සුරූපී තේරේසා නිදියහනට එන හොල්මන් මැසේජ් එකේ සැබෑ කතාව.. (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
2016 දී ෆේස්බුක් හරහා වේගයෙන් ෂෙයා වුන අමුතුම මැසෙජ් එකක් ගැන තොරතුරු අහන්න ලැබුණා. ඉන් පැවසෙන්නේ ‘‘මට සමාවෙන්න මේක ඔයාට එව්වට. ඔයා දැන් මේක ඕපන් කරලා තියෙන්නෙ. ඔයාට බෑ දැන් කියවන එක නවත්වන්න. මගේ නම තෙරේසා. මං මැරුණෙ අවුරුදු 27 දි. ඔයා මේක 20 කට යැව්වෙ නැත්නම් මං හැමදාටම ඔයා එක්ක නිදාගන්නවා.“ යනුවෙන්.
මේ පිළිබඳව සොයා බලද්දි දැනගන්නට ලැබුණේ මෙවැනි කතාවක්. මෙහි සැබෑ කතාව නම් teresa fidalgo ජිවත් උනේ පෘතුගාලයේ. 1983 වර්ෂයේ දවසක ඇගේ මව රිය අනතුරක් හේතුවෙන් මිය යනවා.
ඊට හරියටම දින 29කට පස්සේ ඇය තම මවගේ වාහනයෙන් පෘතුගාලයේ කදුකර ප්රදේශයේ ගමනක් යන්න පටන් ගන්නවා. එත් ඒ අතරතුර සිදුවන අනතුරකින් සුරෑපි තෙරේසා මිය යනවා.
මේ වන විටත් ඇගේ මෘත ශරීරය සොයා ගන්න කිසිවෙකුට හැකි වෙලත් නැ. ඒ වගේම ඒ අනතුර සිදු වෙච්ච ආකාරය තවමත් ලෝකයට අබිරහසක්. එදායින් පස්සේ තමා teresa කියන නම ලෝකයේ ජනප්රිය වෙන්නේ.
ඒකට හේතුව තමා ඇය අනතුරට ලක් වු ස්ථානයේ එක දිගටම අත්භුත ආකාරයේ වාහන අනතුරු රාත්රි කාලයේ සිද්ද වෙන්න පටන් ගැනීම. ඒ අනතුරට පත් වන හැමොම කිව්වෙ එකම විදිහේ කතාවක්. ඒ තමයි ඒ අනතුරු සිද්ද වෙන වාහනවලට යම් කිසි කාන්තාවක් අත දානවා ඇය බොහො සුරෑපි කාන්තාවක් ඒ නිසා බොහෝ දෙනෙක් ඇයව තමන්ගේ වාහනයට නංවා ගන්නවා.
ඇය වාහනයට නංවා ගැනිමෙන් පසුව මේ teresha ඇය අනතුරට ලක්වු ස්ථානයේදිම ඇය කියනවා මම teresha fidalog කියලා ඒ වගේම මම රිය අනතුරට පත් උනේ මේ ස්ථානයේදි කියනකොට අර වාහනෙත් නොසිතු ආකාරයෙන් අනතුරට පත් වෙලා තියෙනවා. ඒ සමගම teresha ඒක පාරටම වාහනයෙන් අතුරුදහන් වෙනව.
මෙම සිදුවීම ලොකුවටම කරලියට පැමිනෙන්නේ මෙය සිදුවී වසර 20 කට පසු, 2003 ජූලි 12 වන දින, වීඩියෝ එකක් අන්තර්ජාලයට නිකුත් වෙනවා. එහි දැක්වෙන පරිදි, අඳුරුතම රාත්රී කාලයේ මිතුරන් තිදෙනෙකු කණ්ඩායමක් මෝටර් රථයක් පදවගෙන යනවා, ඔවුන් අවතාර සහ වෙනත් සමාන දේ ගැන කතා කරමින් සිටියදී පාරේ අනෙක් පැත්තේ තරුණියක් පැමිණෙන බව ඔවුන් දකිනවා.
ඔවුන් ඇයව වාහනය තුළට කැඳවන්නේ ඇය වාහනයට අත දමා ඇයව ඉස්සරහට රැගෙන යන ලෙස ඉල්ලන නිසා. ඇය ලස්සන පෙනුමක් ඇති නමුත් අමුතු නිහඩ කෙල්ලෙක්, ගමන අතරතුරේදී, ඇය යම් නිශ්චිත ස්ථානයක් පෙන්වලා කියනවා මෙම ස්තානයෙදී ඇය මිය ගිය බව. ඉන්පසු ඔවුන් භියට පත්වී වාහනය එම ස්තානයේම හැප්පෙනවා.
මෙහිදි ඉදිරිපස ගමන් කල දෙදෙනා මිය යන අතර තුන්වැන්නා ඩේවිඩ් ලෙස හඳුනාගත් වීඩියෝ කරන කෙනා බේරෙනවා. කෙසේ වෙතත්, එදින රාත්රියේ සිදුවූ දේ හරියටම විස්තර කිරීමට ඔහුට නොහැකි වෙනවා. කොහොම නමුත් විඩියො එකෙ ඔහු අන්තර්ජාලයට එකතු කරනවා.එම විඩියෝ එකේ ලින්ක් එක පහතින් දාන්නම් බලන්න.. විඩියෝ එකේ සත්යතාව ප්රශ්නාර්ත සහගතයි. පසුව සදහන් කරනවා මේ විඩියො එක චිත්රපටයක් සදහා සෑදූ බව..
නමුත් කිව යුතුය.. සැබෑවටම කාන්තාවක් 1983 දී එලෙසම අනතුරින් මියගොස් තිබෙනවා. නමුත් පොලිස් වාර්තාවල සඳහන් වන්නේ මේරි නම් කාන්තාවක් මෙම ස්ථානයේ දී මියගොස් ඇති බවයි. එම ස්තානයේ මෙලෙස අනතුරු සිදුවන බවත් වරතා වෙනවා.. නමුත් පොලිසිය පවසන්නේ අනතුරු වලට බොහෝවිට හේතුව වන්නේ එම ස්ථානයේ පවතින වංගු ස්වභාවය සහ රියදුරාගේ බය නිසා බවයි.
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!