නින්ද ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මං මේ කියන්න යන්නෙ පොඩි කාලෙ මට වෙච්ච දෙයක් ගැන…
මතක හැටියට මං 8 ශ්රේණියෙ ශිෂ්යාවක් එතෝට. ඒ කියන්නෙ දහම් පාසලේ 7 වසරෙ
ඒ දවස්වල මගෙ විනෝදාංශෙ ටී වී බලන එක. ටීවී එකට කොයිතරම් ඇබ්බැහි වෙලා හිටියද කියනවනම් මට හැම වෙලාවෙම බලන්න දෙයක් තිබ්බ.ඉස්කෝලෙ ඇරිල ඇවිල්ලත් ටීවී එකේ. ගෙදර ඉන්න දවස් දෙකේම ටීවී එකේ. අන්තිමට මගෙ දහම් පාසල් ගමන නැවතුනෙත් ඉරිදට 10ට ශක්ති එකේ ගිය රාමායනය නාට්යෙ මට දහම් පාසලට වඩා ලොකු උන හන්ද.
ආ කියන්න බැරි උනානෙ මගෙ වැඩ හංද අපේ ටීවී එකට වැඩි ආයුශ තිබුන්නෑ. ඒක කැඩුනට පස්සෙ අපි නිකං ඉඳීඳ යාලුවනේ.. අල්ලපු ගෙදරට ගිහිං ටීවී බැලුව.
ඉස්සර මගෙ පුරුද්දක් තිබ්බ ඔය චන්දෙ කාලෙට ප්රතිපල කියන දවසට දාන ඔක්කොම ෆිල්ම් ටික බලන එක. එක චැනල් එකක විතරක් නෙමේ යාලුවනේ.. මං හැම චැනල් එකකම ෆිල්ම් බැලුව. ඒ දවස්වල මං හෙන දක්සයි ඒ වැඩේට . ඔක්කොම බැලුවොත් මං දිනුම්, නැත්තං ෆිල්ම් දිනුම්. ඒ වෙනකොට කවදාවත් ෆිල්ම් වලට නම් දිනන්න දීල නෑ. හැබැයි ඒ කික් එක සම්පූර්නෙම්ම ගන්න නම් පහුවදා නිවාඩු දවසක් වෙන්ඩෝනෙ….
මං මේ කියන දවසෙ පහුවදා උනේ ඉරිද. ඉරිද කියන්නෙ, තේරෙනවනෙ ඉතිං.. මට මේ ෆිල්ම් ටික බලන්නත් ඕනෙ, තරගෙට සහබාගි වෙන්නෙවත් නැතුව පරාජෙ බාරගන්නව කියල දෙයක් මගෙ ලේ වල තිබ්බෙම නෑ (ඒ කාලෙ) …..
අන්තිමට මං තීරනේ කරා පහුවදා උදේ වෙනකම්ම ෆිල්ම් බලන්න, මගෙ වාසනාවත් තිබ්බොත් මට ගෙදර ඉන්න චාන්ස් එකක් ලැබේවා කියන ප්රාර්තනාවත් එක්කම ඉඳගෙන බැලුව.
උදේ ආව. ප්රාර්තනාවට කෙල උනා. කුකුලයි උගෙ පැටියයි අරං දහම් පාසල යන්න උනා. පැටියවත් අරං යන්න උනේ මං ගියෙ අපේ ගමේ දහම් පාසලට නෙමේ හංද, මං ගියෙ කිලෝ මීටර් 10ක් විතර දුර එකකට (ඒ දවස්වල මගෙ පුංචි මනසට අනුව දුර ලියා ඇති බව සලකන්න.)
“ගියා නෙමේ මහත්තය යැව්නා, යැව්නා” විදියට ඔන්න යම්තම් පන්සලට ගියා. ඔන්න දැං තමයි හොඳම මෙව්ව එක. ඇස් කොනක ඉඳං බර ගතිය දැනෙන ගත්ත. පැය ගානක් වගේ විනාඩියක් ගෙව්නට පස්සෙ ඇස් දෙකට ජැක් ගහන සයිස් එකටම ආව. එදා මගෙම වෙලාවට ඉඳගන්න දාල තිබ්බ බංකු වල මට කලිං ස්පොට් අල්ලගත්ත අය ඉඳගෙන, අසරණ මං කොරන්න දෙයක් නැතිහංදම බිත්තියකට හේත්තුවෙලා කෙලිං ඉන්න ට්රයි කරා. (මේ වෙද්දි කෙලිං ඉන්න එකත් එළාර-දුටුගැමුණු සටනක් වෙලා තිබ්බෙ) එහෙම හිටිය කියල නිදාගන්න කියලද
ටික වෙලාවකිං පන්සලේ ලොකු ස්වාමින් වහන්සේ වැඩමවන්න බෙල් එක ගහන්න ගත්ත. ඒ තමයි ඉඳගන්න පැදුරු දාන වෙලාව. එතනදිත් මගෙ වෙලාව හොඳකමට කොන්ද තියාගන්න බිත්තිය අයිනක් අල්ලගන්න බැරි උනා.. (පව් මං)
මැදක ඉඳගත්ත. ඔන්න දැං පන්සිල් දෙනව… දෙය්යන්ගෙ පිහිටෙන් මං තාම කෙලිං ඉන්නව. මේ වෙද්දි මගෙ තිබ්බ සියලුම ශක්තීන් යොමුවෙලා තිබ්බෙ මගෙ ඇස් දෙක ඇරල තියාගන්න. ඩෙස් හදල පංතිය පටන්ගත්තම ඇති වෙන්න නිදාගත්තෑකි කියල මං දැනම් හිටිය. මොකද ඒ දවස්වල අපේ පංතියට උගන්නන්න කෙනෙක් හිටියෙ නෑ.
කොහොමහරි ඔන්න පන්සිල් අරං ඉවරවෙලා භාවනා කරන්න සූදානම් උනා.
ඇස් දෙක පියාගත්ත පලවෙනි තප්පරේම වෙන්න යන විනාසෙ දැනෙන්න ගත්ත. මෙච්චර වෙලා පියවෙන්න ගිය ඇස්දෙක ඇරං ඉඳල, ඇස් දෙකට වද දුන්න වගේම … දැං ඇස් දෙකට ඕන දේම උනාට පස්සෙ කුමක් කරම්ද…. තත්පර කිපයයි ගියෙ ගැස්සුනා.. මට තේරුනා නින්ද ගිය තමයි කියල.
කෞරුත් දකින්න නැතුව ඇති.
හිත හදං ආයෙත් පටන්ගත්ත භාවනාව.. ඒ පාරත් ගැස්සිල ඇහැරුනා. ඒ පාර නම් බෙල්ල කඩන් වැටිලම නින්ද ගිහිං කියල තේරුනා… ඔහොම තව දෙපාරක් විතර උනා.. මේ වෙද්දි මං ට්රයි කලේ බෙල්ල කඩන් වැටෙන්නැති වෙන්න හිමීට , ලාවට නිදාගන්න ක්රමයක්… මගෙ වාසනා බල මහිමයෙන් එක පාරත්වත් ලාවට නම් නින්ද ගියෙ නෑ…
ටික වෙලාවක් ගියාම මට තේරුනා පිටිපස්සෙන් ඇස් වගයක් මං දිහාට වැටිල තියෙනව කියල. ගනන් ගන්නැතුව ආයෙත් මගෙ රූටින් එක කරගෙන ගියා. එක පාරට හිමීට හිනාවෙන සද්දෙකුත් ඇහුන. ඒ පාරට ගැස්සිලා ඇහැරිලා ඔලුව උස්සල (මේ වෙද්දි මං ඔලුව බිම පැත්තට නමාගෙනම හරිම ශ්රද්ධාවෙන්ම භාවනා කර කර හිටියෙ.) පිටිපස්ස ගැන විමසිලිමත් උනා. පැත්තෙන් බලද්දි මට තේරුනා මට වඩා බාල ගෑනු ලමෝ පිරිසක් මන් දිහා බලං හිනාව තදකරගන්න උත්සහ කරන හැටි.
ඉතුරුවෙලා තිබුන සක්තියෙන් සනික තරහක් ආව, මම තීරනේ කරා ඔලුව කෙලිම් කරම් ඉන්න. තත්පරයයි ඉන්න පුලුවං උනේ පිංවතුනි ආයෙ මතක ගැස්සිලා ඇහැරුන එක විතරයි.
පස්සෙ මට තේරුනා කෙනෙක්ට සතුට දෙන එකෙන් මාත් පිනක් කරගන්නවනෙ කියල. මං මගෙ වැඩේ කරගෙන ගියා….
බුද්ධ පූජාව ඉවර උන ගමං බොහොම අමාරුවෙන් නැගිටලා පංතිය හදනකම් ඉඳල නින්දක් දැම්ම…
හැපි එන්ඩිං.
ඉස්තූති.
උපුටා ගැනීම: Leshani Rupasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!