නෑම… ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම 6 ඉඳන් 9 වෙනකම් හිටියේ බෝඩිමක…
එතන ඉඳන් 11 වෙනකම් ස්කූල් හොස්ටල් එකේ..
ඕක ඇතුලෙ ගත්ත ආතල් වෙන වෙනම පුලුවන් වෙලාවල් වල කියන්නම්…
අපිව බලා ගන්න වෝර්ඩ්න් විදියට හිටියේ ඉස්කෝලෙම සර් කෙනෙක්… පලවෙනි පත්වීමත් ටිකක් දුර නිසාත් සර් අපිවත් බලාගෙන හිටියා.. ඇත්තම කිව්වොත් අපි ටිකක් කාලා බීලා හිටියේ සර්ගෙ කාලේ.. අජූත කෑම කකා හිටපු අපිට සර් හොඳට කන්න දුන්න…
11 වසර සෙට් එකයි 10 වසර සෙට් එකයි දෙගොල්ලම හිටියෙ එකම ඩෝම් එකක.. අපි 6 යි මල්ලිල 10 යි.. අපේ අන්තිම අවුරුද්ද.. ලෝක ඇම්ඩන් සෙට් එකක් ඉතුරු වෙලා හිටියෙ..
දවසක් රෑ පාඩම් කරන ටයිම් එක.. එහෙම වෙලාවල් තිබ්බ ඒත් ඉතින් කරන්නෙ කයිය ගහන එක.. පාඩම් කරන එකා කරනව.. කට්ටිය ප්ලෑන් කලා පොඩි එකෙක්ට වතුර තියන්න.. ඒ කියන්නෙ බාල්දියක් පුරවල හොස්ටල් වොශ්රූම් එකේ මුල්ම දොර උඩ රඳවන්න..
මොකද සාමන්යෙන් අවසාන මොහොතෙ චූ බර වෙලා ඕකට දුවන්නෙ පල්ලෙහා ඩෝම් එකක ඉන්න පොඩි උන් තමයි.. කට්ටිය ඔක්කොම සම්මුතියකට ආවා අහු උනොත් එකා වගේ වැරැද්ද භාර ගන්න.. මොකද වතුර බාස්කට් එකක් තියන්න 16ක් යන්න ඕනෙ නෑ නේ..
වැඩේට ගියේ අපෙන් මම.. 10 න් අර මම කියපු සර් ගෙ නෑදෑ වෙන කොල්ලෙක් හිටිය නියම ඇමඩන්.. ඌ..
හරියට 10 ට දොරවල් ලොක් කරන නිසා 10 ට 10 ක් තියල දෙන්න එක්ක ගිහින් සීරු මාරුවට වැඩේ කරල උඩට පැන්න.. ආයේ ඉතින් ඒ දවස් වල.. ( දැන් කියලත් වෙනසක් නෑහ්..) ඔය වගේ අමරපාල වැඩ වලට අපි හරි දක්ශයි.. ඩෝම් එකේ එකෙක් මීක් නෑ.. අහන් ඉන්නෙ වැටෙනකම්.. 10 යි.. ම්හු.. සද්දයක් නෑ.. වැඩේ කචල් වගේ.. ඒ එක්කම ජබොස් ගාලා සද්දයක් ආවා.. බඩු වැටුන පල්ලට.. අපිට හිනා මැරෙන්න.. දැන් බලාගන්න ඕනේ මොකාද නෑවේ කියල.. බලන්න යන්න බෑ මාට්ටු වෙනව..
එක පාරම පොඩි එකෙක් ආව උඩට.. රැස්වීමක්.. ඔක්කොටම එන්න කිව්ව පහළට.. බඩු හරි.. ඔක්කොම එක්ක ගියා හිනාවල් තද කරන්..
හප්පට සිරි කිරි අප්පට බල්ලො පැනපි.. සර් ඉන්නව බාගෙට නාලා.. ටවල් එකයි සරමයි දෙකම තෙමිලා.. විද්දෙ පඳුරට වැදුනෙ හාවට.. මල කෙලියයි.. ස’ ට මල යකා වැහිලා.. ( දැන් එක්කෙනාට වගේ නෙවෙයි ඇත්තටම මල පැනලා..)..
6 ඉදන් 8 වෙනකම් පොඩි ටික යැව්ව.. දොරට බාල්දියක් තියන්න තරම් උස නෑ කියල.. 9 ඉදන් අහනව කවුරුත් නෑ..
10 පළවෙනි එකාම ගත්ත කටටම ඔව් මම තමයි කිව්ව.. යකෝ ඇග්රීමන්ට් සයින් කලේ අහු උනොත් පිළිගන්න මිසක් වරද භාර ගන්න නෙවෙයි නේ.. ගොන් තඩියා.. එතන ඉඳන් පෝලිමට ඔක්කොම ඔව් කිව්ව.. 15ක්.. සර් ට තේරුනා මුං සෙට් වෙලා කියල… අන්තිම එකා ඉස්කෝලෙ ප්රිෆෙක්ට් කෙනෙක්.. මූ බිම බලා ගත්ත.. ” මම දන්නව පුතා ඔහොම වැඩ කරන්නෙ නෑ කියල.. ඔයා යන්න උඩට..” අපි ඔක්කොම මූනට මූන බලා ගත්ත ඉඳපන්කො දෙන්න…
තමුන් ඔක්කොම වහාම ගිහින් මුලු ඩයිනින් හෝල් එකම හෝදන්න ඕනෙ.. පුටු ඔක්කොම උඩ දාලා.. මඩ බිංදුවක් නැති වෙන්න…
වෙලාව 10.30 යි.. පටන් ගත්තා වැඩේ.. කෙල්ලො කොල්ලො දෙගොල්ලොම හිටියා අපේ හොස්ටල් එකේ.. වෙන වෙනම හොඳේ.. නැත්නම් හිතයි වෙනම සීන් එකක්.. ඒ අස්සෙ වැස්ස කාලයක් මඩ එකයි.. මොනව කරන්නද.. මුල්ලක ඉඳන් පටන් ගත්ත.. සර් ටිකකින් ගියා රූම් එකට.. එතන ඉඳන් වතුර ගහන් හෙන ආතල් එකක් අරන් හේදුවා.. පස්සෙ සර්ට දුක හිතිලා වැඩේ ඉවර වෙද්දි අපිට තේ හදල බිස්කට් එක්ක දුන්නා.. සර් ඇත්තටම හරිම හොඳයි.. අපි එක්ක හිටපු උන් දන්නව..
රෑ එකට වගේ වැඩේ ඉවර කරල කට්ටිය උඩට ආවා.. අරූ හොදට නිදි.. හතර දෙනෙක් එක්ක මෙට්ටෙ පිටින් අල්ලල ඩෝම් දෙක මැද්දෙන් තියල අපි නිදා ගත්ත.. අරූ උදේ නැගිටල අම්ම මුත්ත නැති වෙන්න බැනල.. තනියම මෙට්ටෙත් දා ගත්ත…
උපුටා ගැනීම:  Chathurà Lakmal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!