විවාහා විරහව… (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ධනූ අනේ අදවත් එනවද?
බෙස්ට්මන්ගේ ඇඳුම බලන්න ඕනේ. මගේ ජුවලරි සමහර ඒවා මැච් වෙන්නෑලු. ඔයාට ගොයින් එවේ කිට් එකත් තෝරගන්න ඕනේ”
“හරි හරි ශ්වේතා, උදේ පාන්දර කෑගහන්නැතුව ඉන්නවා. පුලුවන් උනොත් එන්නම්. නැත්තම් නයෝමි එක්ක යනවා. වද දෙන්නැතුව. මල කරදරයක් උනානේ මේක…”
උත්තරයක් දෙන්න කලින්ම එහා පැත්තෙන් ෆෝන් එක විසන්ධි වෙනවා ඇහිලා මට නිකන්ම සුසුමක් පිට උනා.
තව සති දෙකකින් අපේ වෙඩින් එක තියෙද්දිත් ධනු මෙහෙම හැසිරෙන එක මට හිතාගන්න බෑ. මීට මාස තුනකට කලින් හිටපු ධනූද මේ කියලා හිතෙනවා. කොච්චර නම් ඉස්සර එයා වෙඩින් එක ලස්සනට කරන්න ප්ලෑන් කරාද,ඒත් දැන් කිසිම උනන්දුවක් නෑ
මේ දවස් ටිකේම වැඩ වලට දිව්වේ මං. හොඳ වෙලාවට නයෝමි හිටියේ පව් කෙල්ල , මං වෙනුවෙන් නැහෙනවා. එයාව දෙවෙනි මනාලිට ගත්ත එක නම් ධනූ ගත්ත හොඳ තීරණයක්.. මං යනගමන් කලාපනා කරා.
———————————————————————
රෑ හතට විතර දොරට තඩිබානවා ඇහිලා තාත්තා දොර අරින්න ගියා. එකපාරටම කඩා පැනපු ධනූ මාවත් ඇදගෙන කාමරේට ගියා. දොරට හයියෙන්ම පයින් ගහලා වහපු ධනූ මගෙ කටමිරිකගෙන ,
” කවුද තමුසෙට කීවේ මං දුන්න කලර් තීම් එක වෙනස් කරන්න කියලා ගොයින් අවේ කිට් එකේ..”
“අනේ ධනූ එයාලා කීවා බෙස්ට්මන්ලගෙයි බ්රය්ඩ් මෙයිඩ්ස්ලගෙයි ඇදුම පාටම හින්දා ඒක වෙනස් කරමු කියලා ඒකයි. ඒකට ඇයි මේ කෑගහන්නේ..”
“කෑගහන්නේ, කෑගන්නේ නේද මට ඕන්නම් මං කෑ ගහනවා , නැත්තම් උබට ගහනවා. උබ මගෙ ගෑණි වෙන්නනේ ඉන්නේ. කටවහන් ඉදපන් මට ඕන විදිහට” .
“හොඳ වෙලාවට නයෝමි කෝල් කරලා කිව්වේ..මං තෝරපු පාට වෙනස්කරේ උබ මගෙන් පලිගන්නද ආ..?”
මාව එහෙම්ම තල්ලු කරලා එතනදිම අශෝක්ට කෝල් එක දීලා ධනූ පාට වෙනස්කරා.
මටත් රවලා දොර අරිද්දිම හදද්ම තාත්තා අපේ කතාව අහන් ඉදලම මනාදා දොර ලඟ හිටියා.තාත්තටවත් කතානොකර ධනූ යන දිහා මං බලන් හිටියේ ඇස් දෙකේ කඳුලු පුරවන්.
ධනූ මායි හම්බුනේ හරිම අහම්බෙන් මගේ යාලු අක්කා කෙනෙක්ගේ දෙවනි මනමාලියෙක්ට මායි එයා මනමාලයගේ පැත්තෙන් දෙවෙනි මනමාලයටයි හිටියා. සප්රයිස් ඩාන්ස් පුරුදු වෙන්න ඇවිත් දිගට දිගට කතාකරද්දි අපේ අදහස් සමානයි කියලා තේරෙද්දි අපිටම නොදැනුවත්ම ආදරේ හිතුනා. වෙඩින් එකට කලින් දවස වෙනකන්ම අපි හොඳම යාලුවෝ උනේ ඒ හින්දා වෙන්න ඇති. එදා අන්තිම දවසේ ප්රැක්ටිස් කරලා ඉවර වෙලා හැමෝම පාර්ටියක් දාද්දි මං ටිකක් වටපිට බලන්න හොටෙල් එකෙන් එලියට ආවා.
ගාඩ්න් එකේ තිබ්බ ලස්සන ලොකු ගහක් මුල ඉදගෙන මං අහසේ තරු දිහා බලන් කල්පනා කර කර හිටියා.
ශ්වේතා….ඔයාට තනියෙන් නම් ඔය ඔක්කොම තරු ගනන් කරන්න අමාරුයි. මාත් එක්ක එකතු වෙලා මුලු ජීවිත කාලෙම තරැ ගණන් කරොත් නම් ඉවර කරන්න පුලුවන් වෙයි.
මං ලඟින් ඉදගත්ත ධනූ කොකෙක් වගේ මූණට එබිලා එහෙම කියද්දි මට හිනාත් ගියා. ඒ අහස යට ඒ සංවාදේ ඉවර උනේ මං එයාගේ උරහිසට බරවෙලා.
එදායින් පටන්ගත්ත ආදරේ අපි හැමදාම රැකගෙන ඉස්සරහට ආවා.ඒ හොටෙල් එකේම අපි වෙඩින් එක ගන්නවා කියලා ඒ ගහ යටදිම පොරොන්දු උනේ, ඒ තැන අපේ ආදරේ පලවෙනි සංකේතේ උන හින්දා.
ඔහොම අවුරුදු දෙකක් ආදරේ කරා රණ්ඩු උනා, යාලු උනා, හිනා උනා, අපිට අපිව නැතුවම බැරි උනා.ඒත් පලවෙනි වෙඩිමුරේ නිකුත් උනේ එයාගේ අම්මගෙන්.මාව නයාට අඳුකොල වගේ උනා අම්මට. ජීවිතේ පලවෙනි පාරට ධනූව අහිමිවෙන බය මට දැනුනා. කොට්ටේ තෙත්වෙනකන්ම ඒ දවස් වල අඩා වැටුනා. ඒත් ධනූ මට ඉවසන්න එයා හැමදේම හරිග්ගස්සන්නම් කියලා පොරොන්දු උනා.
ඒ විදිහටම එයාගේ අම්මා මාව එයාගෙම දුවක් විදිහට පිලිගන්න තැනටම එයා අම්මව වෙනස් කරපු හැටි මතක් වෙද්දිත් මට ධනූ ගැන ඇතිවෙන්නේ පුදුමාකාර ආදරයක්..ඒත් ඒ ආදරේ දැන් කවුරු හරි හොරු අරන් කියලා හැමදාම මට හිතුනා.
ධනූ වෙනස් වෙන්න ගත්තේ දැනට මාස දෙක තුනක ඉදන්. අපේ වෙඩින් එක ප්ලෑන් කරලා ටික කාලයක් යද්දිම එයාගේ වෙනස මට තේරුනා.එයාගේ වැඩ වල ස්ටෙස් එක නිසා වෙන්න ඇති කියලා මං ඉවසුවා.සමහර දවස් වල සතියක් යනකන් කතානොකරපු දවස් තිබ්බා. ඒත් බැන්දට පස්සේ හරියයි කියලා හිතලා මං බලන් හිටියා.ධනූගේ අම්මවත් අමාරුවෙන් කැමතිකරගෙන මේ තරම් දුරක් ආව ගමන නවත්තන්න මට හිත දුන්නෑ. ඒ වගේම ඉස්සරහට ධනූ නැතුව යන්න මට බය හිතුනා.
මගේ අවධානේ බිදුනේ තාත්තා කාමරේ දොර ඇරන් මං ලඟට ආවට පස්සේ. ධනූ කරපු දේ හින්දා මට තාත්තගේ මූණ බලන්නත් ලැජ්ජයි.මං ලඟම ඉඳ ගත්ත තාත්තා,
“පුතා අද මොකක්ද උනේ කියන්න මං දන්නේ නෑ. ඒත් මේ දවස් ගානම ඔයා කල්පනා කර කර හිටියා මං බලන් හිටියේ….
මට මේක තවත් බලන් ඉන්න බෑ පුතේ. ඔයා තාමත් පරක්කු නෑ.
තීරණයක් ගන්න කවදාවත් බයවෙන්න එපා. පවුලේ නම්බුව නම් ප්රශ්නේ,
මේකත් මතක තියාගන්න..
නෑදෑයෝ කියන්නේ කොච්චර හොඳට වැඩේ හොඳට සිද්ධ උනත් කියන්න දෙයක් නැත්තම් කෑම වල ලුණු වැඩී හරි කියන කට්ටියක්..
ඉතින් වැදගත්ම දේ ඔයා සතුටින් ඉන්න එක. ” ධනූ එක්ක ජීවත් වෙන්න ඕන ඔයා..
ඒ හින්දා කැමති තීරණයක් ගන්න මේ තාත්තා ඉන්නවා ඕනේ දේකට”
එහෙම කියපු තාත්තා මගේ ඔලුව අතගාලා එලියට ගියා. මට පිට උන ඉකිය කොට්ටෙට මුණ ඔබාගෙන එලියට ඇහෙන එක වලක්ව ගත්තා.
__________________________________________
වෙඩින් එක දවස ආවෙත් හිතන්නෙවත් නැති ඉක්මණට. ඊයේ රෑ පුරාම අඩලද මන්දා ඇස් දෙකත් ඉදිමිලා මේකප් වලින් වහන්න පුලුවන් නිසා හොඳයි.අඩන්න උනෙත් ධනූගේ හිතුවක්කාර වැඩ නිසා තමා.
ඊයෙ ප ධනූ බීලා කොහෙ ගියාද කියලා කැමාටවත් හොයන්න බැරුව හිටියේ.පාන්දර වෙනකන්ම අඩ අඩ එයාව පරිස්සම් කරන්න කියලා බුදු පහන ලඟ අඬ අඬ හිටියේ.
පාන්දර කවීන් කෝල් එකක් දුන්නා බෝක්කු කනුවක් උඩ හිටපු ධනූව එක්කන් ගියා කියලා. ඊට පස්සේ තමා ටිකක් නින්ද ගියේ.
ෆොටෝ ගන්න එකත් පරක්කු උනා ධනූට නින්ද ගිහින් ඇදගන්න පරක්කු උන හින්දා. පුදුම තරම් ලස්සනට ධනූව අන්දලා තියෙනවා දැකලා මගේ ඇස් දෙකේ කඳුලු පිරුවා.එයාට සුබපතන්න ගිය මාව ගනන් ගන්නෙවත් නැතුව එයා යාලුවෝ එක්ක කතාව.පලවෙනි පාරට මනමාලිව දකින මනමාලයන්ගේ ඇස් වලින් කඳුලු වැටෙනවා මං වීඩියෝස් වල ඕනතරම් දැකලා තිබ්බා. ඒත් මං දිහා එක පාරක්වත් බලන්න ධනූට උවමනාවක් නැතිපාර කඳුලු වැටුනේ මගෙ ඇස් වලින්.
නයෝමිට නම් “අද ලස්සනයි ඔයා” කියලා ධනූ කියනවා ඇහිලා මට ධනූ දිහා බැලුනේ ඉබේටමයි.
පෝරුවට නගින්න විනාඩි පහලවක් තියෙද්දි මං ධනූගේ මූණ ආයෙත් බැලුවා. කිසිම හැඟීමක් නැතුව පෝන් එක ඔබන ධනූ දැක්කම මගෙ ඉවසීමේ සීමාව පහු උනා.
ධනූගේ අතින් අල්ලගත්ත මං ධනූවත් අරන් අපි දෙන්නා ආදරෙන් බැඳුන ඒ ගහ යටට එක්කන් ගියා. ඒක දැකපු හැමෝම මොකද වෙන්නේ බලන්න වටේ හොරෙන් රැදිලා ඉන්නවා මට ඇස් කොනින් පෙනුනා.
“ධනූ, මෙතන තමයි අපි දෙන්නා ඉස්සෙල්ලම ආදරෙයි කියපු තැන. අපිට අපිව අයිති උන තැන.එදා අපි දෙන්නම මෙතනදි අවංක උනා. අදත් එහෙම වෙයි කියලා මං විශ්වාස කරනවා.”
හොඳ හුස්මක් ගත්ත මං අහක බලන් හිටපු ධනූගේ මූණ මගේ පැත්තට හරවගත්තා.
ධනූ, මැණික ඔයා ඉස්සර වගේම මට තාමත් ආදරෙයිද?
එයා මගේ ඇස් මගහරින්න වගේ ගහේ කද දිගේ ඇස් යැව්වා.
මගේ අත අතෑරපු ධනූ
“නෑ ,මං ආදරේ නයෝමිට” මං දිහා බලන්න බැරිකමට බිම බලාගෙන කියපු වචන මගේ කන දිගේ හදවතටම ගිහින් ඇන්නා.
පපුව ඇතුරෙන් අකුණු ගැහුවා, පෙරලි පෙරලි ගංවතුර ගැලුවා සුලිකුණාටු හැමුවා. අතේ තිබුන බොකේ එක බිම වැටුනා.
ඇස්දෙකට ගලන කඳුලු හිරකරගෙන අපි හම්බුන තැන අවසාන වතාවට බැලෝවා. මතක සීයල්ලම එතනම දාලා එන්න මං හිතට පොරොන්ලු උනා.
අපේ ආදරේ පටන් ගත්ත තැනදිම ආදරේ නතර උනා.ඒ ගහ හැමදේම උපේක්ෂාවෙන් දරාගත්තා.
අවසාන වතාවට එයාගේ නලල සිපගෙන අහුලගත්ත බොකේ එක නයෝමි අතට දීලා මං කාරෙකට නැග්ගා.
ඉස්සර දෙවෙනි මනාලියෝ තියන්නේ මනමාලි ගෙනියන්න එන යක්කු රවටන්නලු. ඒත් අන්තිමේට මගේ කතාවෙදි මනමාලි නේද රැවටුනේ කියලා මතක්වෙද්දි ඇස් දෙකට කදුලු පිරුවා.ඒවා ඔහේ කම්මුල් දිගේ ගලන්ගියා.
නයෝමි ධනූගේ ඒ ගහ යටදිම අත අල්ලගන්නවා කඳුලු අස්සෙන් වීදුරුවෙන් මං දැක්කා.තවත් බලන් ඉදලා වැඩක් නැති නිසා රියදුරාට ඉස්සරහට රන්න සන් කරා…
කාරේකේ රේඩියෝවේ තරිඳු දම්සරයන්ගේ පදවැල් හදවතටම තට්ටු කරලා කඳුලුත් එක්ක ගලාගියා…
ඇසිල්ලක්වත් දුරින් නොයිදන්
හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්
හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්
අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්
මඟුල්බෙර තාලයක කෙලවර
නික්ම යෑමය නැවත් ඒමය
මුදු සිනාවක අර්ථ විවරණ
සදා නොමැකෙන සෙනෙහෙ පෑමය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්රේමය
උපුටා ගැනීම:  නි ශ්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!