පශු වෛද්‍ය උපාධිය.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වෛද්‍යවරයකු වීමේ සිහින දකින කොටසකගෙ තවත් සිහින උපාධියක් වන්නෙ පශුවෛද්‍ය උපාධියයි. බොහොමයක් සතුන්ට ආදරය කරන, සතුන් බලාකියාගන්න කැමති, සතුන් පිලිබදව අධ්‍යයනය කිරීමට කැමැත්තෙන් සිටින අයට මෙම උපාධි පාඨමාලාව හැදෑරීම වඩාත් සුදුසු වෙයි. එහිදී පශුවෛද්‍යවරුන් කියන්නෙ සතුන්ගෙ දේහ පටක, දේහ තරල ආදිය පර්‍යේෂන වලට ලක්කරමින් රෝග නිර්ණය කිරීමේ හැකියාව ඇති වෛද්‍යවරුන් හටයි. අපෙ රට කෘෂිකාර්මික රටක් වන බැවින් ඒ හා සම්බන්ධ සත්ත්ව පාලනයට නැතිවම බැරි පශුවෛද්‍ය විද්‍යාව සම්බන්ධ දැනුම ඇති සුදුස්සන් හට එදා මෙන්ම අද ඇත්තේද ඉහලම තැනක්.

පශු වෛද්‍ය උපාධිය.
පශු වෛද්‍ය උපාධිය.

පශු වෛද්‍ය විද්‍යාව කොටස් 02කට වෙන්කරනු ලබනවා.එනම්,

(1) ව්‍යජ්චේද විද්‍යාත්මක ව්‍යාධි වේදය

(2) සායනික ව්‍යාධවේදය

 

පශු ව්‍යච්චේද ව්‍යාධි විද්‍යාව.

 

මෙම විද්‍යාවේදී මතුපිටින් අණුක වශයෙන්,දේහ පටක,අවයව සහ සම්පූර්ණ දේහයන් නිරීක්ෂණය කොට ‍රෝග නිර්ණය කරයි.මෙම පශු වෛද්‍යවරුන් සහතික කිරීම පශු ව්‍යාධවේදීන්ගෙ විද්‍යාලය මගින් සිදුකරන අතර එම අධ්‍යයනය ප්‍රධාන කොටස් 4කි.ඒවා නම් දළ ව්‍යාධවේද විද්‍යාව,අන්වීක්ෂීය ව්‍යාධවේද විද්‍යාව, පශු ව්‍යාධවේද විද්‍යාව සහ සාමාන්‍ය ව්‍යාධවේද විද්‍යාවයි.ව්‍යච්චේද ව්‍යාධි විද්‍යාව විවිධ ක්ෂේත්‍රයන් රැසකම රැකියා සහිත අතර ඒ අතරින් චිකිත්සක ,ශික්ෂණ,පර්‍යේෂන සහ ඖෂධ කර්මාන්ත ප්‍රමුඛයි.

 

පශු සායනික ව්‍යාධවේද විද්‍යාව

සායනික ව්‍යාධවේද විද්‍යාවේ මූලිකම කාර්යය වන්නෙ රසායනිකව, ක්ෂුද්‍ර විද්‍යාත්මකව,රුධිර විද්‍යාත්මකව සහ අණුක ව්‍යාධවේදය ඔස්සෙ විද්‍යාත්මක ක්‍රමවේද මගින් රුධිරය ,මූත්‍ර වැනි තරල පරීක්ෂා කොට රෝග නිර්ණය කිරීමයි. පශු සායනික ව්‍යාධවේදින් සහතික කිරීම සිදුකරන්නෙ ඇමරිකානු පශු සාධනික විද්‍යාලය මගිනි.

 

ඔබ පශු වෛද්‍යවරයකු බවට පත්වෙන්නෙ කොහොමද ?

ඔබ උසස්පෙල විභාගයට ජීව විද්‍යාව විෂය ධාරාව ඔස්සෙ හදාරා ඇත්නම් ප්‍රතිඵල අනුව නිශ්චිත ඉසෙඩ් අගයක් ඇත්නම් ඔබට අයදුම් කල හැක. ඔබගෙ සිතැගි පරිදි විශ්ව විද්‍යාල අයදුම් කිරීමේදී පශුවෛද්‍ය විද්‍යාව විශ්වවිද්‍යාල අනුව පිලිවෙලින් අයදුම්කල හැකිය.ඉන්පසුව බොහොමයක් සිසුනට පැන නගින ගැටලුවක් වනුයෙ වසර කොපමණ කාලයක් උපාධි පාඨමාලව හැදෑරිය යුතුද යන්න.සාමාන්‍යයෙන් මිනිස් වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කිරීමට වසර දිගු කාලයක් ගත වන අතර පශුවෛද්‍ය විද්‍යාව හැදෑරීම සදහා ඊටත් අඩු කාලයක් ගතවෙයි.එම කාලය සාමාන්‍යයෙන් වසර 5කි.

 

ඔබ පශුවෛද්‍ය විද්‍යාව හැදෑරීම සදහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තෝරාගන්නෙ නම් ඒ සඳහා පශු වෛද්‍ය සදහා ලංකාවේ රෑන්ක් අනුව හොදම විශ්ව විද්‍යාල 7 මොනවද ? 

 

(1) පේරාදෙණිය විශ්ව විද්‍යාලය 

(2) කැළණිය විශ්ව විද්‍යාලය 

(3) කොළඹ විශ්ව විද්‍යාලය 

(4) ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 

(5) යාපනය විශ්ව විද්‍යාලය 

(6) රජරට විශ්ව විද්‍යාලය

(7) රුහුණ විශ්ව විද්‍යාලය 

පශු වෛද්‍ය උපාධිය.
පශු වෛද්‍ය උපාධිය.

පශු වෛද්‍ය විද්‍යා උපාධියක් ඔස්සෙ හැදෑරිය යුතු විෂයයන්.

 

  • පශු වෛද්ය අස්ථි විද්යාව
  • ජෛව රසායනයේ විෂය පථය සහ වැදගත්කම
  • සත්ව හිස්ටොලොජි
  • පශු වෛද්ය මයෝලොජි
  • සත්ව පාලනය
  • ඖෂධවේදය
  • ගෘහස්ථ සතුන්ගේ සායනික අසාමාන්‍යතා
  • නිර්වින්දන විද්‍යාව 
  • ඖෂධවේදයේ විෂය පථය
  • Spermatogenesis in animals
  • ANS මගින් ඖෂධ ප්රතිචාරය
  • පශු වෛද්ය ප්‍රතිශක්තිකරණය
  • ජලජ සතුන් හැඳින්වීම
  • ආචාර ධර්ම සහ සත්ව සුභසාධනය
  • සතුන්, පක්ෂීන් සහ ජලජ සත්ව රෝග
  • සත්ව සෞඛ්‍ය කළමනාකරණය
  • පශු වෛද්ය වසංගත විද්යාව
  • සත්ව පෝෂණය
  • සත්ව ජාන විද්යාව
  • වෛරස් රෝග
  • පශු සම්පත් අභිජනනය
  • ගුණාත්මක මස් නිෂ්පාදන තාක්ෂණය
  • පශු වෛද්ය සනීපාරක්ෂාව
  • පශු වෛද්ය නාරිවේදය
  • පශු වෛද්ය ප්‍රජනනය
  • රෝග විනිශ්චය
  • ශල්‍යකර්ම 
  • සුරතල් සතුන් කළමනාකරණය සහ සෞඛ්‍ය සේවා
  • කුකුළු අභිජනනය

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!