ඔයාට ගැලපෙනම පාඩම් ක්‍රමය තෝරාගනිමු.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මේ ලෝකෙ හැමෝම එක වගෙ නැහැ. හැම අතින්ම වෙනස්.අධ්‍යාපනයෙ නිරත වන සිසුන් ගැන කතා කලොත් ඔවුන්ගෙ බුද්ධි මට්ටම්, ධාරණ ශක්තීන්, මතක ශක්තීන්, තර්කන හැකියාවන් කියන මේ හැමදෙයක්ම එකිනෙකට වෙනස්. එකිනෙකාගෙ බුද්ධි මට්ටම් ඇතුලු අනෙකුත් දේවල් වෙනස් වුනත් කැපවීමෙන් යුතුව පාඩම් කටයුතු වල නිරත වන ආකාරයෙන් ඕනම තත්ත්වයක් කරා යාමට හැකි වෙනවා. බුද්ධි මට්ටම, ධාරණ මතක ශක්තිය ඉහල සිසුවෙක් පාඩම් වැඩ කටයුතු සිදු නොකර සිටියොත් එම සිසුවගෙ ප්‍රතිඵල අවම වන අතර බුද්ධි මට්ටම ,ධාරණ මතක ශක්තිය අවම/සාමාන්‍ය මට්ටමක පවතින සිසුවෙක් කැපවීමෙන් යුතුව අධ්‍යනයෙ යෙදෙන්නෙ නම් එම සිසුවා ඉහල ප්‍රතිඵල ලබාගනී. 

එයාකාරයෙන් ඉහල ප්‍රතිඵලයක් ලබාගැනිම සදහා අධ්‍යනයෙ යෙදිය යුතු අතර තමන්ගෙ ධාරණ ,මතක ශක්තිය අනුව වඩාත් ගැලපෙනම ක්‍රමය අවබෝධ කරගෙන ඒ ඔස්සෙ කැපවීමෙන් යුතුව වැඩ කලොත් තමන්ගෙ ඕනෑම අරමුණක් සාක්ශාත් කරගත හැකියි. 

 තමන්ට වඩාත් සුදුසුම පාඩම් ක්‍රමය තෝරාගනිමු

 

(1) හයියෙන් වේගයෙන් කියවන්න.

 

හෙමිහිට දෙයක් කියවනවට වඩා තරමක් වේගයෙන් කියවන විට වැදගත් කරුණු විශේෂයෙන් ඉස්මතු වෙනවා.ඒ වගේම වේගවත් කියවීමෙන් ඔයාගෙ මොලය වැඩිදියුණු වෙනවා. පාඩමක් කියවන වේගය වැඩි කරන්න. ඔයාට මුලදි ටිකක් නුහුරුයි වගෙ දැනුණත් පුරුදු වුනාම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම පාඩමක් හයියෙන් කියවන්න.කියවන විට ඇස් හරහා කරුණු මොලයට යනවා වගේම ඇසීමෙන් ද මොලයට කරුණු යන නිසා වැඩියෙන් මතක හිටිනවා. 

(2) වැදගත් කරුණු ලියන්න.

 

taking notes
වැදගත් කරුණු ලියන්න.

මේ ක්‍රමයට සරලවම කියන්නෙ කෙටි සටහන් හදනවා කියලයි.ඉස්සෙල්ලා කරුණින් කියපු විදියට පාඩමක ඡේදයක් හයියෙන් වේගයෙන් කියවන්න. කියවගෙන යනකොට වැදගත් කියලා ඔයාට හිතෙන, මතක තියාගන්න අපහසු කරුණු පාඩමේ නම දාලා ලියාගන්න.ඔයාට වෙනම පොඩි නෝට්බුක්ස් ගන්න පුලුවන්.එහෙම නැත්තම් කටු කොල එකතු කරලා පොත් පිංචක් වගෙ හදාගන්න. 

(3) මතක හිටින විදියට පාඩම් කරන්න.

 

විහිලුවෙන් කරන දෙයක් පහසුවෙන් මතක හිටිනවා. ඔයාලා හැමෝම දන්න උදාහරණ තමයි ආවර්තිතා වගුව පාඩම් කරන්න, දිශා අට මතක තියාගන්න විහිලු නම් ,තේරුම් ආදිය භාවිතා කිරීම.අන්න ඒ වගෙ වැදගත් දේවල් හොදටම මතක තියාගන්න ඔයා විසින්ම විහිලුවක් හදාගන්න.පාඩම් කිරීම තවත් රසවත් කරගැනීමට නම් මේ වැඩේට ඔයාගෙ යහලුවන් එකතු කරගන්න.

(4) කාලයත් එක්ක ගේම් එකක්.
hour glass
කාලයත් එක්ක ගේම් එකක්.

විභාගයක් කියන්නෙ නම් ඇත්තෙන්ම කාලයත් එක්ක ගේම් එකක්මයි. පාඩම් කරන්න කොහෙන්ද වෙලාව, පාඩම් කරනකොට නින්ද යනවනෙ..මේ වගෙ ප්‍රශ්න හැමෝටම තියනවා. ඉස්සෙල්ලම හොද අවබෝධයක් ගන්න ඔයාට නිදිමත හැදෙන වෙලාවන්, හොදටම ෆිට් එකේ ඉන්න වෙලාවන් ගැන. ඔයාට නිදිමත හැදෙන වෙලාවන් වලට ගණන් හදන්න/ ඔයාට ටිකක් හරි ආසාවෙන් කරන්න පුලුවන් දේවල් කරන්න. ඇගට හොද ෆිට් එකක් තියන වෙලාවලට තරමක් අකමැති වගේ දේවල් කරන්න.

(5) ප්‍රශ්න එක්ක පාඩම්.

 

මේ ක්‍රමයට ඔයා ගොඩාක් කැමති වෙයි. මේ ක්‍රමය භාවිතා කරපු අයට හොද ප්‍රතිඵල ලැබිලා තිබුණා. වෙනම පොතක් අරගන්න.දැන් ඔයාට පාඩම් කරන්න තියන කොටස අරගෙන ඡේදයක් කියවන්න.දැන් මේ කොටසට අදාල විශේෂ කරුණකින් ප්‍රශ්නයක් හදලා පොතෙ ලියාගන්න.මේ විදියට හැම පාඩමකටම ප්‍රශ්න හදන්න. ඔයාට දැන් කරන්නන් තියෙන්නෙ විභාගයක් ලං වුනාම/ නිදහස් වෙලාවක මේ ප්‍රශ්න වලට උත්තර ලියමින් කරුණු ආවර්ජනය කරගැනීමයි. මේ ප්‍රශ්න පොතෙ තියන වැදගත්කම තමයි, මගතොටේදී වුනත් පහසුවෙන් අධ්‍යනය කරන්න හැකිවීම.

(6) ස්ටිකි නෝට්ස්.

 

sticky notes
ස්ටිකි නෝට්ස්.

බුක් ෂොප්ස් වල තියනවා පාට පාට චූටි කොල තියන බිත්ති වල අලවන්න පුලුවන් නෝට්ස් කොල පොත්.ඒවා වැඩිය මිල ගනන් වෙන්නෙ නැහැ. ඔයාට පුලුවන් මේවායින් කිහිපයක් ගන්න.සමීකරණ, සූත්‍ර, නියමයන්, වැදගත් කවි වගේ දේවල් නෝට්ස් කරගෙන බිත්තියෙ අලවගන්න.නිතර දෙවේලේ දකින්න තියන නිසා මතක තියනවා හොදටම. 

(7) වගු, අතු ක්‍රම, ගැලීම් සටහන් භාවිතා කරන්න.

 

පාඩම් කරනකොට දේවල් ඉතාමත් හොදින් මොලයට යන්න නම් සංවිධානාත්මක වෙන්න ඕන. වගු ඇදීම, ගැලීම් සටහන්, රුක් ක්‍රමය වගේ සංවිධානාත්මක ක්‍රම ඉතාමත් වටිනවා. ඔයාට මේ ක්‍රම ගැන අවබෝධයක් ගන්න නම් යූටියුබ් වීඩියෝස් විශාල ප්‍රමාණයක් තියනවා.ඉතින් මේ වගෙ සරල ක්‍රම වලට පුලුවන් ඔයාගෙ පාඩම් කිරීම ආස කරන්න වගේම කරුණු ඉතා හොදින් ධාරණය කරගන්න සහ මතක තියාගන්න.

(8) රෙකෝඩ් කරන්න.

 

පාඩමක් හයියෙන් කියවනකොට ඔයාගෙ ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්න.මේ රෙකෝඩ්ස් ආය ආය අහන්න පුලුවන්.බස් එකක යනකොට වුනත් අහන්න පුලුවන් නිසා හරිම ප්‍රයෝජනවත්.ඒ වගේම රාත්‍රි නින්දට යනකොට මේ රෙකෝඩ්ස් ඇහෙන්න දාන්න.ඔයා නින්දට ගියත් කන හරහා මොලයට කරුණු යනවා.

මේ කියලා දුන්න හැම ක්‍රමයක්ම අත්හදා බලන්න.හොදම ක්‍රමයක්/ ක්‍රම කිහිපයක් ඔස්සෙ අධ්‍යනය හොදින් සිදු කරන්න.ඔබට ජය.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!