ඔයා මොන මට්ටමක හිටියත් අතිදක්ෂයෙක් වෙන්න මනස හදාගන්නෙ කොහොමද ?

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපි හැමෝම කැමතියි ඉගෙනගන්න කාලය තුල අතිදක්ෂයෙක් විදියට වැඩ කරන්න, ප්‍රතිඵල ගන්න. ඔයා මොන මට්ටමක හිටියත් අතිදක්ෂයෙක් වගේ වැඩ කරන්න මනස හදාගන්න විදිය ගැන තමයි මම අද කියලා දෙන්න යන්නෙ.ඔන්න ඔයා කලින් අධ්‍යාපනයෙන් ටිකක් පසුගාමී කෙනෙක් වෙලා හිටියත් මේ ටිප්ස් අනුගමනය කරලා කැපී පෙනෙන අතිදක්ෂයෙක් වගේ වැඩ කරන්න පුලුවන් වෙනවා.

 ආත්ම විශ්වාසය ඇති කරගන්න.

self confidence
ඔයා මොන මට්ටමක හිටියත් අතිදක්ෂයෙක් වෙන්න මනස හදාගන්නෙ කොහොමද ?

ඔයා දැන් ඉන්නෙ ” මම අධ්‍යාපනයෙන් ටිකක් පසුගාමියි ” කියන මානසිකත්වයෙන් වෙන්න ඇති. ඉස්සෙල්ලම ඔයා මේ මානසිකත්වයෙන් මිදෙන්න ඕන. අපි හැම කෙනෙක්ටම තියෙන්නෙ පුදුමාකාර මනසක්. අපි හරියට අපෙ මනසින් වැඩ ගන්න නම්, ආශ්චර්යයන් කරන්න නම්, අංක එකට අපෙ මනස ගැන සම්පූර්ණ විශ්වාසය තියන්න ඕන. ඔයා ටිකක් හිතලා බලන්න ඔයාගෙ ජීවිත කාලය තුල ලබාගෙන තියන ජයග්‍රහණයන්. ඔයාට හිතෙයි එහෙම කිසිම දෙයක් මට නම් නැහැ කියලා.ඔයාගෙ හිත සතුටු වුන පුංචිම දෙයක් වුනත් හොදටම ප්‍රමාණවත්.උදාහරණයක් විදියට ඔයා ලියපු කවියක් ලස්සනයි කියලා යාලුවෙක් වර්ණනා කිරීම වගෙ ඉතාමත් පොඩි දෙයක් වුනත් ඔයාගෙ ජයග්‍රහණයක් විදියට සලකන්න. කොලයක් පෑනක් අරගෙන ලයිස්තුවක් ලියන්න.

අඩුපාඩු හදාගන්න කටයුතු කරන්න.

දැන් ඔයාට ඔයා ගැන ඉහලම විශ්වාසයක් තියනවා.ඔයා දක්ෂයෙක් කියලා විශ්වාස කරනවා. ඔයා මීට කලින් අධ්‍යාපනයෙන් ටිකක් පසුබහින්න මොනවහරි අඩුපාඩු තියෙන්න ඇති.දැන් ඔයා ටිකක් කල්පනා කරන්න ඕන මොනවද ඒ අඩුපාඩු කියලා.ඔයාගෙ කම්මැලිකම, වැඩ අතපසු කිරීම, කරුණු ආවර්ජනය නොකිරීම, ප්‍රශ්න නොකිරීම, පාඩම් කියාදෙන විට අවධානය යොමු නොකිරීම වගෙ අඩුපාඩු මතක් කරගන්න.දැන් මේ අඩුපාඩු කිහිපය ටිකින් ටික හදාගන්න කටයුතු කරන්න. ඔයාගෙ යාලුවන්ගෙන් උදව් උපකාර ලබාගන්න. 

හොද මිතුරන් ආශ්‍රය කරන්න. 

” ඔයාට උකුස්සෙක් වගෙ පියාඹන්න ඕන නම් පාත්තයින් එක්ක රංචු ගැහෙන එක නවත්තන්න ” 

study group
ඔයා මොන මට්ටමක හිටියත් අතිදක්ෂයෙක් වෙන්න මනස හදාගන්නෙ කොහොමද ?

නරක මිතුරු ඇසුර අනිවාර්යයෙන්ම අධ්‍යාපනයෙන් පසුබහින්න හේතු වෙනවා.ඔයාට ඉන්නෙ වැඩ නොකරන යහලුවන් නම් ඔයාත් ඒ විදියට හැඩගැසෙනවා.එයාලගෙ ඍණාත්මක කතා නිසා ඔයා එන්න එන්න තවත් ඍණාත්මක වෙනවා.ඔයාට දක්ෂයෙක් වගෙ වැඩ කරන්න ඕන නම් ඔයාගෙ වටා හොද ධනාත්මක වයිබ් එකක් හදාගන්න ඕන.අධ්‍යාපනය දක්ෂ විදියට උනන්දුවෙන් කටයුතු කරන යහලුවන් ආශ්‍රය කරන්න. ඔයාවත් ඉබේටම ඒ විදියට හැඩගැසෙයි.

හැමදෙයක්ම හොදින් කළමනාකරණය කරගන්න.

දක්ෂයින් මවන්න හොද කළමනාකරණයකට පුලුවන්. ඔයා මීට කලින් අධ්‍යාපනික කටයුතු කළමනාකරණය කරගෙන නැතිනම්, දැන් ඔයා වෙනුවෙන් පොඩි ප්ලෑන් එකක් හදන්න පටන් ගන්න. ඉස්සෙල්ලම බලන්න ඔයා තරමක් පසුගාමී විෂයන් , ඔයා කැමතිම විෂයන්, ඔයා දක්ෂ විෂයන් මොනවද කියලා. දැන් කාලය කලමනාකරු කරගමු. ඔයා වැඩ කටයුතු සිදු කරන්න ලොකුම කැමැත්තක් තියන වෙලාවන් අරගෙන කොටස් වලට බෙදාගන්න.දැන් ක්‍රමයෙන් මේ පුංචි කාල සටහන අනුව වැඩ කරන්න පුරුදු වෙන්න. ඔයාට තරමක් අසීරුයි හිතෙන විෂයයන් වැඩියෙන් අධ්‍යනය කරන්න, යහලුවන්ගෙන් උදව් ලබාගන්න, අන්තර්ජාලය භාවිතයට ගන්න. ඔයා කැමති, දක්ෂ විෂයන් තවත් දියුණු කරගන්න කටයුතු කරන්න.

හැමදෙයකටම මුල් වෙන්නෙ මනසයි.

” සෑම දෙයක්ම පලමුව නිර්මාණය වෙන්නෙ තම මනස තුලයි ” 

ඔයා අතිදක්ෂයෙක් වෙන්න අවශ්‍යයයි නම් ඉස්සෙල්ලම ඒ අතිදක්ෂයා ඔයාගෙ මනස තුල නිර්මාණය කරගන්න. අධ්‍යාපනයෙන් ඔයා අවසානයට බලාපොරොත්තු වෙන අරමුණ ඔයාගෙ හිතට වැදෙන්න ලියන්න. හැමදාම උදෑසන අවදි වුනාට පස්සෙ ඔයාගෙ ඉහල ප්‍රතිඵලය ඔයා දිනාගෙන ඉන්න විදිය හිතෙන් මවන්න. එ හැගීම අත්විදින්න. පාඩම් කරන එක , වැඩ කරන එක ඔයාට පුරුදු නැති කම්මැලි දෙයක් නම් ඉස්සෙල්ලම ටිකෙන් ටික කරන්න පටන් ගන්න.ආරම්භය තමයි ටිකක් අමාරුම.නිසි කාල සටහනකට අනුව දවස් 21ත් -90ත් අතර කාලයක් වැඩ කරන්න. මේ කාලය තුල එක දිගට සිදු කරන දෙයක් ඔයාගෙ දීර්ග කාලීන පුරුද්දක් බවට පත් වෙනවා. 

graduation
ඔයා මොන මට්ටමක හිටියත් අතිදක්ෂයෙක් වෙන්න මනස හදාගන්නෙ කොහොමද ?
” සිහින කියන්නෙ ඔබ නින්දෙන් දකින දේවල් වලට නෙවෙයි.ඔබව නිදාගන්න නොදෙන දේවල් වලටයි “

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!