සාදික්කා වගා කරලා කෝටිපතියෙක් වෙමු (කෘෂිකර්මය හා ගෙවතු වගාව)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සල්ලි හොයාගන්නට ලෙහෙසි පහසු ක්‍රම නම් අඩුයි. නමුත් ඔබ කරන රැකියාවට අමතරව තවත් ආදායමක් උපයා ගන්නට ඇත්නම් හොදයිනේ .අනික් කාරණය මේ වගාවෙන් වාසි ගන්න නම් එතරම් මහන්සි වෙන්න ඕන නැහැ. ටිකක් මහන්සි වුණොත් ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන් වගාවක් තමයි සාදික්කා කියන්නේ. ඉතින් සාදික්කා වගා කරන්න උනන්දුවක් තිබීම විතරයි ඕන කරන්නේ. ඉතින් සාදික්කා බීජවලට වගේමයි එහි ඇති මල් (වසාවාසි ) සඳහාත් ඉහළ මිලක් තියෙන නිසා සාදික්කා ගසක් වගා කර ගන්නවා කියන්නේ සල්ලි ගසක් සිටවූවා වගේ තමයි. ඉතින් සාදික්කා වගා කරන්න බලාපොරොත්තුවෙන ඔබ දැනගත යුතු කරුණු කාරණා මොනවාද කියලා විමසා බලමු.

සාදික්කා කියන්නේ ඉහළ මිලක් ඇති කුළු බඩු වර්ගයක්.එදා රෝම පූජකවරු සාදික්කා පිලිස්සීමෙන් ඇතිවන දුම් සුවඳ දුම් වර්ගයක් විදියටත් භාවිතා කර තියෙනවා. ඒ වගේම පසුකාලීනව ආහාර පිසීමට භාවිතා වෙන කුළු බඩුවක් විදියටත්, ඖෂධයක් ලෙසටත්, කල්තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙසටත් භාවිතා කර තියෙනවා. ශ්‍රී ලංකාවට සාදික්කා හඳුන්වා දෙන්නේ 19 වන සියවසේ දී බවට පිළිගත්තත් ඊට පෙර සිටම වෙළදුන්ගෙන් මේ භෝගය ලංකාවට ලැබී තිබුණු බවට සාධක පවතිනවා.

ඉතින් මේ සාදික්කා වගාවේ ප්‍රධාන නිෂ්පාදන දෙක වෙන්නේ සාදික්කා ඇට සහ වසාවාසි. කුළුබඩුවක් විදියට මේ දෙවර්ගයම භාවිතා වෙන අතර ඇට සහ මල්වලින් යන දෙකින්ම තෙල් ද ලබා ගන්නවා.ඒ වගේම බීම වර්ග සකස් කරන්නටත්, ආයුර්වේද සහ චීන වෛද්‍ය ක්‍රමවේදවල අමුද්‍රව්‍යක් ලෙසටත් සාදික්කා භාවිතයට ගනු ලබනවා.

අවුරුද්දකට එක් ගසකින් ගෙඩි 10 000ක් පමණ නෙලාගත හැකි අතර වසාවාසි කිලෝ 60 කට අධිකව නෙලා ගන්නටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම කිලෝ 100 ක් තරම් කැඩෙන විශාල ගස් පවා තියෙනවා. ඉතින් අද වෙද්දි ඉහළ මිලකට අලෙවි වෙන සාදික්කා පැළයක් සිටුවා ගත්තොත් උපරිම අවුරුදු 5-8 කින් පසුව ඵල නෙලා ගන්නට හැකියාව පවතිනවා.

සාදික්කා සඳහා අවශ්‍ය පස සහ දේශගුණික සාධක

පස -සාදික්කා සඳහා වඩාත් සුදුසු වෙන්නේ හොඳින් ජලය බැස යන ගැඹුරු ලෝම සහ කාබනික ද්‍රව්‍ය බහුලව ඇති මැටි ලෝම පස. භූගත ජල මට්ටම ඉහළ, ජලය රැඳෙන පස මේ සඳහා සුදුසු නැහැ.

දේශගුණය -සාදික්කා ශාකය බොහෝසෙයින් සිසිල් දේශගුණයට කැමැත්තක් දක්වන ශාකයක්. ඒ නිසා වර්ෂාපතනය මිලි මීටර් 1500-2500 ත් සහ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 20- 30 ද, උන්නතාංශය මීටර් 600 ක් ද වීම වඩාත් සුදුසුයි.  නිරන්තරයෙන් තද සුළං හානිකර අතර වඩාත් සුදුසු වෙන්නේ නිම්න හෝ බෑවුම් ය.

සාදික්කා පැළයක් රෝපණය කර ගැනීම- සාදික්කා පැළයක් ලබා ගන්නට බීජ ලබා ගැනීමේ දී මව් ශාකය ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම හොඳින් පැසුණු ගෙඩිවල ඇති තද දුඹුරු උපරිම ලෙස වැඩුණු බීජ රෝපණය සඳහා යොදාගනු ලබනවා.

දවස් 2 ක් 3ක් අතර කාලය තුළ ජීවිතාවය නැතිව යන නිසා ඉක්මනින් තවාන් පාත්තිවල බීජ වැපිරිය යුතුයි.

රෝපණ මාධ්‍ය සැකසීම හා වගාව නඩත්තුව මේ සඳහා මතුපිට පස්, ගොම සහ වැලි සමාන අනුපාතවලින්  මිශ්‍රකර රෝපණ මාධ්‍ය  සකසා ගත යුතුයි.එයට පොස්පේට් ග්‍රෑම් 10 ක් ද එකතු කළ යුතුයි.

සිටුවීම සඳහා දිග පළල ගැඹුර සෙන්ටිමීටර් 75 බැගින් වන වළවල් සකස් කළ යුතුයි.

පැලවීමට සති 4-8 අතර කාලයක් ගතවෙන අතර මේ පැළ මාස 6-8 ත් දක්වා සෙවණේ තැබිය යුතු වෙනවා. ඉන්පසුව පරිසරයට හුරුකර ක්ෂේත්‍රයේ සිටුවිය යුතුයි. අවසානයේ වසර 5 කට පමණ පසුව සම්පූර්ණයෙන් ආලෝකයට විවෘත වන ලෙස සෙවණ රහිතව නඩත්තු කළ යුතුයි.

පැල සිටුවීම මෝසම් වැසි ආරම්භයත් සමඟ කළ යුතුයි. පැල සිටුවීමෙන් පසුව වසුන් යෙදිය යුතුයි. ඍජු හිරු එළියෙන් මේ ශාක ආරක්ෂා කිරීම සඳහා තාවකාලිකව සෙවන සැපයිය යුතුයි.

පැල අතර පරතරය හෙක්ටයාරයකට පැල 250ක් විය යුතුයි.බෑවුම් සහිත ඉඩම්වල මීටර් 0.5 ක් පමණ විෂ්කම්භයක් සහිත මළු යෙදීම අත්‍යාවශ්‍යයි. ශාකය වැඩෙද්දි එය තවත් පුළුල් කළ යුතුයි.මළුව පසුපසට බෑවුම් කිරීම පසෙහි ඛාදනය අවම කිරීමට උපකාරී වෙනවා.

පොහොර යෙදීම පැළ සිටුවා මාස 6 කට පසුව ආරම්භ කළ යුතු අතර ඉන්පසු සෑම මාස 6 කට වරක්ම පොහොර යෙදිය යුතුයි.

වල් පැලෑටි පාලනය සඳහා නිතර විසි ගැසීම සහ ඒ කපන ලද දෑ වසුන් ලෙස ශාකයට යෙදිය යුතුයි. මුල් වසර 5 තුළ වල් පැලෑටි මර්දනය නිසිකලට සිදුකළ යුතු අතර එයින් බොහෝදුරට ස්වභාවිකවම වල් පැලෑටි පාලනය වෙනවා.පාංශු සංරක්ෂණය හා වල් පැලෑටි පාලනයට ආවරණ භෝග වගා යෙදිය යුතුයි.

සාදික්කා වගාවට වැළඳෙන රෝග කොරපොතු කෘමීන් විසින් සාදික්කා පත්‍ර මත නටු මත කුඩා හරස් අතුවල යුෂ උරාබීම නිසා ශාකයට අවශ්‍ය පෝෂණය නොලැබී  යනවා. ඒ වගේම කෘමීන් ගහණය අධික වීමෙන් ගස මැරීයාමට පවා හැකියි.කෘමීගෙන් ශ්‍රාවය වන සීනි ද්‍රාවණය නිසා කුහුඹුවන් පැමීණීම නිසා ඔවුන්ගෙන් ශාකයට දිලීර රෝග ඇතිවීමේ අවදානමක් ඇතිවෙනවා.එසේ දිලීර වර්ධනය වීමෙන් පත්‍ර කළු පැහැයක් ගන්නා අතර එය කලු පුස් රෝගය ලෙස හඳුන්වනවා.

මේ කොරපොතු කෘමීන් පාලනයට කෘමි ගහනය අධික වූ ශාක කොටස් කපා පුළුස්සා දැමිය යුතුයි.ඉන්පසු බුරුසුවක් ආධාරයෙන් අතුමත සිටින කෘමීන් සූරා ඉවත් කරන්න. ගහණය අධික නම් පලිබෝධ නාශක භාවිතා කළ යුතුයි.

අස්වනු නෙලීම මේ ශාකයේ ඵල දරන වසර අවිනිශ්චිත නිසා වසර සියයකට වඩා හොඳ අස්වැන්නක් මේ සාදික්කා වගාවෙන් ලබාගත හැකියි.

සාදික්කා ගෙඩි දෙකට පැලීගිය හෝ පැලීයාමට ආසන්න වූ විට නෙලා ගනු ලබනවා. මල් පිපීමෙන් පසු ඇතිවන ඵල හොඳින් මේරීම සඳහා මාස 8ක කාලයක් අත්වෙන අතර හොඳින් මේරූ පසුව බීජයේ ජල ප්‍රතිශතය 30 % දක්වා අඩුවනවා. නමුත් නොමේරු ඵල නෙලාගත් විට බීජවල ජල ප්‍රතිශතය වැඩි නිසා සහ සාපේක්ෂව තුනී කටුවක් ඇති නිසා දිලීර හානි වැඩිවෙන අතර දිගු කලක් තබා ගන්නටත් නොහැකි වෙනවා. ඵල හොඳින් මේරු පසුව නෙලා ගැනීමෙන් බීජ වියළා ගත් පසු වසරක කාලයක් තබා ගන්නට හැකියාව තියෙනවා.

මේ සාදික්කා ගෙඩි අතින් විවෘත කරන අතර වසාවාසි බීජවලින් ඉවත් කරනු ලබන්නේ එය බීජයේ පාදයට සවි වී ඇති ස්ථානයෙන් කුඩා පිහියකින් කැපුමක් යෙදීමෙන්. බීජයේ කටුව තුළ මදය සෙලවෙන තුරු ගෙඩි වියළා ගනු ලබනවා. වියළි සාදික්කා ඒ ආකාරයෙන්ම අලෙවි කළ හැකියි.කටුව ඉවත් කර වුවත් අලෙවි කළ හැකි අතර වසාවාසි දීප්තිමත් තැඹිලි කහ සුවඳ නිෂ්පාදනයන් ලැබෙන තෙක් හිරු එළියෙන් සෙමින් වියලනු ලබනවා.

උපුටා ගැනීම:  The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!