මහනුවර ආදි – ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් රටටම ආදර්ශයක්

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මහනුවර ආදි ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් රටටම ආදර්ශයක්

කොරෝනා ව්‍යසනය හමුවේ සෞඛ්‍ය නිර්දේශ මත 2020 වසරේ කන්ද උඩරට දළඳා පෙරහර මංගල්‍යය පැවැත්විණ. ජුලි මස 25 වන දින ඇරඹි ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 03 වන පොහෝදින රාත්‍රී අවසන් පෙරහර සහ පසුදින දහවල් පෙරහරින් අවසන් විය. සෞඛ්‍ය නිර්දේශ මත පැවැත්වීමට සිදුවීම හේතුවෙන් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මහජනතාවට සියැසින් දැකගැනීමට හැකියාව නොලැබුනද ආරක්ෂක අංශ මගින් පෙරහර සඳහා සියලු ආරක්ෂක කටයුතු සපයන ලදී.

පෙර වසරවල මෙන්ම දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් නිල්ධාරීන් සේවයට වාර්ථා කල අතර දින 10 පුරාවටම ඔවුන්ගේන් ඉමහත් කාර්‍යයක් සිදුවිය. මෙවර පෙරහර සමයේ විශේෂිත සිදුවීමක් දැකගත හැකිවිය.

එනම් පෙර වසරවල මෙන් නොව විවිධ ආයතන වලින් සුභසාධන කටයුතු නොවන අවස්ථාවක මහනුවර ආදි ශිෂ්‍ය නායක සංගමය මගින් එම කාර්‍යයට උර දෙමින් රාජකාරිවල නිරතව සිටි සියලුම ආරක්ෂක අංශ වෙත ඔවුනගේ වෙහෙස මහන්සිය නිවාගැනීමට ඔවුන් වෙත ඔසු පැන් වලින් කිරීමට මෙම සංවිධානය කටයුතු කර තිබුණී. සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව මෙම සංගමයේ සමාජික සමාජිකාවන් විසින් මෙම කාර්‍ය රන්දෝලි පෙරහර පැවති දින 5 පුරාවටම ඔවුන්ගේ ශක්තිය ලබා දෙමින් ඉටු කරනු දැකගත හැකි විය.
The Kandy Past Prefects Association

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!