සිස්සත්ව විභාගේ (ඉස්කෝලෙ කාලේ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ කතාවෙන් කියවෙන්නෙ සූටි ලස්සන සුකුමාල හැන්සම් කොලු පැටියෙක් ගැන 🤗. මේ කතාව මතක් උනේ අද චූටි ලමයි සිස්සත්වෙ ලියන්න යනව දැකල🙃. ඒකාලෙ සිස්සත්වෙට තිබුනෙ සිස්සත්ව පන්තිය විතරයි😊. ඒකට දැන්. ගනිත ගැටලු😲, ස්පෝකන් ඉන්ගිලිස්😲, කාල කලමනාකරනය සදහා විභාග පුහුනු😲, රචනාවට අත්වැලක්😲, සංක්යානය😲, සුද්ද ගනිතය😲 ඔක්කොම පන්ති තියෙනව සිස්සත්ව පන්තියේ සූටි පුතාලට😌. එයාල හෙන බිසී😏.
ඔන්න 2009 අවුරුද්දෙත් මේ වගේ සිස්සත්ව විභාගයක් තිබුන🤠. එදා මේ සූටි ලමයත් ගියා අම්මත් එක්ක විභාගෙ ලියන්න 🏃 . යන මගදිගේ ඉල්ලීම් ගොඩයි 😏. පොතක් පෑනක් අරන්ගියානම් ඒක ඉවර වෙනකම් ඉල්ලීම් ටික ලියන්න තිබුනා📒🖋️.
“අම්මේ මට සිස්සත්වෙ පාස් උනොත් බයිසිකලේකුයි 🚲 , සෙල්ලම් තුවක්කුවකුයි 🔫 , රිමෝට් එකෙන් යවන කාර් එකකුයි 🚗 ඕන.” අර සූටි ලමය කිව්වා.
ඒ කාලෙ ඉතින් ලැට්ටොප්💻, ස්මාර්ට් පෝන්📲 ඉල්ලන්න තරම් සූටි පුතා පැහිල නෑ.🙂 අත්තම්මත්👵 එක්ක ඒ කාලෙ හැම පෝයටම සිල් ගන්න හොද දරුවෙක්.😇
“ම්ම්.. පුතාට ඕව එකට දෙක ගානෙ අරන් දෙන්නම්කෝ විභාගෙ පාස් උනාම…”😱
දැන් දරුවට හෙන හැපී.😄 ඉතින් ඔය විභාගෙ තමයි නම නොලිය අංකයක් ලියන🖋️ අංක ගහපු ඩෙස් එකක👩‍💻 වාඩි වෙලා ලියන අරුම පුදුම පලමු අත්දැකීම. බයකුත් නෑ ඉතින්👶. චූටි චූටි යාලුවො ටිකත් වටේ ඉන්නවනේ👬👬👬. ඔන්න ඉතින් පේපරෙත් ලියල එලියට බැස්ස. 🤸 ගමට ඇමතියෙක් ආවම මල්මාල දාල පිලිගන්නව වගේ අර සූටි ලමයි පිලිගන්න අම්මලා පෝලිමට ගේට්ටුව ලග.😍 ඈතින් අර සූටිලමයගෙ අම්මත් රෝස් එකයි බීම බෝතලේකුයි තියන් ඉන්නවා🤗. “වෙනද අම්ම බීම බොන්න හොදනෑ කියනවා🤔. අද ඉල්ලන්නෙත් නැතුව ගෙනල්ලා😃. හැමදාම සිස්සත්වෙ තිබ්බනම් මරු😋.” අර සූටි ලමයට හිතුනා.
ඔන්න ඉතින් එලියට එනකොටම අම්ම සූටි ලමයව වඩාගෙන👩‍👦 බීම බෝතලෙත් බොන්න දුන්නා 😋. සූටි පුතාට හෙන හැපි🤗. අනිත් චූටි යාලුවො ටිකටත් හෙන සැලකිලි.👬 ස්කෝලෙ පහුකරම් ටික දුරක් ගියා විතරයි. අර සූටි ලමයට තවත් සිස්සත්ව ප්රශ්න පත්රයක්..😱.
“විභාගෙ ලේසිද පැටියෝ…”
“ලේසියි අම්මේ… “
“ඉන්ග්රීසි වචන දෙක මොනවද ආවෙ පුතේ…”
“ඒව කියවගන්න බැරි උනා අම්මේ…”
“ගනිත් ගැටලු…”
“ඒටිකනම් හැදුවා…”
“අන්තිම වාක්ය ලියන එක හරියට ලිව්ව නේද පුතේ…”
“ඒව හරි…..”
“මට ඇහුන අර සදුනි දුව කියනව නෑබිලියක් ගැනද, කොරහක් ගැනද අහල තිබ්බ කියල. පුතා ඒකට මොකද්ද ලිව්වේ” 🙄දැන් ඉතින් ඒ සූටි ලමය එහෙම ප්රශ්නයක් තිබුනද කියල දස අතේ කල්පනා කරනවා.🤔.
“අම්මප සදුනි ඕක ලියල ආවනම් කටවහන් හිටුකො පවු නොදී.😡 දැන් ඉවරයිනෙ”. සූටි පුතාට තරහගිහින් හිතෙන් බනිනව හොදටම😠. “ගැහුවොත් අඩාවි😪. ඕකි සීනි බෝලෙනේ. ආයිත් අහු උනාම “උඹ” කියල හරි කියනවා🤬 .” (උඹ කියන්නෙ ඒ කාලෙ තිබ්බ ලොකු නරක වචනයක්🤭) අම්මට උත්තර නොදී ඉන්නත් බෑනේ. චූටි පුතා උත්තරයක් දුන්නා 🙈
“එයාට දුන්න පේපරේ බෙදුවෙ වෙන චීච කෙනෙක් අම්මේ. අපිට බෙදුවෙ සර් කෙනෙක්. එයාලට හම්බුන එකේ ඒම එකක් තියෙන්නැති.😌..”
පුතා පේපරේ හොදට ලියල කියල අම්ම ඉතින් තේරුම් ගත්තා😶. ඊට පස්සෙ ඉතින් ආයෙ ප්රශ්න අහන්න ගියේ නෑ.😑 චූටි පුතත් හැමදාම බීම බොන අදහස අතෑරගත්ත😜. බීම වගේද අප්පා අම්මගෙ ප්රශ්න.😝
ඔන්න ඉතිම් කාලයක් ගිහින් ප්රතිඵල ආවා😯. යන්තම් ලකුණු 4කින් පාස්😃. දැන් ඉතින් ඉල්ලීම් දිනාගන්න මාරන්තික සටන් දියත් කරන කාලසීමාව පැමිනියා⚔️. හැම දේටම හා කියපු අම්මට ඉල්ලුවේ මොනාද කියලත් අමතකයි🙊. පස්සෙ ඉතින් බයිසිකලයක්🚴 අරන් දුන්න. සෙල්ලම් තුවක්කුවයි 🔫 , රිමෝට් කාර් 🚗 එකයි කඩවුනු පොරොන්දු..😕. ඉතින් ඒ සූටිලමයට දැන් වයස අවුරුදු විසි එකක්🤗. දැන් හැන්සම් කොල්ලෙක්😉. ආස ඇති කවූද කියල දැනගන්න නේ… හුම්.. ඒ තමයි මම😎.
තාම සෙල්ලම් පිස්තොලෙයි 🔫 , රිමෝට් කාර් 🚗 එකයි දිනාගැනීමේ සටන අවසන් කරල නෑ සහෝදර සහෝදරි වරුනි💪. අම්ම කිව්ව කැම්පස් යනකොට අරන් දෙන්නම් කියල… 🤗
ඕගොල්ලොන්ගෙ සිස්සත්ව අත්දැකීමත් කෙටියෙන් කමන්ට් එකක් දාන්න😜

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!