සතේ කාසි නිසා (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” අපේ මුත්තාගේ සත් දවසේ දාන පිංකම වෙනුවෙන් ධර්ම දේශනය ලබන ඉරිදා රාත්රියේ පවත්වා ලබන සඳුදා උදේ හාමුදුරුවන් මෙම වැඩම කරවා දානය පවත්වනවා. ඔබ සියලු දෙනාටම ඊට සහබාගි වන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා… “
ගමේම සිටි වයසක පුද්ගලයා වූ වසර 108ක් ආයූ වලදා මිය ගිය මාටින් අප්පුගේ මිනිය තව මොහොතකින් ගමේ සූසාන භූමියට රැගෙන යාමට සියලු කටයුතු සූදානම්ව තිබුණි.
හාමුදුරුවන් දුන් පාංශු කූලය , ඉන් අනතුරුව මාටින් අප්පු ගැන මිනිසුන් කල ගුණ වර්ණාවන් අවසානයේ ස්තූති කතාව කළේ ඔහුගේ මුණුබුරකු වූත් මගේ හොදම මිතුරෙක් වූ ප්රභාත් විසිනි.
පැයකට ආසන්න කාලයක් මේ දේවල් අසා හුන් ගමේ පිරිස හා නෑදෑ පිරිස ඉක්මනින් හුන් තැනින් නැගිට ගමන් කලේ වසා ඇති මිනී පෙට්ටිය අසලටය. තවත් වරක් මාටින් අප්පුගේ මළසිරුර දැකගැනීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියෝය. මගේ බාට දෙක මත වාඩිව උන්නු මමද වහා නැගිට බාටදෙකත් දමාගෙන ඔවුන් පසු පසින් ඇදුනෙමි.
.
” ඉහි ඉහි ඉහි… “
මිනී පෙට්ටියේ පියන විවර කරද්දීම මේවන් අවස්තාවල ඇසෙන ඉකිබිඳුම් හඬවල් මේ මළගෙදර සිටි කිහිප දෙනෙක්ගෙන් මුවින්ද නොඇසුණා නොවේ.
මළ සිරුර එම්බාම් කල අයගේ දුර්වල කමක් නිසාදෝ මන්දා මාටින් අප්පුගේ මළ සිරුරේ මුව මඳක් විවරව ,මිය යනවිටත් නොවැටී තිබූ දතක් එළියට විත් තිබුණි..ඒ පමණක් නොව එම්බාම් ගදට මුසු වූ අමුතු දුගදක් මළ සිරුර වෙතින් හැමුවේ මගේ මුවටත් ඔක්කාරයත් ඇති කිරීමට සමත් කරවමිනි.
” අනේ අපේ අත්තා … ආයේ කවදා දකින්නද ඉහි ඉහි… ” “
මාටින් අප්පුගේ මුණුබුරෙක් වූ ගාමිණී මාමා වැලපෙන්නේ බීමත් කම නිසාවෙනි. ඔහු හොද සිහියෙන් ඉන්නවානම් මෙවන් වැලපෙන අයුරක් කිසි සේත් දක්නට නොලැබෙනු ඇත.
” හරි හරි ඔක්කොම අහකට යන්නලා. මිනිය වහන්නයි යන්නේ… “
ගමේ පන්සලේ මරණාධාර සමිතියේ සභාපති ලෙස කටයුතු කරන හේමපාල මාමා පවසන විට එතන හුන් පිරිස කෙමෙන් කෙමෙන් පිටුපසට යන්නට වූහ. මගේ පියාගේ අසනීප තත්වය හේතුවෙන් මා හටත් මේ මළගම සදහා සහභාගි වීමට සිදුවූයේ , සමිතියේ කෙනෙකු මීට සහභාගි නොවුණහොත් රුපියල් පන්සීයක දඩමුදලක් ගසන බැවිනි.
මීනිපෙට්ටිය වැසූ පසු එය කරට ගත් සිව් දෙනෙකු , පාර තෙක් ගමක් කොට සමිතියේ සිව් දෙනෙක්ට මිනී පෙට්ටිය බාර දුන්හ. ගමේ මිනී පිට්ටනිය තිබුණේ එතැන් සිට කිලෝමීටරයටටත් ආසන්න දුරකිනි.
බටහිර අහසේ බැසගෙන යන්නට ආසන්නව තිබූ හිරුගේ තිබූ ආලෝකය තවත් දුබල කරමින් මුලු අහස පුරාම තිබුණේ බරවූ වැහි වලාකුළුය.
” වැස්සට කලියෙන් මිනිය වලලන්න පුලුවන් වුණොත් හොදා. නැතිනන් හොද වැස්සකට තමා තෙමෙන්න වෙන්නේ.. “
මිනී පෙට්ටිය පිටුපසින් ඇදෙන ගමේ මිනිසුන් පැවසුවේ අහස දෙස බලමින් දෙගිඩියාවෙනි.
” මාටින් අප්පු මැරුණු දවසත් අන්තිම නරකයි. අඟහරුවාදා දවස්වල වයසක මනුස්සයන් මැරෙන්න හොද නෑ… ඉක්මනින් තව එකෙක් යයි. ගුණ බන්ඩේත් කන්නේවත් බොනේවත් නෑලූ නේද ? “
ගමේ මිනිසුන් ඊළඟට මරණයට පත් වන පුද්ගලයා අනුමාන කරත් අවසානය. අඟහරුවාදා දවසක වයසක මිනිසෙක් මරණයට පත් වීම අසුබ නිමිත්තක් බව මීට පෙරද මම අසා ඇති මුත් එයින් වන අසුබතාවයක් ගැන මම අත් දැක නැත.
” සරස්…. ටක්ස්… සරස් ,ටක්ස්… “
මිනී පෙට්ටිය අසලින්ම මෙන් ගමන් කල මට ඇසෙන්නේ සිරිතක් ලෙස සලකන මිනීපෙට්ටිය යන අතරතුර විසි කරන විලඳ හා කාසි වල හඬය.
මිනී පෙට්ටියේ වැදී බිම වැටෙන ඒවා පයට පාගගන්නත් බිය වූ මම ඉන් මඟ හැර ගියද මම පුදුමයට පත් කරමින් දුටුවේ ගමේ කීප දෙනෙක් තරගයට බිම වැටී ඇති කාසි අහුලන සැටිය.
මීනි පෙට්ටිය මතට වැටී පොළව සිප ගන්නා කාසී ඔවුන් අහුලන්නේ අවුරුදු උත්සවයදී පුංචි ළමුන් සීනී බෝල ඇහිලීමේ තරගයට සහභාගිව සීනී බෝල තරගයට අහුලන හැටි සිහි ගන්වමිනි.
” මිනී පෙට්ටියට විසි කරන ඔය කාසි අහුලන්න හොද නෑ නේද ? “
මම ආසන්නයටම විත් බිමට නැමී කාසියක් අහුලාගත් සරත් මාමා දෙස බලමින් මම ඇසුවෙමි. ඒ වන විටත් ඔහු සෑහෙන්න කාසි අහුලා ඇති බව මම දුටුවෙමි.
” මේවා එසේ මසේ කාසි නෙමේ කොල්ලෝ… පරණ කාසී… මේවා ඉස්සරහට ඕනා වෙනවා… “
ඔහු පහත් හඬින් වුවද ජයග්රාහි හඬින් පැවසුවේ අහුලාගත් කාසිද මාහට පෙන්වමිනි. ඒ කාසි අතර වර්තමානේ නිතර අත පත ගෑවෙන රුපියලේ, රුපියල් දෙකේ , රුපියල් පහේ ,රුපියල් දහයේ කාසි දක්නට නොවීය. තිබුණේ , මේ දිනවල සොයාගැනීමට ඉතා අපහසු සතේ , සත දෙකේ , සත පහේ ,සත දහයේ කාසිය.
මීට අවුරුදු ගාණකට පෙර නිකුත් කරන ලද ඒ පරණ කාසිවල සමහර ඒවාගේ යටත් විජිත සමයේ ලංකාව පාලයනය කල බිතාන්ය රජුන්ගේ හා රැජිනන්ගේ රූපයන්ද වූහ.
” මාටින් අප්පු ඉස්සරම කාලේ කඩයක් කරලා තියෙනවා. මගේ හිතේ උන්දෑ මේ කාසි පරිස්සමට තියාගෙන ඉන්ඩ ඇති. නැත්නම් කොහෙද මේහෙම පරන කාසි අද හොයාගන්නේ… මේ පරන කාසි හොයාගෙන එනවා කට්ටිය සමහර ගුරුකම් වැඩ වලට මේ පරණ කාසි ඕනෑ වෙනවා…එතකොට උන්ට සෑහෙන්න ගානකට මේව විකුණගන්න පුලුවන් “
සරත් මාමා එසේ කියා ඉක්මනට මා අසලින් ඈත්වුණේ ආයේමත් වැටුණු පරණ කාසියක් දුටු බැවිනි.
මේ පරණ කාසිවලින් බඩු මිළදී ගත් ගණුදෙනු කරන ලද සියල්ලෝම මේ වන විට මළවුන්ගේ ලෝකයේ ඇතියි සිතිවිල්ලක් මට පහළ විය.
සරත් මාමාට අමතරව , ගුණ දාස මාමාත් , ලාල් අයියාත් මේ පරණ කාසි අහුලමින් ඉදිරියට ඇදුණෝය. වෙනත් කිසිවෙකු මෙසේ මේ කාසි අහුලන්නට කැමත්තක් දැක්වූ බවක් මා හට දක්නට නොවීය.
පාරේ කෙලවරකට වන්න තණකොල ආසන්නයේ ගිය මාහට එකවරම පරණ කාසියක් ඇස ගැටුණි.
” පුදුමයි. අර තුන් දෙනාට මේ කාසිය මග හැරිලා වගේ…”
එකවරම ආ සිතුවිල්ලක් හමුවේ මම එය අහුලගත්තේ පසුව එය සරත් මාමාට ලබාදීමේ අරමුණෙනි. තඹ කාසියක් වූ එය සතේ කාසියක් වු අතර මගේ ඇස් උඩ ගියේ ඒ කාසිය නිකුත් කල වසර දැකීමත් සමඟය. තඹ වලින් අච්චු ගසා ඇති සතේ කාසියක් වූ එහි නිකුත් කල වසර පෙන්වා ඇති පැත්තේ යම් කිසි ගස් වර්ගයක් තිබුණි.
1895 වසරේ නිකුත් කළ මේ කාසිය මට අමුතු අද් දැකීමක් ලබාදුන්නේ එය 19වන සියවසට අයත් කාසියක් නිසාවෙනි. මීට පෙර මම මේ තරම් පරණ කාසියක් දැක තිබුණේ නැත. කාසියේ අනිත් පස රැජිනකගේ රුවකි..ඇය වික්ටෝරියා රැජින විය යුතුබව මම තිරණය කලේ කාසියේ ඒ පැත් තේ ඉංග්රීසි බසින් වික්ටෝරියා ලෙස අකුරු කොටා තිබූ හෙයිනි.
මගේ සිත ඇවිටිලි කරන්නට වූයේ මේ කාසිය මම ලගම තියාගනින් යනුවෙනි. අනාගතේදී මේ පරණ කාසිවලට සෑහෙන්න වටිනාකමක් ලැබේවී සිතුවිල්ල එක්ක මම එම කාසිය මගේ සුදු පැහති දිගු කලිසමේ සාක්කුවට දමා ගතිමි.
” අදනම් පට්ට බරයි මිනී පෙට්ටිය. මේ තරම් බර පෙට්ටියක් මම මේ අරන් යනවාමයි… “
මිනී පෙට්ටිය කර තබාගෙන ගිය , පසුව එය වෙන කෙනෙකුට බාර දුන් සෙනවි මාමා කිව්වේ නොසන්සුන් හඬිනි. මේ කතාව ඇසීමත් එක්ක මම තරමක් ගමන බාල කලේ මිනීපෙට්ටිය ආසන්නයට යැවෙන එක වැලක්වීමේ අටියෙනි. යම් කිසි හෙයකින් මටත් ඔය මිනී පෙට්ටිය කරතියාගෙන යන්න යැයි බලකළොත් එයට මම උන්නේ ඒ ගැන සිතී අවිනිශ්චිත භීතියකිනි.
” ඒකනේ බං පට්ට බරයි තමා අද පෙට්ටිය. මේ වයසක මනුස්සයාගේ ඇටසැකිල්ල විතරයි තිබ්බේ , පෙට්ටියත් එහෙම ලොකු බරක් නෙමේ ගෙදරට ගේද්දී. දැන්නේ මේකේ බර දහගුණයකින් බර වැඩිවෙලා වගේ… “
මිනි පෙට්ටිය කර තබාගෙන ගිය අය පවසන දේවල් ඇසීමත් සමඟ මගේ සිතට දැනුනේ අද්භූත හැගීමකි.
” මිනී පෙට්ටිය අරන් යද්දි බර වැඩිවෙන්නේ පෙට්ටිය උඩට් මහසෝනා නගිද්දී “
කිසිවෙකු කියූ කතාවක් එකවරම මට මතක් විය. මම එකවරම රැගෙන යන මිනී පෙට්ටිය දෙස බැල්මක් එල්ල කලේ එවන් අද්භූත රුවක චායාවක්වත් පෙනේදෝ සිතුවිලකිනි.
මිනී පෙට්ටිය අසලින් ගමන් කරන , පෙට්ටිය මතට කාසි හා විලඳ විසිකරන කෙනා ඒවා තව වරක් විසි කළේ ඒත් සමඟය.
එකවරම මගේ හිසට ඉමහත් වේදනාවක් දැණුනි. මිනී පෙට්ටිය මත වාඩිව සිටි කාල වර්ණ මහසෝනාගේ රුව මට මැවී පේන්නට විය. සෑහෙන්න ප්රීතියෙන් මිනී පෙට්ටිය දෙපසට පාද දමාගෙන උන් මහසෝනා උන්නේ උද්දාමයෙන් යුතුව එහාට මෙහාට දගලමිනි. මහසෝනා එසේ දගලන විටදී මිනී පෙට්ටියත් එහාට මෙහාට ගැස්සේ. එය කරතබාගෙන යන සිව්දෙනා දාඩිය වගුරවමින් තොල් හපාගෙන මහත් අමාරුවෙන් ඔසවාගෙන යන්නේ මේ කිසිදෙයක් නොදැනය.
මිනී පෙට්ටිය මතට විසිකරන කාසි හා විලඳ මහසෝනාගේ ඇගේත් වැදී බිමට වැටේ.,ඊලඟ මොහොතේ , ඒ කාසි අහුලන අයගේ අත්වලට යයි.
” ආ…හ්… “
එකවරටම මම පියවි සිහියට ආවේ පාරේ තිබූ ගලකට මගේ කකුළ හැප්පීමත් සමඟය.
” කොහේද කොල්ලෝ උඩ බලාගෙන යන්නේ… “
මා අසලින් ගමන් කළ කෙනා කෑගැසීය. දැන් මිනී පෙට්ටිය මත මහසෝනෙක් නැත. එය මම මවාගත් මනෝ විකාරයක්ද ?
👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉
අක්කරයක තරම් භූමි ප්රමානයක පිහිටා තිබූ මිනී පිට්ටනියේ මැදට වන්න ඉදිකර තිබූ කුම්භක ගේ තුල මිනී පෙට්ටිය තැබුවේ පිට්ටනියේ රැදි හුන් අයටද මිනිය පෙන්වීමේ අරමුණෙනි.
” දැන් ඕක ආයෙම අරින්න ඕනේ නෑ… මෙතන ඉන්නේ ඔක්කොම බලපු උදවියනේ… වැස්සට කලියෙන් වලදාන්න බලමු.. “
කෙනෙකු එසේ කීවද , කලින් මෙතනට රැගෙන ආ මිනී වගේම මාටින් අප්පුගේ මිනියද ආයෙමත් දැක ගැනීම පිණිස පෙට්ටිය විවෘත විය.
ඒත් සමඟම දැවන්ත අකුණක් මිනි පිටියේ තැනකට වැදුනේ අහසේ හුන් යක්ෂයෙක් අකුණක් අතට ගෙන ඉලක්කයටම මේ ඉස්ව්වටම දමා ගැසුවා මෙනි. කුම්භක ගේ තුල හුන් කීපදෙනෙක් කන් දෙක වසාගත්තේ ඉමහත් භීතියෙනි.
දත පේන්නට ඉදිමී තිබූ මාටින් අප්පුගේ මළ සිරුර දුටු මම ඒ සැනින් ඇස් දෙක ඉවතට ගත්තෙමි. සිතට අද්භූත හැගීම් සමුදායක් නැගෙද්දී මට දැනුනේ පරණ සතේ කාසිය තිබූ සාක්කුව තුලට අවතාර රිංග මාත් සමඟ සිටිණු ඇතැයි හැගීමකි.
” මේක අරන් යන්න බෑ කොච්චර පරණ එකක් උනත්… “
සාක්කුවට අත දමා සතයේ කාසිය මම ආපසු අතට ගත්තේ කිසිවෙක්ටත් නොපෙනෙන පරිද්දෙනි. කුම්භක ගෙයි වහලයට ගසා ඇති පරාල ඇත්තේ අඩි දහයක් පමණ උසකින් ය. අඩි හයක් පමාණ උස මම ඉක්මන් තීරණයක් ගෙන දකුණු අත ඉහලට ඔසවා පරණ කාසිය පරාලයක් මත තැබුවෙමි. වෙන වෙන අරමුණු වල හුන් පිරිසට මා කල දේ ගැන උනන්දුවක් නොවීය. කාසිය එසේ තැබූ පසුව මට දැණුනේ ලොකුම ලොකු බරකින් නිදහස් වූවාක් මෙන් හැගීමකි.
” ආයේ ඕනා වුණොත් මෙතනට ඇවිල්ලා ගන්නවා. මේ පරාල අත ගාන්න කවුරුත් එන්නේ නෑ… “
මම විශ්වාසයෙන්ම එය තීරාණය කර හමාරය.
මාටින් අප්පුගේ මිනී පෙට්ටිය වලදාන තුරු ඉවසාගෙන හුන් මහා වර්ෂාව උමතුවෙන් මෙන් ඇදහැලෙන්න පටන් ගත්තේ මා නිවසට විත් විනාඩි පහක් ඉක්මවන්නත් කලියෙනි.
👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉
අඟහරුවාදා දවසක වයසක මිනිසෙක් මරණයට පත්වූනොත් අසල් ගම් හතක සතියට එක්කෙනා ගානේ මැරෙන කතාව සත්යක් බවට ඔප්පුවෙන්න කාලයක් ගියේ නැත. එය අහඹුවක්ද නැතිනම් පැරනි මිනිසුන් විශ්වාස කල විදියේ එහි සත්යතාවයක් ඇතිදැයි මට වටහාගැනීමට අසීරූවිය.
මාටින් අප්පු මිය ගොස් සතියක් යෑමට පෙර , ගුණ බණ්ඩා නැමති මිනිසෙකු මරණයට පත්විය. ඉන් පසුව ඊලඟ සතියේ අසල ගමක තරුණයෙකු වස පානය කර මරණයට පත්විය.
ඊට පසුව උදාවූ සතියේ මරණයට පත් වූ පුද්ගලයා මත්ක්ව මට හීන් දාඩිය දැම්මේ බියටය. මාටින් අප්පුගේ මිනී පෙට්ටියට විසි කරන ලද කාසි අහුලපු සරත් මාමා මහ පාරක ලේ පෙරාගෙන මැරී වැටී උන්නේ මට පමණක් නොව මුළු ගමම භීතියට පත් කරවගෙනය.
ඔහුගේ මළ සිරුර බැලීමට ගිය මා හට එකවරම මතකයට නැගුණේ මාටින් අප්පුගේ මිනී පෙට්ටිය මත මනෝ විකාරෙන් මම දුටු මහසෝනාගේ රුවය.
” නෑ ඒ කාසි අහුකපු හින්දා නෙමේ මෙහෙම වෙන්න ඇත් තේ.. එහෙනම් ඒ කාසි අහුලපු ලාල් අයියායි, ගුණදාස මාමයි ඔය යස අගේට ඉන්නේ… “
මම එසේ සිත හදාගැනීමට උත්සාහ කලද එය අසාර්ථක උත්සායක් වුනේ එතැන් පටන් සති දෙකක් ඉක්මවන්නත් පෙරය.
බලාපොරොත්තුවෙන් උන්නා සේ සරත් මාමා මණයට පත්ව ඊලග සතියේ දිනක අසල ගමක කෙනෙක්ගේ මරණයක් අපිට ආරංචි විය. ඒ මරණය සිදුවී සතියක් ගතවෙන්න මත්තෙන් ගුණ දාස මාම ඔහුගේ ඉඩමේම අඹ ගසක ගෙල වැලදාගෙන මරණයට පත්ව උන්නේය.
” මේ දවස්ටිකේම එයා උන්නේ මොකකට හරි බයවෙලා වගේ. අපිට ඒත් කිසිම දෙයක් කිව්වේ නෑ….. “
ගුණදාස මාමා විවාහ වී හුන් තිලකාවතී නැන්දා පැවසුවේ අසා සිටි අයගේ සිත්වලට ප්රෙහේලිකාවකි කාවක් ඉතිරි කරමිනි.
සරත් මාමගේ හා ගුණදාස මාමගේ මරාණවලින් පසුව පරණ කාසි අහුලපු අයගෙන් ඉතිරිව උන්නේ ලාල් අයියාත් මාත් පමණි.
අර දෙදෙනාගෙ මරණය පිටුපස අද්භූත දෙයක් හබාඒදොයි සැක හිතීද මන්දා ලාල් අයියා ගම හැරදා කොහේදෝ ගිය බවක් මට පසුව ආරංචි විය.
පැරන්නන්ගේ විශ්වාසයක් නිවරදි කරහො , වෙනත් හේතුවකට හෝ මාටින් අප්පුගෙ මරණයගෙ පසුව එක දිගට මරණයන් හතත් සති පතා මා හට ආරංචිවිය. ඒ මරණයන් වෙනුවෙන් මාද අවස්ථා කීපයකදී මිනී පිටිය වෙත ගිය අතර කුම්භක ගෙයි පරාලයක් මත මම තැබූ පරණ සතය ඇති තැන අතගාබලන්නටද මම අමතක කළේ නැත. කිසිවෙකුගේ ස්පර්ෂයක් නොවී එය තිබූ තැනම තිබුණේ සුරැකිවය.
👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉
මගේ පවුලේ මා හට මල්ලිලා දෙදෙනෙකුම සිටීම නිසාත් , අපේ ඉඩම කුඩා නිසාත් මම ඈත පෙදෙසකින් අඩුවට ඉඩමක් මිළට ගෙන නිවසක් සාදා එහි පදිංචියට ගියේ විවාහ වීමෙන් අනතුරුවය.
” ඊයේ මේ මහත්තයෙක් ආවනේ අපේ කඩේට , එයා මේ හොයනවා පරන කාලේ කාසි. , ඒ ගැන ආරංචියක් තියෙන කෙනෙක් ඉන්නවනම් දන්වන්න කිව්වා. උබල ලග නෑනේ නේද එහෙම කාසි.. මට මේ ඒ මහත්තයා ගේ ටෙකිෆෝන් නම්බරයත් දීලා ගියා… “
මගේ අලුත් නිවහන තිබූ ගමේ කඩයට ගිය අතරතුරදි මේ කතාව කීවේ කඩේ මුදලාලි විසිනි.
” අපේ ගෙවල්වලත් ඉස්සර ඔහොම පරණ කාසි තිබ්බා. කොහෙද ඒවා මේ විසිකරලා දාලානේ… “
කඩේට බඩු මිළට ගන්න ආ කෙනෙකු පැවසීය.
” මේව තියෙන කෙනෙක් ඉන්නවනම් හොයලා බලපල්ලා. මේ මට මහත්තයා ගේ ටෙලිපෝන් නම්බරයත් දීලා තමා ගියේ… “
කඩයට ආ මිනිසුන් යන තුරු රැදී හුන් මම මුදලාලි ළඟට කිට්ටු කලේ මම අහුලපු සතය ගැන සිතේ තිබූ බැවිනි. මුදලාලිගෙන් අර කියූ පුද්ගලයාගේ දුරකථන අංකය ඉල්ලාගත් මම ආපසු නිවස කරා ආවේ හෙටම මගේ උපන් ගමේ මිනී පිටියට ගොස් කුම්භක ගෙයි පරාලයක් මත මා තැබූ සතය තිබේදැයි හොයාගැනීමේ බලාපොරොත්තු වත් ඇතිවමය.
ඒ වන විට තරමක් ආර්ථික වශයෙන් මම වැටි උන්නෙමි. එබැවින් මීට වසර ගාණකට පෙර කාසි වටා කැරකුණ අද්භූත සිදුවීම් දහරාව ගැන මම ඕනෑවට වඩා සිතන්න ගියේ නැත.
ඊලඟ දවසේ උදයේම ගමට ගිය මම නිවසට ගොඩ වැදී මොහොතක් සිට මිනී පිටියට ගියේ කාටත් හොර රහසේය.
මාටින් අප්පුගේ මරණය සිදුවී වසර පහක් ඉක්මව තිබුණද කුම්භක ගෙය එදා දුටු පරිදිමය. නමුත් මිනිසෙකු ගිලගන්න රකුසෙකුසේ මිනී පිටිය පුරා වල් පඳුරු ආක්රමය කර තිබුණේ සෑහෙන දවසකින් මිනී පිටිය ශුද්ද කර නැති බව කියාපාමිනි.
ඉක්මනට කුම්භක ගෙයි පරාලයක් සතය තැබූ තැන මම ඇඟිලි තුඩු මඟින් අත ගාන්න විය. සිතට ජය්ග්රාහී හැගීමක් දැනෙන්න වැඩි වෙලාවාක් නොයන්නට ඇත. මම මීට වසර පහකට පෙර තිබූ පරිදිම පරණ සතයේ කාසිය මා අතට හසු විය.
කිසිවෙකු මා කල දෙය දකින්න ඇත්දෝයි මම ඕනෑකමින් බැලුවද , කිසිවකු නොවීය. නමුදු මීට වසර කීපයකට පෙර ජීවත්වූ අද පස් අතර ඇටකෝටු බවට පත්ව ඇති මිනී පිට්ටනියේ තැනින් තැන ඇති මිනී ගොඩැලිවල අයිතිකරුවන් මා දෙස බලා ඉන්න ඇතියි භයංකාර සිතුවිල්ලක් මට දැණින.
මාටින් අප්පු වල දාපු ඉසව්ව බැලීමටත් බිය වූ මම ඉක්මනින් මිනී පිටියෙන් පිටව ආවේ කාලිසම් සාක්කුව තුලට සතයේ කාසිය දමාගැනීමෙන් අනතුරුවය.
නමුදු මිනී පිටනියෙන් ආ මොහොතේ පටන් මට දැනෙන්නේ මා පසු පසින් කවුරුන් එන අයුරකි..යම්කිසි අමුතු ගඳක්ද ඒ සමඟම විය.
මේ බිය ජනක සිදුවීම් නිසා සතයේ කාසිය මගේ නිවසට රැගෙන යාමට මම බිය විය. ඒ පමණක් නොව මේ කාසියෙන් ඉක්මනින් නිදහස් වීමට සිතූ මම කාසි හොයන පුද්ගලයාට මම කතා කළේ උපන් ගමේ සිටමය.
මගේ උපන් නිවස අසලින් ගලා බසින ඇළේ තිබූ කලු ගලක් යට මම කාසිය සැගවූයේ කාටව්ව්ත් නොපෙනෙන ලෙසය.
” මහත්තයා අර මහත්තයා හොයන විදිහේ කාසියක් මට හම්බවුණා. අද රෑ වෙන්න කලින් ඇවිල්ලා අරන් යන්න පුලුවන් ද ? “
සවස දෙකට පමණ මම ඔහුට දුරකථන ඇමතුමක් දුන්නෙමි.
” කොහොමද කාසිය. කීයේ එකක්ද ? කීයෙ අවුරුද්දේ එකක්ද ? “
” සතේ කාසියක්. 1895 එකක් ඒක.. “
” මොනවා …. 1895 රියලි… “
එහා පසින් ඔහු කතා කළේ මා කියූ දේට උමතුවූවා සේය.
” ඔව්. 1895 “
” ඉන්න මම ඉක්මනට එනවා. ඕක නැතිවෙයි , කාටව්ත් අතට යන්න දෙන්නනම් එපා… “
” හරි හරි ඉක්මනින් ඇවිල්ලා අරන් යන්න රෑවෙන්න කලින් “
මට අවශ්ය වූයේ මේ කාසිය ඔහුට දී නිදහස් වීමටය.
මා කියූ ගමන් මග ඔස්සේ පැමිණියේ අවුරුදු හතලිහක පමණ පෙනුමැති පුද්ගලයෙකි. ඔහුගේ මූණ හරියට පෙනේදො බියෙන් හො වෙන හේතුවකට හෝ මේ සවස් යාමේත් උන්නේ අව් කණ්නාඩි පැලදගෙනය.
මා දුන් කාසිය ඔහු අතර ගත්තේ රටක් රාජ්යක් දිනූ රජෙකු සිහිගන්වමිනි. ඉන් අනතුරුව ඔහු මා අත තැබුනේ රුපියල් දාහක නෝට්ටුවකි. ඊට වඩා ලොකු ගණක් මම බලාපොරොත්තු වුවද , මම ඒ ගැන ඔහුට පවසන්නට ගියේ නැත.
මිටින් හල කුරුල්ලෙකු මෙන් මෙත්ක් කාලයක් මිනී පිටියේ කුම්භක ගෙයි පරාලයක් මත තිබූ කාසියත් රැගෙන ඔහු යතුරු පැදියක නැගී වේගයෙන් යන්නට ගියේය.
අර පුද්ගලයා ගැන නිවසේ අය හාරා හාර ප්රශ්න ඇසුවද ඔවුනට කෙටියෙන් පිළිතුරු දුන් මම ආපසු මගේම නිවසට යන්න තීරණය කලේ අඳුර වැටෙන්න පෙරය. බිරිද හා දරුවා මා එනතුරු බියෙන් බලා සිටිනවාට සැක නැත.
එසේ කිලෝමීටර් පහක් පමණ යන්නට ඇත. එකවරම මම දුටුවේ මාර්ගයේ තැනක මිනිසුන් වටව ඉන්න දසුනකි..මම ඕනෑකමින් එදෙස බලන විට දුටුවේ මාගෙන් කාසිය මිළට ගත් පුද්ගලයාගේ යතුරු පැදිය තැනක වැටී ඇති දසුනකි.
ඔහුගේ යතුරු පැදිය තවත් යතුරු පැදියක ගැටී ඇතු බව තේරුම්ගන්නට මට වැඩි වෙලාවක් ගියේ නැත.
” දෙන්නම මැරිලා…. ” ඒ දෙසට ලංවන විට එතන සිටි කිසිවකු කියනු මට ඇසිණ..
” මේකනම් මාරක වංගුවක්..කලිනුත් මෙතන වාහනයක් හැප්පිලා දෙන්නෙක් මැරුණා… “
තව කිසිවකු කියනු ඇසිණ. මොහොතකින් අනතුර සිදු වුන තැනට පාරේ ගමන් කල හැම පුද්ගලයාමෙන්ම ලංවී බලන්නට පටන් ගත්හ.
මගෙන් කාසිය මිලට ගත් පුද්ගලයාගේ බෙල්ල කැඩී තිබූ අතර ඔහුගෙ මුව දෙපසින් වැක්කෙරෙන ලේ දකිනවිට මට එකවරම මතකයට ආවේ සරත් මාමා මිය ගොස් හිටි දසුනය. කාසිය මිළට ගත් පුද්ගලයා ගැන ඕනෑකමින් බැලුවද මරුමුවට පත්ව හුන් අනිත් පුද්ගලයා ගැන බැලුවේ මා බොහෝ වෙලාවක් ගියා පසුය.
දුටු දසුන මට විශ්වාස කිරීමටත් අසිරු විය. ලේ ගඟක් මැද මරුමුවට පත්ව උන්නේ මීට වසර පහකට පමණ පෙර ගමෙන් ගොස් හුන් ලාල් අයියාය. තවත් ලෙසකට කිව්වොත් මාටින් අප්පුගේ මිණියට විසිකරන ලද කාසි අහුලන ලද ලාල් අයියාය.
ඔහුත් ලේ පෙරාගෙන ඇස්ඇරගෙන මැරි සිටියේ හරියට මා දෙස බලාගෙන මෙනි..මගේ හිස බමන්නට පටන් ගත්තෙමි.
කාසිය විකුණා ගත් රුපියල් දහසේ නෝට්ටුව දමන ලද සාක්කුව ඇතුලට කවුරුන් හෝ රිංගා ඇල්පෙනිත්තකින් සමට අයිනවා වැනි වේදනාවක් ඒත් සමඟම දැනෙන්නටවිය. මාටින් අප්පුගේ මිනී පෙට්ටිය මතට නැගී සිටි මහසෝනා අනතුර සිදුවූ තැනට හෙමින් හෙමින් ලංවෙන හැටි දුටු මගේ මුව දෙපසින් දහඩිය වැටෙන්න විය.
එතන සිටි අය අතරින් ආ ඒ රුව අනිත් කිසිවෙකුට පෙනෙන බවක් ඔවුන්ගේ ඉරියව්වලින් දක්නට නැත..
මෙය මටම පෙනෙන් දෙයක් පමණද ?
මරණයට පත්ව ඇති පුද්ගලයන් දෙස බැලූ මහසොහොණා ,මම කාසිය විකුණු පුද්ගලය්ගේ සාක්කුවට අත දමා යම් දෙයක් ගැනීය. ඉන් අනතුරුව එයද ගත් ඒ රුව එතනින් මද දුරක් ඉදිරියට ගොස් අත රැදි දෙය බිමට දැමිය. මා පමණක් දුටු මේ දසුන එතන හුන් කිසිවෙකු නොදුටු බව මට විශ්වාසය.
පාර මැද වැටී තිබුණේ වෙන දෙයක් නොව , මම මීට මොහොතකට පෙර විකුනණ ලද සතේ කාසියයි. එය දැමූ ඒ අද්භූත රුව් මොහොතකින් අතුරු දන් විය.
ඒ කාසිය කිසිවෙක්ගේ ඇස ගොගැටේවයි මම ප්රාර්ථනා කලේ එය අහුලාගත් පුද්ගලයා පසු පසින් අනිවාර්යයෙන්ම මරණය ලුහුබදින බව දන්නා නිසාවෙනි.
මගේ ප්රාර්ථනා ව සුන් කරමින් එතනට ආ තරුණයකු ඒ සතේ කාසිය හොර රහසේ මෙන් අහුලා ඔහුගේ කලිසම් සාක්කුව තුලට දමා ගැනීය.
සිතට ධෛර්යය ගත් මට අවශ්ය වූයේ හැකි ඉක්මනින් මේ අවාසනාවන්ත අද්භූත පරිසරයෙන් මිදීමටයි. බටහර අහසේ රක්ත වර්ණ ගිණි බෝලයක් මෙන් බැස යන හිරු මට පෙණුනේ සමච්චලේට හිනහෙනවා මෙනි..
හිරු බැස යාමට පෙර නිවසට යාගන්න උත්සාහයක් ගත් මට අතරමඟදී දුටුවෙ අසලින් ගලා බසින දැදුරු ඔයයි.
සතේ කාසිය විකුණා ගත් රුපියල් දාහේ නෝට්ටුව සාක්කුවෙන් ගෙන එය මම කෑලි කෑලිවලට ඉරා දැදුරු ඔයට විසි කළෙමි. හෙමින් සැරේ පාවි පාවි හොස් වැටුණු දාහේ නෝට්ටුවේ කෑලී මොහොතකින් දැදුරු ඔයේ දියට මතට වැටී මොහොතකින් නොපෙනී අතුරුදන් විය..👉👉👉👉👉👉👉👉සමුගන්න අවසරයි
උපුටා ගැනීම: Sagara Sampath

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!