යොහානි ගේ බොලිවුඩ් සම්ප්‍රාප්තිය (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
Manike Mage Hithe’ singer Yohani makes Bollywood debut as she sings the title track of ‘Shiddat’
ලංකාවේ පොඩි කෙල්ල ගැන ඉන්දියානු මාධ්ය වාර්තා කළේ එලෙසය.
පසුගිය සති කිහිපය තුළ ශ්රී ලංකාවේ යොහානි ‘මැණිකේ මගේ හිතේ’ ගීතය තුළින් ලොවපුරා කුණාටුවක් ඇති කළාය. මේ 28 හැවිරිදි ගායිකාව ගැයූ ගීතය සමාජ මාධ්ය තුළ වඩාත්ම වාදනය වන්නට පටන් ගත් ගීතයක් වන අතර එනිසාම ලොවපුරා ගයක ගායිකාවන් කිහිප දෙනෙකුම එහි වෙනත් විවිධ භාෂාවලින් Cover Song කරන්නට ඉදිරිපත් විය. මැණිකේ මගේ හිතේ ලොව පුරා කෙසේ වෙතත් ඉන්දියානු කලාපය කළඹන්නට සමත් ව තිබිණි.
යොහානිගේ ගීතය අති සාර්ථක වීමත් පසු, හින්දි චිත්රපට සඳහා ඇගේ හඬ දෙවරක් නොසිතා යොදාගන්නට බොලිවුඩ් සිනමා කරුවන් ඉදිරිපත් වීය.
සැප්තැම්බර් 28 වැනි අඟහරුවාදා යොහානිගේ බොලිවුඩ් චිත්රපටයක පළමු ගීතය ( Cover Song ) එළිදැක්විණි. සනී කෞෂාල් සහ රාධිකා මදන් ප්රධාන චරිත නිරූපණය කරන ඉදිරියේදී තිරගත වන්නට නියමිත ‘ෂිද්දත්’ (Passion / ආශාව ) චිත්රපටයේ ගීතයක් යොහානි විසින් ඉතාමත් සංවේදීව ඉදිරිපත් කර ඇත.
යොහානි ඇගේ යූටියුබ් නාලිකාවේ ද ගීතය ප්රසිද්ධ කළ අතර එය ගීතයේ නිල ගායිකා අනුවාදය ලෙස නම් කළාය. ‘ෂිද්දත්’ මුලින් ගායනය කර ඇත්තේ මනන් භාරද්වාජ් විසිනි. ඇයගේ ආවේනික ශෛලියෙන් එම ගීතය ගායනය කළ යොහානි, ගීතය සිත් ඇදගන්නා ලෙස ගායනා කරන විට සවන් දෙන්නන් මුළුමනින්ම ඊට ආකර්ෂණය වෙයි. යොහානිගේ ගීතය චිත්රපටියට සාධාරණත්වයක් කරයිද යන්න බලා ගන්නට නම් අපට චිත්රපටිය තිරගත වන තිරු බළා සිටිය යුතුවේ.
යොහානි දින කිහිපයකට පෙර WION අන්තර්ජාල චැනලය සමඟ කතාබහ කළ අතර ඇය මේ වන විට ඇගේ ඉන්දියානු සංචාරය සඳහා සූදානම් වෙමින් සිටින බව හෙළි කළාය, එය නිසැකවම ඇගේ ඉන්දියානු රසිකයින්ගේ සවන් පිනවන ඔවුන්ගේ බළාපොරොත්තු ඉටුකරවන ගමනක් වනු ඇත.
බොලිවුඩයේ ඒආර් රෙහ්මාන්, සෝනු නිගම්, අරිජිත් සිං, ඩිවයින් සහ බාද්ෂා වැනි අය සමඟ වැඩ කිරීමට තමා කැමති බව ද ඇය පැවසුවාය. ෂිද්දාත් හි ආත්මීය ඉදිරිපත් කිරීමත් සමඟ අපි සිතන්නේ යොහානි ඇගේ සිහිනයට තවත් පියවරක් සමීප වූ බවයි.
2021ඔක්තෝබර් 1 වෙනිදා Disney + Hotsatar චිත්රපටියක් ලෙසට ‘ ෂිද්දත් ‘ තිරගත වේ. අපි ෂිද්දත් එනකම් බළා සිටිමු.
ලංකාවේ පුංචි කෙල්ලට ඇය කියන විදිහට හාල් මැස්සීට ජය පතමු.
WION චැනලයේ ලිපියක් ඇසුරිනි
උපුටා ගැනීම:  සංජය දොළමුල්ල

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!