සෙරෙප්පු ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කුඩා කල සිටම කෙට්ටු හීන්දෑරී ශරීරයකට හිමිකම් කී මා පවුලේ හතරවෙනියා විය. මට වඩා බාල වයස්වල සිටියවුන් උසින් සහ මහතින් වැඩෙද්දි මා එදෙස බලා හීල්ලුවෙමි. ගුරුවරයෙකු ලෙස මා පත්වීම ලබාගන්නට පාසලට ගිය දිනයේ දී ද විදුහල්පතිවරයා මා හට තරයේ අවවාද කලේ අස්වීම් සහතික ලබා ගැනීමට බදාදා දිනයේ පැමිනිය යුතු බවයි.
එහෙත් කුඩා කල සිටම මාගේ ශරීර පරිමානයට වඩා විසල් දේ කිරීමට ඒකාත්මික කරගත් සිතක් මා සතු විය. කොටින්ම මා වාචාලයෙකි. ශරීර පරිමාවට වඩා හඩ ඇත්තෙකි. සමවයස්වල යහලුවන් මා ඇමතූයේ “පෙත්තා” යනුවෙනි.
හත්වන ශ්රේනියේ උපකාර පන්තියකට සහභාගී වූ මා පන්තිය අවසන් වූ නිමේශයේ පන්සල වෙත දිව යාමට තරයේ සිත් ඇතිව සිටියෙමි. මන්ද යත් දහම් පාසල් පැමිනෙන ලමුන් අනිවාර්යෙන් සහභාගී විය යුතු වැඩසටහනක් එදිනට යෙදී තිබුනු බැවිනි. සුප්රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් එම වැඩසටහනකට සම්බන්ද වන බව නායක හාමුදුරුවන් ප්රකාශ කලේ පෙර සතියේය. එම දේශනයට සහභාගී නොවන ලමුන්ගේ භාරකරුවන් කැදවන බව හේ තරයේම ප්රකාශ කලේය..යම් හෙයකින් මා වැඩසටහනට සහභාගී නොවූවහොත් අනිවාර්යයෙන්ම මාගේ මෑනියන් ඊලග දහම් පාසල් දිනයේ පන්සලට රැගෙන යා යුතු විය. එය කිසිසේත්ම කල නොහැක්කකි. මන්ද යත් දහම් පාසල් විවේක වේලාවන්හි දී සිදුකල වතුපාලු කිරීම් වල මහමොලකරුවා මා බැව් නායක හාමුදුරුවන් දන්නා බැවිනි. එය මව දන්නේ නැත. මව දැනගතහොත් ඇනුම් බැනුම් ගර්ජනයන් මත වසරක් පමන ගතකරන්නට සිදු වේ. කෙසේ හෝ එම දේශනයට සහභාගි විය යුතු යයි මා ඉහත තරයේ සිත්තුල තබාගත්තේ එහෙයිනි.
දාරානිපාත වර්ශාවක් පන්තිය අවසන් වන අවස්තාවේම කඩා හැලුනේ පන්සල වෙත යාමට තිබූ ඉඩ ප්රස්තා අහිමි කරමිනි. මදක් වර්ශාව තුරන් වන තෙක් සිටි මා මාගේ ගමන් සගයා සමග පොද වැස්සේම පන්සල වෙත දුවන්නට තීරනය කලෙමි. මන්ද වර්ශාවට තෙමී ලෙඩ වීමට වඩා බරපතල වේදනාවක් දේශනයට සහභාගි නොවී සිටීමෙන් සිදු වන බැවිනි.
පන්සල වෙත දිව ගිය අපගේ ඇදුම් ශරීරයට ඇලී තිබුනි. කොටට කපා තිබූ කොන්ඩය තෙත බරිතය. ඒ වන විටත් පන්සලේ ප්රදාන ශාලාව දේශනය බැලීමට පැමිනි ප්රේක්ශකයන් පිරී ඉතිරී යමින් තිබුනි.එම අවස්තාව වන විට දේශනය ආරම්භ වී තිබුනු නිසා යන්තමින් අපි දෙදෙනා මිනිසුන් අතරින් ප්රදාන වේදිකාව අසලට රිංගා ගත්තෙමු. වැස්ස නිසා තෙමුනු කොන්ඩයෙන් අම්මා ගෑ පොල් තෙල් බේරෙමින් තිබුනි.
දුටුවන් මන බදින කතා විලාශයකින් ප්රේක්ශකාගාරය වශී කරගත් පැවිදි රුව මා ඉදිරිපිට වේදිකාවේ සිටිමින් දෙමාපිය ගුන වර්නනය කරනු ලබයි.
මෙත්තා,කරුනා,මුදිතා,උපේක්ඛා සතර බ්රහ්ම විහරන ඇත්තෝ දෙමවුපියන්ම බව හේ දේශනා කරමින් සිටියේය.. මුලු ප්රේක්ශකාගාරයම දෙමාපිය ගුන වර්නණය නිසා නිශ්ශබ්දතාවයෙන් ඇලලී ගොසිනි. තාත්තා පිලිබදව ඒ ගුනාංග සමපාත කල හැකි වුවද මව සම්බන්දයෙන් එම ගුනාංග සමපාත කල හැක්කේ කෙසේද කියා මා කල්පනා කලේය. මන්ද යත් , මාගේ මව නිරන්තරයෙන් මාගේ කුමන හෝ වැරැද්දක් නිසා දඩුවම් කරන බැවිනි. තාත්තා එසේ නොවේ. ඔහු නිවසේ සිටි සැම අවස්තාවකම මා දිව ගොස් ඔහු තුල ගුලි වන්නේය. ඒ අවස්තාවේ අම්මා එකක් දෙකක් ගසමින් පසු බසින්නීය.
මා දේශකයා කී යම් යම් දෑ පිලිබද සිතුවිලි අරනක නිම්ග්න වෙමින් පැවතිනි.
“කාටද පුලුවන් අම්මට තාත්තට වදින ගාතාව කියන්න. පුලුවන් කෙනෙක් ඉන්නවනම් එන්න වේදිකාවට”
යනුවෙන් දේශකයා කියද්දි සිතුවිලි අරනේ නිමග්න වූ මා පියවි සිහියට එලබෙන්නට විය. ප්රේක්ශකාගාරය සිහින් කෙදිරුමක් සහිතව භිරාන්ත වූ ස්වභාවයකි.සිහින් මුනුමුනුවක් ඇසේ. කිසිවෙකුට හෝ ඉදිරිපත් වීමට පෞරුශයක් නොමැත්තා සේය. . මා හටත් ඉදිරිපත් වීමට ශක්තියක් නොමැති අතර ඊට සුදුසු වාතාවරණයක් ද නොවුනි. මන්ද මා වැස්සට තෙමුනු කුකුලෙකු මෙන් නිසාවෙනි. එමෙන්ම මට වඩා වැඩි වයස්වල බොහොමයක් සිටි බැවින් උන්ගෙන් එකෙක් පැමිනේවි යයි මගේ සිත කියන්නට විය. වේදිකාව නිශ්ශබ්දය.
“මෙතන කාටවත් බැරිද මා පිය වන්දන ගාතාව”
යලිත් වරක් දේශකයා අසයි. මාගේ හිත ගැහේ. අද දිනයේ කිසිවෙකුත් ඉදිරිපත් නොවූවහොත් අනිවාර්යයෙන්ම මගේ මව එය දැනගන්නේය. මට දෙස් දෙවොල් තබන්නේය.
“උබට බැරි උනාද ස්ටේජ් එකට නගින්න. උබේ කට තියෙන්නේ වෙන වෙලාවකට විතරයි”
මවගේ බැනුම් මා සිත දෝංකාර දුනි. හදවත ගැහෙන හඩ මටම ඇසේ. කෙසේ හෝ යා යුතුය තරයේ සිත් හි තබා ගත් මා ක්ශනයෙන් වේදිකාවට ගොඩ වන්නට විය.
මා දුටු කතකයා මාගේ හිසේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙලුවේය.. ප්රාතමික පන්තියක ලමයෙකුගේ පෙනුමැති මා ඉදිරිපත් වේ යයි එතුමා කිසිම දිනක නොසිතන්නට ඇත.
“මට පුදුමයි මේ පුතා ගැන. ඔහුගේ ඉදිරිපත්වීමට ගෞරවයක් විදියටවත් බැරිද හොද අත්පොලසන් නාදයක් පවත්වන්න”
දේශකයා ප්රේක්ශකාගාරයෙන් ඉල්ලනවාත් සමගම මහත් අත්පොලසන් නාදයක් ඇසුනි. මාගේ පපුව ගැහේ. ඉන්පසු ස්වාමීන් වහන්සේ වේදිකාවේ මයික් එක ලගට මා හට ආරාදනා කලේය. එම මයික් එක මට වඩා බොහෝ උස එකකි. මා කියන දේ හඩ ඉන් පිට නොවේ. ස්වාමීන් වහන්සේ නැවත පැමින එම මයික් එක මා දක්වා පහත් කලෙන් මා දෙමාපිය වන්දන ගාතා ද්විත්වය සභාව ඉදිරියේ කියා පෑවෙමි. යම් පදයක් මා හට වැරදුනු බව මා දැනගත්තේ ප්රේක්ශකාගාරයෙන් උසුලු විසුලු කිරීම නිසාය
“ඕනම කෙනෙක්ට වරදින්න පුලුවන් . මේ පුතා ඉදිරිපත් උනේ නැත්තම් ඔය හිනාවෙන අයගෙ ගෞරවයයි නැති වෙන්නේ. ඒ පුතා කලේ මෙතන හිටපු ඔක්කොම බේරගත්ත එක”
දේශකයා මා සරනට ඉදිරියට පැමිනියේය. ඉන්පසු මා දේශකයාට ස්තූති කරමින් වේදිකාවෙන් බැස ගමන් සගයා වෙත එලබුනි.
හිතේ තිබූ විශාල බරක් නිදහස් වූවාක් වැන්න. දේශකයාගේ වර්නනයෙන් ද ප්රේක්ශකයන් මට ලබා දුන් ගෞරවයෙන්ද සිත පිනා ගොස් ය. ඉන් පසු දේශකයා කී කිසිම දෙයක් මා හට මතක නැත. මන්ද මා සිටියේ සිහින ලෝකයක පාවෙමිනි.
දේශනය අවසන් වන විට ඇදිරි වැටෙමින් තිබුනු අතර අප නිවෙස් බලා යන්නට එලියට බැස්සෙමු. පෙර කරන ලද වීර ක්රියාවෙන් ඔද්දල්ව සිටි මා සිත එක වරම භයෙන් භිරාන්ත වීමක් සිදු වූයේ අම්මා ගෙනැවිත් දුන් අලුත් සෙරෙප්පු දෙක සොයාගත නොහැකි වීමෙනි. ඇතුල්වෙන අවස්තාවේ කලබල වූයෙන් පාවහන් ගැලවූ තැන් මා හට අමතකව ගොසිනි. එමෙන්ම කලුවර නිසාද එය සොයාගත නොහැකිය. කරන්නට දෙයක් නොමැත. ගමන් සගයා ගෙදර යන්නට අර අදියි. වේදිකාවේ සිදු වූ වීරක්රියාව නිසා හෝ පාවහන් නැති කරගැනීමේ වැරැද්ද වැසේ යයි සිතූ මා යාලුවා සමග නිවස බලා ඇදෙන්නට වන.
භාගයක් දුරට යන විට අම්මා අප සොයා මගට ඇවිත් තිබූ නිසා මාගේ භය දෙගුන තෙගුන වී තිබුනි. තාත්තා මේ වෙලාවට ගෙදර පැමිනෙන නිසා ගුටි නොකා බේරිය හැකිය. එමෙන්ම මා කල වීරක්රියාව නිසා අම්මාගේ හිත උනු වේයයි මාගේ සිත කියන්නට වුනි.
“ඇන්ටි අද ප්රදීප් ස්ටේජ් එකට නැග්ගනේ. ගාතාවක් කියන්න”
මාගේ යාලුවා මා වර්නනා කරන්නට වූයෙන් අම්මාගේ ඇස් දීප්තිමත්ව බැබලුනි. හිත යම්තම් නිදහස් වූවාක් වැනිය.
“එහෙම තමයි ඉන්න ඕන. ඕනම දේකට ඉදිරිපත් වෙන්න ඕන. ඒක හොද දෙයක්”
අම්මා මා දිරි ගැන්නුවේය. දැන් පාවහන් නැති වූ බව කියන්නට හොදම වෙලාව බව මා සිත් කියන්නට විය. එවිට අම්මා මට සමාව දෙනු ඇත.
“අම්මේ ….. පන්සලේ කට්ටිය වැඩි නිසා මට සෙරෙප්පු දෙක හොයාගන්න බැරි උනා… රෑවෙලා නිසා එහෙම්ම මම ආවා.”
යනුවෙන් මා අම්මාට අහිංසක විදියට ප්රකාශ කර සිටියෙමි. එතරම් වෙලා පහන් සිතින් ගමන් ආරම්බ කරමින් සිටි අම්මා ඔරවමින් මා දිහා බැලුවාය.
“තොට දැන් සෙරෙප්පු කීයක් අරන් දුන්නද.. ඒක පරිස්සන් කරගන්න මොලයක් නැද්ද… තොපි අපි කන්න ආපු කාබාසිනියා කාරයෝ..දැන් ඉතින් සෙරෙප්පු නැතුව ඉස්කෝලේ පලයන්”
යනාදී ලෙස සුපුරුදු වාග්මාලාව මා හා මගේ ගමන් සගයා ඉදිරියේ විදහාපාන්නට විය. ඉදින් , මා විසින් කල වීරක්රියාවෙන් මා ලබාගත් සතුට නිමේශයකින් මගෙන් ගිලිහී යමින් පැවතින..
උපුටා ගැනීම:Sameera K Dilruwan

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!