පාඩම් කරන්න මෝටිවේට් වෙන්න විෂන් බෝඩ් එකක් හදාගන්න විදිය.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කෙනෙක් ඒලවෙල් පන්තියට එන මුල් කාලයෙ හොද අරමුණක් හිතෙ තියාගෙන හරිම උද්‍යෝගයෙන් වැඩ කරගෙන යනවා. ටික කාලයක් එහෙම වැඩ කරගෙන ගියත් ටිකක් කල් යන්න යන්න උද්‍යෝගය හීන වෙලා ගිහින් වැඩ කරන්න කම්මැලිකමක් එනවා. ඒලවෙල් පන්තියට එනකොට අරගෙන එන හීන බලාපොරොත්තු නැති කරගන්නෙ නැතිව ඒ හැම හීනයක්ම සැබෑ කරගන්න නම් කම්මැලිකම ඔයා විසින්ම නැතිකරගන්න ඕන. උද්‍යෝගය අභිප්‍රේරණය ඔයා විසින්ම ඇතිකරගන්න ඕන. 

ඔයා විසින්ම අභිප්‍රේරණයක්  ඇතිකරගැනීමෙන් පාඩම් කරන්න හොද උද්‍යෝගයක් , කම්මැලි නැතිව ගොඩක් වෙලා වැඩ කරන්න තරම් ශක්තියක් ලැබෙනවා.ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හිතුවෙ පාඩම් කරන්න හොද අභිප්‍රේරණයක් ලබාගන්න විෂන් බෝඩ් එකක් හදන විදිය කියලා දෙන්නයි. 

මොකක්ද මේ විෂන් බෝඩ් එකක් කියන්නෙ ? 

 

vision
පාඩම් කරන්න මෝටිවේට් වෙන්න විෂන් බෝඩ් එකක් හදාගන්න විදිය.

අපිට සැබෑ කරගන්න තියන හීන, අරමුණු කොටින්ම කිව්වොත් අපෙ ජීවිතය කොහොම එකක් වෙන්න ඕනද කියලා අපි හිතින් මවනවා. මේ හිතින් මවන දේවල් අපෙ ඇසට පේන විදියට හදාගන්න පුලුවන් ක්‍රමයක් තමයි විෂන් බෝඩ් එකක් කියන්නෙ. අපෙ තියන අරමුණු වල පින්තූර අරගෙන වෙනම බෝඩ් එකක අලවලා තමයි මේ විෂන් බෝඩ් එක සකස් කරගන්නෙ. 

මේ විෂන් බෝඩ් එකක් තියාගන්නෙ අපිට නිතර පෙනෙන තැනකයි. උදේ හවා දකින දෙයක් අපෙ යටිසිතට යනවා වගේම අපෙ අරමුණු වලට යන්න වැඩ කරන්න හොද උද්‍යෝගයක් ලැබෙනවා. 

කොහොමද විෂන් බෝඩ් එකක් හදාගන්නෙ ?

 

vision
පාඩම් කරන්න මෝටිවේට් වෙන්න විෂන් බෝඩ් එකක් හදාගන්න විදිය.

ඔයාගෙ හිතෙ අනාගතය ගැන රූපයක් තියනවා.ඒ කියන්නෙ ඔයාගෙ අනාගතය මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා.රැකියාව, අනාගත නිවස, වාහනය ,යන්න කැමතිම කැම්පස් එක වගේ තව දේවල් තියනවා . ඉතින් මේ හැමදෙයක්ම අපි එක තැනකට අරගමු. 

ඉස්සෙල්ලම ඔයාගෙ අනාගතය කොහොම එකක් වෙන්න ඕනද කියලා අදහසක් ගන්න.දැන් ඒ අනුව පින්තූර හොයන්න පටන්ගන්න.ඔයා කැමතිම විදියෙ නිවසක , ඔයා කැමතිම විදියෙ වාහනයක, ඔයා යන්න කැමැත්තෙන් ඉන්න කැම්පස් එක, ඔයා කැමතිම රැකියාවට අදාල පින්තූර හොයාගන්න. අන්තර්ජාලයෙන් අරගෙන ප්‍රින්ටවුට් ගන්නත් පුලුවන්.දැන් මේ පින්තූර කිහිපය අරගෙන බෝඩ් එකක අලවගන්න.මේ බෝඩ් එක ඔයා කැමති ප්‍රමාණයකින් ගන්න පුලුවන්. 

දැන් මේ විෂන් බෝඩ් එක ඔයාට නිතර පෙනෙන තැනකින් තියාගන්න.මේසය උඩ, පාඩම් කරන තැන බිත්තියක හරි අලවගන්න. ඔයාට කම්මැලිකමක් ආව වෙලාවට මේ විෂන් බෝඩ් එක දිහා බලලා හොද අභිප්‍රේරණයක් අරගන්න. විෂන් බෝඩ් එක දිහා බලලා ටිකක් ඇස් පියාගෙන ඔයාගෙ අනාගතය චිත්‍රණය කරන්න.එතකොට ඔයාට තියන කම්මැලිකම නැතිවෙලා හොද උද්‍යෝගයක් දැනෙන්න ගනීවී.

විෂන් බෝඩ් එකක් භාවිතයෙන් තියන වාසින්…

 

vision
පාඩම් කරන්න මෝටිවේට් වෙන්න විෂන් බෝඩ් එකක් හදාගන්න විදිය.
  • හැම දවසක්ම අරමුණු වලට හොදින් අවධානය යොමුකරමින් ආරම්භ කරන්න හැකිවීම.
  • ඔයාට තියන අරමුණු සහ සිහින ගැන පැහැදිලි රූපයක් හිතෙ තිබීම.එම නිසා අරමුණු වලට යාමට පහසු වීම.
  • ඔයාගෙ නිර්මාණශීලිත්වය දියුණු වීම.
  • වැඩ කරන්න ,කම්මැලිකම නැතිකරගන්න හොද අභිප්‍රේරණයක් සපයයි.
  • අනවශ්‍ය වැඩ නොකරමින් අරමුණු වලට වැඩ කිරීමට ඇති සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරයි.
  • ජීවිතය ගැන, රැකියාව ගැන පැහැදිලි දැක්මක් ඇතිනිසා සෑම විටම ඔබගෙ ජීවන තත්ත්වය ඉහල නැංවීමට එය උපකාරයක් වෙයි.
  • ඔයාට වෙනදාටත් වඩා ඉතාමත් සතුටින් වැඩ කරන්න උද්‍යෝගයක් ලැබෙයි.
  • අධිෂ්ඨානය ඉහල නංවයි.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!