ඔබ තෝරාගන්නා පියාපත මගින් කියවෙන රහස් මෙන්න ( වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපි හැමෝම සොබාදහම් මෑණියන්ගේ දරුවෝ.ඉතින් අපි හැමෝම වෙනුවෙන් ස්වභාවධර්මයෙන්ම අප වෙත දායාද කර දුන් ආශිර්වාදයන් තියෙනවා.ඒත් ඒ ආශීර්වාදය අපිට හඳුනා ගන්න ගොඩාක් කල් යනවා.එහෙම නැත්නම් කවදාවත් හඳුනාගන්න නොහැකි වෙනවා.ඉතින් මෙන්න මේ කියන අපි වෙනුවෙන්ම එවලා තියෙන ආශීර්වාදය කුමක්ද කියලා සොයාගන්න ඔයාලට පුංචි උදව්වක් කරන්න තමයි අද අපි සුදානම් වෙන්නේ.මේ රූපයේ තියෙන පියාපත් අතරෙන් ඔබ වඩාත්ම කැමති පියාපත තෝරාගන්න.එහි අංකයට අදාල විස්තරය ඇසුරින් ඔබේ ආශීර්වාදය ගැන දැනගන්න.

1.යුක්තියේ පියාපත් -ඔබේ තේරීම මෙම පියාපත නම් ඔබ යුක්තියට ගරු කරන යුක්තිගරුක කෙනෙක්.ඔබට තීරණයක් ,තීන්දුවක් ගන්න වෙන්නේ ඔබේම ආදරණීයයෙක් සම්බන්ධ කරුණකදී වුවද ඔබ සැමවිටම ගන්නේ නිවැරදි හරි කෙනාගේ පැත්තය.එයයි ඔබගේ වටිනාකම.ඔබට දෛවයෙන්ම උරුම කර දී ඇති ත්‍යාගය වෙන්නේ ඉතා සියුම්ව හොඳ නරක වෙන් කර ගැනීමේ හැකියාවයි.ඔබට ඕනෑම වරදක් නිවැරදි කරවීමට නිවැරදි කරන්නට හැකියාව ස්වභාවයෙන්ම ලැබී ඇත.

2.ආදරයේ පියාපත්-ඔබ තෝරාගත්තේ මෙය නම් ඒ ආදරයේ පියාපත්ය.එනම් ඔබ ගොඩාක් ආදරණීය පුද්ගලයෙක්.ඔබේ ආශිර්වාදයද එයයි.එනම් කොන්දේසි විරහිතව ඕනෑම කෙනෙක්ට,ඔබේ සතුරෙක්ට වුවත් ආදරය පතුරවාලීමට හැකි කරුණාවන්ත හදවතක් ඔබට ඇත.නමුත් ඔබ සමාජයට ආදරය පතුරවා හැරියත් කිසිවක් බලපොරොත්තු නොවෙයි.එයයි ඔබගේ උතුම්ම ගතිගුණය වෙන්නේ.ඔබේ මෙම ආශීර්වාදය නිසාම ඔබ සමාජයේ අද්විතීය පුද්ගලයෙකු බවට පත් වී ඇත.

3.ආත්මයේ පියාපත්-ඔබ තෝරාගත්තේ මෙම පියාපත් නම් ඉන් පෙන්නුම් කරන්නේ ඔබට සන්සුන්, බුද්ධිමත් මනසක්,අධ්‍යාත්මයක් හදවතක් ඇති බවයි.ඔබ හොඳ නරක ,යහපත අයහපත යන දෙකම අත්විඳ ඇති නමුත් කිසිදා අයහපතට අඳුරට පිය නගා නැත.ඔබේ පාරිශුද්ධ භාවය හා නිර්දෝෂීකම රැකගෙන ඔබ මෙතෙක් දුර ජීවිතයේ ඉදිරියට පැමිණ ඇත.ඔබට දෛවයෙන් ලබා දී ඇති ත්‍යාගය එහෙම නැත්නම් ඔබේ ආශිර්වාදය වෙන්නේ ඔබට දීප්තිමත් පිවිතුරු ආත්මයක් වගේම කරුණාවන්ත හදවතක් ලැබී ඇත.එය ඔබේ ජීවිතයේ දුෂ්කර අවස්ථාවන් ජය ගැනීමට ඔබට උපකාරී වෙනු ඇත.

4.සත්‍යයේ පියාපත්-ඔබ ඉතා අවංක වගේම කිසිම දෙයකට බය නැති නිර්භීත අයෙකි.ඔබ මිහිරි අසත්‍යට වඩා අමිහිරි සත්‍යට ගරු කරයි.ඔබ සලකන්නේද සත්‍යවාදී පුද්ගලයන්ටය.ඔබට සිතෙන දේ ඔබ සැමවිටම ප්‍රකාශ කරන අතර ඔබේ අවංක භාවයට සමහරුන් අකමැතිය.නමුත් ඔබට දෛවයෙන් ලබා දී ඇති ආශීර්වාදය වෙන්නේ හොඳ නරකින් වෙන් කර ගැනීමේ තියුණු ඥානයයි.එනිසාම ඔබට බොහෝ රැවටීම් වලින් බේරීමට හැකිය.

5.බලාපොරොත්තුවේ පියාපත්-ඔබ ගොඩාක් සුබවාදී විදිහට ජීවිතය දකින කෙනෙක්.හැම වෙලාවකම ඔබ ඕනෑම නරක දෙයකින් වුවත් යම් යහපතක් ඉස්මතු කර ගැනීමට උත්සහ කරයි.ඒ ඔබේ ධනාත්මක සිතුවිලි වල බලයයි.ඔබට ලැබී ඇති ආශීර්වාදය වෙන්නේ නොසැලෙන අධිෂ්ඨානය හා සුබවාදී සිතුවිලියි.එනිසාම ඔබේ දියුණුව කාටවත් නැවැත්විය නොහැක .නමුත් ඍණාත්මක ආකල්ප දරන්නන්ගෙන් ඔබ ඉවත් විය යුතුයි.එය ඔබගේ දියුණුවට බාධාවක් විය හැකි බැවිනි.එසේම ඔබ ඕනෑම වෙලාවක තව කෙනෙක්ගේ දියුණුවට උපකාර කරන්න සුදානම් අතර ඔබව අන් අය සැමවිටම විශ්වාස කරයි.ඔබටද ඔවුන්ව හොඳින් තේරුම් ගැනීමට හැකිය.

6.සිහින පියාපත්-ඔබ තෝරාගත්තේ මෙය නම් ඔබ සිහින දකින්නෙක්.නමුත් ඔබ ජීවත් වෙන්නේ යහපත් සිහින තුලයි.එයයි වටිනාකම.ඔබ භාවනාවකට සම වැදුනාක් මෙන් ඔබේ සිහිනයන් තුල ගිලී යයි.නමුත් අද්විතීය මනසක් ඔබට ඇත.එසේම ඔබ සැබෑ ජීවිතයේදී වුවද සන්සුන් නිර්මාණත්මක පුද්ගලයෙකි.ඔබ උත්සහ කලොත් නව නිපැයුමක්,සොයාගැනීමක් පවා කල හැකි තරම් හොඳ චින්තකයෙක්.ඔබේ ආශීර්වාදය වෙන්නේ ඔබේ මෙම අද්විතීය මනසයි.

7.ආශාවේ පියාපත්-ඔබ ආශාවන්ගෙන් පිරුණු අයෙක්.ඔබ යමකට ආශා කලොත් එය ලබාගෙනම මිස අත් නොහරියි.ඔබට අවශ්‍ය සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නයි.ඒ ආශාවන් ඉටු කරගන්න තෙක් නොසැලී වැඩ කරන්නට ශක්තිය ඔබට ඇත.ඔබේ මෙම අධිෂ්ඨානය අන් අයගෙන් ඔබව වෙන් කරන අතර ඔබට ලැබී ඇති ත්‍යාගය ,ආශීර්වාදය වන්නේ ඔබේ ආශාවන්ය.

8.රණශූරයාගේ පියාපත්-ඔබට රණශුරයෙකුගේ හදවතක් හා පුජකවරයෙකු,සන්තුවරයෙකුගේ මෙන් පිරිසිදු ආත්මයක් ඇත.ඔබ සාමාන්‍ය ජීවිතයේදී ගොඩාක් මෘදු, සන්සුන් නිවුණු පුද්ගලයෙක් වුවත් යම් අයෙක් සමඟ ඔබ ගැටුනොත් ඔබ තුල ඇති රණශුරයා අවදි වෙනු ඇත.ඔබ ජය ගන්න තුරුම ඔබ ඔබේ සටන අත් නොහරියි.ඉතින් ඔබේ මේ අත් නොහැරීමේ පසුබට නොවීමේ හැකියාව තමයි ඔබට ලැබී ඇති ත්‍යාගය,ඔබේ ආශීර්වාදය.එනිසා ඔබේ ශක්තියෙන්,ධෛර්යයෙන් මිනිසුන්ව ආරක්ෂා කිරීමට කැප වෙන්න.

9.සාර්ථක පියාපත්-ඔබේ තේරීම මෙය නම් ඔබ සාර්ථකත්වයේ දොරටු විවර කරගන්නා අයෙකි.සාර්ථක වෙන්න,සතුටින් සැපවත් ජීවිතයක් ගත කරන්න ඔබ ආශා කරයි.එසේම ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් කල යුතු දෑ මොනවාදැයි ඔබ හොඳින් හඳුනන අතර ඔබේ සාර්ථකත්වයට ඇති ආශාව ඔබේ ජයග්‍රහණය වෙත ඔබව තල්ලු කරයි.ඔබට දෛවයෙන් ලැබී ඇති ආශීර්වාදය වන්නේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබව මෙහෙයවන ඔබේ වර්තමාන ආශාවයි.

උපුටා ගැනීම: Hela Rahas

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!