වසංගතේ සමග හැපුණු ‘තේ’ නොසිතූ ලෙස ආදායම් ගෙනේ… (ව්‍යාපාර හා වෙලදාම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කොව්ඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද මෙරට තේ (සිලෝන් ටී) සඳහා විශාල ඉල්ලුමක් හිමිව තිබේ. පසුගිය ජූලි මසදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 650ක අදායමක් ඒ සඳහා ලැබී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මේ වසරේ මැද භාගය වනවිට සමස්ත අපනයන අදායමෙන් සියයට 11.7ක දායකත්වයක් ලබාදී ඇත්තේ තේ අපනයනයෙන් බව ද එම මණ්ඩලය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වේ.

2020 වසරේ තේ අපනයනයෙන් මෙරටට ලැබී ඇති අදායම ඇමරිකානු ඩොලර් මිලියන 1240ක් වන අතර කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද එම වසරේ ද ඉහළ අදායමක් මෙරටට ලැබී ඇත. 2019 වසරේ රුපියල් මිලියන 1346ක අදායමක් ලැබී තිබුණේ කොව්ඩ් වයිරසය මෙරටට නොපැමිණි කාලයක වුව ද පසුගිය වසරේ (2020) එම තත්ත්වය වෙනස්වී තිබුණත් එම වසරේ ද තේ අපනයන අදායමෙහි විශාල අඩුවක් නොවූ බව අපනයන සංවර්ධන මණ්ඩලය කියා සිටී.

ශ්‍රී ලංකාවෙන් තේ අපනයනය සිදුකරන ප්‍රධානතම රටක් වන්නේ තුර්කියයි. රුපියල් මිලියන 100 ඉක්මවූ අදායමක් සෑම වසරකදීම තුර්කියෙන් ලැබෙන බව නව වාර්තාවල දැක්වේ. රුසියාව, ඉරාකය, ඉරානය, චීනය, සවුදි අරාබිය, චිලි රාජ්‍යය සහ අසර්බයිජානය යන රටවල් සඳහා ද මෙරටින් තේ අපනයනය කෙරේ.

– අශිකා ජයවීර

 

උපුටා ගැනීම: Lanka Telegraph

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!