විලාසිතා නිර්මාණවේදී ගෞරව උපාධිය -මොරටුව විශ්ව විද්‍යාලය.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වර්තමානය වනවිට කාන්තා පිරිමි භේදයක් නැතිවම බොහෝදෙනෙකුගෙ සිත්ගත් ක්ෂේත්‍රයක් වන්නෙ විලාසිතා නිර්මාණකරණය සහ ඇගලුම් ප්‍රවර්ධන ක්ෂේත්‍රය.ඊට හේතු වෙලා තියෙන්නෙ ගෝලීයකරණයත් සමග බටහිර ඇතුලු විවිධ රට රටවල විවිධ සංස්කෘතීන්ට අයත් විලාසිතාවන් ප්‍රවර්ධනය වීම සහ එක සංස්කෘතීන්ට අයත් විලාසිතා අංගෝපාංගයන් මගින් නව විලාසිතාවන් එළිදැක්වීමයි.විලාසිතා නිර්මාණය,ඇඳුම් ප්‍රවර්ධනය ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියට යාමට අපේක්ෂා කරන ඕනෑම අයෙක්‍ට ඊට අවශ්‍ය කරන අධ්‍යාපනයක් ලබා ගෙන තිබීම එනම් මූලික දැනුමක් ලබාගෙන තිබීම අතිශයින් ම වටිනවා.එම අධ්‍යාපනය කුසලතා පරිපූර්ණ දැනුමක් ලබා ගැනීමට වගේම ක්ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමක් ලබා ගැනීමට ද  හේතුවක් වෙනවා.

කාන්තා පිරිමි භේදයක් නැතිව නිර්මාණාත්මක කලාව,සංස්කෘතිය,සිතුවම්කරණය, සිනමාව සහ සංගීතය කෙරෙහි දැඩි ඇල්මක් සහ ආශාවක් උනන්දුවක් දක්වන්නේ නම් ඒ අයට විලාසිතා නිර්මාණය යනු වඩාත් උචිත අංශයකි. ඔබ විලාසිතා නිර්මාණය ,ඇඟලුම් ප්‍රවර්ධනය වැනි අංශයන් වලට වැඩි වැඩි ඇල්මක් දක්වන්නේනම් ඔබට හැදෑරිය හැකි උපාධි පාඨමාලාවක් මොරටුව විශ්ව විද්‍යාලය මගින් හඳුන්වා දෙනු ලබන අතර එය මෝස්තර නිර්මාණවේ ගෞරව උපාධි පාඨමාලාවයි.

 

මෙම සිව් වසර පාඨමාලාව සඳහා ඔබට තිබිය යුතු ඇතුළත්වීමේ සුදුසුකම් මොනවද ?

 

ඔබ මෙම උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන්නේ නම් පළමුව ඔබ අයදුම් කළ යුතු අතර පසුව පවත්වනු ලබන යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔබ සමත් විය යුතුය.මෙම පාඨමාලාව සඳහා සිසුන් පනස් දෙනකු පමණ තෝරාගන්නා අතර උසස් පෙළ සඳහා ඕනෑම විෂය ක්ෂේත්‍රයක් තුළින් අවම වශයෙන් S3 ක සාමාර්ථයක් ලබා සිටිය යුතුය.ඊට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේන් ඉංග්‍රීසි,ගණිතය සහ විද්‍යාව යන විෂයන් තුනට අවම වශයෙන් C සාමාර්ථ තිබිය යුතුය.ඔබ උසස් පෙළ විභාගය නිම කිරීමෙන් පසුව විශ්වවිද්‍යාල අයදුම් කිරීම සඳහා ලබාගන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කරන පොතෙහි වැඩි විස්තර අඩංගු වන අතර ඔබට වැඩිදුර එමගින් අධ්‍යයනය කළ හැක.

විලාසිතා නිර්මාණවේදී ගෞරව උපාධිය -මොරටුව විශ්ව විද්‍යාලය.
විලාසිතා නිර්මාණවේදී ගෞරව උපාධිය -මොරටුව විශ්ව විද්‍යාලය.

විලාසිතා නිර්මාණය කරන සහ ප්‍රවර්ධනය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා තේරී පත්වන සිසුන්ගෙ මනාපය අනුව සහ පළමු වසර ප්‍රතිඵල අනුව විලාසිතා නිර්මාණකරණය සහ රෙදිපිළි නිර්මාණකරණය යන ක්ෂේත්‍ර දෙකෙන් එකක් තෝරා ගත හැකිය.ඉන් පසුව ඉදිරියට අධ්‍යනයන් සිදු කරගෙන කරගෙන යා හැකිය.පසුව එම අධ්‍යන කටයුතු නිම කරන සිසුන් හට ගෞරව උපාධිය හිමිවනු ඇත.

 

විශේෂයෙන්ම විලාසිතා නිර්මාණකරණය යටතේ,

  • පර්යේෂණ
  • සංකල්ප සංවර්ධනය
  • පතරොම් කැපීම
  • ඇඟලුම් තාක්ෂණය
  • අලෙවිකරණය යන දැනුමෙන් පරිපූර්ණ කුසලතා සම්පූර්ණ කිරීමට ඇති අතර මෙම පාඨමාලාවේ ඇති විශේෂත්වය වන්නේ වර්තමාන රැකියා වෙළඳපොළෙහි පවතින වාණිජ අරමුණු සහ සිසුන්ගේ සහජ නිර්මාණශීලී හැකියාවන් එකට එක්කොට රැකියා වෙළඳපොලට සරිලන වෘත්තිකයින් බිහි කිරීමයි.

ඒ වගේම මෙම පාඨමාලාව මෙරට උසස් පෞද්ගලික ආයතන වල වගේම විදේශ රටවලටද ඉතාමත් ඉහළ ඉල්ලුමක් ඇති අතර ඔබට ශ්‍රී ලංකාව තුළ නැතිනම් වෙනත් ඕනෑම රටක පිළිගත් රටකට පිලිගත් ඉහළ වැටුප් ලැබුන වෘත්තීයක් සඳහා ලබාගත හැකි ඉහළම අධ්‍යාපනික සුදුසුකම් උපාධි පාඨමාලාවක් වන මෙය හැදෑරීමට තෝරා ගැනීම ඉතාමත් යෝග්‍යයි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!