උසස් අධ්‍යාපනයට යන්න ලෝකයෙ හොදම රටවල් 5.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

උසස්පෙල විභාගය අවසන් කලාට පස්සෙ ඉතාමත් සීමිත පිරිසකට පමණයි විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබෙන්නෙ.එතනින් එහාට පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් අධ්‍යාපනය හදාරන්න තව කොටසක් කටයුතු කලත් තමන් ඉගෙනුමට අපේක්ෂා කරන ක්ෂේත්‍රය ඔස්සෙ වැඩිදුර ඉගෙනීමට සහ ලංකාවේ පහසුකම් අවම වීම නිසාවෙන් බොහොමයක් සිසුන් විදේශ විශ්ව විද්‍යාලයන් වල වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට කටයුතු කරනවා.

විදේශ විශ්ව විද්‍යාලයන් වල ඉගෙනුම සිදුකිරීමෙන් ලැබෙන අමතර වාසි කිහිපයක් නම් පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් ලැබීම, විදේශ රටවල ඉගෙනුම අතරතුර පාර්ට් ටයිම් රැකියා සිදුකල හැකිවීම සහ අධ්‍යාපනයෙන් පසුව එම රටවල රැකියා අවස්ථා ලබාගත හැකිවීමයි. කොහොම වුනත් ගොඩාක් සිසුන්ට සහ දෙමව්පියන්ට විදේශ අධ්‍යාපනය තෝරාගැනීමේදී රටක් තෝරාගැනීමේ ගැටලුව පවතිනවා.මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නෙ විදේශ සිසුන් හට අධ්‍යාපනය තෝරාගැනීමේදී වාර්තාගත හොදම රටවල් කිහිපයක් ගැනයි. 

ඉහල අධ්‍යාපනික මට්ටමක් ලබාගැනීමට අමතරව නව අත්දැකීම් ලබාගනිමින් හොද පහසුකම් සහිතව වඩාත් පරිපූර්ණ ප්‍රායෝගික අත්දැකීම්ද සමගින් ඉහල අධ්‍යාපනයක් ලබාගැනීමට ලොව ශ්‍රේණිගත කිරිම් වලට අනුව වාර්තාවන ලොව හොදම රටවල් 5 ගැන educations වෙබ් අඩවියෙ සහ QS විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව සමීක්ෂණ මගින් තෝරාගත් හොදම රටවල් 5 මීට ඇතුලත්.

ඔස්ට්‍රේලියානු විශ්වවිද්යාල
ඔස්ට්‍රේලියානු විශ්වවිද්යාල

(5) ඕස්ට්‍රේලියාව 

 

ඕස්ට්‍රේලියානු ජාතික සරසවිය, මෙල්බර්න් ,සිඩ්නි සහ නව සවුත්වේල්ස් යන සරසවින් ලොව ප්‍රමුඛතම අධ්‍යාපනික සරසවි අතර ඉහලින්ම තියනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් යන සිසුන් සදහා පහසු දැරිය හැකි මිලකට පවතින නගර අතර මෙල්බර්න් ,කැන්බෙරා, ගෝල්ඩ් කෝස්ට් සහ බ්‍රිස්බේන් අයත් වනවා.එම රටවල වාහන ධාවනය දකුණු පසින් තිබුණත් ලංකාවේ මෙන්ම වම්පස ධාවන පහසු මාර්ග පැවතීම පහසුවක් වනවා.

ඒ වගේම විදේශීය සිසුන් සදහා වන ඉහල ඉංග්‍රීසි පාඨමාලා, ප්‍රාථමික හෝ ද්විතියික පාසල්, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු,උසස් අධ්‍යාපන පාඨමාලා සහ පශ්චාත් පර්‍යේෂන ආයතන සදහා ඉල්ලුම් කල හැකිවනවා.ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව 24වන ස්ථානයෙත්,ඕස්ට්‍රේලියානු ශ්‍රේණිගත කිරීම් වලට අනුව පලමු ස්ථානයෙත් රැදී සිටින ඕස්ට්‍රේලියානු ජාතික සරසවිය සදහා අපේක්ෂිත ලකුණු මට්ටම 6ක් වනවා.

 

(4) නෙදර්ලන්තය

ඉතාමත් රමණීය ස්වභාව සුන්දරත්වයකට හිමිකම් කියන නෙදර්ලන්තය විදේශ සිසුන් හට ඉගෙනුම ලබාගැනීම සදහා ඉතාමත් කදිම රටක් වනවා. ඉංජිනේරු ,වෛද්‍ය ,නීති සහ ව්‍යාපාර වැනි උපාධි පාඨමාලා ශ්‍රේණිගත කිරීම් අනුව ලොව මුල් 100 අතර ස්ථාන 7ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. ලයිඩන්, ග්‍රොනින්ගන්, ඇම්ස්ටර්ඩෑම් ,රොටර්ඩැම් වැනි නගර සිසුන්ට ඉතාමත් උචිත වෙනවා. ඔබට එරට පිලිගත්/ව්‍යවහාරික විශ්ව විද්‍යාලයක පූර්ණකාලීන ශිෂ්‍යයකු වශයෙන් තාවකාලික වීසා ලබාගත හැකි අතර ඒ සදහා ඔබට තිරසාර ආදායමක් ඇති බව ඔප්පු කල යුතුය. ඒ වගේම සෑම අධ්‍යයන වර්ෂයකදීම ප්‍රගතිය 50%ක් දැක්විය යුතු වෙනවා. ශිෂ්‍ය වීසා ලබාගැනීම සදහා lELTS අනිවාර්යය අතර ලකුණු 6ක් ඇත්නම් ක්ෂණිකව ඔබ තෝරාගත් පාඨමාලවට ඇතුලත් විය හැකි අතර. 5ක් 5.5ක් පමණ ඇත්නම් මාස 6ක් 12ක් පමණ රැදී සිටිය යුතු වෙනවා.

කැනේඩියානු විශ්වවිද්යාල
කැනේඩියානු විශ්වවිද්යාල

(3) කැනඩාව 

ඉතාමත් ආකර්ෂණීය සංචාරක පරිසරයක් සහිත, විචිත්‍රවත් සංස්කෘතියකට උරුමකම් කියන කැනඩාව අධ්‍යාපනයට අමතරව සංචාරයට ප්‍රිය කරන සිසුන් හට ගවේෂණය සදහා බොහෝ දේවල් සපයනවා. ටොරෙන්ටෝ සහ ඔටාවා වැනි නගර විදේශීය සිසුන් හට වඩාත් ගැලපෙන අතර එරට යාමට අවශ්‍ය IELTS මට්ටම 5-7ක් දක්වා වනවා.ඔබට කැනඩාවේ අධ්‍යාපනය ලබාගැනිමට අවශ්‍යයයි නම් ඊට ක්‍රම තුනක් පවතිනවා.

  • වීසා බලපත්‍රයක් නොවන කැනේඩියානු අධ්‍යයන බලපත්‍රය – මෙය ඔබට කැනඩාවේ ඉගෙනුමට අවසර දෙන බලපත්‍රයකි.එය ලබාගැනීමෙන් පසුව අධ්‍යාපනික වශයෙන් ඉහල ප්‍රගතියක් ලැබිය යුතුය.
  • ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රය- මෙය වීසා බලපත්‍ර වලින් නිදහස් ක්‍රමයක් වන අතර වසර පහක්/විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත්වන තුරු භාවිත කල හැකිය.
  • තාවකාලික නේවාසික වීසා.

(2) නවසීලන්තය 

ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලොව 85වන ස්ථානයෙත් එරට ප්‍රථම ස්ථානයෙත් පවතින ඕක්ලන්ඩ් සරසවිය සදහා ඇතුලත් වීමට lELTS මට්ටම 5ක් අවශ්‍ය වෙනවා.හොද ඉහල අධ්‍යාපනයක්, හොද රැකියාවක් සමග සංචාරය සහ ඉහල සුන්දර අත්දැකීමක් ලබාගන්න නවසීලන්තය කදිම රටක් වෙනවා.ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේදී ඔබට ඩිප්ලෝමා ,උපාධි හෝ සහතිකපත් වැනි අධ්‍යාපනික සහතික, ශිෂ්‍ය වීසා බලපත්‍ර අයදුම්පත,තෝරාගත් අධ්‍යාපනික ආයතනය සදහා ගෙවීම් කල කුවිතාන්සිය සූදානම් කරගත යුතු වෙනවා.වත්කම් පෙන්වීම සහ ක්ෂය රෝගය නොමැති බවට සහතික කල යුතුද වෙනවා.

බ්‍රිතාන්ය විශ්වවිද්යාල
බ්‍රිතාන්ය විශ්වවිද්යාල

(1) එංගලන්තය

කේම්බ්‍රිජ් ,ඔක්ස්ෆර්ඩ් ආදී ලොව ප්‍රමුඛතම ඉහලපෙලෙ විශ්ව විද්‍යාල වලට හිමිකම් කියන එංගලන්තය මෙරට සිසුන්ට ජීවත්විමට ඉතාමත් පහසු හිතකර රටක්.එරට නීතිරීති, සංස්කෘතික අංග,මාර්ග නීති ආදිය ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගත හැකි අතර වම්පසින් රිය ධාවනය කිරීමත් මෙරට වැසියන්ට වඩා පහසු වෙනවා.QS ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව මුල් 20 අතර ස්ථාන 5ක් ලබාගැනිමට සමත්ව තියෙනවා.ශිෂ්‍ය වීසා අයදුම් කිරීමෙදී පාඨමාලාව ඇරඹීමට මාස තුනකට පමන පෙර සිට කල යුතුය.ඔබට gov.uk වෙබ් අඩවිය ඔස්සෙ අන්තර්ජාලය හරහාම එය සිදුකල හැක.ඉංග්‍රීසි කියවීම, ලිවීම, කථනය සහ සවන්දීම ඔබට හැකිබව සනාථ කල යුතු අතර lELTS මට්ටම 4-7 දක්වා තිබිය යුතුය.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!