සුදු ඇඳුම් වලින් තීන්ත පැල්ලම් ඉවත් කර ගත හැකි ක්‍රම 7ක්‌ (ශිල්ප හා විනෝදාංශ)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඇඳුම් වල තීන්ත පැල්ලම් ඇතිවීමේ ගැටලුව බොහෝ විට බලපාන්නේ කාර්යාල වල රැකියා කරන පුද්ගලයන්ට සහ පාසල් දරුවන්ගේ දෙමව්පියන්ටයි. ඇඳුමක ඇති තීන්ත පැල්ලමක් නිකන්ම සේදුවොත් එය පැතිර ගොස් ලොකු විනාශයක් විය හැකියි. තීන්ත පැල්ලමක් උණු වතුරින් සේදීමට උත්සහකළහොත් එම තීන්ත රෙදි වල තන්තු අතරට උරාගෙන එම පැල්ලම ඉවත් කිරීම ඉතාමත් අපහසු හෝ කළ නොහැක්කක් බවට පත්වෙනවා.ඒ නිසා අප පහතින් දක්වන්නේ නිවසේ ඇති ද්‍රව්‍ය වලින් සුදු ඇඳුම් වල ඇති තීන්ත පැල්ලම් පහසුවෙන් ඉවත් කළ හැකි ක්‍රම කිහිපයක්.

01.බේකින් සෝඩා සහ ඇමෝනියා භාවිතයෙන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඇමෝනියා තේ හැන්දක් ( 10% ඇමෝනියා ජලයේ දිය කර)
  • බේකින් සෝඩා තේ හැන්දක්.
  • ජලය මේස හැන්දක්.

ජලය, ඇමෝනියා සහ බේකින් සෝඩා ඒකාකාර මිශ්‍රණයක් ලැබෙන තෙක් හොඳින් කලවම් කරන්න. එයින් ටිකක් තීන්ත පැල්ලම් මත තබා පැයක් පමණ එසේම තිබෙන්නට හැර පසුව සාමාන්‍ය පරිදි සෝදන්න.

02.රෙදි සෝදන සබන්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ දෙහි භාවිතයෙන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • රෙදි සෝදන සබන් කැටයක්.
  • හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේස හැඳි 2ක්.
  • දෙහි ගෙඩියකින් 1/3ක්

ග්‍රේට් කරගත් රෙදි සෝදන සබන් කැබලි, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ දෙහි හොඳින් මිශ්‍රකර එම මිශ්‍රණයෙන් ටිකක් පැල්ලම ඇති ස්ථානයේ තවරා මිනිත්තු 40ක් තිබෙන්නට හරින්න. ඉන්පසු සාමාන්‍ය පරිදි සෝදන්න.

03.හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ ඇමෝනියා භාවිතයෙන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේස හැඳි 2ක්
  • ඇමෝනියා මේස හැඳි 1ක්
  • කොට්න් පෑඩ් / කපු පුළුන් කැබැල්ලක්

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ ඇමෝනියා 2:1 අනුපාතයෙන් මිශ්‍රකර එම මිශ්‍රණයෙන් ටිකක් කපු පුළුන් කැබැල්ලක් ආධාරයෙන් පැල්ලම ඇති ස්ථානයේ තවරන්න. එය මිනිත්තු 10-15 පමණ තිබෙන්නට හරින්න. පැල්ලම තවදුරටත් අනෙක් ප්‍රදේශවලට පැතිරීයාම වළක්වා ගැනීමට එම ප්‍රදේශයට යටින් කඩදාසි තුවායක් (paper towel) තබන්න. ඉන්පසු සාමාන්‍ය පරිදි සෝදන්න.

04.මධ්‍යසාර භාවිතයෙන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පිරිසිදු කිරීමේ මධ්‍යසාර (Rubbing alcohol)හෝ එතිල් මධ්‍යසාර.
  • කපු පුළුන්.

පැල්ලම පැතිරී යාම වළක්වා ගැනීමට එයට යටින් කඩදාසි තුවායක් තබන්නඉන්පසු මධ්‍යසාර වලින් පෙඟවූ කපු පුළුන් කැබැල්ලකින් පැල්ලම ඇති ස්ථානය පිරිමදින්න. පුළුන් කැබැල්ල අපිරිසිදු වන වාරයක් පාසා අලුත් පුළුන් කැබලි යොදා ගනිමින් පැල්ලම නොපෙනී යනතෙක් මෙය සිදු කරන්න.

05.කිරි සහ කිරි නිෂ්පාදන භාවිතයෙන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • වේ ප්‍රෝටීන (whey)
  • කිරි හෝ කිරි නිෂ්පාදන.

වේ හෝ වෙනත් කිරි නිෂ්පාදනයක් පැල්ලම ඇති ස්ථානයට යොදා පැයක් පමණ තිබෙන්නට හරින්න. පැසවීමේ ක්‍රියාවලියට හේතුවන මෙම කිරි නිෂ්පාදන වල අඩංගු බැක්ටීරියා මගින් තීන්ත පැල්ලම් ඔක්සිකරණය කර එය ඉවත් කිරීමට පහසු තත්ත්වයකට පත් කරනවා. මෘදු තුනී රෙදිවල ඇති වී තිබෙන අලුත් තීන්ත පැල්ලම් යැවීමට සාමාන්‍ය ගව කිරි යොදා ගත හැකියි. ඒ සඳහා තීන්ත පැල්ලම කිරිවල පැයක් දෙකක් පෙඟෙන්නට හරින්න.

06.දන්තාලේප භාවිතයෙන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කිසිදු වර්ණකයක් අඩංගු නොවන සුදු පැහැති දන්තාලේපයක් (දත් සුදු කිරීම සඳහා ඇති දන්තාලේපයක් නම් වඩාත් සුදුසුයි.)

පැල්ලම ඇති ස්ථානය මත දන්තාලේප හොඳින්, ඒකාකාර ලෙස තවරන්න. මිනිත්තු 15කට පසු සාමාන්‍ය පරිදි සෝදන්න.

07.බඳුන් සෝදන සබන් දියර භාවිතයෙන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • බඳුන් සෝදන සබන් දියර (Dishwashing liquid)
  • ජලය

බඳුන් සෝදන හෝ සබන් දියර යහමින් පැල්ලම ඇති ස්ථානයට යොදා මිනිත්තු 30ක් පමණ මද රස්නයෙන් යුතු ජලයෙහි සබන් සමගම පැල්ලම සහිත ඇඳුම පොඟවා ගන්න.ඉන්පසු පැල්ලම ඇති ස්ථානය හොඳින් දෑත්වලින් පිරිමදිමින් සෝදාගන්න. මීළඟට සාමාන්‍ය පරිදි ඇඳුම සෝදන්න. මෙය අප ඉහත සඳහන් කළ ක්‍රම වලින් තීන්ත වලින් වැඩි කොටසක් ඉවත් කර ගත් පසු ඉතිරි වන ටික ඉවත් කර ගැනීම සඳහා යොදාගත හැකියි.

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!