උපාලි කීර්තිසේන – අතුරුදහන් වූ රංගන ශිල්පියා (චරිත)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
උපාලි කීර්තිසේන කියන නමින් සමහරෙකුට පුද්ගලයා හදුනාගන්නට හැකි නොවුනත් පහල තියන ඔහුගෙ චායාරූපයෙන් නම් අනිවාරයෙන්ම හැමොටම හදුනගන්න පුලුවන් වේවි.. අද සිටින කුඩා ළමුන් මේ හාස්ය නලුවා ගැන නොදැන සිටියත් ඔහු රඟපෑ චිත්රපට සහ ඔහුගෙ ඒ කටහඩ තවමත් අපේ මතකයේ රැඳී තියනව කියන එක නම් මතක් කරන්නම ඕන
උපාලි කීර්තිසේන 1965 ජූනි 18 වන දින උපත ලද පුද්ගලයෙක්.. අපි උපාලිව හදුනන්නෙ හාස්ය උත්පාදනය කරන නලුවෙක් විදියටයි.. ඒත් ඔහුට පුද්ගලික ජීවිතයක් වගේම යහලුවන්ද කිහිප දෙනෙක් හිටියා.. ඒ අතරින් ලගින්ම ආශ්රය කරන අයගෙන් කෙනෙක් හිටියා.. ඔහු ජා ඇල ප්රදේශයේ සැලොන් එකක් කරගන ගිය කෙනෙක්.. ඉතින් නිතරම වගේ නිදහස් වෙලාවක් ලැබුන ගමන් උපාලි එහෙ යන්න පුරුදු වෙලා හිටියා.. ඒත් එක් දිනක් ඔහු සැලොන් එකට ගියත් ආය ගෙදර පැමිනියේ නැහැ
උපාලිට කරදරයක් වෙන්න ඇති කියල ගෙදර අය බය උන නිසාම දින කිහිපයකට පස්සෙ පොලිසියේ පැමිනිල්ලක් දාන්නෙ කෝකටත් හොද නිසා.. ඒ වගේම උපාලි ලක්ශ ගානක රත්රන් බඩු පැලඳ සිටිය බවට ඔහුගෙ පවුලෙ අය ප්රකාශ කරල තියනව.. කොහොමෙන් කොහොම හරි සතියකට පස්සෙ ජා ඇල කුණු ගොඩ ලගින් කාන්තාවක් යමින්සිටියදි අමුතු කුණු ගඳක් ආව නිසා පස්සෙ හොයා බැලීමෙදි ගෝනියක දමා ඇති සිරුරක් සොයාගන්නට හැකියාව ලැබෙනව… එහෙත් ඒ සිරුර සොයා ගන්නා විටත් නරක් වී ඇති නිසා යම් තාක් සිරුර විකුර්ති වෙලයි තිබුනේ…
මේ වෙනකොටත් පොලිසියට උපාලි අතුරුදහන් කියල පැමිනිල්ලක් දාලා තිබු නිසාම ප්ප්ලිසිය උපාලිගෙ ගෙදර අයව එන්න කියනව සිරුර හදුනගන්න පුලුවන්ද කියල බලන්න. ඒත් නැවත වරක් පනිවිඩයක් එවනව පැමිනීමට අවශ්ය නැති බව සහ සිරුර අතුරුදහන් වී ඇති බව දන්වලා.. .. මේ උපාලිගෙ සහෝදරිය පුවත්පතකට ප්රකාශ කර ඇති ප්රකාශයකි .. ඉතින් සිරුරක් කොහොමද එහෙම එක පාර අතුරුදහන් වෙන්නෙ කියන එක නම් ප්රශ්නයක්.. ඒ වගේම මේ නාදුනන සිරුර හමු වෙලා තියෙන්නෙ උපාලි අවසන් වරට සිටියා යැයි සැක කරන සැලොන් එකෙ සිට කිලොමිටරයක් වගෙ දුරකිනුයි
මේ අතුරුදහන් වීමට ප්රදාන සැකකරු වෙන්නෙ සැලොන් එකෙ අයිතිකරුයි.. මොකද උපාලි අන්තිමට හිටියෙ මේ සැලොන් එකෙයි.. එහෙත් ඔහු වැරදිකරු කියල ඔප්පු කරන්න කිසිම සාක්ශියක් නැති නිසා ඔහුව සැකයෙන් නිදහස් කරනව..
ඉතින් ඔහු අතුරුදහන් වූයේ 2016 පෙබරවාරි මාසයෙයි.. වසර 5ක් ගත වෙලත් අද වෙනතුරු කිසිම තොරතුරක් සොයාගැනිමට හැකියාව ලැබිලා නෑ.. .. අඩුම ගානෙ ඔහු පණ පිටින්ද කියන එකවත් කවුරුත් දන්නෙ නෑ.. ඒ කොහොම උනත් ඔහු අතුරුදහන් උනාට පසු හමු වූ සිරුර උපාලිගෙ වෙන්නට ඇති කියල විශ්වාස කරන්න පුලුවන් උනත් ඔහුගෙ පවුලෙ අය නම් ඒක පිලිගැනීමට කැමති නැති නිසා උපාලි අතුරුදහන් වූවන්ගෙ ලැයිස්තුවට ඇතුලත් වී තිබෙනව
උපුටා ගැනීම:  සංදේශය

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!