වෛද්‍ය උපාධිය

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලංකාවේ ඉගෙනගන්න පාසල් සිසුන් අතර අතිශයින්ම ජනප්‍රිය රැකියාව වෙන්නෙ වෛද්‍ය වෘත්තීයයි. පුංචි කාලයෙ අපෙන් කෙනෙක් ඇහුවොත් ලොකුවෙලා කව්රු වෙන්නද බලාපොරොත්තු වෙන්නෙ කියලා , ඩොක්ටර් කෙනෙක් කියලා නොකියපු කෙනෙක් නැතිව ඇති. ඉතින් ඒ තරමටම මේ ජීවක වෘත්තීය පලමු තැනට ඇවිත් තියෙන්නෙ මෙලොව ජීවත්වන කෙනෙක්ට තම ජීවිතය තරම් දෙයක් නොමැති නිසයි.

අද අපි කතා කරන්න යන්නෙ සරලවම වෛද්‍ය උපාධිය ගැනයි.ඒ කියන්නෙ වෛද්‍යවරයකු වෙන්න හදාරන්න ඕන උපාධිය ගැනයි. 

කොහොමද ඩොක්ටර් කෙනෙක් වෙන්නෙ ? 

 

ඩොක්ටර් කෙනෙක් වෙන්න නම් ඔයා ඉස්සෙල්ලම මිනිස් ශරීරයට ගොඩාක් ආදරය කරන කෙනෙක් විය යුතුයි. ඊලගට විද්‍යාවට දැඩි ඇල්මක් දක්වන්නෙක් විය යුතුයි.මේ කියපු ලක්ෂණ ඔයා තුල තියනවනම් උසස් පෙලට ‘ ජීව විද්‍යාව ‘ ඔයා හදාරන්න පටන් ගන්න ඕන. උසස් පෙලට ජීව විද්‍යාව ඔස්සෙ අ.පො.ස උසස් පෙල විභාගයට මුහුණ දෙන ඔයාට ඉතාමත් හොද ප්‍රතිඵලයක් ලබාගෙන මුල් පෙල දිස්ත්‍රික් කුසලතා මට්ටමක් ලබාගත යුතුයි. ඉන්පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තුල වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාවක් ඔයාට හිමිකරගන්න පුලුවන් වෙනවා. 

doctor
වෛද්‍ය උපාධිය

වෛද්‍ය උපාධින් පවතින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයන් මොනවද …

 

වෛද්‍ය පීඨය – කොළඹ විශ්ව විද්‍යාලය

වෛද්‍ය පීඨය – පේරාදෙණිය විශ්ව විද්‍යාලය

වෛද්‍ය පීඨය – යාපනය විශ්ව විද්‍යාලය

වෛද්‍ය පීඨය – රුහුණ විශ්ව විද්‍යාලය

වෛද්‍ය පීඨය – කැළණිය විශ්ව විද්‍යාලය

වෛද්‍ය පීඨය – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

වෛද්‍ය පීඨය – රජරට විශ්ව විද්‍යාලය

වෛද්‍ය පීඨය – නැගෙනහිර විශ්ව විද්‍යාලය

වෛද්‍ය පීඨය – වයඹ විශ්ව විද්‍යාලය 

වෛද්‍ය පීඨය – සර් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය  

doctor
වෛද්‍ය උපාධිය

අනාගත වෛද්‍යවරයකු පලමුව විශ්ව විද්‍යාලයකින් වසර හතරක ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත යුතුය. 

වෛද්‍ය උපාධින් ගැන කතා කරනකොට ඔයාට තොරගන්න පුලුවන් ක්ෂේත්‍රයන් කිහිපයක්ම තියනවා.ඔයාගෙ කැමැත්ත පරිදි තෝරගන්න පුලුවන් වගෙම ඔයාගෙ ඉසෙඩ් අගය හෝ දිස්ත්‍රික් කුසලතා මට්ටම අනුව තේරීපත්වන වෛද්‍ය උපාධි ක්ෂේත්‍රය හදාරන්නට සිදුවෙනවා. 

ඔයාට හදාරන්න පුලුවන් වෛද්‍ය උපාධි වර්ග මොනවද …

  • MBBS – Bachelor of Medicine, Bachelor of Surgery
  • BDS – Bachelor of Dental Surgery
  • BAMS – Bachelor of Ayurvedic Medicine and Surgery
  • BUMS – Bachelor of Unani Medicine and Surgery
  • BHMS – Bachelor of Homeopathy Medicine and Surgery
  • BYNS- Bachelor of Yoga and Naturopathy Sciences
  • Bachelor of Veterinary Sciences and Animal Husbandry
doctor
වෛද්‍ය උපාධිය

රජයෙ විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගැනීම සදහා තේරීපත් නොවන සිසුනගෙ මීලග විකල්පයක් වන්නෙ මෙරට පිලිගත් වෙනත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් හරහා තම වෛද්‍ය උපාධිය ලබාගනිමින් වෛද්‍ය සිහිනය සාක්ශාත් කරගැනීමයි. මීට අමතරව විදේශ විශ්ව විද්‍යාල ඔස්සෙ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමද තවත් විකල්පයකි.විදේශ ගතව වෛද්‍ය උපාධිය හදාරන්නට බලාපොරොත්තුවක් ඇත්නම් ඒ පිලිබද නීති රෙගුලාසි ඇති බැවින් වඩාත් සොයා බලා කටයුතු කිරීමට උත්සාහ කරන්න.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!