today lift” කියලා මැසේජ් එකක් එයාට දැම්මා මට එහෙන් ආවේ “its ok no worries Goodnight” කියලා මැසේජ් එකක් මූ මාර යකෙක් මැසේජ් එක ගුඩ්නයිට් එකකින් ඉවරත් කරලා මට යකා නැග්ගා..
කොහොම උනත් ලැජ්ජාව පැත්තක් තියලා මම මැසේජ් කරන්න පටන් ගත්තා කාලයක් යද්දී අපි සෑගෙන්න ලං උනා ඒත් කවදාවත් එයා ආදරේ ගැන කතාකලේ නෑ වයස 30ක් උනත් එයාට මන් ආදරේ ගැන කියද්දී ඒක එයා මග ඇරියා..කොච්චර කොල්ලො යාලුවෙන්න ඇහුවත් මට ඕන උනේ මෙ කොල්ල ගැන දැනගන්න මගේ හිතේ කැමත්තක් මට නොදැනිම ඇතිවෙලා තිබ්බා
“මනේශ් මට ඔයාව හෙට හම්බෙන්න ඕනේ”
“ඇයි හද්ස්සියක්ද?
“ඔව් con amor එකට එන්න පුලුවන්ද මම වැඩ ඇරිලා එතෙන්ට එන්න මම ඇහුවම එයා “ok” කිව්වා

එදා තමයි මම අහපු සංවේදීම කතාව මම ඇහුවේ “ඇයි හදිස්සියේ you good?” එයා මගෙන් එහෙම අහද්දී මාස ගානක් තිබ්බ හිතේ ආදරේ මම දිග ඇරියා එතකොටත් ඒක තිබ්බේ හංගන් ඉන්න පුලුවන් තැනක නෙමේ
එයා මන් දිහා බලන් හිටියා ඊටපස්සේ මම දැක්කා එයාගේ ඇස් වලින් කදුලු වැටෙනවා වගේ මම ඇහුවා ඇයි මේ
“කේතකි ඔයා මට කිව්වේ මන් අහන්න අකමැතිම දෙයක් මම මෙහෙම ඇහුවේ අවුරුදු ගානකට පස්සේ”
.මට හිතුනා මන් මෝඩ වැඩක් කලා වගේ ඒත් ඊට වඩා මට මගේ ආදරේ දිනාගන්න උමනාවක් තිබ්බා “ඇයි මනේශ් මන් දන්නේ නෑ ඒත් මම ඔයාට ආදරෙයි කොච්චර අය ඇහුවත් මේ මාස ගානටම මට ඔයාගෙන් අයින් වෙන්න බැරි උනා”

“කේතකී මම ආදරේ ගැන කතාකරන්න කැමති නෑ ඒක තරම් මාව දුර්වල කරපු කිසි දෙයක් නෑ මට සමාවෙන්න මට මේක කරන්න බෑ ”
එයා කිවේ ඈත් පෙරලෙන රල දිහා බලාගෙන ”

මට හිතුනේ ලෝකෙම කඩන් වැටුනා වගේ හැගීමක්
මම ඇහුවා “මනේශ් ඇයි අතීතයේ ඉන්නෙපා ඇයි බැරි ඔයාට?

එයා බිම වාඩිවුනා මාවත් ඇදලා අරන් වාඩිවෙලා ඔහේ බලන් හිටියා ඊටපස්සේ එයා කතාකරන්න ගත්තා..

“කේතකී මම කාටවත් ලං වෙන්න කැමති නෑ මේ කාලෙටම මට කවුරුත්ම ආදරේ කරල නෑ හැමදම ආදරේ කරලා හෙම්බත් වෙලා මම දැන් අවුරුදු ගානකට කලින් ආදරේ අත් හැරියා ,මිනිස්සු හිතන්නේ පිරිමි ආදරෙට බය නෑ පිරිමින්ට ඒක සෙල්ලම්ක් කියලා ඒත් හැමෝටම එහෙම නෑ මම අන්තිම ආදරේ කරපු කෙනා මාට ඉතුරු කලේ ආයිම කාවවත් විශ්වාස කරන්න බැර් තත්වයක්..ඒයා ඒ තරමට ලං උනා ආදරේ පෙන්නුවා පොඩි දේකට එයා ගියා,ඔක්කොම අතෑරලා ඒයාගේ වචන විශ්වාස කරපු මම තනි උනා මට ඒ දුකෙන් ගොඩ එන්න මාස ගානක් ගියා මම ලෙඩ උනා තනියම දරාගන්න එක අමාරුයි කේතකී මෙහෙම ඉන්න එක ලේසී

“කෝ එයා” මම ඇහුවම

“මන් දන්නේ නෑ එයා ගියා දැන් මැරි කරලලු ඒ මැරේජ් එකෙත් ප්රශ්නලු සල්ලි කාරෙය්ක්ව බැන්දේ මම හෙවේ නෑ ආයිම ඒ අපායට යන්න බැරි නිසා

ඇයි එයා ගියේ

එයා මුලින් කිව්වා අම්මලා අකමැති කියලා පස්සේ එයා මම එපා කියපු ගොඩක් ඒවා කලා මම රණ්ඩු උනා මීට කලින් අයින් උනාම මම කිසිම කෙල්ලෙක් එක්ක කතාකරලා තිබ්බේ නෑ මම දන්නේ නෑ එයාගේ හැම වචනයක්ම මම විශ්වාස කලා එයා බොරුවක් කලත් එයා ඒ බොරු ආදරේ මට මාර විදියට දැනුනා “සුදු මහත්තයා ” බොලද වෙන්න පුලුවන් එයා හැමදාම වාහනෙට නැගලා මගේ අත වටේ අත දාගෙන මට කතාකරන්නේ ඒම මන් යකෙක් උනත් එයා ඉස්සරහා නිවුනා සෑහෙන්න අඩුමහානේ මම වෙන කෙල්ලෙක් දිහා බලනව තියා හිතුවෙවත් නෑ මට ඒ තරම් එයාව ඕනේ උනා
වෙන කොල්ලො කෙල්ලන්ට හොරෙන් මැසේජ් කරදී මීට් වෙන්න යද්දී මම ගියේම එයාගේ පස්සෙන් මට මතකයි පුංචි කෑම තෑගි මම අරන් යනවා එයාව සර්ප්රයිස් කරන්න කොයි වෙලෙත් එයා එක්ක කෝල්ස් වීඩියෝ කෝල්ස් වෙන කෙනෙක් ගැන හිතන්නවත් වෙලාවක් තිබ්නේ නෑ මට..මට හම්බෙද්දී එයා මාන්සිකව වැටිලා හිටියේ අවුරුදු ගානක රිලේශන්ශිප් එකකින් රැවටිලා ඒක අමතක කරන්න මම එයා එක්කම හිටියා එයා අන්තිමේ කිව්වේ ඔයා ආවට පස්සෙයි මම ජීවත් වෙන්නේ කියලා අසනීප උනාම මම ලගින්ම හිටියා කොච්චර බිසී උනත් පුලුවන් හැම දවසෙම එයාව ගන්න ඔෆිස් එක ගාවට ගියා එයා ගාවිනම හිටියා…

ඒත් දවසක් එයා අම්මලා අකමැති කියලා මේක නවත්තමු කිව්වා මම රණ්ඩු උනා එයා අඩ අඩ කිව්වා ඔයාට අපේ ගෙදර කැමති නෑ කියලා එතකොටත් එයාගේ ගෙදර අයත් හම්බෙලා මට කැමති වෙලා හිටියේ මම අතරම්ං උනා මම රණ්ඩු උනා මානසික මට්ටම බිංදුවට වැටුනා පස්සේ එයා මට චෝදනා කලා ඔයාගේ කට හරි නෑ ඔයා ගාව්ට මට එන්න බෑ කියලා මට කියන්න කවෘරුත් හිටියේ නෑ ..පස්සේ එයා මට කිව්වා දේපොල ඔක්කොම මගෙ නමට ලිව්වා මට අම්මලව අතාරින්න බෑ කියලා මම එයාව හිර කලා කිව්වා ඒත් මම එන්න කිව්වා මන් ගාවට එයා ආවෙ නෑ යන්න හේතු දාහක් කිව්වා අන්තිමේ මම අත් හැරියා

මට ආයිම ඒ දුකේ ගිලෙන්න බෑ කේතකී හැමෝම එනවා ඒ වගේම යනවා රැදෙන්නේ නෑ කවෘත්

එතන්න් එහාට මම කියන්නේ නෑ අද එයා මගේ හස්බන්ඩ් එයාට තිබ්බා ලොකු තරහ යන ගතියක් මම ඒක තේරුම් අරන් එයාට ආදරේම දුන්නා අද අපිට ලස්සන පුතෙකුත් ඉන්නවා එයාව අත් හැරපු ගෑනුලමයට කියන්නේ එයා හැමදේම මට කිව්වා එයා ඔයාට කරාටත් වඩ මට ආදරේ කරනවා අද කාලේ මැරේජ් වල තියන කිසිම ස්ට්රෙස් එකක් මට නෑ එයා වෙන ගෑනු පස්සෙ යන්නේ නෑ මට එයාගේ ෆෝන් එක උනත් ඕන වෙලාවක බලන්න පුලුවන් මම බලන්නේ නෑ මම දන්නවා ගොඩක් පිරිමි එහෙම දෙන්නෙ නෑ යකෙක් දැන් හීලා වෙලා මන් ගාව ඉන්නේ ආදරේ නිසා එයාව අත් හැරපු ඔයාට මම ස්තූතී කරනවා ඔයා එයාව අත් නොහැරියනම් ඔයා ඒ දුක මේ රත්තරං මනුස්සයට නොදුන්නන්ම් මට අද මේ වගේ කෙනෙක් හම්බෙන්නේ නෑ
තරහ යන මිනිස්සුන්ට ඕනේ ආදරේ.

 

උපුටා ගැනීම: Ashan Siriwardhane

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!