උසස් පෙල සිසුන්ට අත්විදින්න සිදුවෙන ගැටලු සහ ඊට විසදුම්.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඔන්න මේ ලගදි ෆේස්බුක් එකේ පෝස්ට් එකක තිබුණා මෙන්න මෙහෙම කතාවක්. 

” ඕලෙවල් වලින් පස්සෙ මට වුන දේ මමවත් දන්නෙ නැහැ ” කියලා. ඉතින් මට හිතුනා මේක ගැන නම් කතා කරන්නම ඕන කියලා. උසස් පෙල කියන්නෙ අතිශයින්ම තරගකාරී විභාගයක්. ඒ ගැන ඕනම කෙනෙක් හොදයාකාරවම දන්නවා.ඊට හෙතුවෙන්නෙ සීමිත පිරිසක් සදහා හිමිවන සරසවි ප්‍රවේශය ලබාගැනීම සදහා කඩයිම් ලකුණු සදහා තරග කිරීමට සිදු වීමයි. 

එහෙනම් අපි දැන් බලමු උසස් පෙල සිසුන් නිරන්තරයෙන් ඉදිරිපත් කරන ගැටලු සහ ඊට විසදුම්…


(1) ” විෂය නිර්දේශය ඇයි මෙච්චර බරපතල ? අවුරුදු දෙකක් ඇතුලත කොහොමද පාඩම් ගොඩාක් කවර් කරගන්නෙ ? 

ඉස්සෙල්ලම කියන්න ඕන මේ විදියට පිස්සු හැදෙන තරම් පාඩම් ගොඩාක් දකින්න හේතුවක් තමයි වැඩ ගොඩගසා ගැනීම. ඔයා උසස් පෙල පන්තියට පැමිණි මුල ඉදන්ම එදිනෙදා වැඩ කටයුතු ඉතාමත් පිලිවෙලකට කලමනාකරණය කරගැනීම උසස් පෙල විභාගයෙන් ඉහලම ප්‍රතිඵලයක් ලබාගන්න හේතුවක් වගේම මානසික පීඩනයකින් ආතතියකින් තොරව ඉතා සැහැල්ලුවෙන් ඉගෙනීම් කටයුතු වල නිරත වෙන්න පුලුවන්. 

A/L syllabus
A/L syllabus

තව කරුණක් තමයි ඔයා හිතන් ඉන්න තරම් මුළු විෂය නිර්දේශයම කටපාඩම් කරගන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. උසස් පෙල විභාගයෙන් කරන්නෙ  පැය ගණනක් තුල විෂය නිර්දේශයෙ සාරාංශය ඔයාට හරියට ධාරණය වෙලා තියනවද කියලා මැන බැලීමයි. ඉතින් තනිකරම තියරි ගැනම හිතන්නෙ නැතිව ප්‍රශ්න වලට උත්තර ලියන්න පුරුදු වෙන්න ඕන.ලොකු පාඩම් වල සාරාංශය මතක තියාගන්න තරම් ස්මාර්ට් වෙන්න ඕන.

 

(2) ” පාඩම් කරන්නයි , ප්‍රශ්න කරන්නයි හරියට කලමණාකරණය කරගන්නෙ කොහොමද ? ” 

මේකත් ගොඩාක් අයට තියන ලොකුම ගැටලුවක්. උසස් පෙල විභාගය කියන්නෙ ප්‍රශ්න පිරුණ පේපර් එකක් නිසා අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට උත්තර ලියන්න පුරුදු වෙන්න ඕන. ඒ ගමන් තියරි දැනුම හොදට ඔලුවෙ තියෙන්නත් ඕන. පාඩම් කරන ගමන් ප්‍රශ්න වලට උත්තර ලියන්න පුරුදු වීම හරිම ප්‍රතිඵලදායක ක්‍රමයක්.ඔන්න දැන් මම ඔයාට කියලා දෙන්නම් සුපිරිම ක්‍රමයක්. ඉස්සෙල්ලම පාඩමක් ගන්න. දැන් ඊට අදාල අනු කොටස් ඔස්සෙ කියවගෙන යන්න. මේ අනු කොටසෙ මාතෘකාවකට අදාලව ප්‍රශ්නයක් සකස් කරගන්න. වෙනම පොතක ලියාගන්න. ඔයාට මේ ප්‍රශ්න පොත හොද කෙටි සටහනක් විදියට භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම ප්‍රශ්න වලට උත්තර ලියන්නත් පුරුදු වෙනවා.

(3) ” වැඩ කටයුතු එක්ක දැනෙන අධික ආතතිය පීඩනය අවම කරගන්නෙ කොහොමද ?” 

අංක එක තමයි ඔයාගෙ හිතට හොදට තේරෙන විදියට අරමුණු සරල කරගැනීම. උදාහරණයක් විදියට ඔයාට රෑන්ක් එකකට යන්න අරමුණක් හිතෙ තියෙනවනම් දැනෙන ආතතිය තරමක් වැඩියි.ඒ වෙනුවට රෑන්ක් එකක් වෙනුවෙන් මම හැම ප්‍රශ්නයකට උපරිමය හොදට උත්තර දෙනවා කියන අරමුණ හිතේ තියාගන්න.ඊලගට ඔයාට හොදටම වැඩ කරන්න පුලුවන් කාලය විෂයන් වලට සහ වැඩ වලට වෙන් කරගන්න.ඉතාමත් සරල කාල සටහනක් සකස් කරගන්න. 

students suffering from exam stress
students suffering from exam stress

(4) ” විභාගයක් ලං වුනාම කොහොමද පාඩම් කරන්නෙ ?” 

ඔයාට පේපර්ස් වලට ප්‍රශ්න එන විදිය ගැන අවබෝධයක් ගන්න පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ගැනීමට සිදුවෙනවා. 

දැන් ඔයාට තියන පාඩම් මේ විදියට වෙන් කරගන්න. 

1- අතිශයින්ම වැදගත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න එන පාඩම්.

2- මධ්‍යස්ථ වශයෙන් ප්‍රශ්න එන පාඩම්.

දැන් ඉතින් ඔයාට තේරෙනවා ඇති ඔයා වැඩි අවධානයක් දෙන්න ඕනේ පලවෙනි කරුණට කියලා.ඒ කියන්නෙ අතිශයින්ම වැදගත් පාඩම් වලට. ඊටපස්සෙ එක පාඩමක් ඉවර කලාට පස්සෙ ඊට අදාල පාස්ට් පේපර්ස් ප්‍රශ්න අවුරුදු අවම පහකවත් සිදු කරන්න.

students studying
students studying

(5) ” අපතෙ නොයන විදියට මේ උසස් පෙල අවුරුදු දෙක ගත කරන්නෙ කොහොමද ?” 

ගොඩාක් වෙලාවට අපිට ඇහෙන දෙයක් තමයි උසස් පෙලට ගත කරපු අවුරුදු කිහිපය අපරාදෙ යැයි පැවසීම. ඊට හේතුවෙන්නෙ තමන්ට අවශ්‍ය ප්‍රතිඵල කරා යාමය නොහැකි වීම සහ විභාගයෙන් අසමත් වීමයි. මේ අවුරුදු කිහිපය අපතෙ නොයා තමන්ගෙ ජීවිතයට නිවරදි අඩිතාලමක් කරගැනීමට නම් උසස් පෙල සදහා ඇතුලත් වීමට පෙර තමන් ඇත්තෙන්ම කැමති, හැකියාවක් ඇති විෂය ක්ෂේත්‍රයක් හෝ තමන්ගෙ ප්‍රධාන අරමුණට ගැලපෙන විෂය ක්ෂේත්‍රයක් තෝරාගැනීම කිරීම වඩාත් නුවණට හුරුයි. 

ඒ වගේම මේ ගත කරන වසර කිහිපය තුල වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් අතරතුර අධ්‍යාපනය සදහා මුල් තැනක් දිය යුතුයි. දිනකට අවම පැය තුනක්වත් තමන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් ඒ ඒ වැඩ කටයුතු වෙනුවෙන් වෙන් කල යුතුයි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!