ටොයිලට් එකක් පාවිච්චි කරන විදිය අපි ඉගෙනගන්න ඕනෙ

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

Toilet එකක් කියන එක නැතුවම බැරි යුගයක් නේ මේක,… ! ඉතින් ඕක පාවිච්චි කරන විදියත් අපි ඉගෙනගන්න ඕනෙ.

කියනකොටම මතක්වෙන්නේ ඉතින් අපි කාටත් ඔය කොහේ හරි ගියාම හදිස්සියට හිරකරන් ඉන්නම බැරි තැන ගහක් ගලක් මුලට ගිහින් ඕක කරලා ආපු වාර අනන්ත අප්‍රමාන තියනවනෙ. අපි ඉස්කොලේ යන කාලෙනම් toilet එකක් තිබ්බත් ගිහින් චූ දාන ලොකු ගලක් තිබ්බ. ඕකට කිව්වේ චූ ගල කියල.

හැබැයි ඉතින් දැන් කාලේ මේ නාගරිකරණයත් එක්ක ඕකටත් toilet එකක්ම හොයන් යන්න වෙලානෙ. මොකෝ town වල pavement එකේ ගහක් ගලක් මුල වාඩිවෙන්ටයැ. හැබැයි ඉතින් අපේ town වල public toilet එකක් හොයන් යනව කියන්නෙ ඉතින් ඉවසල ඉවසල බැරිම තැන පුපුරන්න ඔන්න මෙන්න ලෙවල් එකට ආවට පස්සෙ සෞක්‍යය කියන එක ඉතින් ඌරගෙ ලෙවල් එකටම දාල හිත හදාගෙන අදුරන එකෙක් එහෙම කොහෙහරි ඉදන් phone එකක් උලුක් කරගෙන video පාරක් දානවද කියල double check කරලා එහෙම බලල හෙන ගරිල්ලා ගේම් එකක් දීල යන ගමනක්නෙ.

හරි ඒක පැත්තක තියමුකෝ, ඔය හෝටලේකට උනත් ගියාම අපි බලන්නේ room එකේ සැප පහසුවට වඩා attached bathroom එක කොහොමද කියලනේ. ඕක හරි නැත්තන් ඉතින් ඉදල හමාරයි.

අපේ අම්මලගේ අත්තම්මලගේ කාලෙනන් ඔය වල කක්කුස්සි කියල ජාතියක් තිබ්බ. හැබැයි දැන් කාලෙ ඉතින් ඕකේ ඉදන් ඉන්නවා කියන්නේ ආයෙ සතියකට කොන්දෙ අමාරුවයි දණහිස් අමාරුවයි තව එකී මෙකී නොකී දහසක් ඉහෙන් බහින රෝග ඔක්කොම හදාගෙන තමයි නැගිටින්නෙ. එකත් අල්ලපු ගෙදර අයටත් ඇහෙන්නම අම්මේ ගාගේනනේ දණහිස් දෙකත් අල්ලාගෙන හිටගන්නේ.

කොහොමෙන් කොහොම හරි ඉතින් 21ක් වෙනි ශතවර්ෂය වෙනකොට හැමදේම සැප පහසුව මුලික කරගෙන නිර්මාණය වෙනකොට ඔය වැඩේ කියල අත ඇරියෙ නෑ ආයෙ වල කක්කුස්සිය කටුගෙට යවල සැපට ඉදගෙන ඔය වැඩේ කරන්න දැන් හැම ගෙදරකම ඉස්කොලේකම, පොදු වැසිකිළියක පවා තියෙන්නෙ කොමෝඩ්.

කොහොම උනත් ඉතින් දැන් ඔය කොමෝඩ් එකේ කොමෝඩ් සීට් එක නං පිරිසිදුවට පොඩ්ඩක් රස්නෙවට වතුර බින්දුවක්වත් නැතුව තියෙන එක අනිවාර්ය කාරණයක්. අපි කාටත් එහෙමනෙ, ඔකේ වතුර බින්දුවක් හරි තිබ්බොත් ඉතින් කලින් ගිය එකාගේ හත්මුතු පරම්පරාවම අපි ඔතන ඉදන් මතක් කරලා සීට් එක හෝදලා toilet paper රෝලත් ඉවරකරලානේ ඔකේ ඉදගන්නේ.

ඇයි ඉතින් වතුරද නැත්තන් කලින් ගිය එකා හතරවටේ විදලද දන් නෑනෙ. මල අප්පිරියාවයි ඉතින් මල ජරාවල් ගොඩක් උඩ පස්ස තියාගන්නවා වගේ වැඩක්. ගෙදර කොමෝඩ් එකනම් ඉතින් දන්න කියන පස්සවල් ටිකනේ කියල හිත හදාගන්න හරි පුළුවන්.

ඒත් පොදු වැසිකිලියකනම් ඔය කොමෝඩ් සීට් එක උඩ මොන යක්කු ඩෙගා නටලද කියල කවුද දන්නෙ.

ඔය කොමොඩ් එකත් ඉතින් එක්තරා විදියක පාප කරුමයක් තමා, මොකද දැන් කාලේ කොල්ලො කෙල්ලො ඔය phone එකත් උස්සන් කක්කුස්සි ගානේ රිංගන්න පුරුදු උනෙත් ඔය කොමෝඩ් එකේ සැපට ඉදගෙන සෑහෙන වෙලා facebook එකෙයි තව ඔය අන්තර්ජාලේ තියන නානාප්‍රකාර මලකොලන් ඔක්කොම බලන්න පුළුවන් හින්දනෙ.

ඕක දැන් කාලේ ගෙවල් වල හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.ඇයි ඉතින් අනිත් මනුස්සයට කක්කුස්සි යන්න නෑ කලින් ගිය එකා ඔක්කොම කොරල Data ත් සෑහෙන්නේ පුජා කරලා එලියට එනකල්. සමහර වෙලාවට ඇතුලේ ඉන්න එකාට අනිත් උන් දොරට තඩිබානකල් මතක නෑ ගිය වැඩේ කරන්න, ඒකත් හිරකරගෙන කොමෝඩ් එකේ සැපට ඉදගෙන අන්තර්ජාලේ සැරිසරනවා,…..

ඔය කොමෝඩ් එක ආපු මුල් කාලෙ එකියන්නේ නමසිය හැට ගණන් වල එහෙම ඕක හයි කලේ ප්‍රභූ පැලැන්තියේ ගෙවල්වලයි හෝටල් වලයි විතරයිලු. පස්සේ ඉතින් ඕක සාමාන්‍ය දෙයක් බවට පත්වුනා. දැන් ඔය හෝටල් වල තියෙන්නේ පිරිමින්ද අහවල් වැඩේ කරගන්න කියල බිත්තියට හයි කරපු එකක්.

මේකත් තම ගෙවල් වලට ඇවිල්ල නැහැනෙ. තව ඉතින් ඊලග පරම්පරාව ගෙවල් හදනකොට ඕකත් අනිවාර්ය අංගයක් වෙයි ගෙවල් වල toilet එකටත්.

ඔය කොමෝඩ් එක එනකොටම ආපු තව එකක් තමි පස්ස හෝදගන්න තිබ්බ bidder එක. ඕකට ඉතින් කොමෝඩ් එකේ වැඩේ කරලා ඉවරවෙලා අරකට පනින්න ඕනේ හෝදගන්න. හැබැයි දැන් ඒක ක්‍රමයෙන් අයින් වෙලා ඒ වෙනුවට Bidder Shower එක ඇවිල්ල තියනවනේ.

හරි හරි අදට ඔය ඇති, හෙට තව වෙනම case එකක් තියනවා ඔයාලට කියන්න. අපේ www.alpanthiya.lk වෙබ් සයිට් එකට ගිහින් register වෙන්නකො. A/L කරන වයසෙ විතරක්ම වෙන්න ඕනේ නෑ ඕනෙම කෙනෙක්ට මේ සයිට් එකේ ලබාගන්න දේවල්නම් ගොඩයි. ගිහිල්ලම බලන්නකෝ, ආයෙ මොකටද මම කුතුහලය අවුස්සන්නේ,…

ඒකරලා ALPanthiya Facebook Group එකටත් join උනානම් ඉතින් හැමදාම එක එක විදියෙ අත්දැකීම් ලබාගන්න පුළුවන්.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!