සුදු අත් දිග ශර්ට් එකයි- නිල් ඩෙනිමයි- හරි අවධානම් (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ඇයි ඔයා මට කැමති වුනේ? “
මගේ පපුවට තුරුලු වෙලා ඉන්න ශාලිකා තව ටිකක් තද කරගන්න ගමන්ම මන් ඇහුවා.
සාමාන්යයෙන් මේ ප්රශ්නේ අහන්නේ කෙල්ලෝ.ඒත් කීප පාරක්ම කැමැත්ත අහලා අකමැති වුන කෙල්ලෙක් පස්සේ හිතාගන්න බැරි වෙලාවක මන් ඔයාට කැමතියි කිව්වම ඒකට හේතුව දැනගන්න ඕනම කොල්ලෙක් කැමති වෙන්නේ නැද්ද?.
ඔලුව උස්සපු ශාලිකා මගේ මූන දිහා හරිම හුරතල් විදියට බලලා ඕනම් කෙල්ලෙක් අහන ප්රතිප්රශ්නය ඇගට පතට නොදැනෙන්න මට යොමුකරා.
“ඇයි එහෙම අහන්නේ?”
මන් ඇත්තටම මගේ හිතේ තියෙන හේතුව එයාට කියනවා කියලා හිතුවා. ඒ කුතුහලේ තියාගෙන මට අපේ සම්බන්දෙ ඉස්සරහට අරන් යද්දී මන් මටම බොරුවක් කරනවදෝ වගේ දැනුනා.
“ඉතින් හතර පාරක්ම මන් අහලා, ඒ හැමවෙලේම මන් A/L ඉවර කරනකන් අෆෙයාර් එකක් පටන් ගන්නෑ කියලා, යාලුවෝ වගේ ඉමු කියපු ඔයා, එක පාර ක්ලාස් එක ඉවර වෙලා ගෙදර ගියපු ගමන් I love you too කියලා මැසේජ් එකක් එව්වම ඇයි එහෙම වුනේ කියලා හිතෙන එක සාධාරණ නැද්ද අප්පා.”
මන් කියාගෙන කියාගෙන ගියේ එකසීය තිස් අට බස් එකේ කොන්දොස්තර වගේ.
“ඔයා මට ට්රයි කරන කාලේ මන් ඔයාට අකමැති කියලා ඔයාට කවදා හරි දැනුනද?” නැවතත් ශාලිකාගෙන් ප්රති ප්රශ්නයක්.
“එහෙම දැනුන් නෑ. ඒත් ඉතින් කැමැත්තක් තියෙනවා කියලා ඔයා දැන්නුවෙත් නෑනේ ශාලූ”
ඒ මගේ උත්තරයයි.
උත්තරයත් එක්කම තව ප්රශ්නෙකුත් ආව නිසා එකත් එහෙම්මම අහන්න මට හිතුනා.
“ඇත්තටම ශාලූ එදා ක්ලාස් එකෙන් පස්සේ මොකද අප්පා එහෙම එකපාරම ඔයා වෙනස්ම තීරණයක් ගත්තේ?”
ඒ ප්රශ්නෙත් එක්ක පපුවට තුරුල් වෙලා හිටපු ශාලිකා ආයිමත් මගේ මූන දිහා බැලුවේ පොඩ්ඩක් බෑරෑරුම් පෙනුමක් එක්කයි.
“මන් ඇත්තම කියන්නද? ශාලිකා එහෙම කියන ගමන්ම මගේ පපුවෙන් ඈත් වුනා.”
ඕනේ නෑ මගේ පපුවටම තුරුල් වෙලා ඉන්න කියලා හිත කියන්න ගත්තත් මේ කුතුහලේ නැති කරගන්නත් මට පුදුම ඕන කමක් තිබුන නිසා කටින් වචනයක් වත් නොකිය මන් ඔලුව වැනුවා.
“අහන්නකෝ රනූ මන් ඔයාට ඇත්තටම ඔයා අහපු ටික දවසක ඉදන් කැමැත්තෙන් හිටියේ. ඒත් ඉගෙන ගෙන ඉවර වෙනකන් මට අෆෙයාර් එකක් පටන් ගන්න බෑ මයි කියල මන් හිතාගෙන හිටියා.”
ඒත් එදා ඒ හැමදේම වෙනස් කරේ ඔයාම තමා.”
මගේ හිත තව තවත් පැටලෙන උත්තරයකුයි ශාලිකා ඒ පාර දුන්නේ. මන් ආයීම ප්රශ්න අහන්නත් කලින් ඒක තේරුම් ගත්ත ශාලිකා කතාව ඉස්සරහටත් කියන්න ගත්තා.
“ඔයාට මතකද ඔයා එදා ඇදන් ආවේ මොකක්ද කියලා.”
“අත්දිග සුදු ශර්ට් එක වැලමිට ගාවට නවල නිල් ඩෙනිම් කලිසම.”
“ඇත්තටම එච්චර ගතියට මන් ඔයාව ඊට කලින් කවදාවත් දැකල තිබුන් නෑ රනූ. ඒ ඇදුමත් එක්ක ඔයාගේ ලස්සන හොදටම කැපිලා පෙනුනා. අන්තිමට මට නොකිය ඉන්න බෑ කියලම හිතුනා. ඒකයි මන් ගෙදර ආව ගමන් මසේජ් එක එව්වේ.”
ඇත්තටම ඒක එච්චරටම ගතිද, කලින් දන්නව නම් මුලින් අහන දවසේම ඒක අදිනවනේ, මන් හිතින් හිතුවා.
ඇදුමකට එච්චර දෙයක් කරන්නත් පුලුවන් නේද කියලා මන් එදා තමා තේරුම් ගත්තේ.
ඇදුම නිසා යාලූ වුන නිසාමද මන්දා A/L වලින් පස්සේ යාලු වෙන්න හිටපු ශාලිකා A/L ඉවර වෙන්නත් කලින් අෆෙයාර් එක නවත්තලත් දැම්මා.
හිත් ගැලපෙන්න ඇදුමට හිත ගියාට විතරක් මදි කියලා මන් ඒකෙන් තේරුම් ගත්තා.
ඒ කොහොම වුනත් ඊට පස්සේ ට්රයි කල හැම කෙල්ලටම කැමතිද අහන්න මන් ඇදන් ගියෙත් සුදු ශර්ට් එකයි ඩෙනිම් කලිසමමයි තමා.
උපුටා ගැනීම: ~ප්රබාගේ අඩවිය~

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!