සතුන්ගේ උදරයෙන් හමුවූ අරුම පුදුම දේවල්……….. (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
‘ඔස්මින්’ කැස්බෑවා මිනිසුන් මෙන් කිසි දිනක කාසි පසු පස හඹා ගියේ නැත. එහෙත් ඌ පසුපස කාසි හඹා ආවේය. තායිලන්තයේ ශ්රී රාචා පිහිනුම් තටාකයට සංචාරකයන්ගෙන් අඩුවක් නැත. ඒ පිහිනුම් තටාකයේ කැස්බෑවාට කාසි දැමීමෙන් සියලු පැතුම් ඉටුවන බවට ඇති දැඩි විශ්වාසය නිසයි. සංචාරකයන් වාගේම ස්වදේශිකයන්ද කාසියක් කැස්බෑවාට දමා සිත සැහැල්ලුවෙන් පිටව ගියේ සැබෑ වන ප්රාර්ථනය ගැන පූර්ණ විශ්වාසයක් ඇතිවය.
එහෙත් ඔවුනගේ සිත සැහැල්ලු වෙද්දී කැස්බෑවාගේ ගතට එය මහමෙරකටත් වඩා බරක් විය. මුහුදු කැස්බෑවා කාසි ගිල දමා ඇත. ඉන් ඌට ‘පිගී බෑන්ක්’ හෙවත් සූකර බැංකුව යන අනවර්ථ නාමයද පට බැඳිණි.
තරබාරුකම නිසාම ඌ පීනන්නට නොහැකිව සිටිනු දැක නාවිකයන් ඌ පශු වෛද්යවරුන් වෙත භාරදී තිබේ. ත්රිමාන ස්කෑන් පරීක්ෂණයක් කළ පශු වෛද්යවරුන්ට පෙනී ගොස් ඇත්තේ උගේ උදරය විශාල කාසි මල්ලක් වී ඇති බවය. කාසි ගබඩාවට අමතරව මාළු කොකු දෙකක්ද කැස්බෑවාගේ උදරයේ දක්නට ලැබිණි.
අසරණ සත්ත්වයා වහාම සැත්කමකට ලක් කෙරුණු අතර උගේ උදරයෙන් කාසි 915ක් සොයා ගැනිණි. කාසි එකතුවේ මුළු බර රාත්තල් 11ක් වූ අතර උගේ උදරයේ කටු පවා කාසි බරට ඉරිතලා යාමට පටන් ගෙන තිබිණි. තායි කාසි ඒකකය වන බාත් 2,000ක් ‘ඔස්මින්’ ගේ කුසෙහි පිරී තිබූ අතර ඒවා පවුම් 45ක වටිනාකමකින් යුක්ත විය.
ඔස්මින්ගේ සැත්කම කරන ලද්දේ චුලාලොංකෝන් සරසවියේ පශු වෛද්යවරුන් පස් දෙනෙක් විසිනි. සතා නිර්වින්දනය කර පුරා පැය පහක් සැත්කම සිදුකරන ලදී. සැත්කමින් පසු කාසි තබා කිසිදු ඝන ආහාරයක් ගැනීමට ඌට වෛද්යවරු අවසර නොදුන්හ. ඔස්මින්ට කුසගිනි නිවා ගන්න සිදු වූයේ දියරමය ආහාරවලිනි.
කොළ පැහැ මුහුදු කැස්බෑවකු වසර 80 ක පමණ කාලයක් ජීවත්වේ. ඔස්මින් තාම විසි පස් හැවිරිදිය. ඒ සියල්ලටමත් වඩා ඔස්මින්ලාගේ වර්ගයේ කැස්බෑවන් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින්නන් ය. ඒ නිසා උන් රැකගත යුතු සොබා උරුමයකි.
මිනිසාගේ ආත්මාර්ථකාමී ප්රාර්ථනා නිසා මරු වසඟයට යමින් සිටියදී ඔස්මින් බේරා ගැනීමට කාරුණික හදවතින් සරණ වී ඇත්තේ ද මිනිසුන්ම ය. තායි මාධ්ය මඟින් ඔස්මින්ගේ සැත්කමට අරමුදලක් පිහිටුවූ අතර ඊට බාත් 15,000 (පවුම් 350) එක් විය.
සැත්කමින් පසු සතාට කළ දේ ගැන කෝපයෙන් සිටි චූලලොංකෝන් පශු වෛද්ය විද්යා පීඨයේ කුලපති පැවසුවේ, සතාට කාසි විසි කිරීමෙන් මිනිසුන් විශාල පාපයක් පුරවාගෙන ඇති බවය. සැත්කම සාර්ථක වී සතා මොහොතක් සතුටින් ගත කළද ඌ මිය ගියේ ය. පුදුමයකට මෙන් ඔස්මින් ගිල දැමූ කාසිවලින් ස්වල්පයක් ජීර්ණය වී තිබිණි. මෙලෙස නොගැළපෙන දේ ගිල දැමීමෙන් ඔස්මින් මෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ සතුන් මෙන්ම දිවිබේරා ගත් සතුන්ද සිටිති. අමෙරිකාවේ ෆ්ලොරිඩාවෙන් 2009 වසරේදී ඇණ 130ක් කෑමට ගත් සුනඛයකු ගැන වාර්තා විය. සැත්කමකින් ඇණ සියල්ල ඉවත් කරන ලදී. වාසනාවකට උගේ ආමාශයවත් වෙනත් කිසිදු අවයවයක්වත් සිදුරුවී තිබුණේ නැත.
අමෙරිකාවේම තවත් සුනඛයකු පශු වෛද්යවරුන් මවිතයට පත් කළේ ඉඳිකටු ගිලීමෙනි. සුනඛයා ගිලින ලද ඉඳිකටු ගලනාලය දිගේ පෙණහලුවලට ගොස් අවසානයේ පපු බිත්තියේ ඇනී තිබිණි. වෛද්යවරුන්ට සැත්කමින් ඉදිකටු ඉවත් කිරීමට හැකි වූ අතර ඌ ‘ඉදිකටු සුනඛයා’ ලෙස ජනප්රිය විය. අමෙරිකාවේ ‘වූෆ්’ නම් තවත් කුඩා සුනඛ සුරතලෙක් ප්රිය කළේ කහ පැහැති රබර් තාරා සෙල්ලම් භාණ්ඩවලටයි. ඌ නිවෙසේ, ස්වාමිදුවගේ තෙහැවිරිදි දඟකාර පුතුට ගෙනත් දෙන තාරා සෙල්ලම් බඩු එකින් එක ගිල දැම්මේ ය. මව කළේ පුතුද තාරා සෙල්ලම් බඩුවට කැමැති නිසා එකක් අතුරුදන් වන විට තවෙකක් රැගෙන දීමයි. ඇය සිතුවේ පුතු ඒවා නැති කරගෙන ඇති බවය. දිනක් පුතු නාවද්දී කුඩා සුනඛ සුරතලා පැමිණ ඇයගේ දෑස් ඉදිරියේම රබර් තාරාවකු ගිල දැම්මේ ය. ඔහු වහාම සුනඛයා පශු වෛද්යවරයකු වෙත ගෙන ගිය අතර එක්ස් – කිරණ පරීක්ෂණයේදී දකින්න ලැබුණේ සුනඛ සුරතලා රබර් තාරාවන් පස් දෙනකුම ගිල දමා ඇති බවයි. තාරාවන්ට අමතරව සෙල්ලම් දොඹකරයක් ද ඌ ගිල දමා තිබිණි. සැත්කමින් කුඩා සුනඛයාගේ දිවි බේරා ගැනීමට හැකිවිය.
බ්රිතාන්යයේ ග්රේට් ඩේන් වර්ගයේ තුන් හැවිරිදි සුනඛයෙක් වමනය කිරීමට පටන් ගත්තේ ය. හේතුව සෙවීමට කළ එක්ස්රේ පරීක්ෂණයෙන් හෙළි වූයේ මේස් ගිල දමා ඇති බවයි. ඌ මේස් 43.5ක් ගිල දමා තිබිණි. සැත්කමකින් ඒ සියල්ල ඉවතට ගත් අතර සතාගේ දිවි බේරිණි. ඉන්පසු උගේ කටට අසුවන මානයෙන් මේස් තැබීම නිවෙසේ සාමාජිකයන්ට සපුරා තහනම් විය.
දෙවසරක් වයසැති ස්ටෙලා නම් සුනඛ ධේනුව රැයක් පුරා වමනය කළා ය. ඇය පරීක්ෂා කළ විට පැන්ස 104 ක් ගිල දමා තිබිණි. සැත්කමින් ඌට පූර්ණ සුවය ලැබුණු අතර සැත්කමින් පසු හාම්පුතාට සුනඛයාගේ කුස තුළ තිබී ඩොලර් 1.29ක ආදායමක් ලැබිණි.
බ්රිතාන්යයේ බට්ලර්හි කාල වර්ණ ලැබ්රඩෝර් සුනඛයකු කොණ්ඩාබෝල 62ක්, යට ඇඳුම් 8ක් රබර් පටි 4ක් ගිල දමා තිබූ අතර ශල්ය වෛද්යවරුන් ඒවා ඉවත් කර ඇත්තේ මැජික් ශිල්පියකු තොප්පියකින් විවිධ දේ ගන්නා අයුරිනි…..
………….අන්තර්ජාලය ඇසුරෙනි…………
No photo description available.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!