මොරටුව  IT ද ? කොළඹ CS ද ?

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අද කතා කරන්න යන්නෙ ගොඩාක් සිසුන්ට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්නයක් ගැනයි.විශේෂයෙන්ම මේ ගැටලුව ඇතිවෙන්නෙ උසස් පෙලට ගණිත විෂය සහ පොදු විෂය ධාරාව ඒ කියන්නෙ මැත්ස් එක්ක it කරපු අයටයි.මේ විෂය ධාරාවෙන් උසස්පෙල කරපු කෙනෙක්ට ගන්න පුලුවන් හොදම පිලිගැනීමක් තියන, රැකියා ක්ෂේත්‍රයට හොද අගයක් තියන සුපිරිම ict උපාධි දෙකක් තමයි මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබාදෙන තොරතුරු තාක්ෂණ උපාධිය සහ කොළඹ විශ්ව විද්‍යාලයෙ පරිගණක අධ්‍යානාංශය මගින් පිරිනමන පරිගණක විද්‍යා උපාධිය.

මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබාදෙන්නෙ විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය (Bachelor of Science in Information Technology – honors) හෙවත් BSc.IT(hons). එතකොට මේ උපාධිය ලබාදෙන්නෙ මොරටුව විශ්ව විද්‍යාලයෙ තොරතුරු තාක්ෂණ පීඨය මගින්.එතකොට කොළඹ විශ්ව විද්‍යාලයෙ පරිගණක අධ්‍යනාංශය මගින් උපාධි වර්ග තුනක් පිරිනැමීම සිදුකරනවා.ඒ තමයි විද්‍යාවේදී පරිගණක විද්‍යා උපාධිය (Bachelor of Science in Computer Science) හෙවත් BSc.CS, විද්‍යාවේදී පරිගණක විද්‍යා ගෞරව උපාධිය (Bachelor of Science in Computer Science – honors) හෙවත් BSc.CS(hons) සහ විද්‍යාවේදී මෘදුකාංග ඉංජිනේරු ගෞරව උපාධිය (Bachelor of Science in Software Engineering – honors) හෙවත් BSc.SE(hons).

එතකොට ගොඩාක්ම සිසුන්ට මේ උපාධි පාඨමාලා සහ අදාල විශ්ව විද්‍යාලයන් තෝරාගන්නකොට ඇතිවෙන ගැටලුවක් තමයි මොනවද මේවා අතර තියන වෙනස්කම් කියලා. අපි දැන් බලමු එක් එක් උපාධි අතර තියන වෙනස්කම් මොනවද කියලා.

මොරටුව විශ්ව විද්‍යාලය
මොරටුව විශ්ව විද්‍යාලය

මොරටුව විශ්ව විද්‍යාලයෙ Bsc.IT(hons) උපාධිය අනිවාර්යයෙන්ම වසර හතරක් හදාරන්න සිදුවෙන අතර උපාධි පාඨමාලාවෙන් ඉවත් වෙන හැම කෙනෙක්ටම සිව් වසර ගෞරව උපාධියක් සමගින් තමයි ඉවත්වෙන්න සිදුවෙන්නෙ.එතකොට කොළඹ විශ්ව විද්‍යාලයෙ CS වලදී තුන්වන වසරේ විශිෂ්ඨතම ලකුණු ගන්න අයට පමනක් තමන්ගෙ කැමැත්ත පරිදි තෝරාගත් සිසුන් 40ක් වැනි සීමිත පිරිසකට තමයි සිව්වසර ගෞරව උපාධි ද්විත්වය වන Bsc.CS(hons) සහ Bsc.SE(hons) යන දෙකෙන් එකක් හදාරන්න අවස්ථාව ලැබෙන්නෙ.එතකොට අනිත් හැමෝටම තුන් අවුරුදු Bsc.CS උපාධිය තමයි ලැබෙන්නෙ.

 

එතකොට මොකක්ද මේ සිව් අවුරුදු ගෞරව උපාධියක තියන විශේෂත්වය ?

සිව් අවුරුදු ගෞරව උපාධියක් විශේෂ වෙන්නෙ විශේෂයෙන්ම පිටරටක රැකියා, මෘදුකාංග ඉංජිනේරු වැනි රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවනම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.ඒ වගේම වෙනත් රටක/ ලංකාවෙම කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන්න බලාපොරොත්තුවක් තියනවනම් සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලාව වැදගත් වෙනවා.බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙ රැකියා වලට මේ ගැන එතරම් සලකා බැලීමක් නොකලත් සමහර රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙ ආයතනයන් වලට නම් මේ සිව් අවුරුදු ගෞරව උපාධිය සලකා බලන අවස්ථා තියනවා.

ඔයා රට යන්න අදහස් කරනවානම්, උසස් අධ්‍යාපනය හදාරන්න අදහස් කරනවානම්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන්න හිතනවානම් මේ සිව්වසර ගෞරව උපාධිය ගොඩාක් වැදගත් වෙනවා.ඒ වගේම තමයි බොහොමයක් රැකියා අවස්ථා වලට මේ උපාධිය ලබාගෙන තිබීම කොයිකටත් වාසිදායක වෙනවා.ඒ අතින් සලකා බැලුවොත් නම් වඩාත් වාසිදායක වෙන්නෙ මොරටුව විශ්ව විද්‍යාලයෙ තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරීමයි. මේකෙන් කිසිම විදියකින් අදහස් වෙන්නෙ නැහැ කොළඹ විශ්ව විද්‍යාලයෙ උපාධිය අවාසිසහගතයි කියලා.ඔයාට 40 දෙනා අතරට එන්න පුලුවන් කියලා ඔයා ගැන හොද විශ්වාසයක් තියනවනම් වඩාත් හොදයි.

මොරටුව විශ්ව විද්‍යාලය
මොරටුව විශ්ව විද්‍යාලය

එතකොට මේ උපාධි දෙක අතර තියන සමානකම් මොනවද ? 

උපාධි පාඨමාලා දෙකම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන අතර සිසුන් බඳවා ගැනීම සිදුකරන්නෙ යෝග්‍යතා පරීක්ෂණයකින් තොරයි.එතකොට රැකියා ක්ෂේත්‍රයෙ මේ උපාධි දෙකටම තියෙන්නෙ සමාන මට්ටමක්.මේ දෙකෙන්ම සිසුවන් එලියට එන්නෙ මෘදුකාංග ඉංජිනේරුවන් විදියටයි.එතකොට පිලිගැනීම වශයෙන් ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙ මෘදුකාංග ඉංජිනේරු ආයතන, තොරතුරු තාක්ෂණ ආයතන සහ සන්නිවේදන ආයතනයන් විසින් පිලිගැනිමට ලක්කරනවා.එතකොට දැනට මෘදුකාංග ඉංජිනේරුවන් වශයෙන් කටයුතු කරන අය හැමෝම සම මට්ටමක ඉන්නවා ඒ වගේම සම මට්ටමේ වැටුප් තමයි ලැබෙන්නෙත්. 

ඉතින් මේ කියලා තියන තොරතුරු වලට අනුව තමන්ට වඩාත්ම සුදුසු වෙන්නෙ මොන උපාධියද කියලා ඔයාම තීරණය කරන්න.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!