මුරලි කන්නුම්පුරාත් (චරිත)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මුරලි නොම්මර එකේ බේබද්දෙකි.බීමට පොටක් පෑදුනු විට ඔහු ඇඹලයෙකු මෙන් එතැනම ඇලි ඇලී කල් මරයි අනුන්ගෙන් බිව්වත් ඔහුට බඩපුරා කෑමටද හැකිය.කිසිදු ලැජ්ජාවකින් තොරව ඔහු ඇති පදම් ආහර ගනී.
එවන් දින වලදී පදමට වෙරි වන ඔහු නිවසට යන්නේ හතර ගාතෙනි.ඉස්තරම් ලෙස වැදී සිටියොත් මිතුරන්ගේ කර මතින් යාමට තරම් වාසනාව උදාවේ.දෙමව්පියන් නිවස ඉදිරිපිට නොපෙනේ නම් ඔහු කෙලින්ම බිරින්දෑ වෙතට යයි.ඇගේ ඇනුම් බැනුම් ඔහුට පුරුදුය.එහෙත් අම්මා ට මුහුණ දීම නම් කොහෙත්ම කල නොහැකිය.
ඔහුගේ සත් හැවිරිදි දියණිය සමග කතාබස් කිරීමට ආශා කලත් ඈ සිටින කාමරයට යාම පවා මුරලිට තහනම් ය.
පසුදා උදෑසනම කන පිරෙන්නට අහගන්නට වන නිසා ඔහු ඉක්මනින් නින්දට යයි.එසේම ඔහු සෑම රාත්රියකම එක් පොරොන්දුවක් හිතේ තබා ගනී.
හෙට නම් මම බොන්නෙ නෑ.ආපහු නම් බොන්නෙ නෑ මයි.
එහෙත් කරුමයක මහත.උදෑසන වන විට ඔහුගේ ඇස් නිලංකාර වේ.අතපය වෙව්ලන්නට පටන් ගනී.අධිකපිපාසය නිසා ඔහු ක්ලාන්ත වේ.සොරකම් කිරීමට සිත් වේ.
එවිට බිරින්දෑගේ මැහුම් පෙට්ටිය,අම්මාගේ කුලුබඩු බෝතල් මෙන්ම දියණියගේ පැන්සල් පෙට්ටියටද ඔහු රහසේ අත දමයි.
තවත් ටික වේලාවකින් මුරලි සුපුරුදු පරිදි මත්පැන් පොලට ගාටන්නේ දුන් පොරොන්දු හෙටට කල් දමමිනි.
මෙය මලම වදයකි.බීම නැවැත්වීමට හිතෙන සෑම අවස්තාවකදීම ඔහු නැවතත් එයටම ඇදී යාම මුරලිට ඉහිලුම් නොදෙන්නකි.
අනෙක් අතට විවාහවී සත් වසක් යන තෙක් ඔහුගේ සියලු වැරදි දැක දැකත් හිස ඔසවා මුහුණ නොබැලූ බිරිද දැන් ඔහුට පහර දෙන්නට පෙලඹී ඇත.ගැහැණියගේ කෝපය ඔහුට අරුමයක් නොවේ.එහෙත් ඈ පහර දෙන විට දියණියගේ ඇසට හසුවීම ඔහුට කරන මදි පුංචි කමක් ලෙස පෙනේ.
බිරිදගෙන් පහර කා රෑ කෑමට යමක් නොලැබුන විට මුරලි නිවසෙන් පිට වී යයි.ඔහුගේ සරම ගැලවී යට කලිසම පිටින් පාරේ යනවිට කොල්ලන් ඔහුට සිනාවෙනු පෙනේ.මුරලිට එය ගානක් නැත.ඔහුට අවශ්ය වන්නේ පපුවේ ඇවිලෙන ගින්දර සහ සිරුරේ දාහය නිවීමට සීතල මතු පිටක් පමණි.
නිවසෙන් කිලෝමීටරයක් පමණ දුරින් ඇති ගඩොල් කපන මැටි වල එවන් අපූරු සිසිල දනවන තැනකි.තෙත් වූ රත් පැහැති මැටි සහිත ඒ බිමට ඔහු මහත් සේ ආශා කරයි.
මැටි වලින් එන සුවදායී සුගන්ධය ඔහු ආකර්ෂණීය ලෙස බැද තබා ගනී.
ටිකෙන්ටික පවුලෙන් ඉවතට විසිවන මුරලි ඔහුටම කියා පවුලක් තනා ගත්තේය.
ඔහු කෙතරම් බිව්වත් රවන්නේ පුප්පන්නේ නැති කාරුණික මවක්,බිරිදක් මෙන්ම ආදරණීය දියනියක් ඔහු සොයා ගත්තේය.
ඔහුගේ ආදරණීය ගැහැනු තිදෙනා මැටි බෝල වුවද ඒවාට ඔහුගේ ආදරය වෙනසක් වූයේ නැත.
පුනරුත්තාපන මධ්යස්ථානයක් ගැන ඔහුට කිවේ රාජන් ය.මේ ගතකරන කාලකණ්නි ජීවිතය මුරලිට එපා වී ඇත.අවසානයේ ඔහු පුනරුත්ථාපන මධ්යස්ථානයට ගියේය.එවිට ඔහු සන්තකයේ තිබුනේ රුපියල් 22 ක් පමණි.
මුරලිගේ වෙදැදුරු තුමා කාරුණික අයෙකි.අනුන්ගේ බෙහෙත් පෙත්තේ සිට හොරා බොන මුරලිට තමා ගැනම පාලනයක් නොමැති බව දොස්තර වටහාගෙන ඇත.එහෙත් මෙයින් මිදීමට මුරලිගේ ඇති ආශාව බලවත් බව පලමු බැල්මෙන්ම ඔහු හදුනා ගත්තේය.
මත්පැන් නොමැති නිසා කලහකාරීව හැසිරෙන තරුණයා පාලනය කිරීම ඉතා අපහසුය.මුරලිගේ බිරිදට ඇමතුමක් ගත් දොස්තර මහතා ඇයට එහි පැමිණීමට අණ කලේය.
දැන් තමාගේ ජීවිතය රැදී ඇත්තේ විනීතාගේ දෑත්මත බව මුරලි සිහිපත්කලේ ශෝකයෙනි.
සයමසක පමණ රැදී සිටීමෙන් පසු මුරලි සුව අතට හැරුණේය.විනීතා පිටවී ගිය අතර මුරලි ජිවත් වීම සදහා රැකියාවක් කලයුතු විය.
ඔහුගේ පෙර ජීවිතය දත් කිසිවෙක් ඔහුට රැකියාවක් ලබා නොදුන් අතර ප්රතික්ශේප වීම් දරාගත නොහැකිව මුරලි පාලු ලිදකට පැන්නේය.එහෙත් දෛවය විසින් ඔහුට තවත් අවස්ථා වක් ලබා දී ඇත.
ඔහු ව්යාපාරයක් අරඹන්නට සිතුවේය.එවිට කාටවත් හිස නැමිය යුතු නොවේ.එහෙත් කලයුතු දෙය ඔහු නොදනී.අවසානයේ ඔහුට බලාපොරොත්තුවේ හිරු කිරණක් වැදී ගියේය.ඒ අලුතින් ඉදිකෙරෙන නිවාස සංකීර්ණයක බිම ඇතිරීම සදහා ටයිල් වර්ගයක් නිෂ්පාදනය කිරීමටයි.එහි නිර්මාණ කරුවාට අවශ්ය වූයේ දේශීයව නිපදවෙන ටයිල් විශේෂයකි.
මුරලි දන්නා තාක්ෂනයක් නැත.නමුත් ඔහු ශරීරයට අවශ්ය දේ දන්නේය .සිසිල් මෘදු,ටයිල් මත ඔහු කාලයක් වාසය කර තිබේ.ඔහුගේ රහස් පවුල වෙසෙන මැටි බිමෙන් කපාගත් මැටි ටයිල් කැටය ඔහුට වාසනාව ගෙන ආවේය.
බිත්ති සදහා මෙන්ම පොලවට ඇතිරීම සදහාද ඒ ටයිල් කැට සුදුසු වූ ඇතර ඔහුගේ බේබදු මිතුරන්ගෙන් ඈත්ව තනිවම ඔහු ව්යාපාරික ලෝකය ජයගත්තේය .වසර කිහිපයක් යනවිට.ඔහු රටවල් එකසිය ගනනකට ඔහුගේ ටයිල් කැට අපනයනය කල අතර අන්තර්ජාතිකව පිලිගත් ප්රමිතියේ ටයිල් කැට ලක්ශ ගනනින් නිශ්පාදනය ආරම්භ කලේය.
යහපත් මිතුරන් ආශ්රය කිරීම සහ අධිෂ්ඨාන ශීලී භාවය මිනිසුන් දියුණුවේ හිනිපෙත්තටම ඔසවා තබයි.එයට අවශ්ය වන්නේ ඉවසීම සහ කාලය පමණි.
Inspired by the true story of murali kannumpurath
Waterman Tiles
Murali Tiles
Murali Tiles
උපුටා ගැනීම:  මධූ සේනානායක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!