Tribhanga (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අක්රමවත් වගේම කිසිම ගැළපීමක් නැති පවුලක්. ඒ පවුල නියෝජනය කරන එකිනෙකට වෙනස් විදිහට හිතන පතන කාන්තාවන් තුන් දෙනෙක්. ඒ තුන් දෙනා අයිති වෙන්නේ පරම්පරාවන් තුනක්. කතාව කේන්ද්ර වෙන්නේ මේ අම්මා, දුව සහ මිනිබිරී වටා. ඒ තුන් දෙනා, ඒ අයගේ ජීවිතය සම්බන්ධයෙන් ගන්නා සාම්ප්රදායික නොවන ජීවන තේරීම්, එකකට එකක් යා කරමින් කතාවක් ගොතන ලේඛකයෙක්. අපිට චිත්රපටයක් විදිහට දැනෙන්නේ ඒ ලේඛකයා ගොතපු කතාව.
හින්දි ෆිල්ම් බලන අය අතර, කාජල් ට අකමැති කෙනෙක් ඉන්නවා කිව්වොත් ඒක පිළිගන්න අමාරු දෙයක්. ඒත් Tribhanga කියන්නේ කාජල් ට කැමැති අය වගේම අකමැති අයත් බලන්න ඕනේ ෆිල්ම් එකක්. ඒ තරම් ලස්සනට මේ චිත්රපටය කරලා තියෙනවා.
Tribhanga ෆිල්ම් එකේ චරිත කේන්ද්ර වෙලා තියෙන්නේ නයනතාරා (ටාන්වි අස්මි) කියන ලේඛිකාව වටා. ඇයි සම්මාන ලාභී ලේඛිකාවක්. ඇයගේ දුව තමයි අනුරාධා (කාජල්) නැතිනම් අනූ. ඇය ස්ව උත්සාහයෙන් දියුණු වුණු බොලිවුඩ් නිළියක්. තනිකඩ මවක්. අනූ ගේ දුව මාශා (මිථිලා පාකර්). මේ තුන් දෙනාගේ කතාව අපිට වාර්තාමය ස්වරූපයෙන් විස්තර කරන්නේ මිලාන් (කුනාල් රෝයි කපූර්). මේ පවුලේ පුතෙක් ඉන්නවා. ඒත් එයා ජීවිතය දෙවියන්ට බාරදුන් කෙනෙක්.
පුංචි කාලේ වුණු යම් යම් සිදුවීම් නිසා අනූ එයාගේ අම්මා එක්ක ඉන්නේ ජන්මාන්තර වෛරයකින්. ඒ වෛරය කොච්චරද කියනවා නම් ඇය අම්මට “අම්මා” කියන්නෙත් නැහැ. අනික් හැමෝම වගේ “නයන්” කියලා කතා කරන්නේ. මාශා මේ දෙන්නටම වෙනස්. ඇය විවාහ වෙලා ඉන්නේ සාම්ප්රදායික හිතන පවුලකින්. අම්මටයි ආච්චියට වඩා වෙනස් විදිහට ජීවිතය දකින මාශා ට ඕනේ එයාගේ සැමියගේ පවුල තුළින්, එයාට පුංචි කාලේ නැතිවුණු “පවුල” සොයන්න.
හදිසියේම අසනීප වන නයන් කෝමා තත්ත්වයකට වැටෙනවා. මෙන්න මේ වෙලාවේදී තමයි, අනූ ට නයන් ව, ඒ කියන්නේ එයාගේ අම්මා කවුද? කියන එක අවබෝධ වෙන්නේ. මේ අවබෝධය ලැබෙන්නේ මිලාන් අනූගේ අම්මගේ ජීවිත කතාව ලිවීම සඳහා පටිගත කරපු වීඩියෝ දර්ශන හරහා.
හින්දි, දෙමළ සහ මරාටි කියන භාෂා තුනම ඇතුළත් වෙන පරිදි ත්රෛභාෂා චිත්රපටයක් වන Tribhanga කාලෙකින් බලපු හොඳම චිත්රපටයක්.
පුලුවන් නම් හොයාගෙන බලන්න.
Tribhanga චිත්රපටය බලපු මට හිතුනේ එකම එක දෙයයි,
“කවදාවත් කෙනෙක්ට සමාව දෙන්න පරක්කු වෙන්න එපා… මොකද සමාව දෙන්න හිත හදා ගන්න කොට සමහර විට අපි පරක්කු වෙලා තියෙන්න පුලුවන්”
Tribhanga චිත්රපටය බලලා “ෆා ක්” කියලා කියවුණේ නැත්නම් තමයි පුදුමේ…
– අනිල් කරුණාරත්න –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!