විදුලි බල්බයේ රහසක්…! (ගැජට්ස්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද බොහෝ දෙනෙක් තම තමන්ගේ නිවෙස් ආලෝකමත් කරන්න භාවිතා කරන්නේ LED විදුලි බල්බ. මේ බල්බ එසේ වැඩියෙන් භාවිතයට මිනිස්සු පෙළඹෙන්නේ ඒවායේ අඩු ශක්තියක් වැය වීම හා වැඩි ආයු කාලයක් තිබීම යි. වෙළඳපොළේ ඇති අනෙක් තාපදීප්ත බල්බ (Incandescent Light Bulb) වල ආයු කාලය LED බල්බ වල ආයු කාලය මෙන් තිස් ගුණයකටත් වඩා වැඩියි.
මෙම තාපදීප්ත බල්බ වලට අඩු ආයු කාලයක් තිබෙන්නේ එහි ඇති තාක්ෂණය තවමත් දියුණු මට්ටමක නැති නිසා යැයි කෙනෙක්ට සිතෙන්නට පුලුවන්. නමුත් මෙම තාපදීප්ත බල්බ වල නිශ්පාදකයෝ ඒවායේ ආයු කාලය ඕනෑකමින් ම අඩු කර නිපදවනවා යැයි මම කීවොත් ඔබ විශ්වාස කරනවා ද?
ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ ලිවර්මෝර් හි ගිනි නිවන හමුදා මධ්යස්ථානයේ කලක් පටන් බොහෝ දෙනා අතර කතාබහට ලක් වීමට තුඩු දුන් දෙයක් තිබෙනවා. එහි තිබෙන එක් තාප දීප්ත බල්බයක් පුරා වසර 120ක් තිස්සේ නොනවත්වා දැල්වී තිබෙනවා. වර්තමාන තාප දීප්ත බල්බයක සාමාන්ය ආයු කාලය පැය 1200ක් වුවත් 1901 වසරේදී ස්ථාපනය කල එම තාප දීප්ත බල්බය දැනට පැය මිලියනයකට වඩා දැල්වී තිබෙනවා. මෙතරම් කාලයකට වැඩිම කාලයක් එක දිගට දැල්වී තිබෙන බල්බය එය යි. ඇරත් එය නිපදවා ඇත්තේ තෝමස් අල්වා එඩිසන් බල්බය නිපදවා වැඩි කලක් ගත වීමටත් පෙර යි.
වසර එකසිය විස්සක් තිස්සේ නොදැවී දැල්වෙන බල්බයක් තැනීමට එකල හැකියාවක් තිබුණි නම් වර්තමානයේ එවන් බල්බයක ආයු කාලය පැය 1200කට සීමා වුනේ ඇයි දැයි යන පැනය මට නිතර වධ දුන්නා. ඒ සම්බන්ධයෙන් මා සොයාගත් තොරතුරුයි පහත දැක්වෙන්නේ. එය විචාරයට ලක් කිරීම ඔබට බාරයි.
තාප දීප්ත බල්බයකින් අපට ලැබෙන ආලෝකය එහි ප්රධාන ඵලය නොවේ. එහි වැඩි ශක්තියක් වැය වෙන්නේ තාපය ලෙස යි. මේ නිසයි තාප දීප්ත යන වදන එයට හිමි වුනේ.
1879 වසරේ දී තෝමස් අල්වා එඩිසන් විසින් නිපදවූ බල්බය පැය 14ක් දැල්වුනා. ඔහුගේ සමකාලීන අනෙකුත් නව නිපැයුම්කරුවෝ බල්බයේ හැඩය, ෆිලමන්ට් ආදිය වෙනස් කරමින් ඒවායේ ආයු කාලය ක්රමක්රමයෙන් වැඩි කිරීමට සමත් වුනා. 1920 වන විට තාප දීප්ත බල්බයක සාමාන්ය ආයු කාලය පැය 2000ක් බවට පත් කිරීමට නව නිපැයුම්කරුවන්ට හැකියාව ලැබුනා. සමහර බල්බ වල ආයු කාලය පැය 2500ක් ලෙසත් සටහන් වුනා. බල්බ වල ආයු කාලය ක්රමක්රමයෙන් පල්ලම් බැසීම ආරම්භ වූයේ මේ කාලයේ දීයි.
1924 වසරේ දී ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී එවකට ලෝකයේ තාපදීප්ත විදුලි බල්බ නිපදවන ප්රධාන ආයතන පහක සමුළුවක් පැවැත්වුනා. එයට ෆිලිප්ස්, ඔස්රම්, ටෝකියෝ ඉලෙක්ට්රික්, ඉන්ටර්නැෂනල් ජෙනරල් ඉලෙක්ට්රික් සහ බ්රිතාන්යයේ ආයතනයක් සහභාගි වුනා. මෙහි දී ඔවුන් සාකච්ඡාවට බඳුන් කල ප්රධාන මාතෘකාව වූයේ විදුලි බල්බ වල ආයු කාලය යි.
වැඩි ආයු කාලයක් තිබෙන බල්බ නිපදවීම නිසා ඒවා නිපදවන ආයතන වල බල්බ විකුණුම් ප්රමාණය ක්රමක්රමයෙන් අඩු වුනා. එසේ වූයේ බල්බයක් නොදැවී සෑහෙන කාලයක් භාවිතා කල හැකි නිසා නැවත නැවත මිනිසෙක්ට බල්බයක් මිලදී ගැනීමට අවශ්යතාවක් පැන නොනැගුනු නිසාවෙන්. ඔස්රම් ආයතනයේ 1923 වසරේ විකුණුම් ප්රමාණය බල්බ මිලියන 63ක් වූ අතර ඊට පසු වසරේ දී බල්බ වල විකුණුම් ප්රමාණය සටහන් වූයේ බල්බ මිලියන 28ක් ලෙස යි.
මෙම ගැටලුවට පිළිතුරක් සොයා ගැනීමේ අභිලාෂයෙනුයි උක්ත ආයතන පහ ස්විට්සර්ලන්තයේ දී රැස්වුනේ. මෙම ආයතන පහට එකල ආලෝකයට අධිපති ග්රීක දෙවි කෙනෙක් වූ ෆීබස්ගේ නමින් ෆීබස් කාර්ටෙල් යන නමත් භාවිතා කරා.
මෙම සමුළුවේ දී ඔවුන් තීරණය කරා බල්බයක උපරිම ආයු කාලය පැය 1000ක් බවට පත් කරන්න. පෙර දී බල්බයක ආයු කාලය වැඩි කිරීමට තම හැකියාව මෙහෙයවූවෝ දැන් එහි ආයු කාලය අඩු කිරීමට උත්සහ දැරුවා. මෙහි දී ඔවුන් සාර්ථක වූ අතර 1934 දී බල්බයක සාමාන්ය ආයු කාලය පැය 1205 දක්වා අඩු කිරීමට ඔවුන් සමත් වුනා. 1930 දශකයේ දී ෆීබස් කාර්ටෙල් හි සාමාජිකයෝ ටිකෙන් ටික වෙන් වී ස්වාධීන තීරණ ඔස්සේ ක්රියාත්මක වුනා.
ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ ඇති ඉහත සඳහන් කල වසර එකසිය විස්සක් පුරාවට දැල්වෙන්නේ එම බල්බය නිපදවූයේ මෙම ෆීබස් කාර්ටෙල් බිහි වීමටත් පෙර නිසයි. වර්තමානයේ දී ෆීබස් කාර්ටෙල් නොමැති වුවත් ඔවුන්ගේ සංකල්පය පවතිනවා. දුරකථනයක බැටරි, පරිගණකයක උපාංග, රූපවාහිනී, රේඩියෝ හා වාහන යනාදිය කාලයෙන් කාලයට අලුත්වැඩියාවට ලක් කල යුත්තේ තාක්ෂණයේ අඩුපාඩුවක් නිසාම දැයි සිතා බලන්න.
තාක්ෂණය ඔස්සේ මිනිසුන්ට යහපතක් සාධාරණයක් කරන්නට වෙර දරපු බොහෝ දෙනාගේ අවසානය සනිටුහන් වූයේ සතුටු දායක අයුරින් නොවේ. ඔවුන් බොහෝ දෙනා ලාභය මුල් කරගත් ව්යාපාරිකයන්ගේ ගොදුරු බවට පත්විය. ලෝකයේ සෑම දෙනාට ම නොමිලයේ විදුලිය ලබා දීමට හීන මැවූ නිකොලා ටෙස්ලාට අවසානයේ අයත් වූයේ කාත් කවුරුවත් නොමැතිව දුප්පත්ව මිය යන්නට ය.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!