විෂය කරුණු, කෙටි සටහන්, පාස්ට් පේපර්ස් හරියට කළමනාකරණය කරගන්නෙ කොහොමද

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

උසස් පෙල විභාගය කියන්නෙ සෑහෙන තරඟකාරී විභාගයක්. ඉතා සීමිත පිරිසකට උසස් පෙල විභාගයෙන් පසුව නොමිලයේම උපාධියක් හැදෑරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් අවස්ථාවක් හිමිවීම ඊට හේතුවයි. මේ උසස් පෙල විභාගයට දීර්ග විෂය නිර්දේශයක් පැවතීමත් කාලය සීමිත වීමත් නිසා ‘ කළමනාකරණය ‘ ගැන ඔයා අවධානය යොමුකල යුතුමයි. 

උසස් පෙල විභාගයෙන් ඉහලම සාමාර්ථයක් ලබාගැනීමට නම් අනිවාර්යයෙන්ම කරන්නට ඕන දේවල් තුනක් තියනවා.ඒ තමයි, 

1- විෂය කරුණු හොදින් ධාරණය කරගැනීම.

2- වැදගත් කරුණු මතක තබාගැනීම.

3- ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දීම පුහුණු වීමයි. 

 

උසස් පෙල විභාගයෙන් ඉහලම ප්‍රතිඵල ලබාගත් අය මේ  ස්මාර්ට් විදියට වැඩ කළමනාකරණය කරගත් අයයි. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ විෂය කරුණු ඉතාමත් හොදින් ධාරණය කරගනිමින් කරුණු මතක තබාගනිමින් ප්‍රශ්න පත්‍ර වලට සාර්ථක ලෙස මුහුණ දෙන්න සූදානම් වෙන ආකාරයයි. 

 

1- විෂය කරුණු ඉතා හොදින් ධාරණය කරගමු. 

 

students
විෂය කරුණු, කෙටි සටහන්, පාස්ට් පේපර්ස් හරියට කළමනාකරණය කරගන්නෙ කොහොමද

අපි පාඩමක් ඉස්සෙල්ලම ඉගෙනගන්නකොට අපි දන්නෙ නැහැ මොනවද වැදගත් කරුණු කියලා. ඒ වගේම විෂය නිර්දේශය ඉතාමත් දීර්ග නිසා නිතර කියවන්න තරම් වෙලාවකුත් නැහැ. ඉතින් අපි දෙයක් ඉගෙනගන්න ඉස්සෙල්ලම ඔලුවට දාගන්න එක ගොඩාක් ලොකු පහසුවක්. ඉස්කෝලෙදී, අමතර පන්තියකදී දෙයක් ඉගෙනගන්න පලවෙනි වතාවෙම ඒ දේ හොදින් ඔලුවට යන්න නම් ඉස්සෙල්ලම හොදින් සවන් දෙන්න ඕන. 

ඉස්කෝලෙදි , අමතර පන්තියකදී කියලා දෙන දේවල් වලින් ඉතාමත් වැදගත්, විභාගයට අනිවාර්යයෙන්ම එන , ඔයාට තරමක් අපහසු දේවල් විශේෂ සලකුණක් දාගන්න. ඒ කියන්නෙ හයිලයිට්ස් කරගන්න පුලුවන්.එහෙම නැත්තම් හොදම ක්‍රමයක් ගැන මම කියන්නම්. නෝට් එකක් දුන්නම ඒක ඉදිරියෙන් වැදගත් කරුණකට අදාල ප්‍රශ්නයක් ඔයා විසින්ම ගොඩනගලා පැන්සලකින් පැත්තකින් ලියාගන්න. ඊටපස්සෙ ඒ දවසේම නොතේරෙන තැන් පැහැදිලි කරගන්න අමතක කරන්න එපා. ඒ දවසෙම නිවසට ගිහින් අපිම සකස් කරගත්ත ප්‍රශ්න ඔස්සෙ වැදගත් කරුණු මතක් කරගන්න පුලුවන්.ඒ වගේම ඊලග දවසෙ ඉස්කෝල්, අමතර පන්ති යනකොට මතක් කරගන්නත් පහසුම ක්‍රමයක්. පාඩමක් අන්තිමට ඔයාම ලියාගත්ත ප්‍රශ්න දිහා බලලා ඔයාට මේ පාඩම කොයිතරම් දුරකට තේරුනාද කියලා දැනගන්න පුලුවන්. අපිට තියන ඉතා සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න නම් මේ වගෙ ස්මාර්ට් වැඩ වලට යොමුවෙන එක ගොඩාක් වටිනවා .

 

2- කෙටි සටහන් හදමු. කරුණු මතක තියාගමු.

 

short notes
විෂය කරුණු, කෙටි සටහන්, පාස්ට් පේපර්ස් හරියට කළමනාකරණය කරගන්නෙ කොහොමද

විභාගයෙන් ඉහලින්ම සමත් වෙන්න විෂය නිර්දේශයෙ තියන දේවල් හොදින් මතක තබාගත යුතුව තියෙනවා. අර තරම් දීර්ඝ විෂය නිර්දේශයක් මුළුමනින්ම මතක තියාගන්නෙ කොහොමද නේද .. විභාගයක් ලං වුනාම පොත් පිටින්, නෝට්ස් පිටින් කියවන්න තරම් අපිට වෙලාවක් නැහැ. අනික එහෙම කියවනකොට කිසිම දෙයක් මතක තියෙන්නත් නැහැ. 

අපි ඉස්සෙල්ලා කරුණෙන් කතා කලා නේද දෙයක් ඉස්සෙල්ලම ඉගෙනගන්නකොට හොදින් අවබෝධ කරගන්න විදිය.ඉතින් ඒ ක්‍රමයත් උදව් කරගෙන අපි කෙටි සටහන් හදමු. කරුණු හැමදාටම මතක තියාගන්න වැඩ කරමු. ඔයා ඉස්කෝලෙදී, අමතර පන්තියකදී ඉවර කරපු පාඩමකින් කෙටි සටහන් හදන්න ගන්න. ඔයා නෝට් එකක් ඉදිරියෙන් ලිව්වා නේද වැදගත් දේවල් හදපු ප්‍රශ්න ?මේ ප්‍රශ්න මුල ඉදන් කියවලා වෙනම පොතක හෝ කොලයක ඒවාට උත්තර ලියන්න. ඊට අදාල වැදගත් කරුණු ටික පාඩමේ නම දාලා ලියාගන්න.ඒ කියන්නෙ ෂෝට් නෝට්ස් හදන්න. ඔයාට විභාගයක් ලං වුනාම මේ ෂෝට් නෝට්ස් ටික කියවගන්න විතරයි තියෙන්නෙ.එහෙම නැත්තම් බස් එකෙදී ,කෑම කන වෙලාවට පහසුවෙන් කෙටි සටහන් ටික බලලා කරුණු මතක් කරගන්න පුලුවන්. ඊට අමතරව වැදගත් කවි, සූත්‍ර, සමීකරණ කොල වල ලියලා බිත්තියෙ අලවගන්න. මේ ඉතාමත් ස්මාර්ට් කෙටි සටහන් මගින් ඔයාට හරිම පහසුවෙන් දේවල් මතක තියාගන්න පුලුවන් වෙනවා .

 

3- පාස්ට් පේපර්ස් කරලා විභාගයට හොදින්ම මුහුණ දෙමු.

 

exam
විෂය කරුණු, කෙටි සටහන්, පාස්ට් පේපර්ස් හරියට කළමනාකරණය කරගන්නෙ කොහොමද

අපි ඉස්සෙල්ලම විභාගයක් ලියන්න ඉදගන්නකොට ටිකක් බය වෙනවා. ඒ බය නිසා අපි දන්න දේවල් පවා හරියට ලියාගන්න බැරිව යනවා.ඒකට කරන්න තියන හොදම දේ තමයි විභාගයට ඉතාමත් හොදින් පුහුණු වෙන එක.

 

  • සතියකට වරක් පැය තුනක් අරගෙන සම්පූර්ණ පේපර් එකක් කරන්න.අදාල කාලය අනුව කරන්න ( පේපර් එකකට ලැබෙන කාලය අනුව ) . ඔයා ඒ වෙලාවට හිතන්න ඕන මේ විභාගය කියලා. ලකුණු ඔයාම පරීක්ෂා කරන්න.

 

  • පාඩමක් පාඩම් කරලා ඉවර වුනාට පස්සෙ ඊට අදාල පසුගිය වසරවලදී ඇවිත් තිබුණ ප්‍රශ්න වලට උත්තර සපයන්න.

 

  • මේ විදියට කරගෙන යනකොට ඔයාට හොද අවබෝධයක් ලැබෙනවා. ප්‍රශ්න එන විදිය ගැන.ඒ අනුව ඔයාගෙ වැඩ කටයුතු දියුණු කරගන්න එක ඔයා කරන්න ඕන දෙයක්.

 

ඔන්න ඉතින් අද මම කියලා දීපු විදියට මේ ක්‍රම තුන ඔස්සෙ වැඩ කරගෙන ගියොත් හරිම ස්මාර්ට් විදියට අඩු මහන්සියකින් සීමිත කාලයකින් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුලුවන්. අදම පටන් ගන්න හොද ප්‍රතිඵලයකට යන්න වැඩ කරන්න.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!