පරිණාමවාදයේ මුසාවන් (විද්‍යා හා තාක්ෂණය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

– පරිණාමවාදයේ අක්රමික දෙයක සිට ක්රමික දෙයක් වෙත පදාර්ථ ගොඩනැගීම තාපගතික විද්යාවේ දෙවන නියමය වන “ඕනෑම පද්ධතියක භාවිතාකළ හැකි ශක්තිය අඩුවීම” (entropy) යන්නට පටහැනිය. නමුත් එම නියම බයිබලයට අනුකූල වේ.

(යෙසායා 34:4, ගීතාවලි 102 25,26)
– පරිනණාමවාදීන්ගේ විශ්වය සැමදා එක ලෙස පැවතුනා යන උපකල්පනය තාපගතික විද්යාවේ දෙවන නියමය සොයා ගැනීමෙන් පසු අවලංගු විය.
– රසායනික ප්රතික්රියා වලින් සිදුවන්නේ ජීව අනු බිඳ වැටීමය. සරළ ජීවීන් රසායනික ප්රතික්රියා වලට ලක්වී සංකීර්න සරු ජීවීන් බිහිවූවා යන පරිණාමවාදයේ උපකල්පනය හාස්ය ජනකය.
– වර්ගයක් තුළ අලුත් ලක්ෂණ ඇතිවීමට හේතුව ජාන විකෘතිවීම බව පරිණාමවාදීන් මුලදී යෝජනාකර ඇත. ජාන විකෘතිවීම් සිදුවන්නේ මිලියන 10ට වරක් හෝ දෙවරකි. ඉන් 99.99%ක්ම හානිකරය. පරිණාමවාදීන් බලාපොරොත්තුවන ආකාරයේ ප්රබල වෙනස්කම් මෙවැනි දුබල, දුර්වල වෙනස්වීම්වලින් විය නොහැක.
– ආදි මානව පරිණාමය පෙන්වීමට ඇඳ පෙන්වන වානරයාගේ සිට මිනිසා දක්වා රූප සත්ය සම්පූර්ණ පොසිල අනුව ගොඩනගා නැත. ඒවා ගොඩනගාගෙන ඇත්තේ හකු ඇටයකින් හෝ එක් දත් කැබැල්ලකිනි. ඇතැම් ඒවා අබාධ ඇතිව සිටි සතුන්ගේ පොසිලය. එසේම එම පොසිල හමුවන ස්ථානවලින්ම එම කාලයේ මිනිසුන් දියුණු සත්වයන් ලෙස ජීවත් වූ බවටත් සාක්ෂි හමුවී ඇත.
– පරිණාමවාදය සත්යක් නම් මිනිසා තව තවත් පරිණාමය වෙමින් වඩා සරු ජීවියෙකු විය යුතුය. නමුත් අනාදිමත් කාලයක සිට සිදුවෙමින් පවතින්නේ පාපය නිසා ඊට පටහැනි දෙයකි. එසේම අනෙකුත් වානරයන්ද පරිණාමය විය යුතුය. නමුත් වානරයන් අදත් වානරයන් ලෙසම සිටිති.
– කොපමන පුහුණු කරත් වානරයන්ට මිනිසුන්ට මෙන් කතන හැකියාවක් ලබාදීමට පරිණාමවාදීන්ට නොහැකි විය.
– එක් වර්ගයක් තවත් වර්ගයක් බවට පරිවර්තනය වන බවට කිසිම පොසිලයක්
මෙතෙක් සොයාගැනීමට හැකිවී නැත.
– එක් වර්ගයකින් තවත් වෙනස් සරු වර්ගයක් බෙහිවෙතැයි යන උපකල්පනයද ජෛව විද්යාවට අනුව විශාල බොරුවක් බව ඔප්පු විය.
උදා :- සිංහයා + ව්යාඝ්රයා = වඳ ලයිගර්
– පරිණාමවාදය අනුව උසස් ජීවීන් තුළ ප්රාග්මූල අවයව ඇතිවිය යුතුය. නමුත් ක්රමයෙන් දියුණුවන අවයව ජීවීන් තුළ දක්නට නැත.
– දැනට ජීවත්ව සියලු වර්ගවල ජීවීන්ගේ ෆොසිල හමුවී ඇතත් පරිණාමවාදීන් නිර්මාණයකර පෙන්නන අතරමැදි ජීවීන්ගේ ෆොසිල කිසිවක් හමුවී නැත.
– තාක්ෂණික දියුණුව ලැබ, පරිණාමවාදය නිසා දෙවිකෙනෙකු ඇදහීමට අවශ්ය නැතැයි සිතූ බටහිර ජාතිහූ සිතට එන කවර දෙයක් හෝ කර සියලු රස විඳිය යුතු බව සිතුවෝය. එනම් සුඛපරමවාදය ඇතිවිය. ප්රතිඵලය ලෙස අස්වාභාවික ලිංගික ක්රියා හා මත් ද්රව්ය වෙත යොමුවූ ඔවුන් සදාචාරත්මකව හා සෑම අංශයකින් පිරිහී ගියෝය.
උපුටා ගැනීම:  Madushika Wanasingha
මූලාශ්ර පොත : විද්යාව හා ක්රිතු දහම – වෛද්ය ලලිත් මෙන්ඩිස්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!