සොඳුරු උයන්නා (ශිල්ප හා විනෝදාංශ)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
‘ Wild cook book’ යනුවෙන් තමන්ගේම පිටුවකින් සමාජ මාධ්යය තුළ ඉවුම් පිහුම්වලින් හරඹ කරන මේ තරුණයා ගැන යමක් ලියන්නට සිතුනේ ඉවුම් පිහුම් උමතුව මා තුළද දරුණුවට නිධන්ගතව ඇති හෙයිනි.අවරගණයේ සමාජ මාධ්ය අවභාවිතවීම් අසන දකින වකවානුවක මෙම තරුණයාගේ ආගමනය ඒ අතර තරමක් වෙනස් පිවිසුමකි.ඔහු තමන්ගේ මාධ්ය ලෙස යොදාගන්නේ කාටත් රස කැඳවන ‘සූප’ ශාස්ත්රයයි.නමුත් ඔහු සූපවේදයේ ‘සම්ප්රදායික හැඩතලවලට’ අභියෝග කරන්නෙකි.ස්වකීය තාරුණ්යයේ ආකර්ෂණීයත්වය සමග ආහාර ඒදන ඔහු ජුගුප්සාජනක ලෙස තාරුණ බව අලෙවි නොකරයි.කාරණා කිහිපයක් යටතේ ඔහුගේ ආගමනය සමාජයට වැදගත් යයි මට සිතෙයි.
දකුණු ආසියාතික රටවල පවුල් සංස්ථා තුළින් බොහෝ විට නිර්මාණය කරවන්නේ අම්මලාගේ හුරතලුන් ලෙස හැදී වැඩී අනතුරුව බිරින්දෑවරුන්ගෙන් සියලු ජීවන රස සන්ථර්පනය කරගන්නට මානසිකත්වය සාදාගත් ‘පුත් කුමාරවරුන්’වය.එහෙයින් ගෑස් උඳුනක් ක්රියාත්මක කිරීමටවත් නොදත් පිරිමින් අප අතර අපමණය. ‘රසට ඉවීම’ කුඩා වියේ සිටම පිරිමි දරුවකු තුළ නැංවිය යුතු ජීවන ‘කුසලතාවක්’ ලෙස මම දකිමි.ඒ ‘ගැහැනියගේ වගකීම්’ පිරිමියා ‘මත පටවා’ ගැහැනියට නිදහස් වීමේ උවමනාව මත නොවෙයි.ජීවිතය යනු බෙදාගනිමින් විඳීමක් බව මම දැඩිව විශ්වාස කරමි.පිරිමියා ‘උයන්නට’ ඉගෙන ගත යුත්තේ ජීවිතය බෙදාගනිමින් විඳීමටය.එය වඩා සුපසන් ස්ත්රී- පුරුෂ සබඳතාවකට කෙතරම් අවශ්ය ද යන්න අපට අප නිවෙස් තුළටම එබිකම් කර මේ මොහොතේම බැලිය හැකිය.මේ හුරුබුහුටි තරුණයා ඒ ආකල්පය සමාජගත කළ හැකි ‘ප්රවේශකයකු ‘ ලෙස මට දැනෙයි.යම් සමාජයක මුල්බැසගත් ආකල්ප පද්ධතියක් එකවර වෙනස් කළ නොහැකි වුවද වඩා ආකර්ෂණීය ප්රවේශයකින් යමක් උගන්වන විට නිරායාසව එය ඉලක්කගත කණ්ඩායම්වලට නිරායාසව උද්ග්රහණය වන බව අපි දනිමු.මේ එවන් සම්ප්රවේශකයෙකි.
සූපවේදීන් සඳහා රැකියා වෙළඳපොළ තුළ ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි.නමුත් මෙරට අධ්යාපනය තුළින් ඊට කිසිඳු සාධනීය ඉඩක් හෝ දිරිගැන්වීමක් ලබා නොදෙන බව මම ගුරුවරියක ලෙස දනිමි.එය දරුවන්ගේ කුසලතා නොහඳුනාගැනීමේ සිට ඉන් ඉහළ පියවර දක්වා පවත්නා ගැටලුවකි.පුද්ගලයකුගේ සහජ කුසලතා නිවැරදිව හඳුනාගැනීමක් නොකෙරෙන අප සමාජයේ කුසලතාවන්ගෙන් පිරි දරුවන් ඒ තුළින් ඉදිරියට යන්නේ වෙන කරන්නට දෙයක් නැති තැන/යන්නට වෙන අතක් නැති තැන හෝ,වෙන යමක් කර තව වෙලාවක් ඉතිරිව තිබේ නම් පමණි.අත්තනෝමතිකව කුසලතා කේන්ද්ර ව තම ඉරණම් ගමන යන්නේ බෙහෙවින් අතලොස්සක් පමණි.එහෙයින් බොහෝ සූපවේදීන්ගේ ජීවිත පිටුපස ඇත්තේද එවන් කවර හෝ ඉරණම් කතාය.තම කුසලතා තුළින් ‘අනන්යතාවක්’ ගොඩනගාගැනීම නූතන ලෝකය තුළ සුදීප්ත වීමේ මූලිකම සුදුසුකම බව අප දරුවන්ට කියා දෙන්නේ කවදාදැයි නොදනිමි.මොහු එවන් මගක් තනිව ගොඩනගාගන්නෙකු වීම සමාජ ආදර්ශයකි.
සමාජ මාධ්යයට ඇබ්බැහිවීම මහා සමාජ ව්යසනයක් බවට පත්ව ඇති මෙම කාල වකවානුව තුළ එම මාධ්ය වඩා යහපත් ලෙස භාවිත කිරීමට යමෙකුට හැකිවීම එක්තරා අයුරකින් අභියෝගයකි.කිසියම් අහිතකර ප්රවණතාවක් මැඩලිය හැක්කේ ඒ තුළින්ම නැගෙන වඩා යහපත් ප්රවණතාවකට බව අපි දනිමු.ඒ අනුව මෙම තරුණයා අපට ඒ දෙවන කුලකයට ගත හැක්කෙකි.වැඩිහිටියන් වන අපට ඇති වගකීම නම් යමක් මුලිනුපුටා දැමීම නොව සෑම කුඩා දෙයකම වන කුඩා කුඩා යහපත් දේ උකහාගනිමින් එය සමාජ අභිවෘද්ධිය උදෙසා මෙහෙයවීමයි.අඩුම තරමේ මොහුගේ Tik tok වීඩියෝවක් නරඹා වටලප්පමක් සෑදීමට ද්රව්ය ඉල්ලීමට දරුවකු පෙළබීම වුවද දැන් තත්ත්වයේ හැටියට හොඳටම ප්රමාණවත් යැයි මම සිතමි.එවිට බිත්තරයක වන සෙසු ගෘහීය අවශ්යතා ගැන නොසිතා/නොකියා එයට ඉඩ දෙන්න යැයි මම ඔබෙන් ඉල්ලමි.’මන්නයට’ හා ‘සිනාවට’ එහා යමක් මොහුගෙන් දකින්න යැයි කියමි.මන්ද
•~කිසිවක් එකවර වෙනස් නොවේ.සියල්ල ක්රමයෙන් වෙනස් කළ හැකි වේ.~•
යැයි මම දැඩිව විස්වාස කරමි.
සූපවේදය තුළින් ජීවිතය කියවන්නට අවැසි යැයි හැඟේ නම් මේ විවේකයේ මෙම සිනමාපටද හැකිනම් නරඹන්න යැයි දන්වනු කැමැත්තෙමි.(cook up a storm,Abe,Chef,Ustad Hotel,The lunch box,The great Indian kitchen ,half boy friend,The mistress of spices)
උපුටා ගැනීම: Upekala Athukorala

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!