මොකක්ද මේ A/L පන්තිය?

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මොකක්ද මේ A/L පන්තිය? බොහෝමයක් දෙනා මෙතෙක් “A/L පන්තිය” වෙබ් අඩවිය භාවිතා කලේ පසුගිය අවුරුදු වල විභාග ප්‍රශ්න පත්‍ර නොමිලේ වගේම පහසුවෙන් download කර ගන්න තිබුණු අවශ්‍යතාවය නිසයි. ඒත් බොහෝ දෙනාගේ ඉල්ලීමත් කැමැත්තත් මත අධ්‍යාපනික වගේම විනෝදාස්වාදය පැත්තෙනුත්  ඊට වඩා වැඩි යමක් පරිශීලක ඔබට ලඟා කර දෙන්න අපි තීරණය කළා.

මොකක්ද මේ A/L පන්තිය?

බොහෝමයක් දෙනා මෙතෙක් “A/L පන්තියවෙබ් අඩවිය භාවිතා කලේ පසුගිය අවුරුදු වල විභාග ප්‍රශ්න පත්‍ර නොමිලේ වගේම පහසුවෙන් download කර ගන්න තිබුණු අවශ්‍යතාවය නිසයි. ඒත් බොහෝ දෙනාගේ ඉල්ලීමත් කැමැත්තත් මත අධ්‍යාපනික වගේම විනෝදාස්වාදය පැත්තෙනුත්  ඊට වඩා වැඩි යමක් පරිශීලක ඔබට ලඟා කර දෙන්න අපි තීරණය කළා.

 

අළුත් “A/L පන්තිය” කවුරුන් වෙනුවෙන්ද?

මීට වසර ගණනාවකට කළින්  “A/L පන්තිය” ආරම්භ උණේ  උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන දූ දරුවන් වෙනුවෙනුයි.  ඒත් ඒ විදිහට එක් වුණු පරිශීලකයින් තවමත්  (උසස් පෙළ විභාගයට මුහුණ දුන්නායින් පස්සෙත්) වසර ගණනාවක් තිස්සේ Facebook සමූහය හරහා අපිත් එක්ක විදේශ ශිෂ්‍යත්ව වලට අයදුම් කරන්න, රැකියා අවස්ථාවන් ලබා ගන්න විතරක් නෙමෙයි  නිර්මාණ කියන්න, ලියන්න බෙදාහදාගන්නත්  එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ අළුත් වුණු  “A/L පන්තිය” ඒ හැම දෙනාම වෙනුවෙනුයි. කොටින්ම කියනවා නම් “A/L පන්තිය”,  A/L ලියන, ලියපු හැමෝටමයි.

 

A/L ලියලා ඉවර අයට “A/L පන්තිය” මොකටද?

කළින් සඳහන් කළා වගේම  A/L ලියලා අවසන් වුණු,  උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට “A/L පන්තිය” හරහා සම්පූර්ණ විදේශ ශිෂ්‍යත්ව වලට අයදුම් කරන්න පුළුවන්.

A/L ලියලා අවසන් අයට “A/L පන්තිය” හරහා සම්බන්ධ වෙන්න පුළුවන් අලුත්ම විශේෂාංගය තමයි සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ලිපි, කෙටි කතා, නව කතා,  කවි වගේ නිර්මාණ කියවන්නත් ලියන්නත් ලැබෙන  අවස්ථාව.  “A/L පන්තිය” Articles පිටුවෙන්  විවිධ සතුන්, මිනිසුන්, ලෝකයේ සහ ලංකාවේ ඉතිහාසය ගැන අපූරු සිද්ධි ගැන කියවන්න පුලුවන්.

වැදගත්ම දේ තමයි, මේ විදිහට  A/L පන්තිය පරිශීලනය කරන ඔබව අගය කරන්න අපිත්  තරඟයක් සූදානම් කලා. සහභාගී වෙන විදිහ වගේම තෑගි දිනාගන්න විදිහත් මීළඟ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නම්.

අළුත් A/L පන්තියෙන් A/L ලියන ඔබට ලැබෙන අළුත්ම සේවාවන් මොනවද?

*”A/L පන්තිය” ඔබ හමුවට එන්නේ තිරය පිටුපස සිටින බොහෝ දෙනෙකුගේ උත්සාහය සහ කැපකිරීම් වල ප්‍රතිඵලයක් විදිහටයි. ඔවුන්ගේ කැපවීම අගය කරන්න අවශ්‍යයි. ඒ නිසා පහත විශේෂ පහසුකම් ලබා ගැනීමේදී  ඔබ Register වෙන දුරකතන අංකයෙන් රුපියල් 50 ක සාමාජික ගාස්තුවක් අය කෙරෙනවා.*

*A/L Clinic

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු එහෙමත් නැත්නම් තේරුණේ නැති කොටසක් නැවත ඉගෙන ගන්න අවශ්‍ය නම්,   ඉතාම සාධාරණ ගාස්තුවක් ගෙවලා zoom හරහා ඒ කොටස, ගුරුවරයෙක් හෝ පළපුරුදු විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගෙන්   ඉගෙනගන්න “A/L පන්තිය” අපි කටයුතු සූදානම් කරලා දෙනවා.  ඔබට අවශ්‍ය විෂය කොටස Facebook එක හරහා අපිට කියන්න.  “A/L පන්තිය” Facebook පිටුවට message කරන්න මේ link එක click කරන්න.

*විභාග සූදානම මැනගන්න

වේග පරීක්ෂණ වලට සහභාගි වෙලා තමන් ගේ විභාග සූදානම මැන ගන්න “A/L පන්තිය” දැන් ඔබට අවස්ථාව සලසලා තිබෙනවා. විෂය කරුණු වලින් සන්නද්ධ කෙනෙක්ට ඒ හරහා තමන්ගේ කාළ කළමණාකරණ හැකියාව ගැනත්  තක්සේරුවක් ලබා ගන්න පුළුවන්.

Tuition Masters

අපේ ආදි පරිශීලකයින් නිතරම ඉල්ලපු දෙයක් තමයි  A/L විෂයයන් වලට අමතර පන්ති (Tuition) කරන ගුරුවරු, ඔවුන්ගෙ සුදුසුකම්, එක තැනක පිළිවෙලට අවශ්‍යයි කියන එක. හරි තොරතුරක් නොදැන රැල්ලට පන්ති යනවා වෙනුවට, තමන් කරන විෂයට අදාලව , තමන් ගේ නගරයේ ඉන්න ගුරුවරු, පන්ති තියෙන වෙලාවල් ගැන දැන ගන්න දැන්  “A/L පන්තිය” හරහා අවස්ථාව තියෙනවා.

………………………………………………………………………………………………………………………………………………………………………………………………

අධ්‍යාපනික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න, විදේශ ශිෂ්‍යත්ව වලට අයදුම් කරන්න වගේම සාමාන්‍ය දැනීම වැඩි කරගන්න අපූරු ලිපි, ඉස්කෝලෙ කාලේ රසකතා කියවලා ආයෙත්, ඒ කාලේ රස මතකයන් අළුත් කරගන්න අතරේම තෑගිත් දිනාගන්න A/L පන්තිය අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරනවා.

Update (2020/09/21):

සහභාගී වෙන විදිහ වගේම තෑගි දිනාගන්න විදිහත් දැන ගන්න අළුත් ලිපිය කියවන්න.

A/L පන්තිය වෙබ් පිටුව හරහා තෑගි දිනාගන්න අවස්ථාවක්!

 

 

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!