වැඩි කාලයක් කල්තබාගත හැකි ආහාර 11 ක් (කටට රසට අහාර රටා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

නීරෝගි සෞඛ්‍යසම්පන්න ආහාර වල කල් තබාගැනීමේ කාලය ඉතා සීමා සහිතයි. ඊට  හේතුව තමයි ඒවාට කිසිඳු රසායනික ද්‍රව්‍යක්, කෘතිම ද්‍රව්‍ය හෝ කල්තබාගැනිමේ ද්‍රව්‍ය එක්කර නොතිබීම. නමුත් ඔබ මිලදී ගන්නා එවැනි ආහාර වර්ග නරක් නොවී, ඉවත දැමිමට නොවී, ඒවා වල නැවුම් බව දිගු කලක් ආරක්ෂා කරගනිමින් කල්තබා ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය කල හැකියි.

ශීතකරණයේ වුවත් නිසි ලෙස ගබඩා නොකලොත් ආහාර පාන පරිභෝජනයට නුසුදුසු තත්වයකට පත්විය හැකියි. ආහාර අපතේ යාම විශාල වශයෙන් සිදුවන්නේ ඒවා නිසි ක්‍රමයකට ගබඩා නොකිරීම නිසයි. ඇතැම් ආහාර පාන වර්ග නිවැරදි ක්‍රමයකට ගබඩා කිරීම මඟින් ඒවා යම් කාලයක් පුරාවට නැවුම්ව හා භාවිතයට සුදුසු පරිදි කල් තබාගත හැකියි.  ආහාර වල නැවුම් බව ආරක්ෂා කර ගනිමින් ආහාර වර්ග කල් තබාගැනීමට ගෘහණියන් වන ඔබට උපකාරී වන උපක්‍රම කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ.

  1. බෙරි වර්ග

බෙරි වර්ග සාමාන්‍යයෙන් බොහෝ කලක් කල්තබාගත නොහැකියි. නමුත්, ඒවා සෝදා, අධි ශීතකරණයේ තැබීමෙන් අවුරුද්දකට ආසන්න කාලයක් පුරා ඒවා හොඳ තත්වයෙන් කල්තබාගන්න පුළුවන්.

සීතල වතුරෙන් ඒවා සෝදා පවිත්‍ර කර, කුණු වීම වළක්වාගැනීම සඳහා වේලෙන්නට හරින්න. ප්ලාස්ටික් බෑග් වල බහාලමින් ඒවා අධි ශීතකරණය තුළට දමන්න.

  1. එළවළු

එළවළු කල්තබාගත හැකි එකම ක්‍රමය අධි ශීතකරණයේ තැබීම පමණක් නොවේ.ඒවා ස්වභාවිකව කල්තබාගත හැකි තවත් ක්‍රමයක් නම් අච්චාරු දැමීමය. ඕනෑම එළවළු වර්ගයක් අච්චාරු දැමිය හැක (පිපිඤ්ඤා පවා.එසේ සැකසූ පිපිඤ්ඤා වසර 2 කට ආසන්න කාලයක් කල්තබාග්ත හැක).

කිසිඳු එළවළු වර්ග දෙකක් එක හා සමාන නොවන බව මතක තබාගත යුතුයි. අච්චාරු දැමූ තක්කාලි මසකට ආසන්න කාලයක් කල්තබාගත හැක.එළවළු විනාකිරි, වතුර සහ ලුණු මිශ්‍රණයක බහලා තබන්න. රස වැඩිකාගැනීමට අවශ්‍ය නම් සීනි ස්වල්පයක් ද එක්කරගන්න.

  1. කැරට් 

කැරට් කැබලි ලෙස කපා චිප්ස් ආකාරයෙන් වනතුරු හොඳින් වේලාගන්න. හොඳින් ජලය ඉවත් වූ පසු, ඒවා වසර 10 කට වැඩි කාලයක් වුවත් කල්තබාගත හැකි බවයි සඳහන් වෙන්නේ.

  1. ඇපල්

චිප්ස් ලෙස සකසාගත් ඇපල් පෙති වසර 20 කට වැඩි කාලයක් වුවත් කල්තබාගත හැක.ඇපල් පෙති කපා ඩිහයිඩ්‍රේටර් උඳුනක පිසගන්න. සීල් කල හැකි ප්ලාස්ටික් බෑගයක හෝ හුලං නොවඳින බඳුනක හෝ විදුරු බෝතලයක බහාලා තබන්න.

  1. නට් වර්ග

නට් වර්ග යනු හොඳ ප්‍රෝටීන් ප්‍රභවයකි. ඒවා දිගුකලක් තබාගැනීමට හුලං නොවඳින සේ බඳුනකට දමා අධි ශීතකරණයේ තබන්න. එසේ කිරීමෙන් වසර දෙකකට ආසන්න කාලයක් නට් වර්ග කල් තබාගත හැක.විශේෂයෙන්ම ආමන්ඩ් එසේ දිගු කලක් කල්තබාගත හැක.

  1. බෝංචි

බෝංචි ඇට ඉතාම රසවත් වගේම ගුණදායි ආහාරයක්. ඒවා කෑන් එකක් තුල බහාලා තැබීමෙන් වසර 3-5 ක් පමණ කාලයක් හොඳ තත්වයෙන් කල්තබාගත හැක.

එසේ කිරීම සඳහා, පළමුව බෝංචි ඇට මිනිත්තු 2 ක් පමණ තම්බාගන්න. ලිපෙන් ඉවත්කර , වතුර පෙරීමට පෙර පැය බාගයක් පමණ එහිම ඇට පෙ‍ඟෙන්නට හරින්න.නැවුම් ජලය එක් කර මිනිත්තු 30 ක් තම්බාගන්න. ලුණු එක්කරමින් පිසූ ජලය ද සමඟ වීදුරු බෝතලයකට දමන්න, මූඩියේ සිට අඟලක් පමණ ඉඩ තබා පුරවාගන්න.

  1. මේපල් සිරප්

අධි ශීතකරණය තුල තිබෙන තාක් කල් මේපල් සිරප් බඳුනේ ගුණාත්මක බව හොඳින් ආරක්ෂා වේ.

  1. මාලු

හොඳ තත්වයේ කෑන් /ටින් කළ මාලු (ටූනා වැනි), කල්තබාගත හැකි කාලය වැඩිය. ඇතැම් ඒවා වසර 3 ක් පමණ තබාගත හැක. නමුත්, පියන විවෘත කළ පසු එය පරිභෝජනයට ගත යුතු බවයි කියන්නේ.

නමුත්, වරක් පියන විවෘත කළ පසු, ටින් මාලු දින කිහිපයක් ශීතකරණය තුළ ද, අධි ශීතකරණයක නම් මාස කිහිපයක් ගත වන තුරු ද කල්තබාගත හැක.

  1. මී පැණි

වෙළඳපොලේ ඇති මී පැණි නිෂ්පාදන වල නම් කල් ඉකුත්වන දින සටහන් කර තිබෙනවා. නමුත්, ස්වභාවික මී පැණි කියන්නේ ඒ විදියට කල් ඉකුත්වන දෙයක් නොවෙයි.ඉපැරණි ඊජිප්තු සොහොන්ගැබ් ඇතුළත තිබී හමුවුණු,හවමත් හොඳ තත්වයේ පවතින මී පැණි බඳුන් ගැන පුවත මඟින් මේ මතය සනාථ වෙනවා. හිරු එළියට නිරාවරණය නොකර, සිසිල් බඳුනක බහාලා තිබිම ද වැදගත්.ඔබ මිලදී ගත් මී පැණි බඳුනේම ඒවා තිබෙන්නට හරින්න.

  1. එළකිරි

සිසිල් කර තබාගත්තද,කිරි දිගු කලක් කල් තබාගත නොහැකියි.නමුත් පිටි කළ කිරි වසර 25 ක් පමණ වුවත් භාවිතයට ගත හැකි තත්වයෙන් කල්තබාගත හැකිය.කිරි ඉවපොරේටර් හෝ ඩිහයිඩ්‍රේටර් යන්ත්‍රයකට දමා කැටිති ස්වභාවයටක එනතුරු තබන්න.පසුව ඒවා බ්ලෙන්ඩ් කර කුඩු ලෙස සකසාගන්න. හුලං නොවදින බඳුනකට දමන්න.

  1. විනාකිරි

නිශ්චය කළ නොහැකි දිගු කාලයක් පුරාවට කල්තබාගත හැකි තවත් දෙයක් තමයි විනාකිරි.මේවායේ ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සඳහා තාපයට හෝ ආලෝකයට නිරාවරණය නොවන ආකාරයේ සීල් කල හැකි බඳුනකට දමා තබන්න. විවෘත කළ පසු වසර 2 ක් ඇතුළත භාවිතයට ගන්න.

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!