වෛද්‍යවරියගේ පෙම්වතා…… (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මහ රෝහලේ වෛද්යවරුන්ගෙ පොදු නේවාසිකාගාරයේ විසිත්ත කාමරයේ මන්දාරි වාඩිවෙලා හිටිය..ඩොක්ටර් සවින්ද එතනට ආවෙ මද සිනාවක් ඇතිව වුනත් එයාගෙ ඇස් කියන්නෙ වෙන කතාවක් කියල මන්දාරිට හිතුන…”සමාවෙන්න මන්දි මම පොඩ්ඩක් පරක්කු වුනා..දන්නවනෙ දොස්තරලගෙ ජීවිතේ…සවින්ද කිව්ව.”ඇයි සවින්ද හදිසියෙම මට කතාකලේ..”මන්දාරි දොස්තරකම අමතක කරල පරණ පන්ති සගයා ඇමතුවා…”මන්දි අපි මොනව හරි බොන ගමන් කතා කරමු”.මන්දාරි සවින්ද පසුපසින් ආපනශාලාවට ඇතුළු වුනා..සෞඛ්ය සේවකයින්ට වෙන්වුන ආපන ශාලාවෙ වැඩි සෙනඟක් නෑ.ඒත් සවින්ද තෝරගත්තෙ ඈත හුදෙකලා කෙලවරක්…”මන්දි අපි පොඩි ලමයි නෙවෙයිනෙ..ඒත් සමහර අවස්ථාවල කල්පනා නොකර කරන වැඩ කොච්චර නම් තියෙනවද…ඒත් මේක අනුන්ගෙ ප්රශ්නෙකට අත දැමීමක් කියල හිතන්න එපා”සවින්දගෙ ප්රශ්නෙ ඇත්තටම මොකක්ද කියල තවම මන්දාරිට හිතාගන්න බැරිවුනා..”පඹගාලක පැටලුවා වගේ මා දිහා බලන්න එපා මන්දි..නිශා කියන්නෙ අපි දෙන්නගෙම හොඳම යාලුවෙක්..අපි එක පන්තියෙ අවුරුදු ගාණක් ඉගෙනගත්ත…”සවින්ද නැවතුනාම මන්දාරිගෙ ඇස්වලට කඳුළු නැගුනා…”ඒ වුනත් ඔයා මේක නොදැන ඉන්න විදිහක් නෑ මන්දි” මන්දාරි හිමිහිට ඔලුව හෙල්ලුව…”ඔව් සවින්ද මම දන්නව”…”ඔයා කල්ප ගැන ඇත්තම විස්තරය දන්නවද” සවින්ද ඇහුව..”ඔව් කල්ප කියන්නෙ නිශාගෙ පේශන්ට් කෙනෙක්” “
“එච්චරද මන්දි…
මුලින්ම මේ දෙන්න Blue lagoon එකේ ඉඳල එනව දැකල තිබුනෙ අපේ වාට්ටුවෙ ශ්යාම මිස්..එක දවසක් නෙවෙයි දවස් කීපයක්ම..එයා ඒක මට කිව්වෙ මම නිශාගෙ හොඳම යාලුවෙක් කියල දන්න නිසා මිසක් කේලමකට නෙවි..ඊට පස්සෙ 18 වාට්ටුවෙ නෙවිලුයි,සුමිතුයි දැකල තිබුන..දැන් මුළු hospital එකම මේක දන්නව මන්දි”සවින්දගෙ ඇස් බිමට බරවුනා..”කල්ප සෑහෙන කාලයක් නතරවෙලා හිටියෙ නිශාගෙ වාට්ටුවෙ..ඒ නිසා සුමිත්ල කල්පව දන්නව..Dr.Nishadi අර ගායකය ගැන මාර උනන්දුයි කියල ඒ දවස්වලත් ඔය නෙවිල්ල,සුමිත්ල කතා වුනාලු..”
“අපි මොකද සවින්ද දැන් කරන්නෙ”මන්දාරිට තමන්ගෙ අවුරුදු විසිගණනක මිත්රත්වය මතක් වෙලා සුසුමක් හෙලුනා..
“මන්දි මේකෙ බරපතල තත්වය ඔය මනුස්සය අපේ patient කෙනෙක් වුන එකම විතරක් නෙවෙයි..එයා හරි නරක මානසික රෝගයකින් පෙලෙනව..ඔයා අහල තියෙනවද “Sexual Sadium Disorder”කියල රෝග තත්වයක් ගැන..මගේ නිරීක්ෂණ වල විදිහටනම් කල්ප ගෙ හැසිරීම් හොඳටම මේ රෝගයේ ලක්ෂණ එක්ක ගැලපෙනව..අනෙක් කාරණේ මන්දි ඔයා දන්නවද කල්පගේ මේ රෝග ලක්ෂණ ගැන නිශා මාත් එක්ක ගොඩාක් කතා කලා..එයා මේ කේස් එක stady කලේ මාත් එක්ක..අපි එයාගෙ girlfriends ලා කීප දෙනෙක්ම ගෙන්නලා පෞද්ගලිකවම කතාත් කෙරුව..මට හරි පුදුමයි මන්දි මේ හැමදේමත් එක්කම නිශා වගේ උගත් ,බුද්ධිමත් ඩොක්ටර් කෙනෙක් මේ වගේ සම්බන්ධෙකට යොමු වීම..අනික මේ මැදිවයසෙ අන්තිම දවස්වල…
එතැනදි මන්දාරි නිරුත්තර වුනා..යෙහෙලියගෙ ගැලවීමට කියන්නෙ මොනවද කියල මන්දාරිට හිතුන…”අපි තුන්දෙනාම අවුරුදු විසිගණනක යාලුවො මන්දි..ඒත් ලේඩීස්ල විදිහට ඔය දෙන්න අතර හොඳ අවබෝධයකුයි,මිත්රත්වයකුයි තියෙනව කියල මම දන්නව..මට ඕනි මන්දිට උදව් කරන්න…ඔයා මොනව හරි දන්නවද මන්දි..අඩුම ගණනෙ විශ්ව වගේ හොඳ husband කෙනෙකුත් ඉද්දි ඇයි මේ නිශා….”ඩොක්ටර් සවින්දගෙ ඇස්වල කලකිරීම මන්දාරිට හොඳටම පෙනුනා…අවුරුදු ගණනක මිත්රත්වයට සාධාරණයක් කරන්න ඔහුට අවශ්යයි කියල මන්දාරිට හොඳටම දැනුනා…මිතුරියගේ ආත්මය සවින්දට හෙලිදරව් කලාට තමන්ට පව් නෑ කියල දැනුනම මන්දාරි හෙමින් කටහඬ අවදි කලා.”සවින්ද මං මේ අතිශය පෞද්ගලික කාරණයක් ඔයාට කියන්නෙ..ඒත් නිශාට යහපතක් වෙයි කියල හිතල විතරමයි”
“ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන් නේද මන්දි…”
“ඔයා කිව්ව වගේම අපි දැන් මැදි වයසෙ අන්තිම හරියෙ තමයි සවින්ද..ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ නේද අපිට sex අවශ්ය නෑ කියල”
“මන්දි ඇයි මන්දි..නිශාට විශ්ව ඉන්නවනෙ..මිනිහ law college ඉන්න කාලෙ ඉඳලම නිශාගෙ boyfriend වෙලා හිටිය කෙනානෙ…”
“ඔයා දන්නෙ නෑ සවින්ද..දැන් අවුරුද්දක විතර ඉඳන් විශ්ව නිශා එක්ක කිසිම ඒ විදිහෙ සම්බන්ධයක් නෑහැලු..විශ්වගෙ දේශපාලන වැඩට නිශා විරුද්ධ නිසා විශ්ව පලිගන්නෙ ඒ විදිහටලු..”
මන්දාරිගෙ කතාවෙන් වෛද්ය සවින්ද කාරියප්පෙරුම උඩ බිම බැලුව..”ඒත් ඒත් මන්දි..ගැහැණියකට අවශ්ය ලිංගික තෘප්තිය තමන්ගෙ husband ගෙන් නොලැබෙනව නම් එයා ඒක වෙන විදිහකට ලබා ගන්න එක ගැන වෛද්යවරයෙක් විදිහටත්,සාමාන්ය මනුස්සයෙක් විදිහටත් මට මොනවත් දෝෂයක් දකින්න බෑ..මොකද ලිංගික ක්රියාකාරකම් කියන්නෙ සාමාන්ය මනුෂ්ය අවශ්යතාවයක්..ඒත් මෙතන ප්රශ්නය ඒකට නිශා තෝරගත්ත පුද්ගලයා..තමන්ගෙ රෝගියෙක් වගේම නරක මානසික රෝගයක ඉතාම දරුණු අවධියක ඉන්න කෙනෙක්…මට..මට..හිතාගන්න බෑහැ..පොතේ තියෙන්නෙ ඔය වගේ අය දුටු විට දුවනු කියල මන්දි…”සවින්දට වචන පැටලෙන්න ගත්තා..මේ පලපුරුදු වෛද්යවරයා විපක්ෂිත වුනාට ඇත්තටම මන්දාරි දැනගෙන හිටිය තමන්ගෙ යෙහෙලියට..උගත් ,පළපුරුදු ,මැදිවිය පසු කරන වෛද්යවරියට වුනේ මොකක්ද කියල…
“ඒ…ඒ…රූපෙ සවින්ද…”ඒ පාර වචන පටලැවුනෙ මන්දාරිට…”ඔයා දැක්කෙ නැද්ද ඔය කල්ප ,එයාගෙ හැඩරුව…හරියටම…හරියටම.. විශ්වට සමානයි කියල..”
“මන්දියෝ මම කල්ප එක්ක යන්නෙ විශ්වව හිතේ මවාගෙන”කියල තමන්ට පිලිතුරු දීපු නිශාගෙ ලස්සන මුහුණ කඳුළු අතරින් මන්දාරිට මැවිල පෙනුනා…ඒ ගායකයගෙ සීනිබෝල මූණට උඩුරැවුලක් තිබ්බ නම් එතන ඉන්නෙ විශ්ව වගාරච්චි ඇමතිතුමා නේද කියල මතක් වුන සවින්ද දිග සුසුමක් හෙලුවා….
උපුටා ගැනීම: Thushara Jayawardana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!