Vasa (ලෝක ඉතිහාසය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ටයිටැනික් නැව ඇයගේ මංගල චාරිකාව අතරතුරේදී මුහුදුබත් වුණේ 1912 අප්රේල් 14 වැනිදා. එහෙත් ඊට අවුරුදු 284 කලින්, හරියටම කිව්වොත් 1628 අගෝස්තු 10 වැනිදා ස්වීඩනයට අයත් Vasa කියන යුධ නැවත් ඇයගේ මංගල චාරිකාවේදීම මුහුදුබත් වුණා. අවාසනාව කියන්නේ Vasa යුධ නැවට යාත්රා කරන්න පුලුවන් වුණේ මීටර් 1,300 ක් වගේ ඉතාමත් කෙටි දුරක් විතරයි.
Vasa යුධ නැව ඉදිකළේ 1626-1628 අතර කාලයේදී එවකට ස්වීඩනය පාලනය කළ ගුස්ටාවස් ඇඩොල්පුස් රජුගේ නියෝගයකට අනුව. ඒ වෙද්දි ගුස්ටාවස් රජු පෝලන්ත-ලිතුවේනියා යුද්ධයට පැටළිලා හිටියේ. Vasa නැව ඒ කාලේ සැළකුණේ ලෝකයේ තියෙන ඉස්තරම්ම යුද්ධ නෞකාවක් විදිහට. මේ නැවට සවි කරපු කාලතුවක්කු පවා විශේෂයෙන්ම සැළසුම් කරපු ඒවා.
එහෙත් නැවේ විශාලත්වය නිසාමද මන්දා එය නිම කළාට පස්සේ තරමක් අස්ථිායී බවක් පෙන්නුම් කළා. ඒකට හේතුව තමයි නැවේ ඉදිරිපස බඳ ප්රමාණයට වඩා විශාල වීම. එහෙත් නැවේ මේ අඩුපාඩුව තිබියදීත් එය දියත් කරන්න කියලා ගුස්ටාවස් රජු නියෝග කළා. මොකද මේ නැව ඒ කාලේ හැටියට ඉස්තරම් නැවක් නිසා ගුස්ටාවස් රජුට ඕනෑ කළේ ස්වීඩනයේ නාවුක ශක්තිය ලෝකෙට පෙන්නන්න. ඉතිං නැව දියත් කරලා මිනිත්තු කීපයකින් ආපු දරුණු සුළඟකින් නැව පෙරළිලා මුහුදු බත් වුණා.
මුහුදුබත් වුණු නැව 17 වැනි ශතවර්ෂයේදී ආපහු හොයාගෙන ඒකේ තිබුණු වටිනා ලෝකඩ කාලතුවක්කුවලින් කීපයක් නැවත ගොඩගත්තා. ඒත් පස්සේ නැව හිටිහැටියෙම අතුරුදන් වුණා. දිය රැළිවලට ගහගෙන යන්න ඇති කියලා තමා උපකල්පනය කළේ.
කොහොම හරි ආපහු 1950 දශකයේදී ස්ටොක්හෝම් වරාය අසළ මුහුදේ කාර්යබහුල නැවු මාර්ගයක තිබිලා Vasa නැව ආපහු හොයා ගත්තා. අන්තිමේදී 1961 අවුරුද්දෙදි නැවට ලොකු හානියක් නොවී ගොඩට ගන්න ඉංජිනේරුවන්ට හැකියාවක් ලැබුණා.
Vasa නැව ගොඩගනිද්දි ඒත් එක්කම පෞරාණික භාණ්ඩ දහස් ගණනකුත් ගොඩට ගත්තා. මේ විදිහට ගොඩගත්තු බඩු අතරේ ඇඳුම්, අවි ආයුධ, කාලතුවක්කු, විවිධ උපකරණ, කාසි, හැඳි ගෑරුප්පු, ආහාර, බීම වර්ග වගේම නාවුක භටයන් 15 දෙනෙකුගේ ඇටසැකිළිද වෙනවා.
ස්වීඩන ඉංජිනේරුවන් මේ නැව කොච්චර පරිස්සමකින් ගොඩට ගත්තද කිව්වොත් නැවෙන් සියයට 98 කටම කිසිදු හානියක් සිද්ධ වුණේ නැහැ. Vasa නැව සැළකෙන්නේ 17 වැනි ශතවර්ෂයට අයත් හොඳින්ම සංරක්ෂණය වුණු නැව විදිහට.
තවමත් යාත්රා කළ හැකි මට්ටමේ පවතින Vasa නැව වර්ථමානයේදී සැළකෙන්නේ අතීත ස්වීඩන අධිරාජ්යයේ සංකේතයක් විදිහට. මේ වන විට ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර රාජකීය ජාතික නගර උද්යානයේ පිහිටි කෞතුගාරයේ තැන්පත් කරලා තියෙන නැව බලන්න 1961 සිට මේ දක්වා ලොව විවිධ රටවලට අයත් සංචාරකයෝ මිලියන 35 ක් විතර ඇවිත් තියෙනවා.
– අනිල් කරැණාරත්න –
No photo description available.
No photo description available.
May be an image of indoor
In Pictures: Stockholm's iconic Vasa warship up close - The Local
In Pictures: Stockholm's iconic Vasa warship up close - The Local
Vasa warship in Vasa museum Stockholm | Vasa, Stockholm, Eiffel tower inside

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!