ගුරු භූමිකාව

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලෝකයේ කවර අධ්‍යාපන ක්‍රමයක වුවද ගුරුවරයාට හා ගුරු ගුරුවෘත්තියට හිමි වන්නේ අති අති විශිෂ්ට ස්ථානයකි. ගුරුවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී අත්‍යාවශ්‍ය කාර්යභාරයක් ඉටුකරයි . වර්තමානයෙහි ඔහුගේ/ඇයගේ කාර්යභාරය ඉගැන්වීම පමණක් නොව.

වර්තමානයේ ගුරුවරයකු බාහිර දෙමව්පියෙකු, උපදේශකයෙකු මෙන්ම ආදර්ශවත් චරිතයක් විය යුතුය. ඉගැන්වීම වෘත්තියක් නැතහොත් ජීවන මාර්ගයක් වශයෙන් පමණක් පිළිගැනෙන ප්‍රවණතාවයක් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. එහෙත් ගුරු භූමිකාව සුවිශේෂී කාර්යභාරයක් හිමි පරිපූර්ණ වෘත්තියක් බව ගුරු පරපුර විසින් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එපමනක් නොව තමන් අතින් සිදු වනුයේ අනාගත මානව සම්පත් හැඩගැසීමක් ද වන නිසා වෘත්තීයේ ගාම්භීරත්වය, වගකීම සහ උත්තරීතර බව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. තමන්ගෙන් ඉගෙනුම ලබන අය අතර විශ්ව කීර්තියට භාජනය වන අනාගත පුරවැසියන් ද ඇත යන විශ්වාසය අප තුල ඇත්නම් එබඳු පුද්ගලයකුගේ ගුරුවරයා වීමේ භාග්‍යය යම් කිසි දිනක අපට ද හිමි වනු ඇත. ගුරුවරයා සතු කාර්යභාරය කිසි අයුරකින් තක්සේරු කළ හැක්කක්ද නොවේ.නමුත් ගුරු භූමිකාව සැකෙවින් අවබෝධ කර ගැනීම කාලෝචිත අවශ්‍යතාවයක් වනු නොඅනුමානය.

👉 ගුරුවරයාට ඉගැන්වීමට සහ ඉගෙනීමට පෙළඹිය යුතුව තිබෙන්නේ මෙතෙක්, ඊයේ වන විටත් අප කිසිවකුත් විසින් නොදන්නා දේ පිළිබඳවයි.නොදන්නා ලොවකට නොදන්නා දරුවන් හැඩගැස්වීම ගුරු භූමිකාවේ වැදගත්ම කාර්යභාරයකි.

👉 අධ්‍යාපන පද්ධතියකින් හෝ ගුරුවරයා විසින් විය යුත්තේ ළමයා වර්තමානයට සැකසීමක් නොවේ.ලොව ගමන් ගන්නා වේගයට සාපේක්ෂ වශයෙන් ළමයාට ද ගමන් කළ හැකි අධ්‍යාපනයක් ලබා දීම ඉතා වැදගත් වේ. ගුරුවරයාට අනාගතය දකින ඉසිවර නුවණක් තිබිය යුතු යැයි පවසන්නේ එබැවිනි.

👉 එමෙන්ම ගුරුවරයාට සංස්කෘතික ප්‍රවාහකයෙකු ලෙස ක්‍රියාකිරීමට සිදුවේ. සංස්කෘතිය පවරා දෙනු ලබන ප්‍රධානතම ආයතනය වන පාසලෙහි භාරකරු ගුරුවරයා වේ. සංස්කෘතියට අනුව ළමයා තුළ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කළ යුතුය.

👉 සිසුවා පවත්නා සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත් කරන අතරම සමාජයට ගැලපෙන හා වැඩදායී පුද්ගලයෙකු බවට පත් කරලීම හා සමාජය වෙනස් කිරීමට ශක්තිය ඇත්තෙක් ලෙස පුහුණු කිරීම ගුරුවරයා සතු කාර්යයකි. හිස් කළයකට වතුර පුරවන්නාක් මෙන් සිසු මනස විෂයගත දැනුමෙන් පමණක් පුරවාලීම කාලෝචිත නොවේ.

👉 ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියේ අරමුණු සාධනය කර ගැනීම සඳහා ගුරුවරයා පන්ති කාමරයට පැමිණිය යුත්තේ මනා පෙර සූදානමකින් යුතුවයි.

👉 එමෙන්ම විෂය ක්‍රියාකාරකම් හා විෂය බාහිර ක්‍රියාකාරකම් සංවිධානයද ගුරු වගකීමකි.

👉 පාසල හා ප්‍රජාව අතර සම්බන්ධතාවය තහවුරු කරන්නේ ද ගුරුවරයා විසිනි. එනම් දෙමව්පියන්ට සිසුවාගේ ඉගෙනුම කෙරෙහි අවබෝධය ලබාදීම සිදුකරයි.

👉 විනය ආරක්ෂා කිරීම, විනය පාලනය සිය කාර්යභාරයක් නොවන බව ඇතැම් ගුරුවරු කල්පනා කළත් විනය පාලනය හා සදාචාර වර්ධනය රෝපණය කරන්නෙක් විය යුතුය.

👉 ගුරුවරයා සිසුවා හදවතින් අවබෝධ කරගැනීමත්, සිසුවා ගුරුවරයා අවබෝධ කරගැනීමත් අවශ්‍ය වේ.මෙහි වැඩි වගකීම ගුරුවරයා වෙත පැවරෙන අතරම සැබෑ ගුරුවරයා පන්ති කාමරයෙන් පිටතදී වුව ද තම සිසුන් කෙරෙහි ලැදියාවකින් සොයා බැලිය යුතුය.

👉 සෑම ගුරුවරයකු විසින් ම තමා හමුවට එන සිසුන් අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. සිසුවා ගේ මානසික තත්වය, සමාජ පරිසරය, පවුලේ ආර්ථික පරිසරය හා සාධන මට්ටම පිළිබඳව දැනුම ද ගුරුවරයා විසින් ලබාගත යුතුය.

👉 නිරතුරුව වෙනස්වන සමාජය ද ඒ හා සාපේක්ෂව වෙනස් වන ළමයින් පිළිබඳව ද තියුණු ඇසක් හා හොඳ ඉවසීමක් තිබිය යුතුය.

👉 එක් එක් සිසුවාගේ සාධන මට්ටම අවබෝධ කර ගැනීම හා සිසු ප්‍රගතිය ඇගයීම ඉතා වැදගත්ය.

👉 රජය මගින් හෝ සංවර්ධන ආයතන මගින් නිර්දේශ කරණු ලබන විෂය මාලාව ක්‍රියාත්මක කිරීමේදී කළමණාකරන කුසලතාවය ගුරුවරයා සතු වීම අවශ්‍ය වේ.

👉 පන්ති කාමරය තුළ ද,පාසල තුළ ද ගුරුවරයාට බොහෝ අවස්ථාවලදී විනිශ්චයකරුවකු වශයෙන්ද ක්‍රියා කිරීමට සිදුවේ.මෙයින් පැහැදිලි වන්නේ ගුරු භූමිකාව සතු කාර්යභාරය සුළුවෙන් තැකිය යුත්තක් නොවන බවයි.මෙම අපේක්ෂාවන් ඉටුකර ගැනීමට නම් ඒ සඳහා දක්ෂතා හා සහජ කුසලතා ඇති ගුරු කාර්ය මණ්ඩලයක් තෝරාගත යුතු අතර වෘත්තීය කාර්යභාරය පිළිබඳව මනා අවබෝධයක් ද ලබා දිය යුතුය.

ඉරේෂා එදිරිසිංහ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!