වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඇන්ටන් වෑන් ලියුවෙන් හුක්ගෙ සරල අන්වීක්ෂය සොයාගැනීමත් සමග අප අවට සිදුවන යම් යම් සංසිද්ධින් වලට ඇසට නොපෙනෙන මට්ටමේ විෂබීජ වැනි ක්ෂුද්‍ර ජීවින්ගෙ බලපෑමක් තියන බවට සනාථ වීමත් සමග ඉන් එහාට අන්වීක්ෂීය උපකාරණ දිනෙන් දින දියුණු වෙමින් මෙලොව ජීවත් වන බොහොමයක් ක්ෂුද්‍රජීවින් ගැන මෙන්ම බොහොමයක් ලෙඩරෝග වලට හේතුකාරක සොයාගැනීමටද හැකිවුනා. 

සාමාන්‍යයෙන් යම්කිසි රෝගයකට ප්‍රතිකාර ලබාගැනීමට යන අයෙක්ට එක්වරක් හෝ රසායනාගාරයකින් ලේ,මූත්‍ර පරීක්ෂාවක් සිදුකිරීමට සිදුව ඇති බවට නිසැකයි.ඉතින් කෙනෙක්ට සිතෙන්නට පුලුවන් එතරම් සරල ක්‍රියාදාමයක් සඳහා උපාධි , ගෞරව උපාධි ඇතුලු සුදුසුකම් අවශ්‍යදැයි කියලා.වෛද්‍ය රසායනාගාර විද්‍යාව ( medical laboratory science ) කියන්නෙ ඒ තරමටම දැනුම සහ කුසලතාවය ලබාගත යුතු පුළුල් විෂයකි.

නවීන වෛද්‍ය විද්‍යාවෙ ශීඝ්‍ර දියුණුවත් සමග මුල් රෝග විනිශ්චය ,ප්‍රතිකාර අධීක්ෂණය සහ රෝගයක පුරෝකතනයක් ලබාදීම වැනී හැකියාවන් වැඩි දියුණු වෙමින් පවතිනවා.වෛද්‍ය රසායනාගාර විද්‍යා ක්ෂේත්‍රය වඩා වැදගත් වෙන්නෙ රෝග විනිශ්චය කිරීම හා රෝග වැලැක්වීමට ඍජුවම දායක වන බැවිනි.මුල් කාලයෙදී ඩිප්ලෝමා මට්ටමකට පමණක් සීමා වුන සුදුසුකම්ලත් අය රසායනාගාර සේවයෙ නියුතුවුන අතර එමගින් පමණක් රෝග පුළුල්ව විනිශ්චය කිරීමේ හැකියාවක් නොලැබුන නිසා න්‍යායාත්මක සහ් කුසලතා දැනුමින් පරිපූර්ණ උපාධි මට්ටමක් දක්වා අධ්‍යාපන සුදුසුකම් පිරිනැමීම සිදුකලෙ.එහිදී ප්‍රථමවරට උපාධිධරයින් බිහිකිරීම 2006 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිදුරනු ලැබුවා.අදවන විට පේරාදෙණිය ,ශ්‍රී ජයවර්ධනපුරය, රුහුණ සහ යාපනය යන සරසවි වලින් මෙම සිව් අවුරුදු වෛද්‍ය රසායනාගාර විද්‍යා විශේෂවේදී ගෞරව උපාධිය පිරිනමනු ලබනවා.

වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය
වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය

මෙම උපාධිය මගින් දැනුම සහ කුසලතා ලබාදෙන විෂය පථයන් මොනවද?

 

  • රෝග නිර්ණයට අදාල සරල පර්‍යේෂනයෙ සිට සංකීර්ණ පර්‍යේෂනයන් දක්වා න්‍යායාත්මක සහ ප්‍රායෝගික රසායනාගාර පුහුණුව.
  • විද්‍යාගාර සමීක්ෂණය සහ කළමනාකරණය.
  • රෝහල් තුල ලබාදෙන සායනික පුහුණුව .
  • සෞඛ්‍ය අමාත්‍යාංශය යටතෙ ලබාදෙන සීමාවාසික පුහුණුව .
  • ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය රසායනාගාර පුහුණුව සහ දැනුම.
  • රුධිරය සහ රුධිරය නිපදවන අංග ගැන දැනුවත් කිරීම.
  • රුධිර සෛල විශ්ලේෂණය කිරීම.
  • රෝග හදුනාගැනීමට අදාල ප්ලාස්ම ප්‍රෝටීන ගැන විශ්ලේෂණය කිරීම සහ රුධිර ගණ සහ පාරවියලනය ගැන පුළුල්ව අධ්‍යයනය කිරීම.
  • මූත්‍රා පිළිබඳව භෞතික ,රසායන පිලිබදව අන්වීක්ෂීය මට්ටමෙන් පරීක්ෂා කිරීම.
  • පෙනහලු වටා ඇති ප්ලූරා තරලයන්හි රසායනික සංඝටක පිලිබද ගැඹුරු අධ්‍යයනයන් සිදුකිරීම.
  • සායනික ජීව විද්‍යාව ඉගෙනීම.
  • වසංගත රෝග වලට හේතුවන බැක්ටීරියා, වයිරස් පිලිබදව හදුනා ගනිමින් ඒවා පාලනයට,වලක්වා ගැනීමට සහ ව්‍යාප්තිය අවම කරගැනීමට අදාල පර්‍යේෂනයන් සිදුකිරීම.
  • ජාන හා අණුක විද්‍යාව පිලිබදව න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීම.
  • රසායනාගාර භාවිතයෙදී රසායනික ද්‍රව්‍ය සහ විකිරණ මගින් රෝගින්ට සහ සේවකයින්ට ඇතිවිය හැකි ආසාදන, පිලිකා තත්ත්වයන් වලින් ආරක්ෂා වෙමින් අහිතකර රසායනයන් සහ විකිරණ මගින් ආරක්ෂා වීමට ක්‍රමෝපායන් අධ්‍යයනය කිරීම.
  • පටක තාක්ෂණ විද්‍යාව, සෛල තාක්ෂණ විද්‍යාව හැදෑරීම.
  • පිලිකා හටගැනීම, පැතිර යාම පිලිබද අධ්‍යයනය.
  • ලිංගාශ්‍රිතව පැතිරයන රෝගයන් පිලිබදව පුළුල්ව අධ්‍යයනය කිරීම.
  • මානව දේහය පිළිබද ව්‍යුහ විද්‍යාව,කායික විද්‍යාව, ජෛව රසායන විද්‍යාව සහ ව්‍යාධි විද්‍යාව පිලිබදවද පුළුල් අධ්‍යයනයක් ලබාදීම සිදුකරනවා.
වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය
වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය

මෙම උපාධි පාඨමාලාව වසර හතරක් දක්වා දිවෙන අතර ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සෙ ඉගැන්වීම සිදුකෙරෙයි.පාඨමාලාව අවසන ස්වයං ව්‍යාපෘතියක් ද සිදුකල යුතුය .මෙම උපාධියෙන් පසුව SLMC  (Sri lanka medical council) හි ලියාපදිංචි වී රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයන් වල සෞඛ්‍ය වෘත්තිකයකු වශයෙන් සේවයට ප්‍රවිෂ්ට විය හැක.මෙවැනි ඉතාමත් පුළුල් වපසරියක් දක්වා දිවෙන උපාධි පාඨමාලාවක් හැදෑරීමෙ එකම අරමුණ රෝහලක හෝ වෙනත් ආයතනයක රසායනාගාර රැකියාවක් සිදු කිරීමම පමණක් නොවේ.ඊට අමතරව 

  • පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව පර්‍යේෂන මට්ටම් සිදුකල හැකිය.එම පර්‍යේෂකාරුන් ලොව පුරා පිහිටි විශ්ව විද්‍යාලයන් වල කථිකාචාර්යවරුන් වශයෙන් කටයුතු කිරීමේ අවස්ථා ලැබෙනවා.
  • විද්‍යාගාර කලමණාකරුවන්, අධීක්ෂකයින්,විද්‍යාගාර පරිපාලන අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කල හැකිය.
  • සෞඛ්‍ය ප්‍රවර්ධනය, අලවිකරණය  කලමණාකරණය හා විදේශ සේවා ඇතුලු රැකියා රාශියක්ම සිදුකල හැකිය.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!