විෂාදය කියන්නෙ මොකක්ද ?

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

විෂාදය කියන්නෙ මානසික රෝග අතරින් බහුලවම දක්නට ලැබෙන රෝගයක්. බාල මහලු වයස් භේදයකින් තොරවම එකසෙ වැලදෙන්න පුලුවන් රෝගයක් තමයි විෂාදය කියන්නෙ. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ඉතා විශාල ප්‍රමාණයක් විෂාදයට ගොදුරු  වෙලා ඉන්නවා කියලා අධ්‍යනයන් මගින් පවා හෙලිවෙලා තියනවා. මට හිතෙන විදියට නම් ඒ ගොඩාක් අයට විෂාදය වැලදෙන්න හේතුවන මුල්ම අදියරය උසස් පෙලයි. 

මම මේ ලියන ලිපිය අද ලියන්නෙ විශේෂයෙන්ම උසස් පෙල සමයෙ ඉන්න හෝ උසස් පෙල නිමකල තරුණයින්ටයි. ඉතින් ඔක්කොටම කලින් බලමු මොකක්ද මේ විෂාදය කියන්නෙ කියලා. 

  • විෂාදය එහෙමත් නැත්තම් ඩිප්‍රෙෂන් කියන්නෙ කාලයක් තිස්සෙ ඉදන් දුක, සාංකාව කියන ඍණාත්මක හැගීම් වලින් පීඩා විදීමයි.අපිට දුක හිතෙන එක අතිශයින්ම සාමාන්‍ය දෙයක්. හැබැයි හිත ඇතුලෙ මහා කඩාවැටීමක් දැනීම,නිතර දැනෙන දුක කාංසාව  විෂාදයෙ මූලිකම ලක්ෂණයක්. 
depression
විෂාදය කියන්නෙ මොකක්ද ?

විෂාදයෙ රෝග ලක්ෂණ මොනවද ?

 

  • නිතර මහන්සියක් දැනීම සහ ඇගට කිසිම ශක්තියක් නොදැනීම.
  • සිත එකග කරගැනිමට, තීරණ ගැනීමට සහ මතක තබාගැනීමට අපහසු වීම.
  • තමා ගැන වරදකාරී හැගීමක් දැනීම.
  • තමන් නොවටිනා කෙනෙක් ලෙස නිතර දැනීම සහ ඉතා අසරණ බවක් දැනීම.
  • නින්ද නොයාම/ අධික ලෙස නින්ද යාම සහ සුවබර නින්දක් නොලැබීම.
  • අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නොමැතිවීම සහ නිතර ඍණාත්මක සිතුවිලි හටගැනීම.
  • කලින් මෙන් තමා කැමති දේවල් වල නිරත වීමෙ නොහැකියාව.
  • නොසන්සුන් සහ කිසිවකු නොරුස්නා බව.
  • කෑම අරුචිය හෝ පාලනයකින් තොරව ආහාර ගැනීම.
  • දිගටම හෝ නිතරම දුක, අනිසි බිය, හෝ හිස් බවක් දැනීම.
  • ප්‍රතිකාර ගත්විට පවා සුවනොවන දිගටම පවත්නා ශාරීරික වේදනා, හිසේ රුදාව, හෝ අජීරණ තත්ත්වයන් පැවතීම.
  • සියදිවි හානිකර ගැනීමට සිතීම හෝ එසේ කිරීමට උත්සාහ කිරීම.
depression
විෂාදය කියන්නෙ මොකක්ද ?

ඉතින් මේ ලක්ෂණ බොහො ප්‍රමාණයක් එක් කාලයකදී පෙන්වන්නෙ නම් ඒ පුද්ගලයාට විෂාදය තත්ත්වය සුළුවෙන් හෝ තියනවා කියලා දැනගන්න පුලුවන්. විෂාදය අන් කවර මානසික රෝගයකටත් වඩා වඩාත් භයානක වෙන්නෙ විෂාදයෙහි උපරිම අවස්ථාව සියදිවි හානිකර ගැනීම නිසයි. 

ඉතින් ඔයා තුලත් පහලින් කියන ලක්ෂණ තියනවනම් වහාම මානසික වෛද්‍යවරයකු මුණ ගැසීමට යා යුතුයි. ඔයාගෙ වටේ ඉන්න සමීපතමයෙක් මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම්, අන් කවරදාකටත් වඩා එම පුද්ගලයාට අවධානය යොමුකරන්න කටයුතු කරන්න. 

විෂාදයට ගොදුරුවුන කෙනෙක් එහි උපරිම මට්ටමකට පැමිණ ඇත්නම් පෙන්නුම් කරන ලක්ෂණ.

 

depression
විෂාදය කියන්නෙ මොකක්ද ?
  • එක්වරම ඉතා සතුටින් සිටින අතර බොහෝවිට අතිශයින්ම දුකින් සිටීම.
  • ඉහතින් සදහන් කල නින්ද නොයාම වැනි ලක්ෂණ උත්සන්න වීම.
  • නිතර මරණය ගැන සිතීම සහ ඒ ගැන කතා කිරීම.අන්තිම කැමැත්තක් ගැන සිතීම සහ කතා කිරීම.
  • ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නොමැතිවීම.
  • මම ඉදලා වැඩක් නැහැ මම ඉපදුනෙ අපරාදෙ හිටියා හොදටම ඇති වගෙ හිතීම.
  • හැම ප්‍රශ්නයකින්ම නිදහස් වෙන්න හොදම ක්‍රමය මියයාම යැයි සිතිම. 
depression
විෂාදය කියන්නෙ මොකක්ද ?

මේ කියලා තියන විදියට ඔයාට විෂාදය රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයකු මුණ ගැසිය යුතුයි. ඊට අමතරව අපි බලමු විෂාදය තියන කෙනෙක් එයින් තරමක් දුරට හෝ මිදීමට තමන්ගෙ ජීවන රටාවේ යහපත් වෙනසක් සිදුකර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්.නිතරම තමන්ගෙ මනස වඩාත් ධනාත්මකව සැහැල්ලුවෙන් තබාගැනීමට කටයුතු කරන්න.

happy girl
විෂාදය කියන්නෙ මොකක්ද ?

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!