කථන හා ශ්‍රවණ විද්‍යා උපාධිය.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ශ්‍රවණවේදිකයකු හෝ කථන හා භාෂා චිකිත්සකවරයකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත සෞඛ්‍ය වෘත්තිකයකු වීමට කැමැත්තෙන් ඉන්න අයට ගොඩාක් වටින ශ්‍රී ලංකාවේ තියන කථන හා ශ්‍රවණ විද්‍යා උපාධිය ගැන තොරතුරු තමයි මේ ලිපියෙන් අද අපි කතා කරන්නෙ. මේ උපාධිය හදාරන්න පුලුවන් වෙන්නෙ උසස් පෙල විභාගයට බයෝ සහ මැත්ස් කරපු සිසුන්ටයි.බයෝ කරපු ගොඩාක් අය මෙඩිසින් යන්න උත්සාහ කලත් මෙඩිසින් වලට තේරීපත් වෙන්නෙ ඉතාමත් සීමිත ප්‍රමාණයක් විතරයි.ඉතින් ඒ හා සමානම පිලිගැනීමක් තියන තවත් එක් ක්ෂේත්‍රයක් තමයි මේ.

ශ්‍රවණ සහ භාෂා චිකිත්සකවරයකු කියන්නෙ කාටද ?

 

මේ වෘත්තීය ලංකාවට හදුන්වලා දුන්නෙ අනූව දශකය වගේ මෑතකදී වුනත් ලෝකයට නම් මේ වෘත්තීය අලුත් එකක් නෙවෙයි. මේ වෘත්තීය ලෝකයට කොයිතරම් අවශ්‍යයද කිව්වොත් එක්සත් ජනපදයෙ කම්කරු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව 2014-2024  ලෝකයෙ ඉහලම ඉල්ලුමක් පවතීයැයි අනුමාන කරන සෞඛ්‍ය වෘත්තීන් පහ අතරට ඇතුලත් වෙනවා.ඔයා මේ ක්ෂේත්‍රය හදාරන්න තෝරගන්නවා නම් අනාගත ලෝකයෙ රැකියාවලට ඉහලම ඉල්ලුමක් තියනවා වගේම විදේශ ශ්‍රමිකයෙක් විදියට වෙනත් රටවලට යාමට පවා අවස්ථා හිමිකරගන්න පුලුවන්.

kathana-ha-shrawana-widhya-upadhiya1
කථන හා ශ්‍රවණ විද්‍යා උපාධිය.

ශ්‍රවණවේදිකයකු කියන්නෙ කාටද ? 

ශ්‍රවණවේදිකයකු වශයෙන් වෘත්තීමය සුදුසුකම් ලබාගැනීමට නම් උපාධිමය අධ්‍යාපනික සුදුසුකමක් අවශ්‍ය වන අතර ඔහු සතුව මේ කියන නිපුණතාවයන් අඩංගු විය යුතුය.

 

  • ශ්‍රවණ තත්ත්වය, ශ්‍රවණ ඌණතා සහ ඒ ආශ්‍රිත ආබාධ , සමබරතාවය පිලිබද ගැටලු වලට අදාල තත්ත්වයන් හදුනා ගැනීම, කලමණාකරණය සහ ඊට සම්බන්ධ සුදුසු උපකරණ නිර්දේශය පිලිබද මනා දැනුමකින් පරිපූර්ණ විය යුතුය.
  • යහපත් ශ්‍රවණ තත්ත්වයක් ඇතිකරගැනීම ගැන උපදේශනය සහ කර්මාන්තශාලා වල කටයුතු කරන අයගෙ ශ්‍රවණ තත්වය යහපත් අයුරින් පවත්වා ගැනීමට අදාල නිර්නායක සැකසීමේ හැකියාවෙන් යුක්ත විය යුතුය.මේ ක්ෂේත්‍රය ලංකාවට තරමක් අලුත් දෙයක් වුනත් ලෝකයෙ අනෙකුත් රටවල නම් මේ ක්ෂේත්‍රය නැතුවම බැරිය.ලෝකයෙ සිටින ශ්‍රවණවේදින් ,ඉංජිනේරුවන් සමග එක්ව කටයුතු කරමින් ශ්‍රවණයට හිතකර උපකරණය සකස් කිරීමට කටයුතු කරනවා.ඒක ඇත්තටම මැත්ස් කරපු කෙනෙක්ට නම් ගොඩාක් කැමති හිතෙන දෙයක් වේවි.

 

එතකොට කථන හා භාෂා චිකිත්සකවරයකු කියන්නෙ කාටද ?

  • කථන හා භාෂා අපහසුතා, සන්නිවේදන අපහසුතා,කටහඩ සම්බන්ධ අපහසුතා සහ ගිලීම සම්බන්ධ අපහසුතා සම්බන්ධ අදාල ඇගයීම, හදුනා ගැනීම සහ කලමණාකරණය පිලිබද මනා අවබෝධයකින් යුතුව කටයුතු කල යුතුයි.
කථන හා ශ්‍රවණ විද්‍යා උපාධිය.
කථන හා ශ්‍රවණ විද්‍යා උපාධිය.
  • බොහෝ විටෙක ඔටිසම්, ඩවුන්ස් සහ ලක්ෂ්‍ය වැනි තත්ත්ව සහිත දරුවන්ගෙ ගැටලු කථනය සම්බන්ධව ගැටලුද ආඝාතය වැනි තත්ත්වයන් සහිත අයගෙ කථන හා ගිලීමේ අපහසුතා සම්බන්ධවද කටයුතු කරනවා.

මේ ශ්‍රවණවේදින් සහ භාෂා ච්කිත්සකවරුන් රජයෙ රෝහල්, පෞද්ගලික අංශයෙ රෝහල්,ශ්‍රවණ උපකරණ සේවා සපයන ආයතන, පුනරුත්ථාපන මධ්‍යස්ථාන සහ බහුවිධ කණ්ඩායම් සායන වල සේවයෙහි නිරත වෙනවා.

 

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත ශ්‍රවණවේදිකයකු / කථන සහ භාෂා චිකිත්සකවරයකු වෙන්නෙ කොහොමද ? 

ඔබ දන්නවාද ආසියානු කලාපයෙ ආබාධිතතා අධ්‍යයන අංශයක් සහිත එකම වෛද්‍ය පීඨය ශ්‍රී ලංකාවේ තියන බව.එම අධ්‍යනාංශයෙ තිබෙන්නෙ කැළණිය විශ්ව විද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයෙ ආබාධිතතා අධ්‍යයන අංශයයි.මෙමගින් කථන සහ ශ්‍රවණ උපාධිය පාඨමාලාව පිරිනමන අතර ඉහත සදහන් කරන ලද වෘත්තීමය සුදුසුකම් ලබාගැනීම සදහා ලංකාවේ ඇති එම මාර්ගයයි.මේ උපාධි පාඨමාලව හදාරන්න බයෝ සහ මැත්ස් කරපු දෙගොල්ලන්ටම හැකි අතර නිසිලෙස උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෘත්තිකයකු වශයෙන් කටයුතු කිරීමෙ හැකියාව ලබාගන්න පුලුවන්.ඒ වගේම දැනට මෙම අධ්‍යනය අංශය මගින් ප්‍රථම උපාධි පාඨමාලාව පමණක් ලබාගත හැකි අතර පශ්චාත් උපාධියක් ලබාදීම තවම සිදුකරන්නෙ නැහැ.

කථන හා ශ්‍රවණ විද්‍යා උපාධිය.
කථන හා ශ්‍රවණ විද්‍යා උපාධිය.

මේ උපාධිය හැදෑරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ රජයෙ රෝහල් වලට බඳවා ගැනීමේ යම් යම් අක්‍රමිකතා තිබුණත් ඊට හේතුව වෙන්නෙ තවමත් මේ ක්ෂේත්‍රය ලංකාව තුල ඉහල මට්ටම කරා යමින් පැවතීමයි.ඒ වුනත් ඔබ ලෝකයෙ අනෙකුත් රටවල මේ ක්ෂෙත්‍රයට ඇති ඉල්ලුම ,පිලිගැනීම සහ ඉපැයීම ගැන සොයාබැලුවොත් දැනගන්නට ලැබෙයි මේ ක්ෂේත්‍රය කොයිතරම් නම් ඉහල මට්ටමක තියනවාද කියලා. ඉතින් ඔයාට මේ ක්ෂේත්‍රයට කැමැත්තක් තියනවනම් තෝරාගැනීමක් කරන්න පුලුවන්. අනාගත ලෝකයෙ හොද තැනක් ලබාගන්න පුලුවන් කදිම ක්ෂේත්‍රයක් කියලා බය නැතුවම කියන්න පුලුවන්.

 

තොරතුරු : ෆේස්බුක් ඇසුරින්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!