සල් කියා අපි රැවටුන ඇත්තම සල් ගස මෙන්න (පරිසරය හා ස්වභාධර්මය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ශ්‍රී ලංකාවේ ආගමික සංසිද්ධිවලට හේතුවුණු බොහෝ ශාක ලාංකීය ජනතාවගේ වන්දනාවට පිළිගැනීමට පාත්‍ර වෙනවා. එවැනි තවත් වෘක්ෂයක් තමයි සල් ගස. ඉතින් ලාංකිකයන් සල් මලට වගේම සල් ගසටත් දක්වන්නේ මහත් ගෞරවයක්. සිදුහත් උත්පත්තිය සිදුවුණේ සල් ගස් සෙවණකවීමත් එහිදී මහාමායා දේවියට සහය පිණිස මල් පිරුණු සල් අත්තක් එතුමිය දෙසට නැමී ආ බවත් සඳහන් වෙනවා.ඒ වගේම  සම්බුද්ධ පරිනිර්වාණය කුසිනාරාවේ මල්ල රජරුවන්ගේ උපවත්තන සල් උයනේ සල් ගස් සෙවණේ වීමත් එහිදී ඒ සල්ගස්වල එක්වර මල් පිපී ඒ මලින් බුදුන් වහන්සේගේ දේහය නැහැවුණු බවත් කියවෙනවා.

ඉතින් බෞද්ධ ජනතාව සල් ගස පූජනීය ශාකයක් ලෙස පිළිගැනීම වරදක් නොවෙයි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන විදියට සම්බුදු රජාණන් වහන්සේගේ චරිතය හා බැඳුණු සිදුවීම් සල් ගස හා බැඳුණු නිසා ලාංකීය බෞද්ධ ජනයා මේ ගසටත් පූජනීයත්වයක් ආරෝපණය කර තියෙනවා.නමුත් ඇත්තටම අපි පිළිගන්නා සල් ගස එදා බුදුන් වහන්සේට සෙවණ දුන් සල් ගස නොවන බව බොහෝ අය දන්නේ නැහැ.ඉතින් මේ වෙද්දී ලංකාවේ දකින්නට තියෙන මේ වෘක්ෂය ජනතාව විසින් සල් ගස ලෙස වරදවා වටහාගෙන තියෙනවා. ලංකාවේ ඇති සල් ගස බුද්ධ චරිතය හා සම්බන්ධ සල ගස නොවන බව තහවුරු කරන සාක්ෂිත් මේ වනවිට ඉදිරිපත්ව තිබෙනු දකින්නට පුළුවන් .

ඔබත් සල් මල කියා මෙයට රැවටුනාද? – ඇත්ත සල්මල කුමක්ද? – Vishwakarma

ඉතින් අද ලංකාවේ බොහෝ දෙනෙක් හඳුන්වන සල් ගස ඉන්දියාවේ පැවති එකල බුදුන් වහන්සේට සෙවණ දුන් සල් රුක නොවෙයි. එය දකුණු ඇමරිකාව නිජබිම කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකාවට හඳුන්වා දුන් ශාකයක් බවට පිළිගනු ලබනවා. මේ සල් ගස දකුණු ඇමරිකාවේ ගුවානා ප්‍රදේශයට වගේම ආසියාවේ ඇතැම් කලාපයන්ට ආවේණික වූවක් වුණත් ඉතිහාසයේ සඳහන් වෙන්නේ යුරෝපීයන් විසින් දකුණු ඇමරිකාවෙන් සල් ගස සොයා ගන්නට පෙර සිටම ආසියාවේ සල්ගස ව්‍යාප්තව පැවති බවයි. කොහොමවුණත් 1881 දී ලංකාවට හඳුන්වා දී ඇති මේ ශාකය ඉන්දියාවට හදුන්වා දී තියෙන්නෙත් ලංකාවට හඳුන්වාදීමෙන් පසුව බව 1872 ප්‍රකාශයට පත්කර ඇති The Flora of British India කෘතියේ සඳහන්.ඒ විතරක් නෙවෙයි අද අපි පවසන මේ සල් ගස කියන ශාකයට 1901 වන විටත් සල් ගස කියන නම භාවිතා කර නැහැ.

ඒ බව පේරාදෙණිය උද්භිත උද්‍යානයේ ලේඛන පරීක්ෂා කිරීමෙන් හඳුනා ගන්නට පුළුවන්. එහි සිහිවටන ශාක කලාපයේ 1901 දී හයවන ජෝර්ජ් රජු සිටුවන ගසක් ඇති අතර එය අප සල් විදියට හඳුන්වන ශාකයක්. නමුත් ඒ සිහිවටන පලකයේ සල් ලෙස ලියා  නැහැ.එහි දක්වා තියෙන්නේ කුරෝපිටා යන ගස අයත් ගණ නාමය පමණයි . ඒ අනුව 1901 වෙද්දි මේ ගස සල් විදියට හඳුන්වා නැහැ.

අද සාමාන්‍ය ජනතාව හඳුනා ගන්නා සල් ගස සැබැවින්ම බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ලැබුණු විසිතුරු ශාකයක් බව  සඳහන් වෙනවා. උද්භිත විද්‍යාත්මක නාමය Couroupitaguianensis වන, ඉංග්‍රීසි නාමය  Cannon ball tree වන මේ ගසේ ඵලය සැලකිල්ලට ගනිමින් උද්භිත විද්‍යාඥයන් එය කාලතුවක්කු උණ්ඩ ගස විදියටත් හඳුන්වා තියෙනවා. සැබැවින්ම මලකඩ කෑ කාලතුවක්කු උණ්ඩයක් ලෙස දෘෂ්‍යමාන වීම නිසා ඒ නම පටබැදුණු බව කියවෙනවා.

Couroupita guianensis Aubl. Tree Species: A. Phenology of Kailashpati... |  Download Scientific Diagram

ඉතින් ලංකාවේ සල් ගස විදියට හඳුනා ගන්නා ශාකයේ කඳේ මල් හටගන්නා අතර එය සැබැවින්ම ඉතාමත් අලංකාරවත්. නමුත් මෙය ගෘහාශ්‍රිතව වගා නොකෙරෙන අතර බොහෝ විට උද්‍යාන ආශ්‍රිතව දකින්නට හැකියි. මීටර් 30 ක් පමණ උසට වර්ධනය වෙන මධ්‍යම ප්‍රමණයේ කඳක් සහිත මේ ශාකයේ මල් කඳෙන් පැන නගින දිගු වෘන්තවල හටගනු ලබනවා. පෙති හයකින් යුක්ත මේ පුෂ්පය රතු සහ තැඹිලි වර්ණයෙන් යුක්තයි. ඒ වගේම ඉතාමත් මිහිරි සුවඳක් හමන මේ පුෂ්පය සුදු පැහැති කලන්කය සහ ඩිම්බකෝෂය වටා ඉතා කුඩා රේණු සමූහයක් වලයාකාරව පිහිටන අතර තරමක් විශාල රේණු එකිනෙක බද්ධ වෙලා නයි පෙනයක් වගේ ආවරණය කරමින් පිහිටා තියෙනවා. ඉතින් අනෙකුත් මල් හා ගත්තම සල් මලේ මේ සැකැස්ම සහ ගුප්ත ස්වරූපය නිසාම විශේෂ බවක් උසුලනවා. නමුත් මේ සල් ගස්වල කාලතුවක්කු උණ්ඩ තරමේ විශාල ගෙඩි හටගනු ලබනවා.

සල් මල ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රියව තියෙන්නේ බුදුන් පුදන පිවිතුරු මලක් විදියට. නමුත් රූපලාවන්‍ය ලෝකයේ සල් මලෙන් නික්මෙන සුවඳට හිමිවෙන්නේ විශේෂ ස්ථානයක්. ඒ නිසාවෙන් ඒ සුවඳ යොදාගෙන රූපලාවන්‍ය නිෂ්පාදන වර්ග සිදු කරනු ලබනවා.ඒ විතරක් නොවෙයි ඇතැම් රටවල සල් ගෙඩියේ තද පෘෂ්ඨයක් සහිත කටුවත් විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගනු ලබනවා. දකුණු ඇමරිකාවේ ආදීවාසීන් මේ සල් මදය මිරිකා පානයක්  සකස්  කර සල් ගෙඩියේ කටුවට දමා පානය කළ බවත්  සඳහන් වෙනවා.

ඉතින් විශ්ලේෂණාත්මකව විමසා බැලුවොත් එදා පිරිනිවන් මංචකයේ වැඩ සිටි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දේහයට මේ සල් මල් පතිත වූ බව බෞද්ධ පොත පතේ සඳහන් වෙනවා. ඉතින් මේ අපි දකින අපි පිළිගන්නා සල් ගසේ මලත් සාමාන්‍ය මලකට වඩා බරින් වැඩියි. ඒ වගේම සල් මල් සමඟ ගෙඩිත් පතිත වූ බව සිතුවොත් ඒ ගෙඩිත් බොහෝ බරින් වැඩියි. ඉතින් එදා බුදුන් වහන්සේගේ චරිතය හා සම්බන්ධ වුණු සල් ගස මේ අපි දකින වෘක්ෂය නොවන වග වටහා ගන්නට එය තවත් සාක්ෂියක්.

ඒ විතරක් නෙවෙයි අදටත් සිංහල වෙද පොත්වල චර්ම රෝගවලට ගන්නා බෙහෙත් වට්ටෝරුවකට අනුව සල් මල් උණුදියේ තම්බා ඒ ජලයෙන් ස්නානය පිළියමක් විදියට දක්වා තියෙනවා. එහි සල් මල් සේරුවක් ලෙස දක්වන්නේ එක මලක් සේරුවෙන් එකක් තරම් විශාල කාලතුවක්කු උණ්ඩ ගසේ මල් විය නොහැකි බවත් සිතන්නට පුළුවන්.

ඉතින් ලුම්බිණි උයනේ සහ උපවත්තන උයනේ පැවති, බෞද්ධ පොත පතේ සඳහන් වෙන සල් ගස කුමක් දයන්න ගැටළුවක් නේ . මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා පෙන්වා දෙන්නේ සම්බුද්ධ චරිතය හා බැඳුණු නියම සල් ගස ඉන්දියන් සල් විය යුතු බවයි.ඉතින් ඒ සල් ගස සාල ,සක්වා ආදී  නම්වලින් හඳුන්වන Shorea robusta යන උද්භිත විද්‍යාත්මක නමින් හඳුන්වන ශාකයයි. ඒ ගස ලංකාවේ හොර, බෙරලිය ආදී ශාක ඇතුළත් Dipterocarpaceae පවුලට අයත් වෙනවා. ඉතින් බුදුන් වහන්සේට සෙවණ දුන් සැබෑම සල් ගස හොදින් වැඩුණු විට මීටර් 30 ක් 35 ක් පමණ උසකින් දකින්නට පුළුවන්.සාමාන්‍යයෙන් විශ්කම්භය මීටර් 2 ක් වන මේ ශාකයේ අග මදක් උල් වූ පත්‍ර ඇති අතර පත්‍ර ආයත චතුරශ්‍රාකාර හැඩයෙන් යුක්තයි . මේ සල් ගසේ මල් හටගන්නේ විශාල පොකුරු විදියට කහ පාට කුඩා මල් ලෙස. කඩල ඇටයක් තරම් වූ බීජ පියාපත්වලින් යුක්ත නිසා එහි ව්‍යාප්තිය සුළඟින් සිදුවෙන බව සඳහන්.

ඔබත් සල් මල කියා මෙයට රැවටුනාද? – ඇත්ත සල්මල කුමක්ද? – Vishwakarma

ඉතින් මේ සල්ගස ඉන්දියානු මහද්වීපය නිජ බිම කොටගත් බවත් එය නේපාලයේ වගේම ඉන්දියාවේ හිමාල කඳු පාමුලත්, වනාන්තරවලත් දකින්නට ලැබෙන බවත් පැවසෙනවා. පන්ජාබය මියන්මාර් ආදී ප්‍රදේශවලත් පැතිර ඇති මේ සල් ගස් ජූලි සහ අගෝස්තු මාසවලදී මලින් බර වෙනවා. අලංකාර මල් හැරුණාම සල් ගසේ කඳ දැවමය වටිනාකමකින් ද යුක්තයි. ඒ වගේම සෙන්ටිමීටර් 10 ත් 25 ත් දිග සල් ගසේ කොළ දේශීය ඖෂධයක් විදියටත් , බීජ ආහාර පිසින්නටත් භාවිතා කෙරෙනවා.

ඉතින් මේ සල් ගස් වර්ග දෙකින් ලංකාවේ ඇත්තේ බ්‍රිතාන්‍යන් හඳුන්වා දුන් ගස බව පැහැදිලියි. නමුත් සැළලිහිණි සන්දේශය වගේ සංදේශ කාව්‍යයන්වල හා වෙනත් ලේඛනවල කියන සල් ගස මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසන්නේ ඒ සල් කටු ඉඹුල් ශාකය වන බවයි. මේ කටු ඉඹුල් රතු පැහැති ඉතා අලංකාර මල් වර්ගයක් බවත්, ඒවා බිම වැටුණු පසු රතු පලසක් එලා ඇති අයුරින් පෙනෙන නිසාත් එය කවීන් සඳහා වස්තු බීජයක් වන්නට ඇති බවත් ය.

ඉතින් මේ කාලතුවක්කු උණ්ඩ ගස සල් ගස විදියට වරදවා වටහා ගෙන තියෙන්නේ ලාංකිකයන් විතරක්ම නොවන වග මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසනවා. ඔහු කියන විදියට තායිලන්තයටත් මේ වැරැද්ද හඳුන්වා දී ඇත්තේ ලාංකිකයන් විසින්. කොහොමවුණත් තායිලන්තයේ බුද්ධ චරිතය දැක්වෙන සිතුවම්වල රෝස පැහැති විශාල මල් සහිත ගස් දක්වා තිබීමෙන් එය පැහැදිලි වෙනවා.ඉතින් ලාංකිකයන් තුළ සල් ගස ගැන තියෙන වැරදි වැටහීම නිවැරදි කරන්නට උද්භිද විද්‍යාඥයන් විසින් සම්බුද්ධ චරිතය හා සම්බන්ධ ඉන්දියන් සල් ලංකාවේ විහාරස්ථාන වෙත බෙදාදීමට කටයුතු  කර තියෙනවා. ඒ ව්‍යාපෘතිය යටතේ මීට වසර 10 කට පමණ පෙර නේපාලයෙන් ගෙන්වන ලද ඒ සල් බීජ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සුවිශේෂ ස්ථානයක රෝපණය කර පැළ දහසකට වඩා ලබාගෙන ඒවා රට පුරා බෙදා හරිනු ලැබුවා. නමුත් අදටත් පොදු ජනතාව පැරණි මතයේම එල්බ සිටිනු දකින්නට පුළුවන්.

 

උපුටා ගැනීම: Hela Rahas

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!