නිහඬ ගණුදෙනු (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එදින සෙනසුරාදා දිනයකි. දහවල් දොලහ පසුවී තිබූ නිසා රෝහල තුල තරමක නිශ්ශබ්දතාවයක් තිබිණි .එහෙත් එම නිශ්ශබ්දතාවය බිද දමමින් සයිරන් නාදයත් සමග ගිලන් රථයක් රෝහල් භූමියට ඇතුළු විය. වහාම ක්රියාත්මක වූ හෙදියන් ගිලන් රථය අසලට පැමිණියහ. ගිලන් රථයෙන් එලියට බැස ගත් කාන්තාවක් බොහෝ සේ හඩමින් සිටියාය එහි සිටි රෝගියා ට්රොලියක දමා ගත් පිරිස සැත්කම් කාමරය කරා ඇදී යන්නට වූයේ කලබලයෙන් ය. ට්රොලියේ සිටි රෝගියාගෙ අතින් අල්ලගෙන සිටි කාන්තාවගෙ හැඩීම නිසා රෝහලෙ තිබූ නිශ්ශබ්දතාවය බිදී තිබිණි.
“අනේ ආශික් ඔයාට මොනවත් වෙන්නෙ නෑ ඔයා ලග මම ඉන්නව ඔයාට මොනවත් වෙන්නෙ නෑ .මීරා මුහුණෙන් ලේ ගලමින් සිටි පෙම්වතාගෙ දෑත බදාගෙන පැවසීය .ඇයගේ මුහුණ රතු වී තිබුනෙ බොහෝ වෙලාවක් කදුළු සලමින් සිටි නිසාවෙනි.
සුළු වේලාවකින් සැත්කම් කාමරය කරා ලගා වීමට හැකි විණි . වෛද්යවරුන් සහ හෙදියන් රෝගියා සමග ඇතුළු වූහ. මීරාත් සැත්කම් කාමරයට ඇතුළු වීමට උත්සාහ කරත් ඇයට ඉඩක් නොලැබිණි.මීරා සැත්කම් කාමරයේ දොර දෙස බලමින් තම පෙම්වතාව බේරා දෙන ලෙස දෙවියන්ට පතන්නට වූවාය. එහෙත් ඇයගේ අතට දැනුන සීතල ස්පර්ශය නිසා ඇගේ සිත මහත් කලබලයට පත් විය.
“මීර දුවේ මේ මම .කොහොමද මගෙ පුතාට. මොකක්ද උනේ දුවේ . ආශික්ගෙ මව විමසීය .
“අපි ගිය වාහනේ හැප්පුණා අම්මෙ.ආශික්ට ගොඩක් අමාරුයි. එයාව ඔපරේෂන් තියෙටර් එකට දැම්ම. මීර අමාරුවෙන් වචන ඇහිදිමින් පැවසීය.
“බයවෙන්න එපා දුවේ මගෙ පුතාට මොනවත් වෙන්නෙ නෑ”
“මට සමාවෙන්න අම්මෙ. මගෙ වැරැද්ද නිසා ආශික්ට මෙහෙම උනේ .මට වෙන්න තිබුනෙ ඒක ආශික්ට නෙවෙයි”
සැත්කම් කාමරයේ සිට වෛද්යවරයක් මීරා දෙසට පැමිණියේය .
“ඩොක්ටර් මගෙ ආශික්ට කොහොමද දැන් .එයාට කිසිම ප්රශ්නයක් නෑ නේද ?
“මට සමාවෙන්න. එයාගෙ ඇස් දෙකම ගොඩක් ඩැමේජ් වෙලා. අපි ඉක්මනට එයාට ඇස් දෙකක් බද්ධ කරේ නැත්තම් එයාට ජීවිත කාලෙම අන්ධ වෙලා ඉන්න වෙන්නෙ”
“අනේ ඩොක්ටර් .අපි ඒක කරමු .යන ඕන ගානක් වියදම් කරන්නම් මගෙ ආශික් ඉක්මනට බේරල දෙන්න”
” හොදයි අපි ඒක කරන්නම්. නර්ස් කෙනෙක් ෆෝම් එකක් ගෙනත් දෙයි ඒක අත්සන් කරන්න .එයාට කිසිම ප්රශ්නයක් වෙන්නෙ නෑ බයවෙන්න එපා .එසේ පවසා වෛද්යවරයා නැවතත් ඇතුලට ගියේය.
“මොකද දුවේ කිව්වෙ. පුතා හොදින් නේද.මොකද කිව්වෙ ඩොක්ටර්”
“ආශික් හොදින් අම්මෙ .එයාට ඇස් දෙකක් ඔපරේෂන් කරන්න වෙනව”
“මොකක්ද දුවේ මේ මගෙ පුතාට උනේ. කවදාවත් මේ වගේ කරදරයක් වෙයි කියල හිතුවෙ නෑ”
“දුක් වෙන්න එපා අම්මෙ ආශික්ට කරදරයක් නෑනෙ දැන් .ඉක්මනට ඔපරේෂන් එක ඉවර වෙයි , අම්ම දැන් ගෙදර යන්න අප්පච්චිටත් අසනීපයිනෙ . මම ආශික්ව බලාගන්නම්”
“හොදයි දුවේ මගෙ පුතාට කරදරයක් වෙන්නෙ නෑ. විශ්වාසයි මට “
“ඔව් අම්මෙ මම ආශික් ලගම ඉන්නව”
සැත්කම ආරම්භ විය. පැය ගණනක් මීරා සැත්කම් කාමරය අසල පුටුවේ වාඩිවී සිටියේ කුමක් හෝ ආරච්චියක් ලැබෙන තුරුයි. එහෙත් ඇයට දැකගත හැකි වූයේ කොරිඩෝව හරහා යන මිනිසුන් පමණි.රාත්රිය උදා විය. මීරාට පුටුවේම නින්ද ගොස්ය. ඇය අවදි වූයේ සැත්කම සිදු කෙරූ වෛද්යවරයාගෙ කටහඬ ඇසීමෙන්ය . ඉක්බිතිව ඈ වෛද්යවරයා අසලට ගියාය.
“ඩොක්ටර් කොහොමද මගෙ ආශික්ට . එයාගෙ ඔපරේෂන් එක සාර්ථකයිද ඩොක්ටර් කොහොමද එයාට ?”
“කලබල වෙන්න එපා ලමයො ඔපරේෂන් එක සාර්ථකව කෙරුන .තව පැය විසි හතරකින් එයාගෙ බැන්ඩේජ් අයින් කරන්න පුළුවන් ” වෛද්යවරයා එසේ වැවසූ විට මීරාගෙ දොකොපුල් තෙත් වන ලෙස රූරා වැටුනේ සතුටු කදුළුය.
“ගොඩක් ස්තූතියි ඩොක්ටර් ස්තූතියි ගොඩක් . මට එයාව බලන්න පුළුවන්ද ඩොක්ටර් ?”
“දැන් එයාට සිහිය නෑ. හෙට අපි බැන්ඩේජ් අයින් කරද්දි බලන්න පුළුවන් එයාව. තව ටිකකින් එයාව කාමරේ ඇදට මාරු කරනව”
“හොදයි ඩොක්ටර් මට පුළුවන්ද එයා එක්ක ඉන්න”
“දැන් ඔය ලමය පැයගානක් මෙහෙ හිටියනෙ. හෙට උදේම එන්න හොස්පිටල් එකත් පාළුයි .නයිට් ඩ්යුටි කරන ඩොක්ටස්ල නර්ස්ල විතරයි ඉන්නෙ “
“හොදයි ඩොක්ටර් මම හෙට උදේම එන්නම්”
මීරා නිවස බලා පිටත් වූයේ පසුදා උදෑසනම පෙම්වතා බැලීමට පැමිණෙන අපේක්ෂාවෙන්ය. ඔවුන්ට අනතුර සිදුකළ වාහනය පලා ගිය නිසා සිතේ කනස්සල්ලක් තිබුණත් ආශික් අවධානම් තත්වයෙන් ගැලවූ නිසා ඒ පිලිබද තැකීමක් නොකලාය. මීරා තනිවම කොරිඩෝවේ ඇවිදින විට ඇගේ සිතට අමුත්තක් දැනෙන්නට විය.ඒ කවුරුන් හෝ ඇය පසුපසින් එන බවක්ය. එහෙත් ඇය පිටුපස බැලුවත් එහි කිසිවෙක් නොවීය . ඇය නැවතත් ඉදිරිය බලා ගමන් ආරම්භ කරන විටම කුමක් හෝ වේගයෙන් බිම පතිත වල ශබ්දයක් ඇසිනි . බිය වූ මීරා පසුපස නොබලා දුවන්නට වූයේ සිතේ තිබූ තිගැස්සීම නිසාය. ඇය වහාම රෝහලෙන් නිවස බලා පිටත් වූවාය.
නැවුම් හිරු එළියත් සමග නව දවසක් උදා විය. කුරුල්ලන්ගේ කිචිබිචිය ඇසුනේ දවසට කරන ආශිර්වාදයක් ලෙසයි . උදෑසනම අවදි වූ මීරා ඇද පැලදගෙන රෝහල වෙත ගියේ ඉමහත් සතුටින්ය. ඇය රෝහල වෙත යන විට වෛද්ය තිසල් සමග හෙදියන් පෙම්වතාගේ දෑස් වසා තිබූ බැන්ඩේජ් ගැලවීමට සූදානම් වී සිටියේය. මීරා ඒ වෙත ගිය පසු වෛද්යවරයා ආශික්ගෙ දෑස් ආවරණය කර තිබූ බැන්ඩේජ් සෙමින් ඉවත් කලේය.
“මිස්ටර් ආශික් දැන් ඔයාගෙ ඇස් අරින්න පුළුවන්. හිමීට ඇස් අරින්න. බලමු ඔපරේෂන් එකේ සාර්ථක බව”
“හොදයි ඩොක්ටර් මම ඇස් අරින්නම්” ආශික් සෙමින් ඔහුගේ දෑස් විවෘත කලේය. ඔහු වටපිට බැලූ විට එහි සිටි සියළුම දෙනාව දැකගැනීමට හැකි විය. ඩොක්ටර් රූප පෙන්වා ප්රශ්න ඇසූ විට ඒවාද හොදින් හදුනාගැනීමට හැකි විණි.
“අපේ සුබපැතුම් . ඔපරේෂන් එක සාර්ථකයි. තව දවස් දෙකකින් ආශික්ව ඩිස්චාජ් කරන්න පුළුවන් , අපිට තව මෙයාව චෙක් කරන්න වෙනව”
“හොදයි ඩොක්ටර් , ගොඩක් ස්තූතියි”
සුළු මොහොතකින් පසු ආශික් සහ මීරාව තනි කරමින් වෛද්යවරයා සහ හෙදියන් ඔවුන් සිටි කුටියෙන් පිටත් විය. මීරා ආශික්ගෙ ඇදේ ඔහු අසලින් වාඩි වී ඔහුව වැලදගත්තේ ඉමහත් සතුටකින්ය. එමගින් ඇගේ සිතට මහත් සැනසීමක් දැනුනි.
“ආශික් මම ගොඩක් බය උනා. දැන් කොහොමද ඔයාට”
“මම හොදින් .දැන් අඬන්න එපා හොදද මම හොදින් දැන්”
“මම අඩන්නෙ සතුටට. අනික ඔයා මාව බේරගත්තෙ නැත්තම් මට මොනව වෙයිද ? ඔයා මැදට පැනල මාව තල්ලු කරා.”
“ඔව් මීරා ඔයා මගෙ මට පුළුවන් ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න. හොයාගන්න පුළුවන් උනාද ඒ වාහනේ ගැන විස්තර”
“මම ඒව ගැන හිතුවෙ නෑ, ඔයා දැන් හොදින් ඉන්නවනෙ ඒ නිසා මේක පස්සෙ බලමු”
“ඔව් පන , ඒක නෙවෙයි ඔයාගෙ ආටිකල් එක ලීවද ? මම හිතන්නෙ මට දවස් දෙකක් මිස් වෙන්න ඇති , ඒ දෙක කියවන්න ඕනෙ”
“පිස්සා ඔයා මෙහෙම ඉද්දි කොහොමද මම ආටිකල් ලියන්නෙ ? ම්ම් ඒක නෙවෙයි වතුර ඉවරයි නේද . මම ගේන්නම්.”
“ඉක්මනට එන්න. ඒක නෙවෙයි මගෙ බැන්ඩේජ් ගැලෙව්ව ඩොක්ටර් පිටිපස්සෙන් හිටිය ඩොක්ටර් කවුද ? එයා කතා කරෙත් නෑනෙ .ඒත් මම දිහා බලාගෙන හිනා උන ගමන්මයි හිටියෙ”
“වෙන කව්රුත් හිටියෙ නෑ ආශික්. ඩොක්ටර් තිසල් එක්ක තව නර්ස්ල දෙන්නෙක් හිටියෙ.”
“ම්ම්ම් එහෙමද .මම හිතන්නෙ ඔපරේෂන් එක කරපු නිසා වෙන්න ඇති .අනික තාමත් ඇගට මහන්සි වගේ”
“ඔයා හාංසි වෙන්න ආශික් .දැන් රෙස්ට් කරන්න ඕනෙ ඔයා . මම වතුර එක ගෙනත් මේසෙන් තියල යන්නම්.”
“හොදයි මීර මම නිදියනව.ඔයා ටිකක් අපේ අප්පච්චි බලන්න අම්මත් තනියමනෙ.”
“ම්ම් මම එහෙ යන්නම් .හෙට එන්නම් ඔයාව බලන්න. දැන් නිදියන්නකො”
මීරා කාමරයෙන් ගිය පසු ආශික් තද නින්දකට වැටුනේ ඔහුටත් රහසේමය. මීරාද වතුර බෝතලය කාමරයෙන් තබා ආශික්ගෙ ඔළුව අතගා කාමරයෙන් පිටත් විය.
තද නින්දක සිටි ආශික් හදිසියේම අවදි වූයේ නරක හීනයක් දැකීම නිසාය. ඔහු ඔරලෝසුව දෙස බැලූ විට දුටුවේ වේලාව අළුයම දොලහෙ කනිසම පසුවෙමින් තිබෙන බවයි. ඔහුට දොර ලගින් කවරෙක්ගේ හෝ කටහඬක් ඇසිනි. සිතේ තිබූ කුතුහලය නිසා ඔහු සෙමින් සෙමින් දොර දෙසට පියමන් කර කාමරයේ දොර මදක් විවෘත කරේ කාටත් නෑසෙන පරිදිය. කාමරය අසල සිටියේ ආශික්ට ප්රතිකාර කෙරූ වෛද්යවරයා වන තිසල් සහ තවත් සේවකයන් දෙදෙනෙකි. ඔවුන් ට්රොලියකට අත තබාගෙන සිටියහ. එම ට්රොලිය මත සුදු රෙද්දකින් වසා තිබූ සිරුරක්ය.
“තමුසෙල දෙන්නට කීව නේද මම කියද්දි බෝඩි එක ගේන්න කියල .බලනව දැන් මේ පාරෙන් බොඩි එක ගෙනල්ල.කාටහරි සැක හිතුනනම් මොකද කරන්නෙ ? දැක්කනම් එහෙම , අනික අරකිත් අපි ගැන උනන්දුවෙන්”
වෛද්යවරයා සේවකයන් දෙදෙනාට බැණ වැදුනේය. එහෙත් ආශික්ට එතන සිදුවන කිසිවක් තේරුම් ගැනීමට නොහැකි විය. ඔවුන්ගේ කතා බහ හොරෙන්ම අසා සිටියේ සිදුවන්නේ කුමක් හෝ නරක දෙයක් බව ඉව වැටුණ නිසාවෙනි.
“සමාවෙන්න ඩොක්ටර් අපි බොඩි එක අනිත් පැත්තෙන් අරන් යද්දී නර්ස්ල වගයක් ඉස්සරහට ආව. එයාල දකින්න කලින් ට්රොලිය මේ පැත්තට හැරෙව්වේ”
“හ්ම් ඉක්මනට බොඩි එක ඔපරේෂන් තියෙටර් එකට අරන් යනව. පැයක් ඇතුලත් මේ ඔක්කොම ඉවර කරන්න ඕනෙ.”
ආශික් වහාම දොර වසාගත්තේ වෛද්යවරයා වටපිට බැලූ නිසාය.ආශික් ඇද මතට වී තනියම කල්පනා කරන්නට වූයේ සුළු මොහොතකට පෙර සිදුවූ දේ පිලිබදවයි. ඔහුගේ සිතට විකාරරූපී අදහස් ගොන්නක් ගලා එන්නට විය. එක්වරම ආශික් ගැස්සී ගියේය. ඒ කවුරුන් හෝ ඔහුගේ උරහිස ශ්පර්ෂ කෙරූ නිසාවෙනි . එහෙත් ඔහු ඒ දෙස බැලුවත් එහි කිසිවෙකුත් නොසිටියේය. ඔහුගේ සිත බියෙන් තැතිගත්තත් නැගිටීමටවත් හැකියාවක් නොතිබිණි. මන්දයත් ඔහුගේ දෙපා පන නැතිවීගොස්ය. ආශික් කාමරය පුරාම දෑස් යවා බැලුවත් එහි කිසිවෙක් නොසිටියේය .
“කවුද ඉන්නෙ මේ කාමරේ. මට දැනෙනව ඔයාව කතා කරන්න.”
ඔහු එසේ පැවසූ විගසම කාමරයේ තිබූ බල්බ් නිවී ගියේ කාමරයේම මහත් අන්ධකාරයක් පතුරමින්ය. ආශික්ගේ හදගැස්ම ඔහුගේම දෙසවනට ඇසිණි. තත්පර කීපයකින් නැවතත් කාමරය ආලෝකමත් විය. එවිට ඔහු දුටුවේ දහවල් ඔහු සමග සිනහ වූ වෛද්යවරයාය. එහෙත් ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන් වෙනස් වී ගොසින්ය. ගෙල ප්රදේශයේ සිහින් කැපුම් පාරක් ගැඹුරට ගොස් තිබිණි . එසේම ඔහුගේ සුදු පැහැති කමිසයේද රතු ලේ පැල්ලම් තිබුනේ ශරීරයේ තැනින් තැන කැපුම් පාරවල් තිබූ නිසාය. එසේම ඔහු දෑස් පියාගෙන සිටියේය. එහෙත් ආශික් ඔහුට බිය නොවූයේ යම් හුරුපුරුදු ගතියක් මෙන් දැනුන නිසාය.
“ඩොක්ටර් කවුද ඔයා ..මොකද මේ. ඒ කියන්නෙ මම හිතුව දේ හරි ද. අර ඩොක්ටර්…..” ආශික් එසේ පැවසූ විට එම වෛද්යවරයා නිශ්ශබ්දව තුන්වරක් හිස නැමුවේය. එක්වරම ආශික්ගේ කාමරේ තිබූ විදුලි බල්බය පුපුරා ගියහ.
වෛද්ය තිසල් සමඟ තවත් වෛද්යවරු තිදෙනෙක් මුව ආවරණ පැලද සැත්කමට සූදානම් විය. ට්රොලිය මත සිරුර රැගෙන ආ සේවකයන් දෙදෙනාද පසෙකට වී බලා සිටියහ. වෛද්යවරයා ආලෝකය ඇද මත හාංසි කර තිබූ තරුණියගේ පපුව මතට එල්ල කලේය. ඇයගේ සිහිනැති කර තිබුනේ බෙහෙත් අධික මාත්රාවක් ලබා දීමෙන්ය. ඇයට ඊලග තත්පරයේ සිදුවීමට යන්නේ කුමක් ද කියා කිසිවෙක් දැන නොසිටියහ. වෛද්යවරයා සැත්කම් පිහිය ඇගේ ළය දෙසට ලන් කරන්නට විය.
“ඩොක්ටර් තිසල් තවත්තපන් ඔය අපරාදෙ.”
ආශික් සැත්කම් කාමරයට පැමිණ කෑ ගැසුවේය. ඔහු කාමරයට පැමිණි විගසම සේවකයන් දෙදෙනා ඔහුගේ ඇගට පැන ඔහුව අල්ලාගත්හ. ඩොක්ටර් තිසල් සැත්කම් පිහිය ගෙන ආශික් වෙත ලන් වූයේ වියරු සිනහවක්ද කට කොනකින් තබාගෙනය.
“උබ … උබ කොහොමද මාව නවත්තන්නෙ .උබේ ඔය ඇස් දෙක නැති කරෙත් මම . උබට ආය ඇස් දෙකක් දුන්නෙත් මම හහ් හහ් හා.”
“මොනව , උබද මීරාව මරන්න ගියෙ ඒත් ඇයි අපි මොන වරදක් කරාටද ?.”
“උබ නෙවෙයි ඒකි . මෙහෙ හිටිය ඩොක්ටර් නිලාන් කියල එකෙක් එක්ක එකතු වෙලා මම කරන වැඩ පොලීසියට අල්ලල දෙන්න හැදුවෙ , ඒකි මේ හොස්පිටල් එකේ වෙන ජාවාරම ගැන පත්තරේට ලීව .මම නිලාන්වනම් මුලින්ම පරලෝකෙට යැව්ව.ඒත් උබේ ගෑනි මරන්න යද්දී උබ මැදට පැන්න.”
ඩොක්ටර් තිසල් එසේ පැවසුවේ ආශික්ගේ බඩේ සැත්කම් පිහියෙන් ඉරක් අදින ගමන් ය. ආශික් වේදනාවෙන් කෑ ගසන්නට විය.
“දැන් මම උබවත් මරල උබේ ඇගේ විකුණන්න පුළුවන් හැම කොටසක්ම කපාගන්නව. ඒ වගේම උබේ ගෑනිවත් මරල දානව හහ් හහ් හා..”
සුළු මොහොතකින් වේදනාවෙන් කෑ ගැසූ ආශික් වියරු ලෙස සිනහ වන්නට විය. ඇසිපිය ගසන සැනින් ආශික්ගේ පෙනම වෙනස් විය. සේවකයන් දෙදෙනා අල්ලගෙන සිටියේ ආශික්ව නොව තිසල් විසින් මරාදැමූ ඩොක්ටර් නිලාන්වයි. සේවකයන් දෙදෙනා ඔහුව අතහැර පසුනොබලා දුවන්නට විය. එහෙත් මේසය මත තිබූ සැත්කම් කතුරු දෙකක් විදුලි වේගයෙන් පාවී ගොස් ඔවුන්ගේ හිසේ ඇනුනේ රුධිරය කාමරය පුරාම වගුරුවමින්ය.
කාමරය පුරාම කුණුගඳක් පැතිර ගියේය. එහි සැරට වෛද්යය තිසල්ගේ සහයට සිටි හෙදිය සිහි නැතිවී බිම වැටුනාය . මුළු කාමරය පුරාම වියරු සිනහ හඬක් රැවු දෙන්නට විය. සැත්කම කිරීමට පැමිණි ඩොක්ටර් තිසල් මෙන්න සහයට පැමිණි වෛද්යවරුන් දෙදෙනාට දොර විවෘත කිරීමට උත්සහ කරත් එම උත්සහය නිරර්ත එකක් විය. ඩොක්ටර් තිසල් එක්වරම විසිවී ගොස් බිත්තියේ වැදුණි. ඔහුගේ සහයට පැමිණි වෛද්යවරුන් දෙස හැරී බැලූ ඩොක්ටර් නිලාන්ගේ ආත්මය …
“උබල ආවෙ සැත්කමක් කරන්නගෙ කරගනිල්ල”.
ඒ අවස්ථාවදී ඔවුන් දෙදෙනාගෙ අත් වල සැත්කම් පිහි දෙකක් මතු උණි. වෛද්යවරුන් දෙදෙනා ඒවාගෙන් එකිනෙකාට ඇනගන්නට විය.ඔවුන් දෙදෙනා කැපුම් නිසා ලේ පෙරාගෙන බිම වැටුනත් එකෙක් මැරෙන තුරුම ඇනගත්තේ ඔවුන්ගේ රුධිරය කාමරය පුරාම විසිරී යන විටය එහෙත් ඔවුන්ට කිසිදු වේදනාවක් නොදැනුනි.එක් වෛද්යවරයෙක් මිය ගිය පසු අනිත් පුද්ගලයා ගෙල සිදගෙන දිවි තොර කර ගත්තේය.
“හහ් හහ් හා ඩොක්ටර් තිසල් පෙරේරා උබ විතරයි දැන් ඉතුරු, උබ මේ හොස්පිටල් එකේ අහිංසක මිනිස්සු කීදෙනෙක් නම් මැරුවද ආ අවයව ගන්න කියල . හහ් හහ් හා…”
“මට සමාවෙන්න නිලාන් මට සමාවෙන්න.”
“සමාව නේද ?” මතකද මාව මැරුව විදිහ. නිකම්ම ලගට ඇවිත් මගෙ බෙල්ල කපල දැම්ම .ඒත් මම මැරුනෙ නෑ . මට සිහිය තියෙද්දිම උබ මගෙ හදවත ගන්න පපුව කපාගෙන ගියා එතකොටයි මම මැරුනෙ. ඒත් මගෙ ආත්මෙ උබ මගෙ ඇගේ හැම කොටසක්ම ගන්නකම් බලන් හිටිය. මට කිසි දෙයක් කරගන්න බැරි උනා. ඒත් ඒත් උබම මගෙ ඇස් දෙක ආශික්ට දුන්න . මම බලවත් උනේ ඒකෙන් හහ් හහ් හා. උබ මීරා ගෙදර යද්දී එයාවත් මරන්න පස්සෙන් ගියා හොස්පිටල් එකේ කොරිඩෝවේ . එතකොට නේද ට්රොලියක් කකුලෙ වැදිල බිම වැටුනෙ , ඒක කරෙත් මම.”
එසේ පැවසූ විට ඩොක්ටර් තිසල්ට ඔහු කර සියළුම දේවල් සිහි විණි. එහෙත් ඔහු ප්රමාදය .ඔහුගේ අතට තෙත ගතියක් දැනුනි. එවිට දුටුවේ ඔහු ඔහුගේම අතින් සැත්කම් පිහියකින් ඔහුගේ ශරීරය කපාගන්නා බවයි.
“ආශික් නැගිටින්න .දැම්ම නැගිටින්න ආශික්.”
ආශික් නින්දෙන් අවදි වූයේ මීරාගෙ කටහඬ ඇසීමෙන්ය .ඔහු වටපිට බැලූ විට දුටුවේ ඔහුගේ කාමරයේ සිටින බවයි.
“ආශික් ඔයාට කරදරයක් උනාද ? කොහොමද කාමරේ බල්බ් එක බිදුනෙ. ඔයා හොදින් නේද ආශික් ?”
“ඔව් ලමයො මම හොදින් ඉන්නව. ඇයි මේ කලබලෙන්. මම නිදාගෙන හිටියෙ”
“ඔපරේෂන් තියෙටර් එකේ මිනීමැරුම් වෙලා ආශික් ඒ වගේම ඩොක්ටර් තිසල්වත් මරල දාල. සිහිනැතිව හිටිය ගෑනු ලමයෙක්ගෙන් කටඋත්තර අරන්. එයා කීව විදිහට හොස්පිටල් එකේ අවයව ජාවාරම කරල තියෙන්නෙ ඩොක්ටර් තිසල්.”
“ඒ වගේ කෙනෙක් මැරුන එක ප්රශ්නයක් නෑනෙ මීරා මම ඔයාගෙ ආටිකල් කියෙව්ව. ගොඩක් ජාවාරම් කරල තියනව මෙහෙ.”
“ඒක හරි ආශික් ඒත් ඒ වගේ දරුණු මිනිහෙක් මැරුනෙ කොහොමද ? කිසිම ෂාක්ශියක් නැතුව”
“ම්ම් වැරැද්දක් කරොත් දඬුවම් අනිවාරෙන්ම ලැබෙනවනෙ මීරා .දැන් එ් කතා ඇති. අපි ගෙදර යමු. මාව ඩිස්චාජ් කරල”
ඔවුන් දෙදෙනාම සතුටින් රෝහලෙන් නිවස බලා පිටත් වූයේ වෛද්ය නිලාන්ගේ ආත්මය ඔවුන් දෙස මදහසක් පාන විටදීය. එහෙත් එය දුටුවේ ආශික් පමණි.
අවසන් ..
උපුටා ගැනීම:  මියුර සිතාර 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!