හරියන්න හෝ වරදින්න ඔබ තීරණ ගන්න බිය නම් සාර්ථකත්වය සිහිනයකි.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මගේ නම අධ්‍යා ගුණසේකර .වයස අවුරුදු 24යි.මූලික අධ්‍යාපනය ගාල්ල අනුලා දේවි බාලිකා විද්‍යාලයෙන් හා ද්විතීයික අධ්‍යාපනය ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් හැදෑරුවා.උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් මුහුණ දුන්නා.මම දැනට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ව්‍යවහාරික ජීව විද්‍යා පාඨමාලාව හදාරන තෙවන වසර ( අවසන් වසර) ශිෂ්‍යාවක්.අධ්‍යාපන කටයුතු අතරෙම ගාල්ල දිස්ත්‍රික්කයේ ආයතන හතරක 6- 11 විද්‍යාව විෂය උගන්වන ගුරුවරියක මෙන්ම උසස් පෙළ රසායන විද්‍යා කණ්ඩායම් පන්ති ගුරුවරියක ලෙසත් කටයුතු කරනවා.

උසස් පෙළ අවසානය දක්වා හිතේ තිබුණේ වෛද්‍යවරියක් වෙන්න ආසාව.තව shy එකක් තිබුනත් ඉතිරිව third shy එකක් ගැන නොහිතා එන course එකකට reg වෙලා කැම්පස් යන්න හිතාගත්තා.ටියුෂන් කරන්න ආසාවක් හිතේ කොනක තිබුණා.පොඩිකාලේ ඉදලම දැක්කේ ලොකු ලොකු හීන මට ඕන උනේ මගේම විදියට දියුණු වෙන්න.වෙන කාගෙන්වත් යටතේ වැඩ නොකර බැනුම් නොඅසා.2017 නොවැම්බර් මාසයේ සරසවියට ආවේ දහසක් බලාපොරොත්තු පොදි බැදන්.ටියුෂන් පටන් ගත්තේ 2018 දෙසැම්බර් මාසයේ.ටියුෂන් වලට අත්‍යාවශ්‍ය මූලික සුදුසුකම තමයි උපාධිය.ඉතින් උපාධිය සම්පූර්ණ කරගන්න එක තමයි දැනටත් අත්‍යාවශ්‍යතාව වෙලා තියෙන්නේ .ආසාව තිබුනත් මුලදි බයක් දැනුනා කොහොමද මන් පටන් ගන්නේ කියන එක
ලමයි ගොඩක් ඉස්සරහ කතා කරන එක..ගෙදර පන්තියක් මුලින්ම පටන් ගත්තා. මුල්ම දවසේ ලමයි දෙන්නයි. පොඩි බයකුත් දැනුනා.2019 ජනවාරි class පටන් ගන්නකොට ළමයි දෙන්නයි හිටියෙ මුලින්..මේ වෙනකොට මගේම අධ්‍යාපන ආයතනයක වගේම තවත් අධ්‍යාපන ආයතන 4ක ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා.

කැම්පස් එක රජරට නිසා එහේ ඉදලා හැම සතියෙම ගාල්ලට එන එක ලොකු අභියෝගයක්.
. සමහර යාලුවො මෙහෙම කිව්වා,
*මෙච්චර දුරක් කොහොමද උබ හැමසතියෙම යන්නේ
* ළමයි 10කට මෙච්චර නහිනවද
* කැම්පස් අවුට් උනාම පටන් ගන්න තිබ්බනේ
* ගන්න පඩිය ඔක්කොම ඉවරයි නේද ගමනටම
සමහරු එහෙම රිනාත්මක ආකල්ප ඔලුවට දැම්මා.

සමහරු මෙහෙම කිව්වා

“ටියුෂන් කරනවා නම් ටියුෂන්ම කරනවා.ටියුෂන් කරපු ගොඩක් උන්ට හරියට degree එක ගන්න බැරි උනා.එකක් හරියට කරපන්.හිතෙයි කටෙයි දෙකේම ටියුෂන් .උබට පිස්සුද.”..

කොහොම වුණත් අරමුණ තිබුනෙ දක්ෂ විද්‍යාව ගුරුවරියක් වෙන්න.

ගොඩක් වෙලාවට ටියුෂන් වලට පෙළඹෙන්නේ පිරිමි ලමයි.හරිම කලාතුරකින් තමයි කෙල්ලෙක් විශේෂයෙන් අඩු වයසෙන් ටියුෂන් ක්ෂේත්‍රයට බහින්නේ.කැම්පස් පොත පුරවද්දි ලගම කැම්පස් යටින් දාලා උඩින්ම දැම්මේ දුර කැම්පස් .ඒ දුර ගමන් යන්න තියෙන ආසාවට.ඒක ඊටත් වඩා අභියෝගයක් උනා.හැම සතියෙම තනියෙන් අනුරාධපුරේ ඉදන් ගාල්ලට එනවා කියන්නේ සාමාන්‍ය ගෑනු ලමයෙක් කරන් නැති වැඩක්.ගොඩක් ගෑනු ලමයි කම්මැලියි. මට බෑ කියලා කිසිම මොහොතක හිතිලා නෑ. යන්නම විතරක් පැය 7ක් යනවා.මම ආසාවෙන් කරන දෙයක් නිසා වෙන්නැති ඒ පැය 7 ගෙවෙනවා මට තේරෙන්නෙත් නෑ.පොඩ්ඩක්වත් මහන්සි නෑ.ගෙදර ආපු ගැම්මට ක්ලාස් පවා කරන්න පුලුවන් .ඒ තර්මට මම ටියුෂන් වලට ආසයි.ආදරෙයි.

මුල් කාලෙදි ක්ලාස්වල ලමයි අඩු නිසා ගෙදරින් පවා බැනුම් ඇහුවා.ක්ලාස් නවත්තන්න කියලත් තාත්තා එක පාරක් කිව්වා .දැන් එයාල පිලිගන්නවා එදා මම ගත්තු තීරණය හරි කියලා.එයාලටත් දැන් සතුටුයි මම ඉන්න තැන දැකල.

හැම වෘතියකම යම් මට්ටමකට දිනන්නේ, සාර්ථක වෙන්නේ කරන දේ එක දිගට කැපවීමෙන් කරන අය..
බහුතරයක් සාර්ථක නොවෙන්න හේතුව ඔයාට එහෙනම් තේරෙන්න ඕනේ..
මිනිස්සු එක දෙයක් එක දිගට කරන්නේ නෑ.
එහෙම කරන්නේ කීපදෙයි..

එහෙම වෙන්න හේතුව සිහින ඉලක්ක බලපොරොත්තු ගොඩක්.අයට තිබ්බට හැමෝම ඒවා ලඟා කරගන්න කැපවෙන්න කැමති නෑ..
හේතුව බහුතරයක් දෙනාට තියෙන්නේ ඒ දේවල් වලට ආසාවක් කැමැත්තක් පමණක් මිසක් දැඩි අවශ්‍යතාවයක් නෙවෙයි..

නමුත් ලෝකේ සුළු පිරිසක් ඉන්නවා එයාලට දැඩිව සිහින ඉලක්ක තියෙන සහ ඒ වෙනුවෙන් කැපවෙන්න හිතන අය..
එයාලා ඉතින් මොන ක්ශේත්‍රය කරත් ඒකේ යන්න තියෙන උපරිමේටම යනවා..

ජයග්‍රහණ …………..

ලබපු ලොකුම ජයග්‍රහණය තමයි අඩු වයසෙන් උපාධි අපේක්ෂිත ගෑනු ලමයෙක් විදියට ටියුශන් ක්ෂේත්‍රයට යොමු වීම .
“මම දන්න තරමින් ගාල්ල නගරයේ මහා පරිමාණයෙන් ටියුෂන් ක්ශේත්‍රයට ආපු එකම ලාබාලතම ගෑනු ළමයා මමයි…… ”

මීට අමතරව පාසල් කාලයේදි 2011 වසරේ පාසල් මට්ටමෙන් ගණිත ඔලිම්පියාඩ් තරග වලට තේරී පත් උනා.විද්‍යා දැනුම මිනුම කොට්ඨාස,පළාත් තරග වලින් ජයග්‍රහණය ලබාගෙන තියෙනවා

ඉදිරි බලාපොරොත්තු?…………

ගාල්ල නගරයේ මගේම ආයතනයක් පිහිටුවලා උස්ස පෙළ රසායන විද්‍යා ගුරුවරියක් මෙන්ම 6-11 විද්‍යාව දක්ෂ නිහතමානී,දරුවන්ට ගොඩක් ආදරේ කරන ගුරුවරියක් ලෙස කටයුතු කරන්න තමයි මගේ බලාපොරොත්තුව .ඊට අමතරව ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන නගර කිහිපයක ටියුෂන් ආරම්භ කරන්න අදහසක් තියෙනවා.

හැම උපාධිධාරියෙක්ම බලන් ඉන්නේ කැම්පස් එකෙන් අවුට් වෙනකොටම රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගන්න.අලුත් විදියක් ,තමන්ගෙම දෙයක් පටන් ගන්න උවමනාවක් නැහැ.තමන්ගෙම හැකියාවන් තුලින් ඉදිරියට යනව නම් මම දකින විදියට එතනයි සාර්ථකත්වය තියෙන්නේ.මගේ බලාපොරොත්තුවත් ටියුෂන් ක්ෂේත්‍රය තුලින් රටම දන්නා නිහතමානී දක්ෂ උසස්පෙළ රසායන විද්‍යා ගුරුවරියක් මෙන්ම 6-11 විද්‍යාව ගුරුවරියක් වෙන්න.

හරියන්න හෝ වරදින්න ඔබ තීරණ ගන්න බිය නම් සාර්ථකත්වය සිහිනයකි.
ජීවිතේ ඔබ කෙතරම් මහන්සි උනත් Smart නොවී සාර්ථක විය නොහැක.

#Copied

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!