නියම ෂර්ලොක් හෝම්ස් කව් ද? (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මට මතක හැටියට මම පළමුවෙනියෙන් ම ෂර්ලොක් හෝම්ස් ගැන දැනගත්තේ හත වසරේ ඉන්නකොට. ඉස්කෝලයේ පුස්තකාලයේ කියවන්න පොතක් හොයමින් ඉන්නකොට සිත් ඇදගන්නා පිටකවරයක් තිබුන පොතක් දැක්කා. මේ පොතේ නම ‘බැස්කවිල් ශාපය’. පොතට කොච්චර ආශා වුනාද කියනවා නම් පොත කියවන්න මට ගතවුනේ දවස් දෙකයි.
ෂර්ලොක් හෝම්ස්ට එදා ඉඳන් දැඩි ආශාවකින් පෙළුනු මම මේ වෙනකොට පරිවර්තනය වෙලා තියෙන ෂර්ලොක් හෝම්ස් කතා පොත් හැම එකක් ම කියවලා තියෙනවා වගේ ම මුල් කතුවරයා වුනු ආතර් කොනන් ඩොයිල්ගේ මුල් කෘතිත් කියෙව්වා. මම ෂර්ලොක්ගේ දැඩි රසිකයෙක්.
පොත පත කියවන්න අකමැති කෙනෙක්ට මම මුලින් ම කියවන්න නිර්දේශ කරන්නේ ‘බැස්කවිල් ශාපය’ කෘතිය. මේ කෘති වලට පුලුවන් පුද්ගලයෙක්ගේ කියවීමේ රුචිය වර්ධනය කරන්න.
ෂර්ලොක් හෝම්ගේ කතා කියවනකොට අපට නිතර හමුවන චරිත කිහිපයක් තියෙනවා. ෂර්ලොක් හෝම්ස්ගේ අතිජාත මිත්රයා හා තමන් සමඟ එකම කාමරේ වෙසෙන සගයා වන දොස්තර වොට්සන්, ෂර්ලොක්ගේ සතුරෙක් වූ මහාචාර්ය මොරියාටි, ෂර්ලොක් සිටි නිවසේ අයිතිකාරිය වන හඩ්සන් මහත්මිය ඒ අතර ප්රධාන වෙනවා.
ෂර්ලොක් කියූ විට අපේ සිතේ මැවෙන්නේ ලෝගුවක් ඇඳගත් ඔහුට ම විශේෂ වූ තොප්පියක් දමාගත් දුම් පයිප්පයක් කටේ රුවාගෙන සිටින සෑම දෙයක් ගැන ම තියුණුව නිරීක්ෂණය කරන පුද්ගලයෙක්ව. ඔහු තමන් සමග එකම නිවසේ වෙසෙන මිතුරා වන දොස්තර වොට්සන් සමග එක්ව විවිධ ගැටලු විසඳා පොලීසියට සහය වෙනවා. නමුත් මේ නියම ෂර්ලොක් ද?
වර්තමානයේ ෂර්ලොක් හෝම්ස් කතාන්දර වල නිතර නිවසේ අයිතිකාරිය වන හඩ්සන් මහත්මිය ගැන සඳහන් වුවත් මුල් කෘති වල හඩ්සන් මහත්මිය ගැන එතරම් සඳහන් වන්නේ නැහැ. ඇය සඳහන් නොවන කතාන්දර බොහොමයක් තිබෙනවා. එමෙන් ම එම මුල් කෘති තුල ෂර්ලොක්ගේ සතුරා වන මහාචාර්ය මොරියාටි ගැන සඳහන්ව ඇත්තේ කතාන්දර දෙකක් තුල පමණ යි. දොස්තර වොට්සන් විවාහ වීමට පෙර ෂර්ලොක් සමඟ එකම නිවසේ වාසය කල බවට අප කියවා තිබෙන නමුත් මුල් කෘති වල දී දොස්තර වොට්සන් බොහෝ වේලාවට ගත කර ඇත්තේ ෂර්ලොක්ගේ නිවසින් පිටතයි.
මා කුඩා කල කියවූ කෘති වල නම් ෂර්ලොක්ගේ නිගමන වැරදුනේ ඉතා කලාතුරකිනි. නමුත් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක්ට නිගමන වැරදුනු අවස්ථා බොහොමයක් කියවන්නට ලැබුණි. ෂර්ලොක් තමන්ගේ සිතීමේ ශක්තිය වර්ධනය කිරීමට කියා මත් වීමට විවිධ උපක්රම බොහෝ අවස්ථා වල දී භාවිතා කල බව ඔබ කියවා ඇතැයි සිතනවා. ආතර් කොනන් ඩොයිල් තම මුල් ෂර්ලොක් හෝම්ස් කෘති දෙකෙන් පසු ෂර්ලොක් ගැටලු විසඳීමට මත් වූ අවස්ථා සඳහන් කර ඇත්තේ ඉතා අඩුවෙන්.
ෂර්ලොක් පොලීසියත් සමඟ සම්බන්ධව කටයුතු කර තිබෙන බවත් පොලීසිය නිතර ම ෂර්ලොක්ගේ උදව් පැතූ බවත් අපට බොහෝ විට කියවන්නට ලැබී තිබෙනවා. මෙයත් මුල් කෘති වල ඇති කතා වලින් බොහෝ සෙයින් වෙනස් ස්වරූපයක් ගත්තක්. ෂර්ලොක් බොහෝ වේලාවල් වල පොලීසියත් සමඟ එකට කටයුතු නොකල බවත් සොරුන්ට දඬුවම් කිරීමට නීතියෙන් පිට දේවල් ද කල බව කොනන් ඩොයිල් තම කෘති වල රචනා කරනවා.
අවසාන වශයෙන් ෂර්ලොක් කියූ විට මැවෙන රූපයේ ඔහු පැළඳි ලෝගුව, තොප්පිය හා මුවේ රුවාගත් දුම් පයිප්පය මුල් කතුවරයා වූ ආතර් කොනන් ඩොයිල් ලියූ ඒවා නොවේ. ෂර්ලොක්ට ඔහුට අනන්ය වූ තොප්පියක් හා ලෝගුවක් ලබා දුන්නේ ‘සිඩ්නි පැජට්’ නම් වූ ෂර්ලොක් හෝම්ස් මුල් කෘති වල චිත්ර සම්පාදනය කල පුද්ගලයා විසින්. ෂර්ලොක්ගේ මුවෙහි රුවාගත් දුම් පයිප්පය පළමුව යොදා ගත්තේ ඇමරිකානු වේදිකා නාට්ය රංගන ශිල්පියෙක් වූ ‘විලියම් ජුලැට්’ විසින්. ඔහු එසේ කලේ එවිට නරඹන්නාට තම මුහුණ පැහැදිලිව පෙනීමටත් ඔවුන්ගේ වැඩි අවධානය දිනා ගැනීමටයි.
ආතර් කොනන් ඩොයිල් තම ලෝ ප්රකට කතාන්දරය සඳහා මුල් කර ගන්නේ තමන් සිටි විශ්ව විද්යාලයේ ආචාර්යවරයෙක් වූ ‘ජෝෂප් බෙල්’ව. ඔහුගේ හැඩහුරුකම් අනුව කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කරත් වර්තමානයේ අපට හමුවන ෂර්ලොක් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක්ගෙන් බොහෝ සෙයින් වෙනස්.
ආතර් කොනන් ඩොයිල් තමන්ගේ පළමු ෂර්ලොක් හෝම්ස් කතාව එළිදක්වන්නේ 1887 වසරේ දී. එදා පටන් අද දක්වා චිත්රපට, වේදිකා නාට්ය, පුවත්පත්, චිත්ර කතා, නවකතා යනා දී එකී මෙකී අංශ සියල්ලන් තුල ෂර්ලොක් හෝම්ස් චරිතය මුල් චරිතයෙන් වෙනස් කොට යොදාගෙන තිබේ. විසිවන ශතවර්ෂය මුල දී පමණක් ෂර්ලොක් හෝම්ස් චරිතය අවස්ථා සියයකට අධික ප්රමාණයක දී භාවිතා වී තිබෙනවා. අද වන විට තාක්ෂණයේ දියුණුවත් සමඟ අවස්ථා දහස් ගණනක දී මෙම චරිතය විවිධාකාරයෙන් යොදාගෙන තිබේ. අද තිබෙන ෂර්ලොක් හෝම්ස් චරිතය බිහිවන්නේ ඒවායේ අතුරු ඵලයක් ලෙසට යි.
කාලයත් එක්ක ෂර්ලොක් හෝම්ස් චරිතය විවිධ පුද්ගලයින්ගේ විවිධ අවශ්යතා නිසා වෙනස්කම් වලට ලක් වෙනවා. ෂර්ලොක් හෝම්ස් චරිතය කාලයත් සමඟ පරිනාමය වුනා කියන්න පුලුවන්. මුල් කතුවරයා වූ ආතර් කොනන් ඩොයිල් නිමැවූ ෂර්ලොක් අද වෙනකොට මැකී ගිහින් තියෙන්නේ. ඒක අපිට වළක්වන්න පුලුවන් දෙයක් නෙමේ. වෙනස් නොවන එකම දේ වෙනස් වීම කියලා කියමනකුත් තියෙනවානේ.
කාලයත් එක්ක ෂර්ලොක් හෝම්ස්ව මිනිස්සු වෙනස් කලේ එයාලටත් අපිට වගේ ෂර්ලොක් තමන්ගේ කෙනෙක් කියලා හිතුන නිසා වෙන්න ඇති.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!