සුප්‍රසිද්ධ ගුරුවරියක් බවට පත් වූ අද , බිහිරි ගැහැණිය හෙලන් කෙලර් ගේ කතාව (චරිත)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හෙලන් කෙලර් යනු ජීවිතයේ මුල් අවදියේ ම කතා කිරීමට පෙර අන්ධ හා බිහිරි බවට පත් වූ ගැහැනියක්. කනට ශබ්ධ ඇසුනේ නැත්නම් , කෙතරම් කතා කිරිමේ හැකියාව තිබුනද, කතා කිරීමට නොහැකි වනවා. කථනයේ දී ශ්රවණය ඉතා වැදගත් . විශේෂයෙන් ජීවිතයේ මුල් අවධියේ දී.
හෙලන් කෙලර් උපත ලබන්නේ ඇමරිකාවේ ඇලබාමා හී ටස්කම්බියා වලයි. ඒ 1880දී. ඉතා නීරෝගීමත් දරුවෙක් ලෙස උපත ලැබූ ඇයට වයස මාස 19 දී ඉතා දරුණු ලෙස මෙනින්ජයිටිස් (මොළයට වෛරසයක් ඇතුළු වීම නිසා ඇති වන දරුණු ආසාදන තත්වයක්) රෝගය වැළදෙනවා. ඇය කෙසේ හෝ සුවය ලැබුවත්, අභාග්යසම්පන්න ලෙස මොළයට සිදු වූ හානිය නිසාවෙන් අන්ධ හා බිහිරි භාවයට පත් වෙනවා. මෙහිදී හෙලන් ඉතාමත් අපහසුතාවයට පත් වෙනවා. හොදින් කන් ඇසුන හා යම් තරමකින් කතා කිරීමට හැකිව සිටි ඇයට, මින් පසුව ඇති වන්නේ අපේක්ෂා භංගත්වයක් , තරහක්. ඒ ඇය සිතන සිතුවිලි සන්නිවේදනය කිරීමට නොහැකි වූ නිසා.
එම කාළ පරිච්ඡේදය හෙලන්ටත් ඇයගෙ දෙමාපියන්ටත් ඉතා අපහසු හා අභියෝගමත් කාළයක් වුවා.ඇයගේ මවටත්, පියාටත් ඇයට උපකාර කිරීමට අවශ්යය වූවද එය කරන්නේ කෙසේදැයි ඔවුන්ට සිතා ගන්න බැරි උනා. මේ කාළයේදී හෙලන් කිසිම දෙයක් නොඅසන ඉතාම මුරණ්ඩු දරුවෙක් බවට පත්ව තිබුනා.
හෙලන්ගේ නිවසේ සේවය කල ආහාර පිළියෙල කල සේවිකාවගේ දියණිය ඇගේ නිවසට යන්න එන්න පටන් ගන්නේ මේ අවධියේ . ඇගේ නම මාර්තා වොශිංටන්. කුඩා දැරියන් දෙදෙනාහට යෙහෙළියන් බවට පත් වීමට වැඩි කලක් ගත වන්නේ නෑ. ඒ වගේම මාර්තා සමග සන්නීවේදනය කිරීමට හෙලන් ඉගෙන ගන්නවා. ඒ සෙල්ලම් කිරීම සදහා ඔවුන්ම සාදාගත් සංඣ්ඣා ක්රමයකින්. හෙලන් මාර්තා තුලින් ඉගෙන ගැනීමට ඉතා ප්රිය වුවත්, ඇගේ දෙමව්පියන්ට වෘත්තීය සුදුසුකම් සහිත ගුරුවරයෙකුගේ අවශ්යතාවය තදින් දැනුනා . 1886 දී හෙලන්ගේ මවට දැන ගැනීමට ලැබෙනවා දුරකථණය සොයා ගත් ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් ගැන. මේ අවධියේ දී ඔහු බිහිරි වූවන් මුහුණ පාන ගැටළු පිළිබද අධ්යයනය කරමින් සිටියා. සමහර විට ඔහුට හැකි වෙයි උදව් කරන්න. හෙලන්ගේ මව සිතුවා. බෙල් හෙලන්ගේ මවට පැවසුවා අන්ධ පුද්ගලයන් සදහා වූ පර්කින්ස් පාසල පිළිබදව . පසුව ඔහුගේ මූළිකත්වයෙන්, විශේෂ පුහුණුවක් ලැබූ ගුරුවරියක් ඇගේ නිවසට එව්වා. මේ ගුරුතුමීයගේ නම උනේ ඈන් සොලවන්.
ආරම්භයේ දී හෙලන් ඉතාමත් අකීකරු , පාළනයට අපහසු ශිෂ්යාවක් උනා. නමුත් ඈන් සොලවන් ඇයව තේරුම් අරගත්තා පමණක් නොව ඇයට ඉතා කරුණාවන්ත වූවා.
හෙලන් ගේ නිවසේ නළ වතුර ළිඳක් තිබුනා. ඈන් සහ හෙලන් මෙයින් වතුර ගනිමින් සිටි අවස්ථාවකදී , ඈන් හෙලන්ගේ අතේ යම් සංකේත කිහිපයක් ඇන්දා. එහිදී හෙලන් ට තේරුනා, ඇය ඒ ලිවුවේ water (වතුර ) කියන වචනය බව. හෙලන්ට ඇති උනේ අසීමිත ප්රීතියක්.එයින් පැය කිහිපය කට පසුව හෙලන්ට හැකි උනා වෙනස් වචන 30කට අධික ප්රමාණයක් කියවීමට . අවසානයේදී හෙලන්ට අන් අයත් සමග සන්නිවේදනය කිරීමට හැකියාව ලැබුනා. හෙලන්ගේ හුදෙකලා ලෝකයෙන් එළියට ඒමට ඈන් මෙලෙස ඇයට උපකාර උනා. හෙලන්ට අවුරුදු 8ක් සම්පූර්ණ වූ පසු, ඇය ඈන් සමග අන්ධ පුද්ගලයන් සදහා වූ පර්කින්ස් පාසලට ඇතුලත් උනා. එහිදී ඇය අවබෝධ කරගත්තා මේ තත්වයට පත්ව ඇති එකම් පුද්ගලයා තමන් පමණක් නොවන බව.මෙය ඇයට ගෙනාවේ අස්වැසිල්ලක් . මේ ළමුන් සියළු දෙනාම පාසලේ ගුරුවරුන් ගෙන් සහ ඔවුනොවුන් ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. එසේම වෙනත් භාෂා කිහිපයක්ම ඉගෙන ගැනීමට ඇයට හැකි වුනා.
1894 දී ඈන් , හෙලන් ව නිව්යෝර්ක් නගරයට රැගෙන යනවා. එහිදී ඇය අද,බිහිරි ළමුන් සදහා වූ වෙනත් පාසල් කිහිපයකින් ම ඉගෙන ගන්නවා. හෙලන් ගොඩක් උත්සහ කලා කතා කිරීමට. ඇයගේ කටහඩ තිබුනත්, ඇය වචන උච්චාරණය කරන්නේ කෙසේදැයි දැනගෙන සිටියේ නෑ.එනිසා එය ඇයට ඉතා අපහසු උනා.
ඈන් සහ කිහිප දෙනෙක් පමණයි ඇය කතා කල ශබ්ද හදුනා ගත්තේ.හෙලන් ඉතා උත්සාහ වන්තව ඉගෙන ගත්තා. 1900 අවුරුද්දේදි ඇය විශ්ව විද්යාල අධ්යාපනය ආරම්භ කලා. හෙලන් සහභාගි වූ සෑම දේශනයක් සඳහාම ඈන් ද සහභාගි උනා. දේශකයන් පැවසූ වචන ඈන් හෙලන්ගේ අතේ ලියුවා.1904 දී, උපාධියක් ලබාගත් ලෝකයේ පළමු අද ,බිහිරි පුද්ගලයා වීමට හෙලන්ට හැකි වුනා. හෙලන්ට තමා ගැනම ඇති වුනේ ඉතාමත් සතුටක් සහ ආඩම්බරයක් . එසේම ඇය අදිශ්ඨාන කරගත්තා , ඇය වගේම වූ බොහො පුද්ගලයන් ට තමන් ඉගෙන ගත් දෙයින් උපකාර කිරීමට.
ආරම්භයේ දී ඇය කාන්තාවන් ගේ අයිතීන් සදහා සටන් කරන සංවිධානයක් සමග එක්ව වැඩ කලා. පසුව 1912 දී ඇය වෘතිකයන් සදහා වූ සංවිධානයක් සමග වැඩ කලා. මෙහිදී ඇය සොයා ගත්තා සමහර වෘතීන් නිසා පුද්ගලයන් අන්ධ භාවයට පත් විය හැකි බව. ඇය මේ සම්බන්ධව බ්රේල් පොතක් එළි දැක්වූවා. ඇයට අවශ්යය වූවා අන්ධ බව ඇතිවීම වැලැක්වීමට සිදුකල හැකි බොහෝ දේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට .ඉන්පසුව ඇය ලෝකයේ බොහෝ රටවල් වල සංචාරය කරමිඅන්ධභාවයට පිළිබදව බොහෝ අය සමග සාකච්ඡා කලා. මෙහිදී ඇයගේ පණිවිඩය ගෙන යාමට ඈන් ඉමහත් පිටුවහලක් උනා. හෙලන් ගේ දේශන ඉතා ජනප්රිය වූ අතර සමහර සති වල ඇ.ඩොලර් 2000ක පමණ ආදායම ක් ලබන්නට ඇයට හැකි උනා. ඇය ඒ සියලුම මුදල් අන්ධ පුද්ගලයන් සදහා වූ සංවිධාන වලට පරිත්යාග කලා.
අවාසනාවන්ත ලෙස ඈන් රෝගාතුර උනා.
ඉන්පසු හෙලන්ගේ උපකාරයට එන්නේ පොලී තොම්සන්. හෙලන් ඉමහත් ශෝකයක ගිල්වමින් 1936 දී ඈන් මෙලොවින් සමු ගත්තා.ඈන් හෙලන් වෙනුවෙන් කල සේවය ඇයට ඉතා අමරණීය උනා.
අන් අයගේ උපකාර ද ඇතිව හෙලන් පොත් 12ක් පමණ එළි දැක්වූවා . ඇයගේ කථනයන් සහ ග්රන්ථය න් හෙලන් ට ගෙන ආවේ ඉමහත් කීර්තියක් . මේ අතර ලෝකයේ බලවත් පුගලයන් පවා ඇය මුණ ගැසීමට කැමැත්ත පල කලා. මේ අතර මහා බ්රිතාන්යයේ රජතුමා සහ ඇමරිකානු ජනාධිපති වරයාද සිටියා. පොලී තොම්සන් හෙලන්ට මහත් ලෙස උපකාර වූවත් ඇයද අවාසනාවන්ත ලෙස රෝගාතුර උනා. එ 1957 දි. ඉන් පසුව හෙලන්ගේ උපකාරයට ආවේ, විනී කොබර්ලි. ඇයද හෙලන් ගේ අන්ධ පුද්ගලයන් සදහා වූ සමාජ මෙහෙවරට එකතු උනා. මොවුන්ගේ ක්රියා කාරිත්වය පසු කලෙක වේදිකා නාට්යයක් ලෙස රඟ දැක් වු ඈන් සොලවන්ගේ ආශ්චර්ය මත් ක්රියා නම් වූ නාට්යයට පාදක උනා. එය 1962 දී ඉතා ජනප්රිය චිත්රපටිය ක් ලෙස සිනමාවට නැඟුණා.
1964 දී , ඇමරිකාවේ විශිෂ්ඨතම පුගලයන් සදහා පිරිනමන ජනාධිපති සම්මානයෙන් හෙලන් පිදුම් ලැබුවා. 1965 දී,ඇයගේ නම ඇමරිකාවේ අති සාර්ථක කාන්තාවන් ගේ නාම ලේඛනය ට ඇතුලත් කරනු ලැබුවා. හෙලන් ඉතා නිහතමානීව හා කෘත පූර්වකව පැවසුවේ ඒ ලේඛනය ට ඈන්, පොලී හා විනී ගේ නම් ද ඇතුලත් විය යුතු බවයි.
1968 දී වයස අවු. 88 දී ඇය මිය යන තෙක්ම හෙලන් ජීවත් උනේ ඇයගේ දිවිය ජය ගැන්මට උදව් කල ඒ අපූරු කාන්තාවන් තිදෙනා ගැන සිහි කරමින් සහ ඇය ඔවුන් සමග ලොව පුරා වු අන්ධ බිහිරි පූද්ගලයන් සදහා කල මෙහෙය ගැන ඉතාමත් ආඩම්බරයෙන්.
(අන්තර්ජාලය ඇසුරෙන් සකස් කරන ලදී)
May be an image of 1 person
May be an image of grass and tree
May be an image of 2 people
May be a black-and-white image of 1 person
උපුටා ගැනීම: චමිලා පෙරේරා 🏵️

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!