මියගිය තරුණියගේ ආත්මය (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක සත්ය කතාවක්.. ලංකාවේ සුප්රසිද්ධ ව්යාපාරිකයෙක් ගේ පුතෙක් මිය යනවා රිය අනතුරකින්. ඔහු සල්ලාල පුතෙක්. එක්තරා කාලයක ඉදී වු ගොඩනැගිල්ලක උපකාරක පංතියකට ආපු තරුණ ගැහැණු ළමයෙක්ට මේ ප්රසිද්ධ ව්යාපාරිකයාගේ පුතා සහ ඔහුගේ මිතුරා ඇල්ම බැල්ම දානවා. ඔවුන්ට අවශ්ය වුනේ කොහොම හරි අර ගැණූ ළමයා ලවා තමන්ගේ ආශාවන් ඉශ්ඨ කරගන්න. මුදල් බලය නිසා ඇයව නම්ම ගන්න පුලුවන් කියලා හිතුවත් ඒ උත්සහයන් සියල්ල අඩපණ වුනා. දවසක් සන්ධ්යා කාලයක කිසිවකුත් නැති ගොඩනැඟිල්ලෙන් පහළට එන අර තරුණියව බලහත්කාරයෙන් කාමරයකට රැගෙන ගොස් අමානුශික විදියට දූෂණය කරලා මරා දානවා. මේ සියල්ල සිදුවුනේ ගොඩනැඟිල්ල ඇතුලේ. දින සති මාස ගණන් ගෙවිලා යනවා. මුදල් බලය නිසා සිදුවීම යට යනවා. තරුණියව දූෂණය කරලා මරා දාපු අය නිදැල්ලේ ජිවත් වෙනවා. දවසක් සුප්රසිද්ධ ව්යාපාරිකයාගේ පුතා සිය මෝටර් රථයෙන් ගමනක් යද්දී සිදුවු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙනවා. ඉන් ටික දිනකට පසු ඔහුගේ මිතුරාත් මරණය වැළඳගන්නවා. එදා අර රූමත් තරුණියව බලහත්කාරයෙන් දුෂණය කරලා මරා දැම්මේ ව්යාපාරිකයාගේ පුතා සහ ඔහුගේ යාළුවා. මොවුන් දෙදෙනාගෙන් පලි ගන්න ඒ ආත්මය එදා ඉදන් පස්සෙන් ආවා..
කාලය ගෙවිලා ගියා. ලංකාවේ ජනප්රියම සමාගමක් ඒ ගොඩනැඟිල්ලා බද්ධට ගත්තා ව්යාපාරික කටයුතු වෙනුවෙන්. හැබැයි ටික දවසයි ඔවුන් එතන ඉන්නේ. මියගිය තරුණියගේ ආත්මය සැනසිල්ලක් නොලඳ හෙයින් කිසිවකුටත් ඒ ගොඩනැඟිල්ලේ ජීවත් වන්නට ඉඩ දුන්නේ නෑ..මේ නිසා ව්යාපාරික කටයුතු නවතා දමා ඔවුන් එම ගොඩනැඟිල්ල අතහැරියා..
සැ.යු. පුද්ගල නම් සහ ආයතන ගැන සදහන් නොකරන්නේ ජීවත් වන අයට හානියක් වෙන නිසාවෙන්. මේ කතාවේ සමහර තැන් වෙනස් කලා. හැබැයි දන්නෝ දනිති මේ ගැන
උපුටා ගැනීම: උත්පලා සෙව්වන්දි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!