ශ්‍රමදානේ (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ සිද්දිය වුනේ A/L වලට කියලා අපි ඉස්කොලෙට ගිය මුල්ම දවසේ.අපිත් ඉතින් ඉගෙනගන්න තියෙන විශයන් තුනටම කියලා පොත් තුනකුත් අරගෙන අළුත් යුනිෆොම් එකකුත් ඇදගෙන එදා දවසේ අපිට ඉගෙනගන්න කියලා වෙන් කරලා තිබ්බ පංතියෙන් ගිහින් ඉදගත්තා.දැන් බලන් ඉන්නවා සර් කෙනෙක් ඇවිල්ලා අපිට උගන්වනකම්.(O/L වලට පස්සේ ආයි පොතක් අතින් ඇල්ලුවෙවත් නැති හින්දා දැන් නිකම් අකුරු ලියන්න වත් මතක නෑ වගේ හැගිමක් තමයි ඔළුවේ තියෙන්නේත්).කොහොමහරි ඕන්න සරුත් ආවා පන්තියට.අපිත් දැන් පොත් පැන් අරන් ලැස්ති වෙනවා ඉගෙනගන්න.”ළමයි අද ඔයගොල්ලන්ගේ පලවෙනි දවසනේ අපි මුලින්ම මේ අවට වටා පිටාව පිරිසිදු කරලම ඉගෙනගන්න පටන් ගමු.එහෙම හොදයිනේ”කියලා පන්තියට ආපු ගමන්ම සර් කිව්ව.දැන් පලයල්ලකෝ ඉතින් කුණු ගොඩවල් සුද්ද කරන්න.
උබලාට කියන්න ඔය කාලේ වෙනකොට අපි හිටියේ O/L විභාගේ එහෙමත් දෙය්යනේ කියලා යන්තන් පාස් කරගෙන ඉන්ජිනියර්ස්ලා වෙලත් එක්ක.එහෙව් අපිට මෙහෙම කුණු අදින්න යන්න කියන්න වටිනවද මං අහන්නේ!ටර්ම් ටෙස් දෙක තුනක maths වලට ලකුණු එහෙම ආවට පස්සේ නම් නිකන්ම අපි මිනිසිපල් කවුන්සිල් එකේ කුණු අදින වැඩට යන්න වුනත් හිත හදාගත්ත එක වෙනම කතාවක්.
එත් ඉතින් මේ මුල්ම දවසේ…
***
අපේ ඉස්කොලේ ඉගෙනගන්න ළමයි සාමන්යයෙන් ඔය අනික් ඉස්කොල වල ඉන්න ලමයි වගේ ඉස්කොලේ තාප්ප වලින් පැනලා ටවුන් වල රස්තියාදු ගහන්න එහෙම යන්නේ නෑනේ.ඇත්තටම අපිට එහෙම හොද ලමයි වෙන්න පුළුවන්කම ලැබුනේ අපේ ඉස්කොලේ මුළු ලංකාවටම තියෙන ලොකුම පිරිමි පාසලක් වීම නිසා.කොටින්ම නුවර තනි කන්දක් පුරාවටම වගේ අපේ පාසල. ඉතින් මෙච්චර අක්කර ගාණක් විශාල අපේ ඉස්කොලේ වටේ තාප්පයක් ගහන්න යන සල්ලි වලින් ඉස්කොලෙට අළුතෙන් බිලිඩිමක් ගහන්න තරම් පුළුවන්.(එහෙමයි කියලා බිල්ඩිමක් ගැහුවෙත් නෑ ඉස්කොලේ වටෙම තාප්පේ හැදුවෙත් නෑ) අනික ප්රධාන පාරට පෙන්න විතරක් හදලා තිබ්බ හැම තාප්ප කැල්ලකම වගේ CCTV එහෙම දාලා මදි පාඩුවට තව සිකුරුට්ටොත් දාලා තිබුනේ.ඔය හේතු හින්දා ඉස්සර ඉදන්ම උසස් පෙල සයන්ස් එකේ හිටපු අපේ අය්යලාත් ඉස්කොලෙන් පනින්න තාප්ප නැතුව පොඩි කෑලැ පාරක් හදාගෙන තිබුනේ.හැබැයි කාලයාගේ ආවැමෙන් නිවාඩු කාල වලට එහෙම පස්සේ අපි ඉස්කොලෙට එන දවස් වෙනකොට ඔය පාර ගොඩක්ම වල් බිහි වෙලා තමයි තිබුනේ.කැලැව කිව්වට එක තනිකරම වගේ මානා කැලැයක්!ඉතින් සර්ලාට මාට්ටු නොවෙන්න ඔය කැලේ පිරගෙන හදිස්සියට දුවද්දි මාන කොලෙට ඇග හැම තැනම කැපිලා ලේ එනකන්ම සිරෙනවා.අනික ඔය කැලේ සත්තුන්ට කියලා හිටියා යාබද කැලෙක ඉදන් අපේ ඉස්කොලෙන් අහක දාන කෑම කන්න පුරුදු වෙලා හිටපු ඌරෝ රංචුවක්.හැබැයි උන් දල ඌරෝ.එක නිසා ඔය ඉස්කොලෙන් පනින ගමන ටිකක් රිස්කි. මොකද ඉස්කොලෙන් හොරෙන් පනිද්දි ඔකෙක් ඇවිල්ලා ඇන්නොත් එහෙම ඌරා ගැහුව මිනිහට පිනා ඇන්න වගේ වෙනවා!ආ… සොරි වැරදුනා ඌරා ඇන්න මිනිහාට පිනා ගහුවා වගේ වෙනවා. පිනා කිව්වහම තව කතාවක් මතක් දවසක් බයෝ එකේ අය්යලා වගයක් ඉස්කොලෙන් පනිද්දි ප්රින්සිපල්ට මාට්ටු වෙලා.ඉතින් මුන්ගෙන් සර් එ ගැන අහනකොට මුන් ටික“සර් අපි මේ බයෝ පැරැක්ටිකල් වලට ගෙම්බෙක් හොයන්න පොඩ්ඩක් කැලේට අවා” කිව්වලු.එත් ඉතින් අපි ඔය හොර පාරේ පැනලා සර්ට මාට්ටු වුනොත් එහෙම එවා කියන්න බැනේ!මොකෝ maths එකේ අපි බයෝ උන් වගේ ගෙම්බෙක් එක්ක පැරැක්ටිකල් කරන්න යනවා කියලද?(ඊයා නේ මෙච්චර මිනිස්සු ඉද්දිත් මුන් ගෙම්බොත් එක්ක පැරැක්ටිකල් කරන එක!) හරි හරි උන්ට එ වැඩෙට ගෙම්බා හොදයි නම් අපිට මොකද?මන් ආයිමත් කතාවට එන්නම්කෝ…
ඉතින් ඔය කිව්ව මාන කැලේ පාස් කරාම පොඩි දියකඩිත්තක් තිබුනා.එකෙනුත් එගොඩ වුනාම මිනිස්සුන්ගේ ගෙවල් වලට යන අතුරු පාරකට වැටෙනවා.ඒ පාර දිගේ ගියහම එක වැටෙන්නේ කෙලින්ම ඉස්කොලෙට ටිකක් එහායින් තියෙන ප්රධාන පාරට!පනිනවා නම් පනින එකාට ඔවා තමයි අය්යලා දිලා තිබ්බ ඩිරෙක්ෂන්ස්.
***
ඔන්න දැන් කලින් අපිට සර් කියපු විදිහටම පංතියේ ලමයි ඔක්කෝම ටික පංතියේ අවට වටාපිටාව සුද්ධ කරගෙන යනවා.
ඉතින් පන්තියේ එවුනුත් මහන්සි වෙලා අපේ පන්තිය අවට පිරිසිදු කරගෙන යද්දි අපිට ඒ වැඩේ ටිකක් විතර බෝරිං වගේ වේගෙන ආපු නිසා එකෙන් ගැලවෙන්න හිතාගෙන මායි මගේ යාළුවෝ ටිකයි අර ඉස්කොලෙ හොර පාර තියෙන මාන කැලැව පැත්තට ශේප් එකේ රිංගගත්තා.
ඒ වෙනකොටත් මාසයක විතර නිවාඩුවට පස්සේ නිසා ඒ පාර හොදටම වල් බිහි වෙලා. අරුන් ටික අපේ පන්ති තියෙන හරිය සුද්ද කරනකන් අපි නිකං බලාගෙන ඉන්න එක හොදත් නැනේ!(බලන්න අපේ තියෙන හැදියාව නෙද?).අනික සුද්ද කරනවා නම් කොහෙ වුනත් එකයි මෙතන මොකද පංතියේ අවට මොකද කියලා අපි ටිකත් මාන ගොල්ලේ හදලා තියෙන හොර පාරේ මැදක ඉදන් අර දියකඩිත්තට යනකම්ම මාන ගස් ගලවලා පාර පිලිසකර කරන්න හිතුවා.(මැදක ඉදන් වැඩේ පටන් ගත්තේ ඉස්කොලෙ පැත්තෙන් බලන සර් කෙනෙක්ට එක කැලැව විදිහටම පෙන්න ඕනි නිසා). උබලාට කියන්න අපි කොච්චර මහන්සි වෙලා වැඩ කරාද කියනවා නම් හරිහමන් අඩි පාරක් වත් නොතිබ්බ පාර අන්තිමට බලනකොට දක්ෂිණ අධිවේගි මාර්ගෙ වගේ! A/L කරන එවුන්ට කොහොමත් මේ වගේ පාරවල් හොදට හදලා තියෙන එක මතුවට ගොඩක් ප්රයෝජනවත් වෙනවෙනේ.දැන් නම් ඉතින් කට් කරන එකෙක්ට ඉස්කොලේ ඉදලා අඩි පහක් හයක් දුර මාන ගොල්ල පිරගෙන එන්න ටික විතරයි අමාරුවකට තියෙන්නේ.ඉලගට කෙලින්ම හයිවේ එකේ.අපේ අළුත්වැඩියාවෙන් පස්සේ කලින් තිබ්බ අඩි පාරේ දැන් ඕනි නම් ප්ලෙන් එකකුත් ගෙනල්ලා ලැන්ඩ් කරන්න පුළුවන්.අනික ඇත ඉදන්ම හොදට පෙන නිසා දැන් ඌරන්ගෙන් බය වෙන්න දෙකුත් නැ.මාන කොල වලට සිරෙන්නෙත් නැ.
ඉතින් අපි ඔහොම මහන්සි වෙලා පාර හදලා එනකොට අපේ පන්තියේ අනිත් සෙටි එකත් පන්තියේ අවට වටාපිටාව හොදට පිරිසිදු කරලා ඉවරයි.අපේ පන්තියේ සර් වැඩ කරපු කට්ටියට කන්න කියලා කැන්ටිමෙන් ලුණු මිරිසුයි රොටියි අරගෙනත් ඇවිල්ලා.පාර සුද්ද කරලා හොදටම දාඩිය දාගෙන මහන්සි වෙලා ඉන්න අපි දිහා බලලා සර් “අනේ මේ ළමයි එහෙම මේ පිරිසිදු කරන වැඩෙට හරියට මහන්සි වුනා!ආ කන්න පුතේ මේ රොටියක් අපි හෙට ඉදලා එහෙනම් සිලබස් එක ඉගෙන ගමු” කිව්වා කියපංකෝ…
දැන් කාතාව මෙතනින් ඉවරයි කියලද හිතුවේ නෑ දැන් තමයි හරියටම පටන් ගන්නේ.මේ හොර පාරෙන් අපි ඉස්කොලෙන් කට්ටි පැනලා ගිය ගමන් ගැන එහෙම යන්න ගිහින් වෙච්චි අලකලංචි ගැන මේ කතා මාලාවේ දෙවෙනි කොටසත් එක්ක ඉක්මනටම හමුවෙමු….
උපුටා ගැනීම: Hasitha Lakshan Palamakumbura

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!